ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා
මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන්
උදම් වන බව එංගලන්තයේ ඬේලි මේල් පුවත් පත වාර්තා කරයි. ‘අයිසිස්’ හෙවත්
අයි.එස්.අයි.එස්. යනුවෙන් හැඳින්වෙන්නේ ඉරාක – සිරියා ඉස්ලාමීය රාජ්‍යය යන
සංවිධානයයි.
අයිසිස් සංවිධානය ලෝකය පුරා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවක් දියත් කළ
අන්තර්ජාතික ත්‍රස්තවාදී සංවිධානයකි. පාස්කු ඉරිදා දිනය වූ 21 වැනිදා
සිදුවූ බෝම්බ පිපිරීම් වැල හේතුවෙන් 290 ක් පමණ දෙනා මියගිය අතර 500 කට
වැඩි පිරිසක් තුවාල ලැබූහ.
අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා සමීක්ෂණයක නිරත වන
බුද්ධි අංශයක් විසින් හෙළිදරව් කරගනු ලැබ ඇත්තේ ශී‍්‍ර ලංකාවේ සිදුවූ
ප්‍රහාරය සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන් උද්දාමයට පත්ව සිටින බවයි.
මාසයකට පමණ ඉහතදී ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකදී සිදුවූ වෙඩි
තැබීමට පළි ගැනීමක් ලෙස ඔවුන් එය හඳුන්වන බවද වාර්තා වේ.
ශී‍්‍ර ලංකාවේදී සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ දක්වා
කිසිවකු වගකීම බාරගෙන නැත. එහෙත් පොලිස් ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ
මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් කරනු ලබන ප්‍රහාරයක් සම්බන්ධයෙන් දින
10 කට පමණ පෙරදී අනතුරු අඟවා තිබුණ බවයි.
මුස්ලිම් සංවිධානයක් වන ජාතික තව්හීත් ජමාත් සංවිධානය වෙත පූර්ව සාක්ෂි
එල්ල වන අතරම බුද්ධි අංශ ප්‍රධානීන් අවවාද කරන්නේ තව තවත් ප්‍රහාර එල්ල
වීමේ අවදානමක් පවතින බවයි. ත්‍රස්තවාදී කි‍්‍රයා සම්බන්ධයෙන් අන්තර්ජාලය
ඔස්සේ විමසිල්ලෙන් සිටින බුද්ධි අංශ කණ්ඩායමක අධ්‍යක්ෂවරිය වන රීටා කැට්ස්
මහත්මිය පවසන්නේ අයිසිස් ආධාරකරුවන් ශී‍්‍ර ලංකාවේ බෝම්බ පිපිරීමෙන් වන
හානිය වැඩිවන තරමට අන්තර්ජාලය ඔස්සේ අත්පොළසන් දුන් බවයි.
ශී‍්‍ර ලංකාවේ බෝම්බ පිපිරීම් ඉහළ යාමත් සමගම අයිසිස් මාධ්‍ය ජාලය ඉතා
වේගයෙන් සිය උද්දාමය ප්‍රකාශ කළ අතරම ”අල්ලා දෙවියන් ඔවුන්ව පිළිගනිත්වා”
යි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආශිර්වාද කළ බවද ප්‍රකාශ කර තිබේ. රීටා
කැට්ස් මහත්මියගේ අදහස වන්නේ ශී‍්‍ර ලංකාවේ ප්‍රහාර සම්බන්ධයෙන් වගකීම
බාරගැනීමට අයිසිස් සංවිධානය සූදානම් වන බවකි.
”එවන් වගකීම බාරගැනීමක් නවසීලන්තයේදී සිදුවූ වෙඩි ප්‍රහාරයට පිළිතුරු
දීමක් ලෙසින් හුවාදැක්විය හැකි නමුත් ශී‍්‍ර ලංකාවේ ප්‍රහාර මාලාව කලකට
ඉහත සිටම සැලසුම් කරන ලද්දක් බව සිකුරුයි” යයිද රීටා කැට්ස් මහත්මිය කියයි.
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකදී කළ වෙඩි තැබීමක්
හේතුවෙන් ඕස්ටේ්රලියානු ජාතිකයකු වන බ්‍රෙන්ටන් ටැරන්ට් මිනී මැරීමේ
චෝදනා 50 කටද මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා 39 කට මුහුණ දී සිටී. මෙම වෙඩි
ප්‍රහාරය සිදුවූයේ මාර්තු මස 15 වැනිදාය.
