ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 12, 2019

සිංහල ජාතිය වඳකරන යට්කූට්ටු ගේම්එක...! කොළඹ මුස්ලිම් ෆාමසිවල මලු පිටින් බඩු...!!! කඩු සෙල්ලම් අස්සේ වඳ පෙත්තත් මාට්ටු....!!!

* පිටකොටුව ආදුරුප්පුවීදියේ ඖෂධ ගබඩාවක්ම අත්අඩංගුවට...
 

උපත් පාලන බෙහෙත් තොගයක් සහ මත්පෙති තොගයක් සහිත ගබඩාවක් කොළඹ ආදුරුප්පුවීදියේ තිබියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි. පසුගිය පළමු වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදු කරන ලද එම වැටලීමේදී රුපියල් ලක්‍ෂ හතළිහකට අධික වටිනාකමකින් යුත් මත්පෙති, ගබ්සා පෙති සහ ලිංගික උත්තේජන පෙති හැත්තෑදහසකට අධික ප‍්‍රමාණයක් සොයාගෙන තිබිණි. ඒ සමඟ මෙම ජාවාරම කරගෙන ගිය මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට සම්බන්ධ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම විසින් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවට ද කරුණු අනාවරණය වෙමින් තිබේ.
  එහෙත් මේ බෙහෙත් ගබඩාව අද ඊයේ ආරම්භ වූවක් නොවේ. වසර ගණනාවක සිට රටට වඳ පෙති සහ මත්පෙති බෙදාහරිනු ලැබූ මධ්‍යස්ථානයකි. දැන් අපට ඇති ගැටලූව වන්නේ මෙරට ප‍්‍රධාන නගරයේ ගුබ්බෑයමක පවත්වාගෙන ගිය නීති විරෝධී මේ බෙහෙත් ගබඩාව ගැන රටේ බුද්ධි අංශ වෙත හෝ තොරතුරු අනාවරණය නොවී තිබීමය. මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිමින් මේ රට ලේ විලක් බවට පත් කරන තෙක්, මේ බෙහෙත් ගබඩාව අත්අඩංගුවට ගැනීමට කොන්දක් සහිත නිලධාරියෙක් නොසිටීම ගැනය. ප‍්‍රමාද වී හෝ ජාතිය අංගවිකල කරන මේ වස බෙහෙත් ගබඩාව අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් විශේෂ කාර්ය බළකායට මල් මිටක් පිළිගැන්විය යුතුය.
අනාවරණය වන කරුණු කාරණාවලට අනුව පිටරටවලින් ආනයනය කරන මේ නීති විරෝධී ඖෂධ වර්ග ඇතැම් රේගු ජාවාරම්කාරයන්ගේ අවසරයෙන් බාධාවකින් තොරව එළියට එන්නේය. අනතුරුව ආදුරුප්පුවීදියේ ගබඩාවේ ගොඩ ගැසෙන ඖෂධ තොග කොළඹ නගරයේ පමණක් නොව ඒ අවට නගර සියල්ලටම බෙදාහරිනු ලැබේ. කාලයක සිට මුස්ලිම් ජාවාරම්කාරයන් විසින් කරගෙන ගිය මේ මත්පෙති ජාවාරම ගැන පසුගිය 2018 මාර්තු මස 11 වැනිදා ඉරිදා දිවයින පුවත්පත ඔස්සේ ‘ස්පේ‍්‍ර, චුයින්ගම් චාර්ජ් කරන සිගරට් දරුවන් බිලිගන්න අලූත්ම මත් ක‍්‍රම මෙන්න...’ යන මැයෙන් අපි රටට හෙළිදරව් කළෙමු. එම ලිපියට කරුණු පැහැදිළි කරමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ද අපට කරුණු කාරණා ඉදිරිපත් කළේය.

