කොළඹ ෂැංග්‍රිිලා හෝටලයේදී මරාගෙන මැරෙන
ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඞ් නමැති බෝම්බකරු යුද හමුදාවෙන් ඉවතලන හිස්
පතුරම් කොපු කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා ලබාගෙන ඇති බව තොරතුරුවලින් හෙළිවී ඇත.
මෙම බෝම්බකරු කාර්මික සංවර්ධන මණ්ඩලයෙන්
හිස් පතුරම් කොපු ලබාගෙන ඇත්තේ කුඩා ව්‍යවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාගැනීමට
ඇති පහසුකම යටතේ බවද හෙළිවී ඇත.
මේ සඳහා ව්‍යවසායකයකු හැටියට කාර්මික
සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු අතර කොලෝසස් ප්‍රයිවට් ලිමිටඞ්, අංක
111/්6, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයෙන් 1611216 ලියාපදිංචි
අංකය යටතේ එම්.අයි. ඉන්සාෆ් අහමඞ් නමින් ඔහු මෙම මිලදී ගැනීම් කර ඇත.
වසර ගණනක් තිස්සේ රුපියල් කෝටි ගණනක්
වටිනා හිස් පතුරම් ඔහු මෙසේ මිලදීගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි
තමාට අයත් තඹ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා බව කියමිනි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට යොදාගත් බෝම්බ මෙම තඹ කම්හලේදී නිෂ්පාදනය කළ බවට ආරක්ෂක අංශ සැකකරයි.
ඉම්ෆාස් අහමඞ්ගේ පවුලේ සොයුරු සොයුරියන්
නව දෙනෙකු සිටින අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන් ග්රෑන්ඞ්
හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබු ඉල්හාම් අහමඞ්
ඉන්සාෆ් එක් සහෝදරයෙකි.
දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවෙසක් පරීක්ෂා කිරීමේදී පුපුරාගිය බෝම්බයෙන් ඉම්ෆාස් අහමඞ්ගේ බිරිඳ හා දරුවන් දෙදෙනා මියගියහ.
මෙම සිද්ධියෙන් පසුව පොලිසිය සිදුකළ
පරීක්ෂණයෙන් අනතුරුව මෙම තඹ කර්මාන්ත ශාලාව පරීක්ෂාවට ලක්කර එහි කළමනාකරු
ඇතුළු පුද්ගලයෝ නව දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.
ඉන්සාෆ් අහමඞ් මෙසේ දිගු කලක් කාර්මික
සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතුරම් කොපු තොග ගණනින් ලබාගෙන ඇති අතර එම
ප්‍රදානයන් සිදුව ඇත්තේ කුඩා ව්‍යාවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාදීමට නියමිත
ක්‍රමවේදයෙන් බැහැරව බවට විශ්වාසී ආරංචි මාර්ග සඳහන් කරයි.
කුඩා ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා මෙම
පහසුකම කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ලබාදී ඇති නමුත් සීමාව ඉක්මවා
මිලදීගැනීමට කර්මාන්තකරුවන් කීප දෙනකුට අවස්ථාව සැලැසී ඇතැයි එහි
ප්‍රකාශකයෙක් කීය.
ඉන්සාෆ් අහමඞ් නමැත්තා අවස්ථා ගණනාවකදී කාර්මික සංවර්ධන මණ්ඩලයට පැමිණ මිලදී ගැනීම් ක්‍රියාවලියට සම්බන්ධවී ඇති බව ඔහු කීය.
ඉන්සාෆ් අහමඞ්ට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මෙම පතුරම් මිලදීගැනීමට ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ අනුග්‍රහය ද ලැබී ඇති බවද කියති.
කාර්මික සංවර්ධන මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.