තුර්කි ජාතික ත්‍රස්ත සංවිධානයක් වන
‘ෆෙටෝ‘ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනෙකු
ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර තුර්කි තානාපති කාර්යාලය
විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී
ලංකා රජය නිසි පියවර නොගත්තේ යැයි හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත
සේනානායක පැවැසීය.
තම මව් රටේදී ක්‍රියාත්මක වූ
ත්රස්තවාදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තුර්කි තානාපතිවරයා
2017 හා 2018 යන වසර වලදී සිව් වතාවක් සිහි කැඳවී යැයි ද තමා ඊට අදාළව ලද
සියලු ලේඛන ආරක්ෂක අමාත්‍යංශයට ෆැක්ස් මගින් දෙවතාවකදී යොමු කළේ යැයි ද
සේනානායක මහතා අවධාරණය කළේය.
ඉන්පසු ආරක්ෂක අමාත්‍යංශයෙන් ඒ ගැන සෝදිසි
කරන බවත් ඊට අදාළ විමර්ශන ඉන් අනතුරුව අයත් වන්නේ ආරක්ෂක මණ්ඩලයට යැයි ද
සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යංශය විදේශ කටයුතු අමාත්‍යංශයට ලිඛිතව
දැනුම්දීමක් කළේ යැයි ද සේනානායක කීය.
තමා විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා හැටියට
පත්වීමට පෙරද තුර්කි තානාපති කාර්යාලය මගින් මේ බව රජයට දැනුම් දී ඇතැයි
කී හෙතෙම ෆෙටෝ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50
දෙනාගේ විදෙස් ගමන් බලපත් අංක පවා අදාළ රහස්‍ය ලේඛන අතරේ තිබුණේ යැයි ද
සඳහන් කළේය.
රජය මේ ගැන නිසි පියවරක් නොගැනීම නිසා
තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් ආරක්ෂක අමාත්‍යංශයට ගොස් ඒ ගැන
විමසා ඇතැයි ද එහිදී මුස්ලිම් ජාතික දේශපාලකයන් දෙදෙනෙකුගේ මැදිහත්මක් නිසා
විමර්ශන කටයුතු අඩාල වී ඇති බවට ආරක්ෂක අමාත්‍යංශයෙන් තානාපතිවරයාට දන්වා
ඇතැයි ද සේනානායක වැඩිදුරටත් සඳහන් කළේය.