පසුගිය දින රටේ ඇතිවූ හදිසි තත්වයත් සමඟ මෙරට ක්‍රියාත්මක වන මුස්ලිම්
අන්තවාදය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. මෙම මුස්ලිම් අන්තවාදයට
එරෙහිව කතා කරපු සහ කතා කරන යහියා මවුලවී ලංකාවේ මුස්ලිම්
අන්තවාදීන්ගේ බලවත්ම ජීවමාන ආගමික සතුරා බවට පත්වෙලා තියෙනවා. කොච්චිකඩේ
නිවුන්හැම් චතුරස්රයේ පිහිටි ජුම්මා දේවස්ථානයේ මෙන්ම කොළඹ නගර සභාව අසල
පිහිටි ප්‍රකට දවටගහ පල්ලියේද නිතිපතා ධර්මය දේශනා කරන ඔහු තව්හීඩ් ජමාත්
අන්තවාදීන්ගේ ඝාතන ප්රයත්නයන්ගෙන් සහ පැහැර ගැනීම් වලින් දිවි ගලවාගෙන මේ
වෙද්දි හුදකලාව ජීවත් වෙනවා.
කොහොම වුනත් ආගමික ගුරුවරයෙකු වන යහියා මවුලවී අද සතිඅන්ත පුවත්පතක්
හා එක්වෙමින් බොහොම වැදගත් කරුණු කාරණා රැසක් හෙළි කර තිබුණා. ඒ අතර වහාබ්
වාදයට එරෙහිව කතා කිරීම නිසා අන්තවාදීන් විසින් තමන්ට වෙඩි තැබූ
බවත්, පසුව පැහැරගෙන ගොස් දවස් තුනක් තිස්සේ වධදුන් බවත් සඳහන් කරන අතර
ඔහු මක්කම ගිය අවස්ථාවේදී කටේ දකුණු පැත්ත කපා දැමූ බවත් අලවි මවුලානා
ආණ්ඩුකාර එම සිදුවීම දුටු බවත් සඳහන් කරනවා.
මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුලුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්වුවා.
නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ්වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව
කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, වගේ ඇමතිවරු මොවුන්
ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිනිලි කලාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. රටේ
මිනිස්සු හිතන්නේ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන
තක්කඩිකම පහුගිය ඉරිදා එළියට වැටුණා.
මවුලවි ඒ සම්බන්ධයෙේ සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්.
“ මගේ ආරක්ෂාවට අල්ලාහ්ගේ මිත්රයින් සිටිනවා. ඉතින් මට වෙන කාගෙවත්
ආරක්ෂාවක් ඕන නෑ. මේ වහාබ් අන්තවාදය පැතිරීමේ ප්‍රධාන ලකුණු දෙකක් තියෙනවා.
එකක් මුහුණත් එක්ක මුළු ශරීරයම වසා දමන බුර්කාව. අනික මේ අන්තවාදය
පසුපසින් එන කුඩු ජාවාරම. මේ දෙකම වහාබ්වාදයත් එක්කයි එන්නේ. පළමුවෙන්ම
ආණ්ඩුව බුර්කාව තහනම් කළ යුතුයි. මේ ඇඳුම අඳින්නට නබිතුමාවත්, කුරාණයවත්
අපිට උගන්වල නෑ. නබිතුමාට බිසෝවරු හය දෙනෙක් හිටියා. මේ හයදෙනා පාරෙ යනකොට
මිනිස්සු නොයෙකුත් කතා කියන්න ගත්තා. ඊට පස්සෙ තමයි නබිතුමා තමන්ගෙ
බිසෝවරුන්ට බුර්කා ඇන්දුවේ. කාගෙ කවුද, කොයි කෙනාද කියලා සොයාගන්න
බැරිවෙන්න. ඉතින් මේ අන්තවාදී මෝඩ රැල තමන්ගෙ ගෑනිටයි, දූලටයි බුර්කා
අන්දලා නබිතුමාගේ පවුල වාගෙ හැසිරෙන්න හදනවා. මේක පිස්සුවක්. ආණ්ඩුව වහාම
මේ ඇඳුම තහනම් කළ යුතුයි. එය මේ වහාබ් අන්තවාදය විනාශ කිරීමේ වැදගත්
පියවරක්.
මීට අවුරුදු විස්සකට තිහකට කලින් මේව අපේ රටේ තිබුනෙ නෑ. මේ ඔක්කොම
වහාබ්වාදයේ සල්ලිත් එක්ක ආපු විකාර. දැන් බෙහෙත් දෙන දොස්තරට ලෙඩා පේන්නෙ
නෑ. බෙහෙත් දෙන ෆාමසියට බෙහෙත් ගන්න එකා පේන්නෙ නෑ. බඩු විකුණන වෙළෙන්දට
පාරිභෝගිකයා පේන්නෙ නෑ. ඉතින් මේ බුර්කාව තහනම් නොකර කොහොමද?
