ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 30, 2019

ඉස්ලාම් අන්තවාදය වපුරන ජාතිවාදී රූපවාහිනි නාළිකාවක් ශ්‍රී ලංකාවේ....!!!

"පාකිස්තානය, බංග්ලාදේශයේ පවා තහනම් - ශ්‍රී ලංකාවේ තවමත් නෑ" 

 මෙරට ඉස්ලාම් අන්තවාදය වපුරන වහබ් රූපවාහිනි නාළිකාවක් පිළිබඳව කතාබහක් ඇතිව තිබෙනවා. ඒ කේබල් රූපවාහිනී නාලිකාවක් වශයෙන් ලොව පුරා ප්‍රචලිත පීස් ටිවී නම් රූපවාහිනි නාළිකාවයි.  ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් කිහිපයක කි‍්‍රයාත්මක පීස් ටී. වී කේබල් රූපවාහිනී නාලිකා අන්තවාදි ඉස්ලාම් ඉගැන්වීම් හා සම්බන්ධ බවට මේ වන විට හෙළිව තිබේ.
ලොවපුරා ප‍්‍රචලිත පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාවද වහබ්වාදය පැතිරවීමට යොදාගෙන ඇති බවමේ වනවිට අනාවරණ වී තිබේ. මෙම රූපවාහිනී නාලිකාවේ හිමිකරු වන්නේ වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නමැති ලෝක ප්‍රසිද්ධ අන්තවාදී ඉස්ලාම් දේශකයෙක්. 
මෙම නාලිකාව 2012 වර්ෂයේදී ඉන්දිය රජයද තහනම් කරනු ලැබුවා. බංග්ලාදේශය පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාව 2016 වසරේදී තහනම් කෙරුණු අතර ඊට හේතුවූයේ ඩකා අගනුවරදී පුද්ගලයින් විසි දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමයි.

එමෙන්ම මේ වනවිට එම කේබල් රූපවාහිනි නාලිකාව පාකිස්තානයේද තහනම් කර තිබෙනවා. එම කේබල් රූපවාහිනි නාලිකාව තහනම් කිරිමට ඊයේ දින (29) පාකිස්තාන රජය පියවර ගත්තා.
කෙසේවෙතත් වහබ්වාදී පීස් ටී.වී. කේබල් රූපවාහිනී නාලිකාව තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම දැඩිව කතාබහට ලක්ව තිබෙනවා.
මෙම නාලිකාවේ හිමිකරු වන වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නමැත්තා විසින්ම මෙම නාලිකාව හරහා දේශණ සිදුකිරීම විශේෂත්වයක්. එම දේශණයන්ට අනුව ඔහුගේ ඉගැන්වීම්වල දැක්වෙන්නේ විවාහක කාන්තාවන් සිරකරුවන් ලෙස සහ වහලුන් ලෙස සිටිය යුතු බවයි.
ඔහුගේ ඉගැන්වීම්වලට අනුව සංගීතය සහ මධ්‍යසාරද තහනම් වනවා. යමෙකු සොරකමකට හසුවුවහොත් ඔවුන්ගේ අත් කපා දැමිය යුතු බවද ඔහු සිය දේශණ හරහා සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු සිය දේශණ පිළිබදවද දැනුවත් කරමින් සිටිනවා. ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ පමණක් සිටින පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 16 ක්. පීස් ටී. වී. කේබල් රූපවාහිනි නාලිකාවේ හිමිකරු වන අන්තවාදී සාකීර් අබ්දුල් කරීම් නයික්ගේ නිල ට්විටර් ගිණුමට එක්ව සිටින පරිශීලකයින් සංඛ්‍යාව ලක්‍ෂ එකහමාරකට අධිකයි.
මෙම නාලිකාව හරහා වහබ්වාදය ලොවපුරා ප‍්‍රචලිත කිරීම සිදුවන බව ආරක්‍ෂක අංශ තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා.
ඒ අනුව වහබ්වාදී ඉගැන්වීම් සහ දේශණ සිදුකරන මෙම රූපවාහිනී නාලිකාව ශී‍්‍ර ලංකාව තුළ තහනම් කිරීමටද විශාල සමාජ කතාබහක් ඇතිව තිබුනා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.