‘පිටකොටුවේ රතු පල්ලිය ළඟ තොග බඩු වෙළෙඳසලක තොග පිටින් මේ මත් ටොෆි, චුයින්ගම් විකුණනවා. මේ සේරම මත්ද්‍රව්‍ය රටට ගෙන්වන්නේ, බෙදාහරින්නේ මුස්ලිම් ව්‍යාපාරිකයො. මේ කූට ව්‍යාපාරය යට ඉන්නේ ජාතිවාදී මුස්ලිම් දේශපාලනඥයෙක්. අපේ රටේ විකිණෙන සෑම මත්ද්‍රව්‍යයකින්ම ඒ ඇමැතිවරයාට මුදල් යනවා. රටේ ආරක්‍ෂක අංශයත් මේ ගැන දන්නවා. ඒත් වැඩක් නෑ. ඇත්ත කතාව බාබුල් ගොට්ටේ ඉඳලා මත්පෙති වර්ග අත්අඩංගුවට ගන්න පොලිස් පොතේ නීති නෑ. ආරක්‍ෂක බලධාරීන්, නිලධාරීන් අලූත් වුණාට රටේ නීති අලූත් වෙලා නෑ. රට පුරා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙනවා. රටේ දරුවො ඉවරයි. පාලකයො නිහඬයි...’’ එදා අපි කතා කළේ මුස්ලිම් ජාවාරම්කාරයන් රට තුළ සිදු කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම ගැනය. පාසල් දරුවන් මත්ද්‍රව්‍යයට ගොදුරු කරගන්නා ආකාරය ගැනය. එම මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ එකට බැඳුණු උපත් පාලන ඖෂධ ජාවාරමක් ගැන ද මේ වන විට හෙළිදරව් වී තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආදුරුප්පුවීදියේ පවත්වාගෙන ගිය නීති විරෝධී ඖෂධ ගබඩාව වැටලීමත් සමඟය. එම සිද්ධියත් සමඟ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ජාතික සංවිධායක අසේල සම්පත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට චෝදනා කරන හඬ අපට ඇසිණි.

 ‘‘මේ රටේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවක් තියෙනවා. මේ රටට බෙහෙත් ආනයනය කිරීම සහ බෙහෙත් නිෂ්පාදනය කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන්නෙ ඒ ආයතයනයට. එහෙම නම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුමැතියක් නැතිව වඳ පෙති, මත් පෙති රටට ගේන්නෙ කොහොමද? මේ සියලූ ජාවාරම්වලට නිලධාරීන් සහ බලධාරීන් සම්බන්ධයි. මේ ජාවාරම්වලින් ලැබෙන ලාහයෙන් කොටසක් ඒ දේශපාලනඥයන්ට, නිලධාරීන්ට යනවා. මම එදත් කිව්වා... අදත් කියනවා... මේ රටේ වැඩි හරියක් ජාවාරම් කරන්නෙ මුස්ලිම් මිනිස්සු. වර්තමාන රජයේ ඉහළ නිලධාරි පුටුවල වැඩි හරියක් ඉන්නෙ මුස්ලිම් ජාවාරම්කාරයන්. ඒත් මුස්ලිම් ඡුන්ද නිසා අපේ සිංහල දේශපාලනඥයන් කසාය බීපු ගොළුවන් ගානට පත් වෙලා. මේවට සම්පූර්ණ වගකියන්න ඕන අදාළ ආයතනවල ඇමැතිවරු...’’

 ‘‘මේ උපත් පාලන පෙති ගේන්නෙ මුස්ලිම් ගෑනුන්ට බොන්න නෙමෙයි, සිංහල ජාතිය වඳ කරන්න. අම්පාරේ හෝටලයක කෑමවල තිබුණු වඳ පෙති කතාව බොරු නෙමෙයි. ඒක ඇත්ත. ඒත් රජයේ රස පරීක්‍ෂකවරු සති තුනක් පරීක්‍ෂණ කරලා පස්සෙ ඒ කෑම එකේ තිබුණේ පාන් පිටි ගුලියක් කියලා සිද්ධිය යට ගැහුවා. දැන් අපි මේ අත්විඳින්නේ ඒවායේ විපාක තමයි. තවම වුණේ නෑ. සිංහල ජනගහනය තව ටිකක් අඩු වුණහම තමයි අපේ දේශපාලනඥයන්ට තේරෙන්නෙ...’’

 විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත් ඖෂධ ගබඩාව සම්බන්ධයෙන් අසේල සම්පත් කෙළින්ම චෝදනා කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවටය. ඒ හෙයින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එච්. එම්. එච්. රූමී මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් නැගෙන චෝදනා ගැන අපි විමසා සිටියෙමු.

 ‘‘මේක පටලවාගෙන තියෙන්නෙ. රටට බෙහෙත් ගෙන්වන එක තීරණය කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නෙමෙයි. ඖෂධ නියාමන අධිකාරිය. මේ කතාව කියන්නෙ අපේ රජයටත්, මටත් මඩ ගහන්න...‘‘ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සියලූ චෝදනා ප‍්‍රතික්‍ෂේප කළේය. එහෙත් රජයට මේ චෝදනාවෙන් ගැලවීමට නොහැකිය. කාලයක් තිස්සේ සිට පවත්වාගෙන ගිය නීති විරෝධී ඖෂධ ගබඩාවක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එහෙත් වඳ පෙති යනුවෙන් ඖෂධයක් වෙළෙඳපොළේ තිබේද යන්න ගැටලූවක් තිබේ. එහෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා විමසා බැලීමට අපි වෛද්‍යවරයෙක් සම්බන්ධ කර ගත්තෙමු. ඔහු වෛද්‍ය ජයරුවන් බණ්ඩාරය. වඳ පෙති සම්බන්ධයෙන් මේ වෛද්‍යවරයා දරන මතයයි.

