කොළඹ
සුපිරි හෝටල් තුනකට සහ දිවයිනේ ස්ථාන තුනක පිහිටි දේවස්ථාන තුනකට එල්ල වූ
මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරවලින් නැවත දැනුම් දෙන තුරු කොළඹ කොටස්
වෙළෙඳපොළේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත.
නියමිත
පරිදි අද (22) වෙළෙඳ කටයුතු ආරම්භ නොකළ කොළඹ කොටස් හුවමාරුව වෙළෙඳ කටයුතු
ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව නිවේදනය කළේය.
විනිමය සහ සුරැකුම්පත් කොමිසම සමඟ සාකච්ඡා කර කොළඹ කොටස් හුවමාරුව එම තීරණය ගෙන තිබිණි.
කොළඹ සිනමන් ග්රෑන්ඞ්, කිංග්ස්බරි සහ ෂැංග්රිලා යන හෝටල් තුනට, කොටහේන ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය, මීගමුව කටුවන ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරවලින් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
මීට අමතරව දෙහිවල ලැගුම්හළක සහ දෙමටගොඩ නිවසක පිපිරීම් තුනක් සිදුවිය. මෙම ප්රහාරවලින් විදේශිකයන් 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විනිමය සහ සුරැකුම්පත් කොමිසම සමඟ සාකච්ඡා කර කොළඹ කොටස් හුවමාරුව එම තීරණය ගෙන තිබිණි.