ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, April 28, 2019

ඉස්ලාමීය ත‍්‍රස්ත භීෂණය මැද්දේ ඇමරිකාව ගොඩ බසී ....!!!

නැවතත් භීතිය ගෙමිදුලටම පැමිණ තිබේ. අතීත මතකය හොල්මන් කරමින් පවුලේ සැම එකට ගමන් බිමන් නොයන්නට ශ‍්‍රී ලාංකේයයා තීන්දු කර තිබේ. දුම්රිය හා බස්වල පාර්සල් ගෙන යෑම තහනම් ව තිබේ. දේශපාලකයන්ගේ කතා බහ වෙනුවට බෝම්බ පුවත් බැලීමට රූපවාහිනිය සක‍්‍රීය කරනු ලැබ තිබේ. එකිනෙකාට බැන ගන්නා ඊළඟ මැතිවරණ උණුසුම් පුවත එනතුරු බලා සිටි ලාංකේයයාට වසර 10 කට පෙර මතකය යළි අවදිව තිබේ. හදිසි නීතිය, ඇඳිරි නීතිය ආදි ශබ්දකෝෂයේ නොපෙරළුණු වචන මුල් පිටකවරයටම පැමිණ තිබේ. අහිංසක වන්දනාවකටවත් නොයා සිටීමට තරම් ලාංකේයයා ත‍්‍රස්ත වී තිබේ.
  සාකච්ඡුා කරමින් සිටියේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන එක ගැනය. නැතහොත් විසිවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනය. නැතහොත් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම ගැනය. මේ සියලූ යෝජනාවන් මගින් උතුර ද නැෙඟනහිර ද ඇතුළු පළාත් නවයක්් පිහිටුවා දේශය දුර්වල කිරීමේ කුමන්ත‍්‍රණය හා එමගින් විදේශීය රාජ්‍යයන්ට හා සංවිධානවලට ගිල දැමීමට පහසු වනු සඳහා රට කුඩා ගොදුරු ගුලි තනාදීම පිළිබඳවය.

එහෙත් යථාව පෙන්වූ විට හැමදාම බොහෝ දෙනා සංවේදී වූයේ යථාව පෙන් වූ අයගේ පැටිකිරිය ගැන ය. අපි හඳ පෙන්වූ විට ඇඟිල්ල දෙස බැලූ ජාතියක් ව සිටිමු. ත‍්‍රස්ත ක‍්‍රියා හා ආගමික අන්තවාදය පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීමේ ප‍්‍රතිඵලය වූයේ එකී තොරතුරු අධ්‍යයනය කිරීම නොව තොරතුරු සපයන්නා කුදලාගෙන ගොස් දඟ ගෙයි ලෑමය. නැතහොත් කියපු එකාගේ සද්දෙ හොඳ නැතැයි කීම ය. දැන් දැන් පරණ කතා බුකියේ ඩෙස්ක්ටොප් එකේ ම ප්ලේ වනු දකින විට ඇති වන හැඟීම විස්තර කළ නොහැක. අරය ඕක කලින් ම කීවා නේ කිය කියා ලජ්ජා නැති උන් ද මතුරනු පෙනේ.

