පව් ගෙවන්න
පින් කරන්න යන්නේ පල්ලි පන්සල් වලටනේ මහත්තයෝ එත් මොකද මේ උනේ මගේ පුතයි
බෑනයි දෙන්නම නැහැ හයියෝ ඩෝං ගාලා පිපුරුනා ඔක්කොම කඩා වැටුනා මම පිටිපස්ස
දොරෙන් පැනලා අවා’’ මේ ප්‍රකාශය සිදුකරනු ලැබුවේ ලේ වැකි කමිසයකින් සැරසී
සිටි කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සිටි වැඩිහිටි පුද්ගලයෙකි. ඔහුගේ නම
කුමක්දැයි අපි නොදනිමු. ඔහු මේ ඛේදවාචකයට මුහුණ දුන්නේ කොච්චිකඬේ ශාන්ත
අන්තෝනි දේවස්ථානයේ උදෑසන පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වෙමින් සිටියදීය.
කිසිදා නොපැතූ නොසිතූ කණගාටුදායක සිද්ධියකට මුහුණදීමට මේ වැඩිහිටි පියාට
සිදුවිය. මෙලෙස සිය ගණනක් දෙනා හඬා වැටෙන බව නම් සහතිකය. මීගමුව කටුවපිටිය
පල්ලියේ පුපුරා ගොස් ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බයකි. මේ බෝම්බය පුපුරවගත්
බෝම්බකරුවගේ හිස පල්ලියේ අල්තාරය මතට වැටී ඇති බව ප්‍රදේශවාසීහු පවසන්නේ
මහත් භීතියෙනි. එසේම සෙසු ප්‍රහාර බෝහොමයක්ම එනම් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි
දේවස්ථානයේ පිපිරීමත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව පෙනී ගොස් ඇත.
ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් පුද්ගලයා එහිම නැවතී
සිටි සහරාන් හසීම් නැමැත්තෙකු බව හෙළිව ඇත. එසේම මඩකලපුවේ සියොන් පල්ලියේ
ප්‍රහාරය එල්ල කර ඇත්තේ අබු මොහමඞ් නම් තැනැත්තෙකි. සාමාන්‍යයෙන් අබු නම
ලැබෙන්නේ අයිසිස් සංවිධානයට එක්ව සටන් වැදුණු ත්රස්තයන්ට බව නොරහසකි. එසේ
නම් මොහු මඩකලපුවට පැමිණියේ කෙසේද? මෙලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවන්
පැමිණියේ කොහෙන්ද? ලංකාවෙන්ද? සිරියාවෙන්ද? පකිස්ථානයෙන්ද? අද මේ ගලාගිය ලේ
කඳුළුවලට වගකිව යුත්තේ කවරකුද? ලංකාව පුරා පිපිරීම්
අටක් සිදුව ඇත.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව යළි දෙදරා ගොස් ඇත. මෙයට
වගකිව යුත්තේ කවරකුද? එදා ප්රභාකරන් මියගිය පසු සැනසුම් සුසුම් හෙළුව ද
පාස්කු ඉරිදා ලංකාවම භීතියට පත්කළ අන්තවාදීහු කවරහුද? ත්‍රස්තවාදය නැවත
අපේ රටට එන්නේ එල්.ටී.ටී.ඊ. වේෂයෙන්ම පමණක් නොවන බව දැන් සැමදෙනාටම අවබෝධවී
ඇති බව නම් පැහැදිලිය.
මේ පිපිරීම් වලට වගකිව යුත්තේ මඩකලපුවේ
සිට ක්‍රියාත්මක වන මුස්ලිම් අනන්තවාදී කල්ලියක් වන සහරාන් කල්ලියේ
සම්බන්ධයක් තිබේද? මොවුන් කෙලින්ම අයිසිස් ත්‍රස්තයින් සමඟ සම්බන්දයක්
ඇතිබව හෙළිව තිබිණි. එසේ නොවේනම් මාවනැල්ලේ බුදු පිළිම කැඩූ පුද්ගලයින්
අත්අඩංගුවට ගත පසුව හෙළි වූ තොරතුරු අනුව වනාතවිල්ලූවෙදී අත්අඩංගුවට ගත
මුස්ලිම් ත්‍රස්ත කල්ලියද ? මොවුන් ගැන නිසි පරීක්ෂණ කඩිනම් වූයේ නම් මේ
විපත වළක්වාගැනීමට හැකිව තිබිණි. එහෙත් ඒවා ගැන කිසිවකු ප්‍රශ්න කළේ නැත.
