ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 27, 2019

හමුදාවේ පතුරොම් ඇමති බදියුදීන්ගේ බලපෑමෙන් ඊබ්රහීම්ගේ ෆැක්ටරියට.. ඒවා බෝම්බ බවට පත්කර පල්ලි-හෝටල් වෙත.. පාස්කු ඉරිදා රාජ්‍ය අනුග්‍රහය ලද සමූලඝාතනයක් ත‍්‍රස්ත ප‍්‍රහාරයක්..!!!

ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව භාර ගත යුතුයි....!!!
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වුණු ජීවිත වල වගකීම ත්‍රස්තවාදින් වගේම ආණ්ඩුව වගේම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවත් භාර ගත යුතුයි. බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගත්තේ ආරක්ෂක යටිතල පහසුකම් කඩා බිඳ දැම්මේ යුද්ධය ජයග්‍රහණය කළ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හමුදා ප්‍රධානින් උසාවි ගෙනෙවිත් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනතාවට කිව්වේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව සම්මත කළ යෝජනා අනුව ආණ්ඩුව කටයුතු කළ නිසා.
ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ත්‍රස්තවාදින්ට වන්දි ගෙවන්න පනතක් ගෙනාවා. ත්‍රස්තවාදින් එහි නායකයන් සිහි කිරීමට උත්සව පැවැත්වීම නීත්‍යානුකූල කළා. රණවිරුවන් හිරේ දාන ගමන් කොටි ත්‍රස්තවාදින් නිදහස් කළා. ආණ්ඩුව ජනතාවට දුන්නු පණිවිඩය තමයි ඔබේ දරුවා රණවිරුවෙකු නොව ත්‍රස්තවාදියෙකු කරන්න” කියන එක. අපි දන්නව මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුනේ ලංකාවේ කතෝලිකයන් හා මුස්ලිම්වරුන් අතර ඇති ප්‍රශ්නයක් නිසා නොවෙයි. ජාත්‍යන්තර අයිඑස් අයිඑස් සංවිධානයේ අවශ්‍යතාවයටයි. අයිඑස්අයිඑස් සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයට ලංකාව තෝරා ගත්තේ එකම හේතුවක් නිසයි. ඒ තමයි ලංකාවේ බුද්ධි අංශ විනාශ කරලා හමුදාව මානසිකව වට්ටවලා ත්‍රස්තවාදයේ තෝතැන්නක් වී තිබුණු නිසා. ආණ්ඩුව මේ සියල්ල කලේ මානව හිමිකම් සභාවේ සම්මත වුණු යෝජනා අනුවයි. ඕවා කරන්න කියලා අපේ ආණ්ඩුවට බලපෑම් ආවාම අපි නම් බෑ කිව්වා. කොන්ද පණ නැති මේ ආණ්ඩුව කියන කියන පදයට නැටුවා. ආණ්ඩුව වසර හතරක් පුරා වැපිර‍ෑ බීජ වල අස්වැන්න තමයි ඔය නෙලලා තිබෙන්නේ. ආණ්ඩුව එතැනට තල්ලු කළ අද බොරුවට කිඹුල් කදුලු හෙලන බටහිර රටවල් ප්‍රමුඛ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව මේ විනාශ වුණු සෑම ජීවිතයකම වගකීම ගන්න ඕනෑ.
ෆේස්බුක් තහනම්. ඒත් තව්හිත් ජමාත් තහනම් නෑ...!!!