 
 දෘශ්‍යමාන පඹයා වෙනුවට සැබෑ බිල්ලා හඳුනාගැනීම සඳහා මේ සිද්ධිය ආනුෂංගික වෙනත් සිදුවීම් සමග දැන් ගළපාගත යුතු ව ඇත. ඇතෙමකුට පහත පෙනෙන මේ ගළපා ගැනීම මනෝරාජික කල්පිතයක් යැයි සිතෙනු හැකි ය. එහෙත් මේ කරුණ සලකා බලනු වටී. මිලේනියන් චැලේජ් කෝපරේෂන් නම් වූ ඇමෙරිකා මූල සංවිධානය විසින් ශ‍්‍රී ලංකාව සහිත ආසියාතික රටවල් තමාට නතු කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් දියත් කරනු ලැබ තිබේ. චීනය ආසියාවේ බලය මිල දී ගනිමින් සිටීම අමෙරිකාවෙහි දැඩි අවධානයට යොමු ව තිබේ. අමෙරිකානු නිරීක්ෂණයන්ට අනුව දක්ෂිණධ‍්‍රැවයේ පාලනය-විශේෂයෙන් සාගර පාලනය, ලෝකය ආණ්ඩු මේච්චල් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන්නේය. අපට පෙනෙන විදියට ඇමෙරිකාව රටක් වුවද අමෙරිකාවට අමෙරිකාව පෙනෙන්නේ තමා ලෝකයේ රාලහාමි වශයෙනි. නැතහොත් මහමුදලි වශයෙනි. ඒ අනුව සාගර බලය අත්පත් කර නොගෙන ලෝකය හීලෑ කිරීමට අමෙරිකාවට නොහැකිය. එසේ කිරීමට නම් උත්තර ධ‍්‍රැවයේ සිට පහළ බලද්දී (ගෝලාකාර වස්තුවක උඩ සහ යට වශයෙන් බෙදීම ද අශාස්ත‍්‍රීය වන අතර එහෙයින් ම අපට පෙන්වන ලෝක සිතියම ද වැරදි ය.) යටම ඇති රටේ බලය අල්ලා ගත යුතුය.
ජාතියට හා දේශයට මහත් වූ ඇල්මෙන් ද්‍රෝහීන් වැනසීමේ යෙදුණවුන්ට අවසානයේ දී සිදුවූයේ වනසන්නාට වැනසීම එක් කිරීමය. කොටින් කිවහොත් සිදුවූයේ වෛරසය නිදහස් කොට දොස්තර අත්අඩංගුවට ගැනීමය. මේ ඓතිහාසික වරද ඕනෑ නම් නැවත නොකර සිටිය හැකි වේ. එහෙත් නැවතත් එම වරද නොකරාවිය යන්න පිළිබඳ විශ්වාසයක් ජනතාවට නැත. ඊට හේතුව ආණ්ඩුව හැසිරෙන ආකාරය අනුව පෙනෙන්නේ රට පිළිබඳ වගකීම සමච්චලයට හා සෙල්ලමට ගෙන අදූරදර්ශී හැසිරීමක නියුතු වන බව ය.

දර්ගා නගරයේ සිට දිගන හරහා වනාතවිල්ලූවටත් කටුවාපිටියේ සිට කොච්ච්කඬේ, දෙහිවල හරහා දෙමටගොඩටත් ගිය දිග ගමන හා ඊට දැක්වූ ප‍්‍රතිචාර කොයිතරම් අමනෝඥ හා අදූරදර්ශී ද යැයි නැවතත් සොයා බැලිය යුතුය. දර්ගා නගරයේ සිදුවීම කළමනාකරණය කරන්නට එදා ආණ්ඩුවට හැකි වූයේ නැත. ගෙදර එකාට වේවැලෙන් ගසා පහර කෑ එකාට ඔළුව අතා ගෑ සුරතල් තාත්තලා දූරදර්ශී පාලකයෝ නොවෙති. දිගන සිදුවීමේ දිග පළල දකිනු වෙනුවට අත්අඩංගුවට ගත්තවුන් ජාතීන් අනුව බෙදා එකිනෙකට වෙනස් අණපනත් යටතේ රිමාන්ඞ් ගත කළා මිස ඔවුන් වරද අනුව දඬුවම් කළේ නැත. ඒ අනුව වරද වර්ගවාදී වූවා සේ ම දඬුවම ද ආණ්ඩුව දුන්නේ වර්ගවාදීවමය. එය වරදට දඬුවමක් නොවී වර්ගයට දඬුවමක් විය. වනාතවිල්ලූවේ දී සිද්ධිය හාත්පසින් වෙනස් විය. බෝම්බ ද සහිතව අත්අඩංගුවට පත් සැකකරුවන් පිළිබඳව හෝ එකී සිද්ධි පිළිබඳ ප‍්‍රමාණාත්මක ප‍්‍රතිචාරයක් දැක් වූ බවක් පෙනෙන්ට නැත. ඊට ද ළදරු ප‍්‍රතිචාර දැක් වූ ආණ්ඩුව මොන්ටිසෝරි දඬුවමක් දී වරදකරුවන් නිදහස් කළේ කාගේ උවමනාවටදැයි නොදනිමි. සති දෙකකින් එළිදැක්විය යුතු යැයි නියෝග කොට ඇති කටුවපිටිය, කොච්චිකඬේ, මඩකලපුව, දෙහිවල, දෙමටගොඩ හා කිංග්ස්බරි, ෂැන්ග‍්‍රිලා ප‍්‍රහාර පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාව මේ පිළිබඳවද අවධානය යොමු කළ යුතුව ඇත.

 රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනු ලැබ තිබේ. එය සුවිසල් ජනතා ජයග‍්‍රහණයකි. ජනතාව ඉල්ලා සිටියේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අරුණලූය. දැන් එය ඕනෑ තරම් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහවහා ගොස් තිබෙණු දකින අපි ඒ පිළිබඳ ප‍්‍රීති ප‍්‍රමෝදයට පත් ව සිටිමු. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් හමුදාපතිට බලතල නැත. ( දිගන දී නම් එතුමා කිව්වේ අර කොල්ලාට වැඩිකල් නටන්ඩ දෙන්නේ නැත කියාය.) පොලිස්පතිට වැඩක් නැත. ආරක්‍ෂක මණ්ඩලයට සමහරු අවශ්‍ය නැත. කැඳෙව්වා නම් මීට වඩා යමක් කෙරෙන්නේත් නැත. බුද්ධි කියා අංශයක් තිබී ඇත. මෙතක් කල් හෝටල්වලට ආරක්‍ෂාව සැපයීම වරදක් වී ඇත්තා සේ ය. අත්අඩංගුවට ගන්නේ කවුද? උන්ට කරන්නේ මොනවාද කියා එන්.ජී. ඕ.කාරයන්ට කිව යුතුව ඇත. උන් කියන තොරතුරු අර සම්ම්ත වූ පනත යටතේ ප‍්‍රසිද්ධ කළ යුතු වනු ඇත. සියලූ වැරදිකරුවන්ගේ මානව අයිතීන් අප විසින් රැකිය යුතුව ඇත. නැතහොත් ආයිමත් ජිනීවා කේස් වනු ඇත. අපේ උන් දැනටමත් ඊට සම අනුග‍්‍රාහකත්වය දැක්වීමට දත මැද ගෙන ඇතිවාට සැක නැත. ඕවාට මැදිහත් වී දරුපවුල් අනාථකර නොගැනීමට ඇතැම් සෙබළෙක් තීරණය කර ගතහොත් එය වරදක් විය හැකිද? ත‍්‍රස්තවාදීන් රැකීමට එසවෙන අත් තමා රැක ගැනීමට ද එස වේ යැයි සෙබළුන්ට විශ්වාසයක් ආණ්ඩුව ගොඩනඟා ඇත්ද? එබඳු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අපි තලූමර මරා භුක්ති විඳිමු.


චීනයට තරඟයක් දිය හැක්කේ එසේ කිරීමෙන් පමණි. නැෙඟනහිර ලෝකයේ බලයවත් නැෙඟනහිර ලෝකයේ රටකට අත්පත් වනු දැකීමට බටහිර ලෝකයේ රටකට හිත් නොදෙයි. ඒ හෙයින් එම්.සී.සී. හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයට පැවරී ඇත්තේ ආසියාවේ ඇමෙරිකානු බලය ස්ථාපිත කිරීමටය. ප‍්‍රයෝරිටි ටු ඒසියා යන දැක්ම යටතේ ක‍්‍රියාත්මක වන ඉහත සැලසුමට අනුව ලංකාවේ චීන බලය සහිත හම්බන්තොට වරාය එසේ තිබිය දී කොළඹ හා ත‍්‍රිකුණාමල වරාය තමාට නතු කර ගැනීමට අමෙරිකාව සිතයි. ඒ සඳහා එම්.සී.සී. ඉලක්කය වන්නේ කොළඹ වරායේ සිට ත‍්‍රිකුණාමලය වරාය දක්වා අක්කර ලක්ෂ 21 ක් අමෙරිකාව සතු කර දීමටය. කොළඹ වරායත් ත‍්‍රිකුණාමලය වරායත් යා කරමින් ආර්ථික කොරිඩෝවක් (සැබැවින්ම මිලිටරි කොරිඩෝවක්) ඉදි කිරීම වැඩ පිළිවෙළයි. දැනට යෝජනා වී ඇති පරිදි ඇමෙරිකාව විසින් මෙම ලක්ෂ 21 ක් අක්කර ප‍්‍රමාණයේ එක් අක්කරයක තක්සේරු මිල රු. 24 කි. එනම් බනිස් ගෙඩියකට වඩා අඩු වටිනාකමකි. මේ සා විශාල පාවාදීමක් කරන්නට ආණ්ඩුවකට හැකි දැයි කෙනකුට ප‍්‍රශ්න කළ හැකි වනු ඇත. එසේ කළ නොහැකි යැයි මට නම් නොසිතේ.

