ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 26, 2019

බදුර්දීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න - එස්. බී. දිසානායක

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ මුස්ලිම් අන්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව වහාම පරීක්‍ෂණ ආරම්භ කරන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව එස්. බී. දිසානායක  සඳහන් කළේය.
  මරාගෙන මැරුණු ත‍්‍රස්තවාදීන් ගැන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් බදුර්දීන් ගේ දේශපාලන පක්‍ෂයේ ක‍්‍රියාකාරීන් සහ සම්බන්ධීකරණ ලේකම්වරු ලෙස පත්කර තිබූ බව මේ වනවිට හෙළි වී ඇති බව ද ඊයේ (25 වැනිදා* පුංචි බොරැුල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී එස්. බී. දිසානායක මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

  මන්නාරමේ අක්කර තුන්දහසක් පමණ විශාල දූපතක් බදුර්දීන් ඇමැතිවරයා තමන්ගේ පවුලේ අයගේ නමින් ලබාගෙන ඇති බවත් ඒ සඳහා රු. මිලියන 240 ක පමණ මුදලක් වියදම් කිරීමට එරෙහිව මේ වනවිට අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් පැවැත් වූ පරීක්‍ෂණ අතරමඟ නතර වී ඇතැයි දිසානායක  පැවසීය. ඊට අමතරව ආර්. ඒ. එන්. නමැති කටාර් පදනමකින් මන්නාරම් නගරයේ මුස්ලිම් පල්ලියක් සෑදීම සඳහා ලබාදුන් රියාල් හය ලක්‍ෂ පනස් දාහක මුදලට සිදු වූ දේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පරීක්‍ෂණ ද නතර වී ඇති බවත් ඔහුගේ ළඟම මිතුරකුගේ මරණයක් සම්බන්ධයෙන් ද බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ පරීක්‍ෂණ අතර මඟ නතර වී ඇති බවත් හෙතෙම පැවසීය.

එම සියලූ පරීක්‍ෂණ සඳහා ඇසින් දුටු සාක්‍ෂි සහ කටඋත්තර ලබාදීමට මේ වනවිට පුද්ගලයන් ඉදිරිපත් වී ඇති බවත් කී එස්. බී. දිසානායක  සියලූ චෝදනා කඩිනමින් විභාග කර බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට රජය වහා පියවර ගත යුතු බව සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.