 
ලංකාව අපූරු රටක්. ත්‍රස්තවාදි ක්‍රියාව කළ ජාතික තව්හිත් ජමාත් තවම තහනම් නෑ. හැබැයි ෆේස්බුක් තහනම්. ත්‍රස්තවාදි ක්‍රියාව මෙහෙයවූ අයිඑස්අයිඑස් තහනම් නෑ. නමුත් යූටියුබ් තහනම්. රටේ ප්‍රශ්නයක් වුණු ගමන් සමාජ ජාලා තහනම් කරන ලොව එකම රට ලංකාවයි. තාක්ෂණය දියුණු ලෝකයේ සමාජ ජාලා තහනම විහිළුවක්. අද කවුරුත් වරචුවල් ප්‍රයිවට් නෙට්ර්වක් හෙවත් වීපිඑන් භාවිතා කර සමාජ ජාලා වලට ගොඩ වෙනවා. ඒක කමක් නෑ කියමුකො. තහනම තිබිය දී ජනාධිපති අගමැති සමාජ ජාලා වලට පණිවිඩ එකතු කරනවා. ඒ නිසා ලෝකය ඉදිරියේ තවදුරටත් විහිළුවක් නොවී මේ තහනම් ඉවත් කරන මෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.
සමාජ ජාලා තහනම් කරලා තිබෙන්නේ වෛරි ප්‍රකාශ පැතිරීමේ අවදානම නිසාලු. අපි නම් සමාජජාලා හරහා වෛරි ප්‍රකාශ පතුරනවා දැක්කේ නෑ. ඒ වෙනුවට දැක්කේ සැක කටයුතු වාහන පිළිබඳ තොරතුරු ලේ බැංකුවට අවශ්‍ය ලේ පිළිබඳ තොරතුරු පතුරන්න සමාජ ජාලා භාවිතා කරනවායි. ලෝකයේ වැඩිම පිරිසක් මිය ගිහින් තිබෙන්නේ ඇඳේ නිදා ගෙන ඉන්න කොට. දැන් ඇඳේ නිදා ගැනීමත් තහනම් කරනවා ද? ඊ ළඟට වැඩිම පිරිසක් මිය ගිහින් තිබෙන්නේ වාහන වල ගමන් කරන අතරේ. දැන් වාහනවල ගමන් කිරීමත් තහනම් කරනවා ද? ඒ නිසා ජාතිය අඬන මොහොතක ජාතියට විහිළු සැපයීම නවත්වලා සමාජජාලා තහනම ඉවත් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
පොලිස්පතිට ඉවත් වෙන්න එපා කිව්වේ අගමැති ද?
ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ටත් පොලිස්පතිටත් ඉවත් වෙන්න නියෝග කරලා දැන් දවස් දෙකකටත් වැඩියි. ආරක්ෂක ලේකම් ඉවත් වුණා. නමුත් පොලිස්පති ඉවත් වුණේ නෑ. ආරක්ෂක ලේකම් නම් ඉවත් නොවුණොත් ජනාධිපතිට ඉවත් කරන්න පුළුවන්. නමුත් පොලිස්පති ඉවත් කරන්න ජනාධිපතිට බෑ. 2002 අංක 5 දරණ නිලධාරින් ඉවත් කිරීමේ (කාරිය පටිපාටි) පනත අනුව පාරලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 113ක් සහය දෙන යෝජනාවක් සම්මත වුණොත් පමණයි පොලිස්පති ඉවත් කළ හැක්කේ. පාරලිමේන්තු බහුතරය තිබෙන්නේ අගමැතිගේ එජාපයටයි. පසුගිය වසර තුන පුරාවට පොලිස්පති කෙතරම් පිස්සු නැටුවත් මේ විනාශය වන තුරු ඔහුට තනතුර බේරා ගන්න පුළුවන් වුණේ අගමැතිගේ ආශිරවාදය තිබුණු නිසා. මේ මහා විනාශයට ඔහු විසින් පාර කපන තුරුම ඔහුට මේ තනතුරේ වැජබෙන්න පුළුවන් වුනේ එජාපය ඔහුව රකින ප්‍රථිපත්තියක සිටි නිසයි. ජනපති අස් වෙන්න කිව්වත් පූජිත අස් නොවෙන්නේ පොලිස්පතිව අස් කිරීමට අවශ්‍ය පාරලිමේන්තු බහුතර බලය තිබෙන අගමැති විසින් අස් නොවන ලෙස උපදෙස් දී තිබෙන නිසා ද කියන සාධාරණ සැකය අපට දැන් මතු වෙනවා.
ආණ්ඩුව අපට ඇත්ත කියන්නේ කවදාද?