 ඉහත යෝජනාව ක‍්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනෙන්නේ රජයේ ඉඩම්ය. මේ වන විටත් රජයේ ඉඩම් පාලනය කෙරෙන්නේ රජය සතු ඒ ඒ අමාත්‍යංශ හා ආයතන මගිනි. එහෙයින් එකී ඉඩම් පවරා ගැනීම සඳහා පහසුවන ආයතනයක් පළමුව පිහිටු විය යුතුව ඇත. රාජ්‍ය ඉඩම් බැංකුව යෝජනා කෙරෙන්නේ මේ අනුවය. රාජ්‍ය ඉඩම් බැංකුව සක‍්‍රීය වූ දිනෙක සියලූ රාජ්‍ය ඉඩම් මෙම ඉඩම් බැංකුව සතු වනු ඇත. ඒ අනුව පාසල්, රෝහල්, මංමාවත්, දුම්රිය, පළාත් පාලන ආයතන ඇතුළු මධ්‍යම ආණ්ඩුවට හා පළාත් පාලන ආයතනවලට හිමි සියලූ ඉඩම්, එම ඉඩම් බැංකුවේ රෙගුලාසීන්ට යටත්වනු ඇත. මෙලෙස ඉඩම් බැංකුව ස්ථාපිත වන අතරතුර දී විදේශිකයකුට ඉඩම් අත්පත් කරගැනීම පිළිබඳ දැනට ශ‍්‍රී ලංකාවේ පවත්නා නීතිය සංශෝනය වනු ඇත. එකී නිතීය සංශෝධනයෙන් පසු විදේශිකයකුට ඕනෑම ඉඩමක් මිල දී ගැනීමට පහසුවනු ඇත. එම ඉඩම් ප‍්‍රමාණය සීමා රහිත වනු ඇත. ඉඩමක මූල්‍ය වටිනාකම ගැනුම්කරුගේ තීන්දුවට යටත්වනු ඇත. ඉඩමක් බදු ගන්නේ අනූ නව අවුරුදු බදු වෙනුවට නම් එය වසර 200 ක බද්දක් දක්වා දීර්ඝ කර ගත හැකි වනු ඇත.

 මෙහි දී මීට එරෙහි වන ස්වදේශිකයා පාලනය කිරීමට අවශ්‍ය වන්නේය. ඒ සඳහා අණපනත් දැන්ම සකසා තැබීම අත්‍යවශ්‍ය වන්නේය. ප‍්‍රතිත‍්‍රස්ත පනත ගෙන එන්නේ එකී අරමුණ ඇතිවය. එකී පනත සම්මත වූවාට පසු මෙකී ඉඩම් පනත හා ආර්ථික කොරිඩෝ සැලසුම්වලට එරෙහි වන සියලූ ස්වදේශිකයන් අත්අඩංගුවට ගත හැකි වනු ඇත. ඒ අනුව සැලසුම සපුරා නිමවීමේ දී රාජ්‍ය අධිකරණය විසින් පුරවැසියන්ට එරෙහිව දෙන දඬුවම් නියෝග රාජ්‍ය ආරක්ෂක හමුදා විසින් ක‍්‍රියාත්මක කරනු ඇත. ඉතා පැහැදිලිව කිවහොත් ස්වදේශීය පාලනය මගින් ස්වදේශීය අධිකරණයක් හරහා ස්වදේශීය හමුදාවක් භාවිතකොට ගෙන ස්වදේශීය ජනතාව යටපත් කරවා අමෙරිකාව විසින් ස්වදේශීය ඉඩම් අක්කර ලක්ෂ 21 ක් ඔවුන් සතු කර ගනු ඇත. ඒ සඳහා අමෙරිකාව විසින් අපගේ ස්වදේශීය පක්ෂ දේශපාලන විරසකය මැනවින් කළමනාකරණය කරනු ඇත.