පසුගිය අපේ‍්‍රල් 11 වැනිදා විශේෂ අරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය
මගින් යවනු ලැබූ විශේෂ චක්‍රලේඛය නොසලකා හරිනු ලැබුවේද ? එහි ලිපි ශීර්ෂය
වුයේ Information of an Alleged Attack යන්නයි. එහි ජාතික තව්හීඞ් ජමාත්
නායක මොහොමඞ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට
සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි අංශ විසින් ලබාදී ඇති කරුණු සන්බන්ධව නිසි
අවධානය යොමු කලයුතු බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා විසින්
එම චක්රලේකයේ සඳහන් කර තිබිණි. නමුත් පාස්කු ඉරිදා කොළඹ ස්ථාන අටක බෝම්බ
පිපිරී අසරණ ජනයා හා විදේශිකයින් කෑලි කෑලිවලට කැඞී යද්දී පොලිසිය ඇතුළු
ආරක්ෂක අංශ සිදුකළේ කවරක්ද? බුද්ධි අංශ ක්‍රියාකාරකම් නවතා දමා තිබුණේ
සංහිඳියාව වෙනුවෙන් ද ? මුස්ලිම් සහෝදරත්වය බිඳවැටේ කියාද ?
ශ්‍රී ලංකාවේ ගලේවෙල උපන් මොහොමඞ් මුෂින් ෆර්හාස් නිලාම්,
අයි.එස්.අයි.එස්. (I.S.I.S.) ත්‍රස්තවාදියකු බවට පත්වූ වග ජාත්‍යන්තරව
ප්‍රකාශයට පත් වූයේ අයි.එස්.අයි.එස්. සංවිධානය විසින්ම ප්‍රකාශයට පත්කරනු
ලැබ ‘vila' (Dabic) සඟරාවේ හතරවැනි කලාපයේය. ඒ 2015 නොවැම්බර් මාසයේදීය.
එහි තිබූ ලිපියක සඳහන්ව තිබුණේ මුෂින් ෆර්හාස් නිලාම් සමග තවත් 21 දෙනෙකු
අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට බැඳීම සඳහා සිරියාවට පැමිණ ඇති බවය.
ඔවුන් අතර මුෂින්ගේ පවුලේ උදවියද සිටි බව එහි සඳහන්ය. මුෂින් ඇතුළු කණ්ඩායම
සිරියාවට යාම නිසා මෙරට ආරක්ෂාව සම්බන්දයෙන්ද බරපතල ප්‍රශ්නයක් ඇතිකරන බව
විවිධ සංවිධාන ප්‍රකාශ කලද සංහිඳියාව වෙනුවෙන් මුස්ලිම් අන්තවාදය ගැන
සෙවීමට බලධාරීන් උන්නදු වුයේ නැත.
විදේශීය බුද්ධි අංශ මෙරට ISIS
ක්‍රියාකාරකම් පිළිබදව හෙළිකරද්දීත්, ශ්‍රී ලංකාවෙන් සිරියාවට ගිය
මුස්ලිම් ජාතිකයන් ත්රස්තයන් සමග සිටින ඡුායාරූප ප්‍රසිද්ධ කරද්දීත්
ශ්‍රී ලංකා රජය සහ, ආරක්ෂක අංශ ඒ පිළිබඳව අගක් මුලක් නොදැන සිටියාද?
ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ ඉස්ලාමීය ත්රස්තයන් මර්දනය කරන්නට කිසිම
උත්සහයක් දැරුවේද යන්න ප්රශ්නයකි. එහි අගය තේරෙන්නේ මේ ඉරිදා දිනයේදීය.
වෙනසක අගය කියන්නේ මෙයටද ?
එසේම කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේදී ද
බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන
තිබිණි. එම පුද්ගලයන්ද මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පොලිසියට
ප්‍රකාශ කර තිබුණේ බුදු පිළිමවලට හානි කිරීම සඳහා තමන්ව මෙහෙයවූයේ ශ්‍රී
ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය නමින් යුත් සංවිධානයක සාමාජිකයකු යැයි කියන
‘සහීඞ්’ නමැත්තකු බවය. එසේනම් මේ සහීඞ් කව්දැයි නිසි ලෙස පරීක්ෂණ පවත්වනු
ලැබුවේද නැත. නමුත් මේ පාස්කු ඉරිදා ලංකාව පුරා ලේ ගලා ගියේය. පුත්තලමෙන්
පමණක් නොව මාවනැල්ලෙන්ද ‘පුපුරණ ද්‍රව්‍ය’ මතුවීම සරල සිදුවීම් හැටියට ලඝු
කිරීම එතරම් නුවණක්කාර දෙයක් නොවන්නේයැයි අවබෝධ වන්නේ මිනී කඳු ගොඩගැසුණු
විට පමණද ?
