සිංහල අලූත් අවුරුදු නිවාඩුවෙන් පසු පාලූ වී ගිය කොළඹ නගරය නිදිගැට හැරදා
අවදිවන්නට බලා සිටියේ පසුගිය (22 වැනිදා) සඳුදාය. එනමුත් ඊට ඉඩක් නොතබා
කාලකණ්ණි (ඉස්ලාමීය) අන්තවාදීහු පිරිසක් කොළඹ පමණක් නොව සමස්ත රටම මළ ගෙයක්
බවට පත් කළහ. එපමණක් නොව ප්‍රීතිමත් දස වසරකින් පසු රට යළිත් බෝම්බ
සංස්කෘතියකට, බෝම්බ මානසිකත්වයකට තල්ලූ කර දැමුවෝය. එබැවින්ම ගෙවී යන
සතියේත් කොළඹ පාලූ නගරයක් බවට පත්ව තිබේ. සිංහල අවුරුද්දට පෙර වසා දැමුණු
බොහෝ කර්මාන්ත ශාලා, කාර්යාල, වෙළෙඳ සංකීර්ණ කඩ - සාප්පු තවමත් වසා දමා ඇත.
හරිහැටි ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක නොවේ. කාලසටහන්වලට ධාවනය වූ බස්රථ,
දුම්රිය මේ සතියේත් දකින්නට නැත. ඒ වෙනුවට තවමත් ඇත්තේ කොතැනක හෝ බෝම්බයක්
පිපිරේ දැයි දැනෙන සැක සංකාවකි. බස් රියේ ගියත්, දුම්රියේ ගියත් යළිත්
නිදි වර්ජිතව උඩ - බිම බල බලා යන බෝම්බ මානසිකත්වයක් ජන සමාජයට ඇතුළු වී
තිබේ. ඉදින් රටේ අනාගතය අමුතුවෙන් විග්රහ කළ යුතු නොවේ. මරාගෙන මැරෙන 160 දෙනකුගෙන් තවමත් 150 කට වැඩි
පිරිසක් (ඇවිදින බෝම්බ) අප අසලම, අපේ ඇෙඟ් ගෑවී නොගෑවී දිවි ගෙවති. එබැවින්
සමාජ විමසිල්ල විනාශයෙන් තමනුත්, සමාජයත් රටත් බේරා ගැනීමේ අවශ්‍යතාවයි.
එහෙයින් ජාතික ආරක්ෂාව රජයටම භාරදිය යුත්තක් ද නොවේ. පුරවැසි අපට ද
වගකීමක් තිබේ. ඒ මානසිකත්වය දැන් යළිත් අපට ලැබී තිබීම විනාශයෙන් ගැලවීමට
උදව්වකි.
මේ
තත්ත්වය ඇති කළෝ ත්රස්තවාදීහුද? අප ප්‍රශ්න කළ යුතුව තිබේ. සැබැවින්ම
නැත! කොන්ද කෙළින් නැති පාලන තන්ත්රය විසින් ජාතික ආරක්ෂාව මරා දමා ඇත.
කුකුස, සමාජ විමසිල්ල මෙසේ බෝම්බ පිපිරෙන මොහොත දක්වාම (පසුගිය දස වසර
පුරා) සමාජයේ අපට දකින්නට ලැබුණේ නැත. පාලකයන් හිතා සිටියේ අපට ‘උත්තරීතර
නිදහස’ ලැබී ඇතිය කියාය. යළිත් ත්‍රස්ත භීතියක් රටට ඇතිවෙනු ඇතැයි ඔවුහු
හීනෙන්වත් නොසිතූහ. එසේ හෙයින් කුමට...රටකට ජාතික ආරක්ෂාවක් හෝ යහපත්
බුද්ධි සේවාවක්...පෝරකයට දක්කනු මිස...?
අවසානයේ හෙනහුරා ගෙයි
දොරකඩටම පාත්වෙන තුරා ඊට වගකිව යුත්තෙක් නොවීය. දැනුදු ඒ වගකිවයුත්තන්
සොයාගත නොහැකිය. සැබෑව නම් බුද්ධි සේවා මඟින් නම්ගම් ද සහිතව ස්ථාන ද සහිතව
මේ ප්‍රහාරය හෙළිදරව් කර තිබීමය. එනමුත් කුලල් කාගන්නවා තරම් අපේ
පාලකයන්ට තවත් ජාතික ආරක්ෂාවක් ගැන හිතන්නට, ක්රියාකරන්නට කාලයක් නැත.
පාර්ලිමේන්තුවේ සරම් උස්සන් ගුටිකෙළි ඇන ගැනීම තරම්වත් විධායකය,
ව්‍යවස්ථාදායකය වශයෙන් එයාට මෙයාට බෝලය පාස් කරනවා තරම්වත් ජාතික ආරක්ෂාව
වටින්නේ නැත. මිනිස් ජීවිත වටින්නේ නැත.