 මේ අතරවාරයේ ත‍්‍රිකුණාමලයට දුරින් ජාත්‍යන්තර මුහුදු තීරයේ රඳවා ඇති අමෙරිකානු යුද නෞකාව පිළිබඳව ද අපගේ අවධානය යොමු විය යුතුව ඇත. සෙබළුන් 6000 කට නවාතැන් පහසුකම් සහිත සහ යුද ගුවන් යානා සියයක් නවතා තැබිය හැකි මේ මහා නෞකාව ත‍්‍රිකුණාමලයට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේ නවතා තබා ඇත්තේ කවර කරුණක් අරබයා ද? ආසියානු බලසම තුලනය හා බලසම ව්‍යාප්තිය අරමුණු කර නොගන්නේ නම් මෙම නෞකාවක් නඩත්තු කිරීමෙන් ඇති ඵලය කුමක් ද?

 ඉහත කී එම්.සී.සී. ක‍්‍රියාන්විතය සඳහා අමෙරිකාව හෝ අමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් වෙනත් සාම හෝ හමුදාවක් දිවයිනට බැසීමට නම් ඒ සඳහා සාධාරණ හෝ යුක්ති සහගතභාවයක් දිවයින අභ්‍යන්තරයේ නිර්මාණය වී තිබිය යුතුය. අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් තමාට නතුකර ගැනීම සඳහා එම රටවලට ගොඩ බැසීමට පෙර ඒ සඳහා වන පසුබිම් ගැටලූ නිර්මාණය කරගැනීම ම උපාය මාර්ගයේ එක් කොටසකි. රටක අභ්‍යන්තර සිවිල් ගැටුම්වල දී ජාත්‍යන්තර අත පෙවීම සඳහා ඉඩක් ලැබෙන්නේ නැත. ඒ සඳහා ඉඩක් ලැබෙන්නේ ජන පීඩිත රාජ්‍යක් තිබීම හෝ සමූල ඝාතනයන් සිදුවීම හෝ ප‍්‍රමාණාතික‍්‍රාන්ත උපද්‍රවයන් තිබීම, ජාත්‍යන්තර ගැටුම් තිබීම වැනි අවස්ථාවල දී පමණි. ලිබියාට පහර දෙන්නේ මෙලෙස මවන ලද ගැටුමකට පිළියමක් වශයෙනි. ප‍්‍රජාත‍්‍රන්ත‍්‍ර විරෝධි ජනඝාතකයකු ලෙස නම් කළ ගඩාෆි පරාජය කිරීමේ හා එමගින් ජනතාවට ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදය ලබාදීමේ උදාර අරමුණේ ප‍්‍රකාශනය මත ලිබියාව විනාශ කරනු ලැබ තිබේ. ලෝකයේ සම්පත් බහුල ධනවත් රාජ්‍යයක් දිළිඳු රටක් බවට පත් කරනු ලැබූයේ මේ කොල්ලකාරී සැලසුමට අනුවය. තෙල් සොරකම් කිරීමේ යටි අරමුණ ඇතව බටහිර රටවල් ඉරාකයට කඩා වදින්නේ පරමාණු අවි ඇතැයි යන චෝදනාව ඉදිරිපත් කරමිනි. ඇෆ්ගනිස්තානය තමාට නතු කරගන්නේ ඔෂාමා බිල්ලාඩන් එහි සැඟව ඇති නිසාවෙනි.

