ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, April 24, 2019

අන්තවාදී සංවිධාන හා රිෂාඞ් බදියුදීන්ගේ සම්බන්ධය දැන් රහසක් නොවේ ...!!!

මුස්ලිම් අන්තවාදීන්ට පෝෂණය වීමට ඉඩදීමේ විපාකය මුළු රටම අත්විඳිනවා....!!!
  වත්මන් රජය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව හිරේ දමා මුස්ලිම් අන්තවාදීන්ට නිදහසේ පෝෂණය වීමට ඉඩදීමේ මහා විපාකය අද මුළු මහත් ලංකාවම අත්විඳින බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියෝ ඊයේ (23 වැනිදා* සඳහන් කළහ.
 


තම සංවිධානය මුස්ලිම් අන්තවාදීන් ගැන නම් ගම් සහිතව කිවූ සියල්ල දැන් ඇත්ත වී ඇති බවත් මෙම අන්තවාදය ගැන වැඩිදුර විස්තර රජයට අවශ්‍ය නම් වැලිකඩ හිරගෙදරට ගොස් ඥානසාර හිමියන් බැහැ දැක ඒ පිළිබඳ සවිස්තරව දැන ගැනීමට හැකි බවත් උන්වහන්සේ පැවැසූහ.

 බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ ඊයේ (23 වැනිදා* එම අදහස් පළ කළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ශී‍්‍ර සද්ධර්මරාජිත විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියෝ මෙසේද කීහ.බොදුබල සේනා සංවිධානය ආරම්භ කරන්නේ 2012 වසරේ මැයි හත් වැනිදායි. අපි එදා සිට මුස්ලිම් අන්තවාදය ගැන අනාවරණය කළා. නමුත් ඇතැම් පාලකයන් කළේ අපිව අන්තවාදීන්ගේ ගොඩට දමා හංවඩු ගැසීම පමණයි. එදා සිට අපි කෑ ගසමින් කියූ සියල්ල දැන් ඇත්ත වී තිබෙනවා.

 අපි කිව්ව දේ ඇත්ත වීම ගැන අපට කිසි සතුටක් නැහැ. ඇත්තටම ඥානසාර හාමුදුරුවෝ සහ අපි ගිරිය කඩාගෙන රටට පැවසූ දේ වගකිවයුතු අංශ ගණන් නොගැනීම නිසා සිවිල් ජීවිත සිය ගණනක් අහිමිව තවත් සිය ගණනක් තුවාල වීම ගැන අපට ඇත්තේ හද කම්පාවන කනගාටුවක් වගේම දුකක්.

 අපි මේවා කියන කොට අපගේ සද්දය වැඩි යැයි ඇතැමුන් කිව්වා. අපි කෑ ගැහුවේ මේ අනතුර කලින් දුටුව නිසයි. බලයට කෑදර පාලකයන් මුස්ලිම් අන්තවාදීන්ගෙන් සහ ඔවුන්ව නඩත්තු කරන එන්ජී ඕ වල සල්ලි අරගෙන ඥානසාර හාමුදුරුවන්ව නිහඬ කිරීමට හිරගෙට යැව්වා.

 එහි ශාපය ගෙවන්න වෙලා තිබෙන්නේ අහිංසක ජනතාවටයි. මෙම තවුහිද් ජමාද් සංවිධානය ගැන මුස්ලිම් අන්තවාදී සංවිධාන ගැන ඔවුන්, අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධාන ගැන අපි නම් ගම් ඇතුව හෙළි කළා. මේ ආණ්ඩුව කිව්වේ අපි සංහිඳියාවට බාධා කරන බවයි. ඇත්තටම රටේ සංහිඳියාව නැති කර රටේ සියලූ ජනතාවගේ ජීවිත අනතුරට පත්කළේ මේ පාලකයන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

 2014 වසරේදී එවකට හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට මේ අන්තවාදීන් පිළිබඳ අපි අපගේ බුද්ධි තොරතුරු ඇතුළත් වාර්තාවක් දුන්නා. මාස තුනකට පසු ඔහු අපට සඳහන් කළේ ඒ සියලූ තොරතුරු ඔහුගේ බුද්ධි අංශ හරියටම නිවැරදි බව තහවුරු කර ඇති බවයි. එල්ටීටීඊ පරාජය කළා වගේ මෙය කළ නොහැකි බවත් බුද්ධියෙන් කළ යුතු කටයුත්තක් බව ඔහු අපට සඳහන් කළා. ඒ සඳහා වසර කිහිපයක් අවශ්‍ය බවයි එතුමාගේ අදහස වුණේ.