දැන් ලැබී ඇති තොරතුරු
අනුව ලැබුණු බුද්ධි තොරතුරු ප්‍රකාරව සිදුවූ දැවැන්ත ප්‍රහාරය
වළක්වාලන්නට රජය කටයුතු කර නැත. එසේ හෙයින් මියගිය 350 ක් දෙනා හෝ තුවාල
ලැබූ පන්සියයක් දෙනා මෙන්ම ඔවුන් ඇසුරේ අනාථ වූ දහසක් දෙනා වෙනුවෙන් රජය
ශෝක වී කනගාටුව ප්‍රකාශ කර නොව සමාව අයැද සිටිය ද ඉන් පලක් නැත. ඒ යළිත් ඒ
ජීවිත අපට නොලැබෙන නිසාය.
කෙසේ හෝ ජනසමාජය යළිත් අවදිවන්නට
ආයාසකර උත්සාහයක නිරතව සිටිනු පෙනේ. සති ගණනාවක් වසා දමා ඇති ව්‍යාපාරික
ස්ථාන ඊළඟ සතියේවත් විවෘත නොකෙරුණහොත් රටේ ආර්ථිකයට ඉන් සිදුවන පාඩුව
මෙතෙකැයි කිව නොහැකිය. එළැඹෙන සතියේවත් මිනිසුන් සේවා ස්ථානවලට වාර්තා කළ
යුතුව තිබේ.
සිදුවූ දෑ යළිත් ඇතුන් ලවාවත් ඇදිය නොහැක. කළ යුතුව
ඇත්තේ ආරක්ෂාවේ සිදුරු වසා දමා ප්‍රකෘතිමත් කිරීමය. මන්ද මේ ජාතික
ව්‍යසනය මෙතෙකින් නිමාවට පත්වන්නක් ද නොවිය හැකිවන නිසාය. දැන් ඒ දරුණු
විෂබීජය සමාජගත වී අවසන්ය. මරාගෙන මැරෙන 160 දෙනකුගෙන් තවමත් 150 කට වැඩි
පිරිසක් (ඇවිදින බෝම්බ) අප අසලම, අපේ ඇෙඟ් ගෑවී නොගෑවී දිවි ගෙවති. එබැවින්
සමාජ විමසිල්ල විනාශයෙන් තමනුත්, සමාජයත් රටත් බේරා ගැනීමේ අවශ්‍යතාවයි.
එහෙයින් ජාතික ආරක්ෂාව රජයටම භාරදිය යුත්තක් ද නොවේ. පුරවැසි අපට ද
වගකීමක් තිබේ. ඒ මානසිකත්වය දැන් යළිත් අපට ලැබී තිබීම විනාශයෙන් ගැලවීමට
උදව්වකි.
එනමුත් රටේ යහපාලනයට මෙන්ම රටේ යහපැවැත්මට ද රටේ
නායකයන් ආදර්ශවත් විය යුතුය. අපට නැත්තේ ද එයමය. මෙතරම් ප්‍රහාරයක් එල්ල
වී තුන්හාරසියයක් මියගිය පසුව ද පාර්ලිමේන්තුවෙන් ඇසෙන්නේ උන් උන් කුලල් කා
ගන්නා හඬය. 225 ක් ඉන්නා තැන රට - ජාතිය - ආගම - සහජීවනය- ජාතික ආරක්ෂාව -
කෙළින් වැඩකිරීම ගැන කතා කරන්නේ එකකු දෙන්නකු පමණි. ඉතිරි උන් දේශපාලන බලූ
පොරයේ නිරතව සිටිති.
එහෙත් එළැඹෙන සතියේ සිට හෝ රට යළිත්
සාමාන්‍ය විය යුතුය. එසේම ජාතික ආරක්ෂාව අතින් රට ‘අසාමාන්‍ය’ ද විය
යුතුය. පාලකයන් ඒ බව තේරුම් ගත යුතු අතර කරන වෙනසක් සිදුකර ජනතාවගේ
ජීවත්වීමේ අයිතිය වහාම තහවුරු කරන ලෙස අපි මහත් ඕනෑකමකින් රජයෙන් ඉල්ලා
සිටිමු.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, April 25, 2019
ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ...,,,!!!
Posted by
lankanews
at
April 25, 2019
Labels: jihad in srilanka, kandy muslim attack, muslim agenda, muslim attack in churches, rishad badurdeen, Thawheed Jamaath
ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ...,,,!!!
2019-04-25T19:31:00+02:00
lankanews
jihad in srilanka|kandy muslim attack|muslim agenda|muslim attack in churches|rishad badurdeen|Thawheed Jamaath|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...