ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 26, 2019

රට යන අත,ප‍්‍රමාදය, පසුතැවීමට නොව විනාශයට හේතුවකි ....!!!

දස වසරක් තිස්සේ සාමකාමීව තිබු රට යළිත් ගිනිගෙන තිබේ. කවර මොහොතක බෝම්බයක් පුපුරායාවි දැයි බියෙන් ජනතාව දවස පුරා බියෙන් පසුවෙති. උදේට දකින තම ආදරණීයයන් යළිත් සවසට දකින්නට වේදැයි බියෙන් ගත කරන්නට ජනතාවට සිදුව තිබේ. කොටින්ම කිවහොත් රටම මේ වන විට නතර වී තිබේ.
  කොළඹ හා අනෙකුත් ප‍්‍රදේශවල පුපුරා ගිය බෝම්බ නිසා මේ වන විට මියගිය බවට නිල වශයෙන් ප‍්‍රකාශවී ඇත්තේ තුන්සිය ගණනක් වුවද බෝම්බ ප‍්‍රහාරවල බරපතලකම සලකන විට සැබෑ ලෙස මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකිය.


  තවුහිද් ජමාත් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි
  රජය පවසන අන්දමට මේ බෝම්බ ප‍්‍රහාර එල්ලකර ඇත්තේ තවුහිඞ් ජමාද් නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසිනි. එසේම මේ තරම් විනාශයක් සිදුවී දින පහක් ගතවී ඇතත් එය සිදු කළ තවුහිඞ් ජමාද් සංවිධානය ශ‍්‍රී ලංකා රජය විසින් තවමත් තහනම් සංවිධානයක් ලෙස නම් කර නොමැත. එම සංවිධානය වහාම තහනම් කර එම සංවිධානයේත් ඊට සහය දක්වන සංවිධානවලත් බැංකු ගිණුම් හා දේපල තහනම් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලොව අනෙකුත් රටවලින් ඉල්ලීම් කළ යුතුව තිබේ.
  මේ අන්තවාදී සංවිධානය සම්බන්ධයෙන් බොදු බල සේනා ඇතුළු විවිධ සංවිධානවලින් හෙළිදරව් කෙරුණේ 2014 වසරේ සිටය. එම හෙළිදරව්ව සිදුකළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට විවිධ චෝදනා මත සිරගත කර තිබේ.
  ත‍්‍රස්තවාදීන් නිදහස් කළ හැටි
  එසේම මෑතකාලීනව මාවනැල්ලේ බුදුපිළිම කැඞීම, ඊට විරුද්ධව කටයුතු කළ කබීර් හෂීම් ඇමතිවරයාගේ ලේකම්වරයා ඝාතන ප‍්‍රයත්නය, වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය හමුවීම ආදී සියලූ දේ සිදු කර තිබුණේ් මේ අන්තවාදී සංවිධානය විසිනි. වනාතවිල්ලූව සිද්ධියට අත්අඩංගුවට පත් මුස්ලිම් තරුණයන් නිදහස් කරගන්නට මැදිහත් වී තිබුණේ ප‍්‍රබල දේශපාලනඥයින්ය. මෙවර මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගත්තේ එසේ නිදහස් කළ ඇතැම් තරුණයන්ය. මෙම පිරිස එලෙස නිදහස් නොකළේ නම් මේ ප‍්‍රහාර වළක්වා ගත හැකිව තිබිණි. මාවනැල්ලේ බුදු පිළිම කැඞීම ගැන ආණ්ඩුවේ මරික්කාර් මන්ත‍්‍රීවරයා කිව්වේ එය මානසික රෝගීන්ගේ ක‍්‍රියා බවය. මේ සංවිධානය ගැන ආණ්ඩුවේම මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කරන විට මුජිබර් රහුමාන්ලා ඔවුන්ට ගැරහූහ.
  කෙසේ වෙතත් මෙම සංවිධානයේ සාමාජිකයන් 130 ක් සිටින බවත් ඔවුන් සියල්ල මරාගෙන මැරෙන බෝම්බකරුවන් වීමට ඉඩ ඇති බවත් ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ. එයින් තිස් නව දෙනකු හඳුනාගෙන තිබේ. මේ වන විට බෝම්බ ප‍්‍රහාරවලින් මියගිය හා අත්අඩංගුවට පත් පිරිස්වලට අමතරව තවත් එකසිය දහදෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට තිබේ. මේ පිරිස අත්අඩංගුවට ගන්නා තුරු රට අනාරක්ෂිතය.
 

