"උගන්වන්නේ ෂරීයා නීතිය - පාකිස්තානයෙන් පවා මුස්ලිම් සිසුන් ගෙන්වීමට සුදානම්, හිස්බුල්ලාගේ වැඩක්"
නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා රුපියල් කෝටි 1400 වැය කර තනා ඇති මේ
ආයතනයේ සභාපති බවත් ඔහුගේ පුතා කළමනාකාර අධ්‍යක්ෂක බවත් මෙහිදී හෙළිකළේය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මුළු රටම නොමග යවමින් මේ ඉදි කරන්නේ
ශ්‍රී ලංකාව පමණක් නොව දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයම අස්ථාවර කිරීමට
අවශ්‍ය ඉස්ලාම් අන්තවාදීන් බිහිකරන මධ්‍යස්ථානයක් බව වැඩි දුරටත් පැවසූ
මහාචාර්ය ජයසුමන වහාම මේ ආයතනය වසා දමා දැනට ගොඩ නගා ඇති ගොඩනැගිලි සහ
සම්පත් රජයට පවරා ගෙන ඵලදායි ලෙස භාවිතා කලයුතු බවත් දැක්වීය.
මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් නිමා කරමින් ඇති “මඩකලපු විශ්ව
විද්‍යාලය” නමින් හඳුන්වන ආයතනය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය
කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ජාවකදී හෙළිදරව්වක් සිදු කළේය.වීඩියෝව මෙතනින්
පීඨ 6 කින් යුතු විශ්ව විද්‍යාලයක් ලෙස පෙන්වුව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කර ඇති ලේඛනවල වෛද්‍ය පීඨයකට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අදාල විස්තර ද දක්වා ඇති බව මහාචාර්ය ජයසුමන පැවසීය. “ආගමික, සංස්කෘතික සහ භාෂා පීඨය” යනුවෙන් දක්වා ඇති පීඨයේ දෙපාර්තමේන්තු ඇත්තේ එකක් පමණක් බවත් ඒ “ෂරියා අධ්‍යයන දෙපාර්තමේන්තුව” බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය.
ෂරියා දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම සඳහා සවුදි අරාබියේ මක්කමේ පිහිටි උමා අල් කුරා සහ තවත් විශ්වවිද්‍යාල දෙකකින් ආචාර්යවරු බඳවාගෙන ඇති බව ද මෙහිදී ආචාර්යවරයා හෙළිකරා. 2019 වර්ෂය සඳහා සිසුන් 3670 ක්ද 2020 වර්ෂය සඳහා සිසුන් 5380 මේ ආයතනයට බඳවා ගැනීමට සුදානම් වන බවත් ඉන්දියාව, බංගලාදේශය ආදී රටවලින්ද සිසුන් බඳවා ගැනීමට පිඹුරුපත් සකසා ඇති බවත් මහාචාර්ය ජයසුමන පැවසීය.
නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා රුපියල් කෝටි 1400 වැය කර තනා ඇති මේ ආයතනයේ සභාපති බවත් ඔහුගේ පුතා කළමනාකාර අධ්‍යක්ෂක බවත් මෙහිදී හෙළිකළේය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මුළු රටම නොමග යවමින් මේ ඉදි කරන්නේ ශ්‍රී ලංකාව පමණක් නොව දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයම අස්ථාවර කිරීමට අවශ්‍ය ඉස්ලාම් අන්තවාදීන් බිහිකරන මධ්‍යස්ථානයක් බව වැඩි දුරටත් පැවසූ මහාචාර්ය ජයසුමන වහාම මේ ආයතනය වසා දමා දැනට ගොඩ නගා ඇති ගොඩනැගිලි සහ සම්පත් රජයට පවරා ගෙන ඵලදායි ලෙස භාවිතා කලයුතු බවත් දැක්වීය.
මෙකී උපාධි ඉස්ලාම් උපාධි ආයතනයට අනුග්‍රහය දක්වනවායයි පැවසු සවුදි අරාබි ආයතනය හැර තවත් ආයතන කිහිපයක් හිස්බුල්ලාට රුපියල් කෝටි ගණනක් ලබා දී ඇති බවත් ඒ මුදල්වලට සිදු වුයේ කුමක්ද යන්නත් මෙහිදී ප්‍රශ්න කෙරුණි.
එම අවස්තාවේ වීඩියෝව පහතින්,