ශ්‍රී ලංකාවේ දේවස්ථාන ත්‍රිත්වයකට
සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට එල්ල කරන ලද ප්‍රහාර ස්ථාපිත ත්‍රස්ත
සංවිධානයක් මගින් ඉතා සංකීර්ණ අයුරින් ක්‍රියාත්මක කර ඇති බව දැනට ලැබී ඇති
තොරතුරුවලින් පෙනී යන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ කටයුතු සම්බන්ධ
නියෝජිත මණ්ඩලයේ රිපබ්ලිකන් නායක මයිකල් මක්කෝල් නිවේදනයක් නිකුත්
කරමින් සඳහන් කරයි.
හෝටල් සහ කතෝලික පල්ලි ඇතුළු ආගමික ස්ථානවලට රැස්ව සිටි අහිංසක ජනතාව ඉලක්ක
කරගෙන සිදු වූ මෙම බියගුළු ක්‍රියාවෙන් පසක් වන්නේ රැඩිකල් අන්තවාදය මුළු
ලෝකයටම තර්ජනයක් වී ඇති බව ද මයිකල් මක්කෝල් සඳහන් කර ඇත.
ඔහු නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.
“පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර ඉන් බිලිගත් 2--00කට
වැඩි ජීවිත සහ සිය ගණනක් තුවාල ලැබූ පුවත් අසා මම තැති ගත්තෙමි.
අන්තර්ජාතික ප්‍රජාව එක්ව මෙම ත්‍රස්ත ක්‍රියා සහ ආගමික නිදහස ඉලක්ක කර
එල්ල වන ඕනෑම තර්ජනයක් මුළුමනින්ම හෙළා දැකිය යුතුයි. මෙම ඛේදවාචකයට ගොදුරු
වූ සියල්ලන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙන්ම බෝම්බ ප්‍රහාරවලින් මියගිය
ඇමෙරිකානු පුරවැසියන්ට ද මගේ ශෝකය පළ කරමි. තොරතුරු ලැබෙන පරිදි අපි
තත්ත්වය නිරීක්ෂා කරමින් සිටින්නෙමු.
දැනට ඇති තොරතුරුවලට අනුව ත්‍රස්ත සංවිධානයක් ඉතා සංවිධානාත්මකව මෙම
ක්‍රියා සිදු කර ඇති බව පෙනී යනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ භයානක
ප්‍රචණ්ඩකාරී අත්දැකීමකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටිනවා.
වෛරී ක්‍රියා සහ ත්‍රස්තවාදය ලොව කොතැනක සිදු වුවද එයට එරෙහිව මුහුණදීමට
උරෙන් උර ගැටී එක්සිත්ව, ස්ථීරවම සිටිනවා” යනුවෙනි.
මේ අතර ජාතික තව්හීත් ජමාත් සංවිධානය (එන්.ටී.ජේ) සංවිධානය දේවස්ථාන ඉලක්ක
කරගනිමින් ප්‍රහාර එල්ල කරන බව විදෙස් බුද්ධි අංශයක් සහ ශ්‍රී ලංකාවේ
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනගෙන සිටි බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර
තිබිණි.
එම බුද්ධි තොරතුරු මුලින්ම ලැබී ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන් බව ඬේලිමේල් වෙබ්
අඩවිය වාර්තා කර තිබිණි. ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, එක්සත්
රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නා
ක්‍රමවේදයක් පවතී. ‘ද ෆයිව් අයිස්’ යනුවෙන් එය හඳුන්වන අතර ඕස්ට්‍රේලියාව
මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ද කර ඇතැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර
ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, April 22, 2019
ප්‍රහාරයට වගකිවයුත්තේ ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක්... තව්හීත් ජමාත් සංවිධානය (එන්.ටී.ජේ) සංවිධානය.
Posted by
lankanews
at
April 22, 2019
Labels: islamic attack, Moulvi Zahran Hashim, muslim agenda, Muslim extremist, National Tawheed Jamaath, pasku attack, rishad badurdeen
ප්‍රහාරයට වගකිවයුත්තේ ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක්... තව්හීත් ජමාත් සංවිධානය (එන්.ටී.ජේ) සංවිධානය.
2019-04-22T10:56:00+02:00
lankanews
islamic attack|Moulvi Zahran Hashim|muslim agenda|Muslim extremist|National Tawheed Jamaath|pasku attack|rishad badurdeen|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