 ඉන්දීය බුද්ධි අංශවල දැනුම් දීම -

 අනෙක් අතට මේ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ මගින් ශී‍්‍ර ලංකාවේ බලධාරීන් පසුගිය අපේ‍්‍රල් 4 වැනිදා සිට අවස්ථා තුනකදී දැනුවත් කර තිබේ. එසේම ඊට පෙර දිනයේත්, බෝම්බ ප‍්‍රහාරවලට විනාඩි කීපයකට පෙරත් එම බුද්ධි අංශ ශ‍්‍රී ලාංකික බලධාරීන්ට දැනුම් දී ඇතැයි ශ‍්‍රී ලංකා රජය ද ප‍්‍රකාශ කර තිබේ. මේ අනුව සිදුව ඇත්තේ ශ‍්‍රී ලංකා ආරක්ෂක බලධාරීන් නිසි පියවර නොගැනීමය. එසේ නොමැතිනම් වගකිවයුතු පාර්ශ්ව විසින් ඒ සඳහා ආරක්ෂක අංශ මෙහෙයවා නොමැතිවීමය. එසේත් නැතිනම් මුස්ලිම් ඡුන්දවලට කෑදරකමෙන් දේශපාලන බලධාරීන් නිසි පියවර නොගැනීමය.

 අනෙක් අතට මේ ප‍්‍රහාරවලට විදේශ සම්බන්ධතා ඇති බව පැහැදිලිව පෙනේ. එසේම අදාළ ත‍්‍රස්ත සංවිධානයට කටාර් රාජ්‍යයට සම්බන්ධතා ඇති බව මේ වන විට හෙළිවී තිබේ. එසේම කිසියම් හෝ වෙනත් රටක් මේ ප‍්‍රශ්නය උපයෝගී කරගෙන මෙරටට විදේශ හමුදාවක් එවීමට උත්සහ දරන බවටද විවිධ ආරංචි පැතිර යයි. මේ වන විටත් ඇතැම් විදේශීය ආරක්ෂක අංශ මෙරටට පැමිණ තිබේ.

 ඇත්ත වශයෙන්ම අපේ රටේ මුස්ලිම් ප‍්‍රජාව භුක්ති විඳින ආකාරයේ නිදහසක් ලොව මුස්ලිම් රටවලවත් මුස්ලිම් ජනතාවට භුක්ති විඳින්නට නොහැක. කොළඹ ඇතුළු ප‍්‍රධාන නගරවල පොදු ස්ථානයකට ගියද, රෝහලකට ගියද, කොළඹ ගාලූ මුවදොර, නුවරඑළිය වැනි විවේක ස්ථානයකට ගිය ද එම ස්ථාන මුස්ලිම් ජනතාවගෙන් පිරී තිබේ. ඒ කිසිදු ස්ථානයකදී සිංහල ජනතාවගෙන් කිසිම හිරිහැරයක් මේ අයට සිදු නොවේ.

 ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් වුවද බෞද්ධ සිරිත්වලට පටහැනි මුස්ලිම් ජනතාවගේ ආගමික වත් පිළිවෙත්වලට පවා කිසිදු බාධාවක් සිංහල ජනතාවගෙන් එල්ල නොවීය. දිනපතා වරින්වර ආගම හඬ නගා අදහන මුස්ලිම් පල්ලිවලට පවා සිංහල ජනතාවගෙන් බාධා ඇති නොවීය. එසේ තිබියදී මේ රටේ අහිංසක ජනතාව මරාගෙන මැරෙන්නට තරම් වෛරයක් මුස්ලිම් ජනතාව තුළ ඇතිවීම පුදුම සහගතය. එසේම සාමාන්‍ය මුස්ලිම් ජනතාව මේ ප‍්‍රහාර අනුමත නොකරන බව අපගේ විශ්වාසයයි.

 එම නිසා මෙය ත‍්‍රස්තවාදය මිස වෙනත් කිසිවක් නොවේ. එම නිසා ඒ උමතු ත‍්‍රස්තවාදය එල්.ටී.ටී.ඊ.ය අවි බලයෙන් විනාශ කළ ආකාරයෙන්ම විනාශ කළ යුතුව තිබේ.