මේවා කියන නිසා මුලින් මට වෙඩි තිබ්බා. ඊට පස්සෙ මාව පැහැරගෙන ගිහින්
දවස් තුනක් තිස්සේ වධදීලා කිව්වා කට වහගෙන ඉඳපන් කියලා. මම ඒත් ඉස්ලාම්
ධර්මය විකෘති කරනවට විරුද්ධව දේශනා පැවැත්වුවා. ඊලඟට මම මක්කම ගියාම මගේ
කටේ දකුණු පැත්ත කැපුවා. අලවි මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා.
එතුමා ඇහුව උඹල මක්කම ආවෙ ඒ මිනිහගෙ කට කපන්නද කියල. සෞදි පොලිසියත් උන්ගෙ
පැත්තේ. ලංකාවෙදි මාව පැහැරගෙන වධ හිංසා කළාම පොලිසියට ගියා, ත්‍රස්ත
විමර්ශන ඒකකයට ගියා, එතුමන්ලා පරීක්ෂන කරලා සති දෙකක් මට ආරක්ෂාව දීලා
කිව්ව මුන් එක්ක හැප්පෙන්නේ නැතිව ඉන්න කියලා. ඒ වුනාට මට නිශ්ශබ්ද වෙන්න
බෑ.
දැන් හැම පල්ලියකම බලය මේ අන්තවාදීන් අතට පත්වෙමින් තියෙන්නේ. මේ රටේම
දැන් උගන්වන්නේ ඉස්ලාම් අන්තවාදය. ඉතින් කොල්ලො මරාගෙන මැරෙන්න යනවා.
ඉස්ලාමය ප්රචණ්ඩත්වය උගන්වන ආගමක් නෙවෙයි. වහාබ්වාදයයි ප්රචණ්ඩත්වය
උගනවන්නේ. ඒ වෙනුවෙන් මැදපෙරදිගින් සල්ලි පොම්ප කරනවා. ඉතින් මොවුන් කල්ලි
ගැහි ගැහී සල්ලි වලට රොක් වෙනවා.
ඉස්ලාමය කියන්නේ අන් කිසිවක් නෑ. ඇත්තේ අල්ලා දෙවියන් පමණයි කියලා.
ඉතින් බුදු දහම, කිතුදහම, හින්දු දහම මේ සියල්ල දෙවියන් මැවූ දේවල්. හැම
රටක්ම දෙවියන් මැවූ රටවල්. හැම සතෙක්ම හැම ගහකොළක්ම දෙවියන් මැව්වේ. ඉතින් ඒ
හැමදේකටම තමන්ගේ පැවැත්මක් තියෙනවා. අපි ජීවත් වෙන රටේ නීතියට යටත් විය
යුතුයි. අපි සියල්ලන්ටම පොදු නීතියක් තිබිය යුතුයි.
මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුලුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්වුවා.
නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ්වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව
කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, වගේ ඇමතිවරු මොවුන්
ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිනිලි කලාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. රටේ
මිනිස්සු හිතන්නේ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන
තක්කඩිකම පහුගිය ඉරිදා එළියට වැටුණා.
මේවා එක දවසෙන් වෙච්ච දේවල් නෙවෙයි. අවුරුදු විස්සක තිහකට පෙර වපුරපු
බීජවල අස්වනු අපි මේ නෙළමින් ඉන්නේ. මේ ලංකාවට කුඩු ගෙන්වන ජාත්‍යන්තර
සබඳතා හැදෙන්නේ තබ්ලීක් තව්හීඩ් හා ජමාද් අල් ඉස්ලාම් ගනුදෙනු හරහා. මොවුන්
තමයි මේ රට ජාත්‍යන්තර කුඩු මූලස්ථානය කළේ. දැන් මොවුන් ලෝකයේ ආගමික
අන්තවාදයේ මූලස්ථානය කරමින් ඉන්නවා. රටේ වගකිව යුත්තන් මේ සංවිධාන හා
ඔවුන්ගේ මේ විකාර පැවැත්ම වහාම නතර කළ යුතුයි. මුස්ලිම්වරු කියන්නේ මේ රටේ
ඉන්න තවත් අවංක අහිංසක ජන කන්ඩායමක්. මොවුන් මේ ජන කණ්ඩායම විනාශ කරමින්
ඉන්නේ.”
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, April 28, 2019
මුස්ලිම් අන්තවාදයට එරෙහිවුන යහියා මවුලවි කියන කතාව...!!!
Posted by
lankanews
at
April 28, 2019
Labels: muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, unp muders
මුස්ලිම් අන්තවාදයට එරෙහිවුන යහියා මවුලවි කියන කතාව...!!!
2019-04-28T17:48:00+02:00
lankanews
muslim agenda|muslim colony|ranil murders|ranil wickramasinghe|Rishad-Badurdeen|rishard badurdeen|srilanka isis|Thawheed Jamaath|unp muders|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...