 නමුත් ආණ්ඩු පෙරළීමෙන් පසු අපි 2016.06.05 වැනිදා පොලිස්පතිවරයාටත්, 2018.09.01 වැනිදා ජනාධිපතිවරයාටත් මේ පිළිබඳ වාර්තා ලිඛිතව ලබා දුන්නා. නමුත් ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නැහැ.

 මෙම ප‍්‍රහාරය එල්ල කළ ජාතික තවුහිද් ජමාද් සංවිධානය ශී‍්‍ර ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ කැඞී ගිය කොටසක්. මොවුන්ට තමිල්නාඩු තවුහිද් ජමාද් සංවිධානය සමග සම්බන්ධකම් තිබෙනවා. ඔවුන් සතුව ලක්‍ෂයකට අධික සාමාජික සංඛ්‍යාවක් සිටිනවා. මේ සියලූ දේ සාක්‍ෂි සහිතව පෙන්නු නිසයි ඥානසාර හිමි හිරකරන්න ඔවුන් පිඹුරුපත් සැකසුවේ. ඊට මේ රජයේ මැති ඇමැතිවරු සහාය දැක්වූවා.

 ඥානසාර හිමියන්ව හිරේ දමා මොවුන් කළ මේ නින්දිත වැඬේ නිසා අන්තවාදීන්ට නිදහසේ වැඩ කරන්න පරිසරය නිර්මාණය වුණා. මේවා කියන්නත් කනගාටුයි.

 මේ අන්තවාදී සංවිධාන පිටුපස ඇමැති රිෂාඞ් බදියුදීන් සිටින බව දැන් රහසක් නෙවෙයි. ඉතා ඉහළ ආරක්‍ෂක මෙන්ම භූගෝලීය වටිනාකමක් ඇති සිලාවතුර ප‍්‍රදේශයේ ඉදිකරන නිවාස හයදහස ජාතික ආරක්‍ෂාවට විශාල තර්ජනයක් බව අපි දැන්ම මතක් කර සිටිනවා. ඒ නිවාස ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ කි‍්‍රයාත්මක තවුහිද් ජමාද් සංවිධානයේ කි‍්‍රයාකාරීන්ට නවාතැන් දීම සඳහා සකසන එකක්දැයි දැඩි සැකයක් අපට තිබෙනවා. මේ කරුණු කාරණා සලකා බලා අන්තවාදය පෝෂණය කරන රිෂාඞ් බදියුදීන් වහා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් මේ ගැන ප‍්‍රශ්න කළ යුතුයි.

 අන්තවාදී මත වපුරන මද් රාසා පාසල් හැම තැනම බිහිවනවා. ඒ ගැන වහා කටයුතු කළ යුතුයි. පාකිස්තානයේ මෙවැනි මද් රාසා පාසල් විසි දහසක් තහනම් කළා. සැබෑ සාමය සංහිඳියාව ඇති කළ හැක්කේ මේ අන්තවාදය පරාජය කිරීමෙන්ම පමණයි. ඒ සඳහා මව්ලවිතුමන්ලාට විශාල කාර්ය භාරයක් තිබෙනවා.

 බොදුබල සේනා සංවිධානය කියන්නේ මුස්ලිම් ජනතාව කන්න ආ යකෙක් නොවන බව ඒ ජනතාව තේරුම් ගත යුතුයි. වසර සිය ගණනක් මුස්ලිම් ප‍්‍රජාව සමග අප රැුකගෙන ආ ඒ සංස්කෘතික බැඳීම නැති කරන්න මේ අන්තවාදීන්ට දෙන්න බැහැ.

පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි


 සිරිමන්ත රත්නසේකර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.