රොයිටර් පුවත් සේවයට අනුව ශී‍්‍ර ලංකාවේ වෙසෙන ඉහළම මුස්ලිම් පවුල් වල
බොහෝ දෙනෙක් ඉතා ඉහළ අධ්‍යාපනයක් ලද අය වන අතරම අයිසිස් සංවිධානයේ
සාමාජිකයෝ ද වෙති. ශී‍්‍ර ලංකාවේ මෙම ප්‍රහාරය දියත් වන්නේ අයිසිස්
සංවිධානය ගෝලීය හමුදාමය කි‍්‍රයාමාර්ගයක් දියත් කිරීමෙන් සති කිහිපයකට
පසුවය.
‘පළිගැනීමේ කඩාවැදීම’ යනුවෙන් හැඳින්වෙන මෙම හමුදාමය කි‍්‍රයාමාර්ගය
අයිසිස් සංවිධානය විසින් ආරම්භ කරනු ලබන්නේ සිරියාවේ ඔවුන්ට තිබූ භූමිය
අහිමි වීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙසිනි.
ශී‍්‍ර ලංකාවේ පොලිසිය මේ දක්වා 24 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර
පොලිසිය විසින් ඔවුන් හඳුන්වා දෙනු ලබන්නේ ‘ආගමික අන්තවාදීන්’ ලෙසිනි.
ඉස්ලාමීය අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවිය හැකි බවට
වාර්තා වූ බුද්ධි තොරතුරු සහිත අනතුරු ඇ`ගවීමක් පොලිසියේ ඉහළ
නිලධාරියකුගෙන් දින 10 කට පමණ ඉහතදී පොලිසියේ ඉහළම නිලධාරීන් වෙත නිකුත්
කරන ලද බව මේ වන විට මහත් ප්‍රසිද්ධියට පත් කාරණාවක් වී තිබේ. එහි ඉතාම
පැහැදිළිව සටහන් වී තිබුණේ ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන ඉලක්කයක් විය
හැකි බවයි. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද ඉලක්කයක් වන බව එහි සටහන් වී
තිබිණ.
‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය ඉතා ශී‍්‍ර ලංකාවේ කුඩා සංවිධානයකි.
විශාල ප්‍රමාණයේ ප්‍රහාර සම්බන්ධයෙන් ඔවුන්ගේ ඉතිහාසයේ කිසිවක් සටහන් වී
නැත. එහෙත් පසුගිය වසරේදී බුදු පිළිම කිහිපයකට පහර දීම සම්බන්ධයෙන් ඔවුන්ට
චෝදනා එල්ල වී තිබිණ.
කතෝලිකයන්ගේ ආගමික දින දර්ශනයේ වඩාත්ම ශුද්ධ වූ දිනය වන පාස්කු ඉරිදා
සිදුවූ මෙම ප්‍රහාර හේතුවෙන් මියගිය පිරිස අතර බි්රතාන්ය ජාතිකයෝ 8
දෙනෙක්ද වූහ. ඩෙන්මාර්ක් ජාතික ධන කුවේරයකු වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන්
මහතාගේ දරුවන් තිදෙනෙකුද ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ ප්‍රහාරයෙන් මියගිය
අතර අනෙක් දියනිය අතුරුදන්ව ඇතැයි ඬේලි මේල් පුවත් පත අද (22) වාර්තා කළේය.
මෙම ප්‍රහාරය හේතුවෙන් මේ වන විට ෂැංගි‍්‍රලා හෝටලය වසා දමා තිබේ.
වසර 10 කට පෙරදී වර්ගවාදී යුද්ධය අවසන් වීමෙන් පසුව ශී‍්‍ර ලංකාවේදී සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය මෙයයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, April 22, 2019
ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…!!!
Posted by
lankanews
at
April 22, 2019
Labels: islamic attack, Moulvi Zahran Hashim, muslim agenda, Muslim extremist, National Tawheed Jamaath, pasku attack, rishad badurdeen
ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…!!!
2019-04-22T20:15:00+02:00
lankanews
islamic attack|Moulvi Zahran Hashim|muslim agenda|Muslim extremist|National Tawheed Jamaath|pasku attack|rishad badurdeen|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