 එබඳු බොහෝ ක‍්‍රියාකාරකම්වලට එකී රටවලම ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හෙවත් බටහිර හිතවාදීන් උපරිම අනුග‍්‍රාහක සහාය දක්වා ඇති බව ද මෙහි ලා සිහි තබා ගත යුතය. මේ සියලූ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට පෙර තමාට ගැතිකම් දක්වන සුවච කීකරු පාලනයක් පිහිටුවා ගැනීම පළමු කාර්යය සේ සලකා කටයුතු කිරීමත් එබඳු පාලනයක් වැටෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමත් පිළිබඳ වගකීම තනාපතිවරුන් හරහා සිදුකර ගැනීමට ද බටහිර බලධාරීහු ප‍්‍රවේශම් වෙති. මේ සියලූ ආක‍්‍රමණ බටහිර සිට නැඟනහිරට මිස බටහිර සිට බටහිරට හෝ නැෙඟනහිර සිට බටහිරට හෝ සිදු නොවන බව ද මෙහි දී වටහා ගත යුතුව ඇත.

 ඉහත නියමයන්ට අනුව එම්.සී.සී. ක‍්‍රියාන්විතය සඳහා ශ‍්‍රී ලංකාවට ගොඩ බැසීමට පහසම උපක‍්‍රමය වන්නේ අමෙරිකානු විරෝධී වූ ද ජාත්‍යන්තර වූ ද ත‍්‍රස්ත සංවිධානයක් මගින් රට තුළ ජන ඝාතනයක් සිදු කිරීම ය. ඊට සුදුසුකම් සහිත ආසන්නතම වාර්ගිකත්වය හා ත‍්‍රස්ත තත්ත්වය භාවිතයට ගත යුතුය. මේ වනවිට සිදුව ඇති ත‍්‍රස්ත‍්‍ර ක‍්‍රියා පෙළ ගැසී ඇත්තේ ද ඉදිරියට ත‍්‍රස්ත ක‍්‍රියා පෙළ ගැසීමට නියමිතව ඇත්තේ ද ඉහත කී එම්.සී.සී. ක‍්‍රියාන්විතයට අදාළ නේටෝ හෝ අමෙරිකානු සාම සාධක හෝ හමුදා ගොඩබැස්ස වීම සඳහා වන විෂය මූල මනෝමූල තත්ත්වයන් ගොඩ ගැනීම සඳහා ය. සඳ පෙන්වද්දී ඇඟිල්ල දෙස නොබැලිය යුතුය. බෙදුම්වාදී පඹයාට නොරැවටී ආක‍්‍රමණයේ බිල්ලා හඳුනාගත යුත්තේ ද ෆෙඩරල් ඇම නොව රට නම් වූ ගොදුර බේරාගත යුත්තේ ද මේ අනුව වටහා ගැනීමෙනි.

 ආණ්ඩුව කරවන ඇත්තන් බොහෝ දෙනා නියෝජනය කරන ක‍්‍රිස්තියානි හා මුස්ලිම් කිසිවකු මේ ත‍්‍රස්ත ක‍්‍රියාවලින් මිය ගොස් නොමැති බව ද අවධානයට ගත යුතුව ඇත. අවසානයේ දී අමෙරිකාව මෙහි බසිනු ඇත. ඉන්ටර්පෝල් අද එන බව ආරක්‍ෂක ලේකම්තුමාම කියනු දිටිමි. ඔවුන් ආර්ථික කොරිඩෝව අත්පත් කර ගනු ඇත. කලක් ගත වීමේ දී උපන් බිමේ උරුමක්කාරයන් තම අයිතීන් ඉල්ලා උද්ඝෝෂණ කරනු ඇත. ඒ පිළිබඳ එවකට සිටින ආණ්ඩුව විසින් සානුකම්පිතව සලකා බලා බහුතරයක් වන දේශීය ජනතාවට නිශ්චිත සහන රැසක් ලබා දෙනු ඇත. ඒ යටතේ දේශීය ජනතාවට ප‍්‍රමාණවත් නිත්‍ය මාසික දීමනාවක් ලබා දෙනු ඇත. දේශීය ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය හා සෞඛ්‍යය නොමිලේ ලබා දෙනු ඇත. දෙනු ලබන අධ්‍යාපනය හා බෙහෙත් ඔවුන් විසින් තීරණය කරනු ඇත. සියවසක් ගත වීමට පෙර දීම දේශීය ජනතාව නම් වූ වධයෙන් ඔවුනට මිදීමට හැකි වනු ඇත. එතෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විඳිමු.

 පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.