ඉන්දීය livemint වෙබ් අඩවියට ලිපියක් ලියන ශාස්වස්ති
දාස් Sri Lanka blast hints at growing terror in South Asia” ISIS hand
suspected මැයෙන් ලිපියක් ලියමින් ප්‍රකාශ කරන්නේ කුමක්ද ? ශ්‍රී ලංකාවේ
ප්‍රහාරවලින් හෙළිවන්නේ අයිසිස් සංවිධානයේ ක්‍රියාකාරකම් දකුණු ආසියාවේ
වර්ධනය වෙමින් පවතින බවයි. ඉන්දීය බුද්ධි අංශ මගින් මෙම පුවත් වෙබ් අඩවියට
හෙළිකර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රහාරය පිටුපස සිටින්නේ අයිසිස් සංවිධානය බව
බොහෝ දුරට පැහැදිලිවන බවයි. මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් ගැන කිහිප
විටක්ම රෝ සංවිධානය මගින් මෙරට ආරක්ෂක අංශ වලට අනතුරු අඟවා තිබිණි. ඒවා ගැන
නිසි සොයා බැලීමක් සිදු වූවේද? මේ සිද්ධිය සම්බන්ධව ඉන්දීය අගමැති
නරේන්ද්‍ර මෝදි නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි මෙසේ සඳහන් වේ.ශ්‍රී
ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකියි.
ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සිටියි.
ත්රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත් ප්‍රහාරය සඳහා වගකිව යුත්තන්
නීතිය හමුවට ගෙන ආ යුතු බවත් ඉන්දියාව අවධාරණය කර සිටියි.
මීට
වසර හයකට පෙර එනම් 2013 නොවැම්බර් 13 වැනිදා ‘අනුරපුරෙන් මතු වූ
‘‘වහාබ්වාදයේ අනතුර හඳුනාගනිමු!’’ මැයෙන් ලිපියක් ලියමින් අප සඳහන් කර
සිටියේ කුමක් ද ? ශ්‍රී ලංකාව පුරා මුස්ලිම්වරුන් අතර වහාබ්වාදය
ශීඝ්‍රයෙන් පැතිරීම බරපතළ ප්රශ්නයකි.
කළකට පෙර ඇතිවූ
ග්රෑන්ඞ්පාස් සිංහල මුස්ලිම් ප්රශ්නය පිටුපසද වහාබ්වාදීන් සිටි බව
ප්‍රකට කරුණකි. ඇත්තෙන්ම සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් මේ අන්තවාදී
කල්ලියකගේ ගොදුරු බවට පත් වුවහොත් එය සමස්ත රටටම ප්‍රශ්නයක් වනු ඇත.
අවසානයේ මේ වහාබ්වාදීන් අවි අමෝරනු ඇත්තේ බෞද්ධයින්ට එරෙහිවය. එහෙත්
සිදුවුවේ කුමක් ද වහබ්වාදීන් මුලින්ම ප්‍රහාර එල්ල කර ඇත්තේ කතෝලිකයින්ට
එරෙහිවය. වසර ගණනාවකට පෙර සිට මුස්ලිම් අන්තවාදයේ අනතුර පිළිබඳ හෙළිකළ
බොදුබල සේනාව ගැන සමහර පිරිස් බලවත් සේ කලබලවී චෝදනා නගන්නට විය. එදා
බොදුබල සේනාව යක්ෂයෙක් ලෙස දැක්වීමට බී.බී.සී.ය හා අල්ජසීරාව උත්සාහ කළ අතර
අද මේ නාලිකා ඒ ගැන පවසන්නේ කුමක් ද?
චතුර පමුණුව
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, April 22, 2019
මේ ත්‍රස්ත භීතියට වගකිව යුත්තෝ කවරහුද.... ?
Posted by
lankanews
at
April 22, 2019
Labels: islamic attack, Moulvi Zahran Hashim, muslim agenda, Muslim extremist, National Tawheed Jamaath, pasku attack, rishad badurdeen
මේ ත්‍රස්ත භීතියට වගකිව යුත්තෝ කවරහුද.... ?
2019-04-22T09:38:00+02:00
lankanews
islamic attack|Moulvi Zahran Hashim|muslim agenda|Muslim extremist|National Tawheed Jamaath|pasku attack|rishad badurdeen|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