 ‘‘වෛද්‍ය විද්‍යාත්මක ක‍්‍රමයට අනුව වඳ බෙහෙත් කියලා දෙයක් නෑ. ඩිම්බ කෝෂ තුළ සිදු වන බීජ මේරීම නතර කරන හෝමෝන පෙති සහ ගබ්සා කරන ඖෂධ වර්ග තියෙනවා. ලංකාවේ මේ ඖෂධ වර්ග තහනම් වුණාට ලෝකයේ ගබ්සාව නීතිගත රටවල මේ ඖෂධ භාවිත කරනවා. මේ ඖෂධ නියම මාත‍්‍රාවට ගත්තේ නැති නම් පාවිච්චි කරන කෙනාගේ ජීවිතයත් විනාශ වෙන්න පුළුවන්...’’

 ඒ වගේම උපත් පාලනය කරන්න අපි නොදන්නා බොහෝ දේවල් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දීර්ඝ කාලීනව සිගරට් බොන පුද්ගලයන්ගේ සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගේ පුරුෂලිංගය අප‍්‍රාණිකත්වයට පත් වෙනවා. දුම්වැටියකට එවැනි හානියක් කරන්න පුළුවන් නම් උපත් පාලනය කරන ඖෂධ නෑ කියලා කියන්න බෑ. ඒ නිසා අත්අඩංගුවට ගත්ත ඔය වඳ පෙති කියන ඖෂධ පරීක්‍ෂණය කරලා, එහි අඩංගු සංඝටක මොනවද කියලා සොයා බලන්න ඕනෑ. ඒ වගේම මේ නීතිවිරෝධී ඖෂධ ජාවාරම් ගැන මීට වඩා පුළුල්ව හිතන්න ඕනෑ. මේක සමාජ ව්‍යසනයක්. මත් පෙති, ලිංගික උත්තේජන පෙති, උපත් පාලනය කරන ඖෂධ මේවා හඳුන්වා දීලා තියෙන්නෙ අපේ සංස්කෘතිය විනාශ කරමින් ජාතිය හීන කරන්න. කොළඹ අවට ෆාමසිවලින් ගබ්සා පෙති වැඩිපුරම විකුණන්නෙ මුස්ලිම් ෆාමසිවල. වෙන නගරවලත් එහෙමයි. මේක ත‍්‍රස්තවාදයට එහා ගිය විනාශයක්. ඒත් මේ නීති විරෝධී ඖෂධ ජාවාරම ගැන රජයේ අවධානම යොමු වෙලාම නෑ...’’ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ අදහස් දැක්වීම ද පැහැදිළිය.

 මත් පෙති, වඳ පෙති මේ රටට ආනයනය කරනු ලබන්නේ මුස්ලිම් ජාවාරම්කාරයන්ය. ඒ මුස්ලිම් මිනිස්සුන්ට මත් වෙන්නට නොවේ. වඳ බෙහෙත් මුස්ලිම් කාන්තාවන්ට බොන්නට දෙන්නට නොවේ. මේ රට තුළ ජීවත් වන මුස්ලිම් හැර සිංහල, දෙමළ සෙසු ජනතාව විනාශ කිරීමටය. එහෙයින් උද්ගතව ඇති ව්‍යසනකාරී පරිසරයේදී අප පැහැදිළි සිහියෙන් කටයුතු කළ යුතුය. හොඳ සිහියෙන් සිටින්නා ජාතිකවාදියකු මිස ජාතිවාදියකු නොවේ. එවැනි පුද්ගලයන් රට, ජාතිය සහ ආගම යන තුන් තැන ගැනම සිතයි. රට ජාතිය, ආගම තුනම එකම ඒකකයක් ලෙස ගෙන එයට ගරු කරයි. ඒ තුළ සිටින සියලූ ජාතීන් ආරක්‍ෂා කරයි. සියලූ ආගම් සුරක්‍ෂිත කරයි. එහෙයින් දැන් රටට අවශ්‍ය එවැනි ජාතිකවාදීන්ය.

 රටේ මහා ජාතිය වඳ කිරීමට යටිකූට්ටු වැඩ කරන අන්තවාදීන් සහ මේ රට විනාශ කිරීමට ප‍්‍රයත්න දරන ම්ලේච්ඡු ත‍්‍රස්තවාදීන් මේ පොළවෙන් අතු ගා දැමීමට හැකි වන්නේ අප ජාතිකවාදීන් ලෙස මනා සිහියෙන් යුක්තව කටයුතු කළොත් පමණි.



 තරංග රත්නවීර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.