ඊයේ වන තුරු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන කිව්වේ 359ක් විධියට. අද හදිසියේම කියනවා. 359 වැරදියි. ඇත්ත ගණන 253යි කියලා. වෙන රටවල නම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ මිය ගිය ගණන එන්න එන්න වැඩි වෙනවා. අපේ රටේ ඒක එන්න එන්න අඩු වෙනවා. මළමිනී ගණන් කර ගන්න බැරි මොන්ටිසෝරි ආණ්ඩුවක් ද අපට තිබෙන්නේ? මුළු ලෝකයම අපට හිනා වෙනවා.
මේ ආණ්ඩුව කිව්ව එකම බොරුව නොවෙයි. ආරක්ෂක රාජ්‍ය ඇමති පාරලිමේන්තුවට කිව්වේ නවසීලන්තයේ ක්‍රයිස්ට්ර්චච් පල්ලි ප්‍රහාරයට පිලිතුරක් ලෙස පාස්කු ප්‍රහාරය සිදු කළා කියලා. නමුත් හැරෙන තැපෑලෙන් පිලිතුරු දුන්නු නවසීලන්ත අගමැතිතුමිය මෙම ප්‍රහාර දෙක අතර සම්බන්ධයක් තිබෙන බවට කිසිම තොරතුරක් නෑ කියලා කිව්වා. එහෙම කිව්වාම අපේ ඇමතිතුමා වහාම තමන් ඒ ප්‍රකාශය කරපු පදනම කියන්න එපායැ. ඒ වෙනුවට වලිගේ කකුල් දෙක අස්සේ ගහගෙන නිහඬ වුණා.
ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ තොරතුරු අපට ලැබුණේ ඇමෙරිකාවෙන් කියලා එක ඇමතිවරයෙකු කිව්වා. ඒක කියලා කට ගන්න ලැබුණේ නෑ අනේ අපි නම් එවැනි තොරතුරක් දුන්නේ නෑ කියලා ඇමෙරිකානු තානාපතිතුමිය කියනවා. ආණ්ඩුව මෙහෙම ගල් පැලෙන බොරු කියන කොට ජනතාව ආණ්ඩුව විශ්වාස කරන්නේ කොහොමද? ජනතාව කටකතා විශ්වාස කරන්නේ ආණ්ඩුව විශ්වාස නැති නිසා. දැන්වත් ජනතාවට ඇත්ත කියන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
මේ ත්‍රස්තවාදි කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධතා පවත්වන ඇමතිවරු මේ ආණ්ඩුව තුළ ඉන්නවා. සර්වපාක්ෂික සමුළුවේදී විවෘතවම මේ පිළිබඳව කතා කළා.මේ ඇමතිවරුන්ගේ සහයෝගය ඔවුන්ට නොලැබෙනවා නම් මේ ත්‍රස්තවාදය පාලනය කිරීම මර්දනය කිරීම හරිම ලේසියි. උදාහරණයක් ලෙසින් ගත්තොත් බෝම්බ සඳහා අවශ්‍ය ලෝහ ලබාගෙන තියෙන්නේ කොහොමද. ඊබ්රහීම්ට වැල්ලම්පිටියේ කර්මාන්ත ශාලාවක් තියෙනවා. යුද හමුදාවේ පතුරොම් කාර්මික සංවර්ධණ මණ්ඩලයට ලබා දෙනවා. සුළු කර්මාන්තකරුවන්ට සහන මිලට ලබා දෙන්න. ඔවුන්ට ලබා දෙන්නට තියෙන මේ පතුරොම් රිෂාඩ් බදුරුදීන් ඇමතිවරයාගේ බලපෑමට අර ඊබ්රහීම් ගේ කර්මාන්ත ශාලාවට තොග පිටින් ලබා දී තියෙනවා. කාර්මික සංවර්ධණ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරුන්ගේ විරෝධය තිබියදීයි ඇමතිවරයාගේ නියෝගයක් මත එසේ ලබා දෙන්නේ. ඉවත ලන පතුරම් බෝම්බ බවට පත්වෙලා හෝටල් කරා එන්නෙ. ඒ නිසා මෙය රාජ්‍ය අනුග්‍රහය තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයක්. රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වුණු සමූලඝාතනයක්. මේ ආණ්ඩුව තම ආණ්ඩුව තුළ සිටින මේ ප්‍රභලයන්ගේ සම්බන්ධය පිළිඅරගෙන ඔවුන්ට නීතිය ක්‍රියාතමක කරන තුරු ත්‍රස්තවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හම්බ වෙන්නේ නැහැ.
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල  එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

– අරවින්ද අතුකෝරල

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.