ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, April 24, 2019

අවධානය පිණිසයි ...!!!

පසුගිය ඉරිදා ප‍්‍රහාරයෙන් සසල වූ ශ‍්‍රී ලාංකික ජනතාව මේ වනවිට සිටින්නේ කොයි මොහොතක මීළඟ බෝම්බය පුපුරා යාවි දැයි සැකයෙනි. ඒ තරමට රටේ සමස්ත ජනතාව තුළ මරබිය යළිත් ඇති වී තිබේ. දස වසරක් තිස්සේ බියෙන් සැකෙන් තොරව ජීවත් වූ රටේ සමස්ත ජනතාව නැවතත් භීතියෙන් සන්ත‍්‍රාසයෙන් සලිත වී තිබේ.

 රජය පවසන අන්දමට මේ බෝම්බ ප‍්‍රහාර එල්ලකර ඇත්තේ තවුෆික් ජමාඞ් නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසිනි. මේ අන්තවාදී සංවිධානය සම්බන්ධයෙන් බොදු බල සේනා ඇතුළු විවිධ සංවිධානවලින් හෙළිදරව් කෙරුණේ 2014 වසරේ සිටය. ඉන්පසු මෑත කාලීනව මාවනැල්ලේ බුදුපිළිම කැඞීම, ඊට විරුද්ධව කටයුතු කළ කබීර් හෂීම් ඇමැතිවරයාගේ ලේකම්වරයා ඝාතන ප‍්‍රයත්නය, වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය හමුවීම ආදී සියලූ දේ සිදුකර තිබුණේ මේ අන්තවාදී සංවිධානය විසිනි. වනාතවිල්ලූව සිද්ධියට අත්අඩංගුවට පත් මුස්ලිම් තරුණයන් නිදහස් කරගන්නට මැදිහත් වී තිබුණේ ප‍්‍රබල දේශපාලනඥයන්ය. මෙවර මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගත්තේ එසේ නිදහස් කළ ඇතැම් තරුණයන්ය. ඒ අනුව බලන කල මේ සම්බන්ධයෙන් නිසි ලෙස පරීක්ෂණ පවත්වා නිසි අවධානයෙන් පසුවූයේ නම් මේ ප‍්‍රහාර වළක්වාගත හැකිව තිබිණි.




 අනෙක් අතට මේ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකානු හා ඉන්දීය බුද්ධි අංශ මඟින් ශ‍්‍රී ලංකාවේ බලධාරීන් දින ගණනාවකට පෙර දැනුවත් කර තිබේ. එසේම ඊට පෙර දිනයේත්, බෝම්බ ප‍්‍රහාරවලට විනාඩි කිහිපයකට පෙරත් එම බුද්ධි අංශ ශ‍්‍රී ලාංකික බලධාරීන්ට දැනුම්දී ඇතැයි ශ‍්‍රී ලංකා රජය ප‍්‍රකාශ කර තිබේ. මේ අනුව සිදුව ඇත්තේ ශ‍්‍රී ලංකා ආරක්ෂක බලධාරීන් නිසි පියවර නොගැනීමය. එක්කෝ මුස්ලිම් ඡුන්දවලට කෑදරකමෙන් දේශපාලන බලධාරීන් නිසි පියවර නොගැනීමය.
  ඇත්ත වශයෙන්ම අපේ රටේ මුස්ලිම් ප‍්‍රජාව භුක්ති විඳින ආකාරයේ නිදහසක් ලොව මුස්ලිම් රටවලවත් මුස්ලිම් ජනතාවට භුක්ති විඳින්නට නොහැකි බව අපගේ අදහසයි. කොළඹ ඇතුළු ප‍්‍රධාන නගරවල පොදු ස්ථානයකට ගිය ද රෝහලකට ගිය ද කොළඹ ගාලූ මුවදොර, නුවරඑළිය වැනි විවේක ස්ථානයකට ගිය ද එම ස්ථාන පිරී ඇත්තේ මුස්ලිම් ජනතාවගෙනි. ඒ කිසිදු ස්ථානයකදී සිංහල ජනතාවගෙන් කිසිම හිරිහැරයක් මේ අයට සිදු නොවේ. ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් වුව ද මුස්ලිම් ජනතාවගේ ආගමික වත්පිළිවෙත්වලට කිසිදු බාධාවක් සිංහල ජනතාවගෙන් එල්ල නොවීය.කරුණු එසේ තිබියදී මේ රටේ අහිංසක ජනතාව මරාගෙන මැරෙන්නට තරම් වෛරයක් සාමාන්‍ය මුස්ලිම් ජනතව තුළ ඇතැයි අපි කිසිවිට විශ්වාස කරන්නේ නැත. එම නිසා මෙය ත‍්‍රස්තවාදය මිස වෙනත් කිසිවක් නොවන බව අපගේ විශ්වාසයයි. එම නිසා ඒ උමතු ත‍්‍රස්තවාදය අවි බලයෙන් විනාශ කළ යුතු බව එදා මෙන්ම අදත් අපගේ අදහසයි. එම ත‍්‍රස්තවාදය තුරන් කර රටේ සියලූම ජාතීන්ට අයත් ජනතාවට සතුටින් සමගියෙන් එකට ජීවත් විය හැකි රටක් ඇති කිරීම මේ මොහොතේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලූ දේශපාලනඥයන්ගේ වගකීම බව අපි අවධාරණය කරමු.

 මේ අන්තවාදී මුස්ලිම් සංවිධානවලට ජාත්‍යන්තරව ආධාර ලොව විවිධ රටවලින් ලැබෙන බව හෙළි වී තිබේ. එම රටවලින් මෙරට මුස්ලිම් පාසල්, විශ්වවිද්‍යාල ආදී විවිධ කාරණා සඳහා ඍජුව ආධාර ලබාදීම සිදුවේ. එසේ ලැබෙන ආධාරවලින් කොටසක් අන්තවාදී සංවිධානවලට ද ලැබෙන බව පැවසේ. එම නිසා වහාම මේ ක‍්‍රමවේදය නතර කළ යුතුව තිබේ. මින් ඉදිරියට ශ‍්‍රී ලංකාවට ආධාර ලබාදෙන්නේ නම් එය ශ‍්‍රී ලංකා මහා බැංකුව මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා හෝ විශ්වවිද්‍යාලයකට නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා හෝ වෙනත් කරුණකට නම් ඊට අදාළ අමාත්‍යාංශය හරහා කළ යුතු බවට ආණ්ඩුව නව නීති ගෙන ආ යුතුය.

 එසේම මේ තරම් විනාශයක් සිදුකළ තවුෆික් ජමාඞ් නමැති සංවිධානය ශ‍්‍රී ලංකා රජය විසින් තවමත් තහනම් සංවිධානයක් ලෙස නම් කර නොමැත. වහාම එම සංවිධානය තහනම් කරන ලෙස අපි රජයට බලකර සිටිමු. එයින් නොනැවතී වහාම එම සංවිධානය තහනම් කරන ලෙසටත් ඊට සහාය දක්වන සංවිධානවල බැංකු ගිණුම් හා දේපළ තහනම් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලොව අනෙකුත් රටවලින් ඉල්ලීම් කරන ලෙසටත් අපි රජයට බලකර සිටිමු. රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ද එල්. ටී. ටී. ඊ. ප‍්‍රශ්නය මෙන් දීර්ඝ කාලීනව මේ ප‍්‍රශ්නය ඇදගෙන නොගොස් වහාම දැඩි තීරණ ගෙන සියලූ පාර්ශ්ව එක්කරගෙන මේ ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ද අපි අවධාරණය කරන්නෙමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.