 එම ත‍්‍රස්තවාදය තුරන් කර රටේ සියලූම ජාතීන්ට අයත් ජනතාවට සතුටින් සමගියෙන් එකට ජීවත් විය හැකි රටක් ඇතිකිරීම මේ මොහොතේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලූ දේශපාලනඥයන්ගේ වගකීමය. ඒ සඳහා සියලූ දේශපාලන පක්ෂ එක්විය යුතුය.

 ආරක්ෂක ලේකම් හා පොලිස්පති

 මේ අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර

 ගැනීමට අපොහොසත්වූ බවට බොහෝ පාර්ශ්වවලින් චෝදනා එල්ලවූ ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇත. ඊට පෙර මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකීම භාරගෙන පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බව කැබිනට් මණ්ඩලය ද තීරණය කර තිබිණි. එසේම මෙම දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ද ඉල්ලා තිබේ.

 මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමු වී ඇත. මෙම දැනුම්දීමෙන් පසුව පොලිස්පතිවරයා

 අගමැතිවරයා ද හමුවී ඇතත් අගමැතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේද පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බවය.

 මේ තරමට විනාශයක් සිදුව ඇතත් මුස්ලිම් ප‍්‍රජාවට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුනොවීම රටේ ජනතාවගේ වාසනාවකි. එය තනිකරම මැල්කම් කාදිනල් රන්ජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ කැපවීමේ ප‍්‍රතිපලයකි.

 මාළුවාට ජීවත්වීමට ජලය අවශ්‍ය මෙන් ත‍්‍රස්තවාදීන්ගේ පැවැත්මට ජනතාව අත්‍යවශ්‍ය බව අප හොඳින් තේරුම් ගත යුතුය. 1983 කළු ජුලිය නිසා සාමාන්‍ය දෙමළ ජනතාව පවා එල්.ටී.ටී.ඊයට බැඳුණේ එය සාමාන්‍ය දෙමළ ජනතාව වෙත එල්ලවූ ප‍්‍රහාරයක් නිසාය. එලෙස මෙවර සාමාන්‍ය මුස්ලිම් ජනතාවට ප‍්‍රහාර එල්ලවූයේ නම් ඔවුන් රොතු පිටින් මේ ත‍්‍රස්ත සංවිධානයට බැඳෙන්නට ඉඩ තිබිණි. එය එලෙස සිදු නොවුණු නිසා තවදුරටත් ජනතාව ප‍්‍රකෝප කරන්නට ත‍්‍රස්තවාදීන් දිගටම උත්සහ ගනු ඇත. එම නිසා රටේ ප‍්‍රධාන බෞද්ධ සිද්ධස්ථානවලද ආරක්ෂාව තර කළ යුතුව තිබේ.

 මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප‍්‍රකාශය

 කිතුණු ප‍්‍රජාවෙන් ශ‍්‍රී ලංකාවේ ඉස්ලාමීය ජන ප‍්‍රජාවට කිසිදු හානියක් නොවන බවට තමන් සහතික වන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප‍්‍රකාශ කර තිබේ.

 ආගම් නාමයෙන් ප‍්‍රහාර එල්ල කරන , ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු කරන සියලූ දෙනා කිසිදු ආගමකට අයත් නැති බවත් ඔවුන් කිසිදු ආගමක ආගමිකයන් නොවන බවත් මෙවැනි ප‍්‍රහාර එල්ල කරන්නේ නොමඟ ගිය මානව දුර්වලතා ඇති කණ්ඩායම් බවත් අගරදගුරුතුමා පවසා තිබේ.

 ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය නියෝජනය කරන රටවල මෙරට සිටින තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් සහ ඉම්තියාස් බාකීර් පදනමේ සභාපති හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර් මහතා ඇතුළු එම සංවිධානයේ පිරිසක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා බැහැදුටු අවස්ථාවේදී අගරදගුරුතුමන් විසින් ඒ බව ප‍්‍රකාශ කර තිබේ.

 යූසුෆ් මොහොමඞ් ඉබ‍්‍රහිම්

 කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් දෙමටගොඩදී අත්අඩංගුවට ගන්නා ලද ‘යූසුෆ් මොහොමඞ් ඉබ‍්‍රහිම්’ 2015 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කර තිබූ පුද්ගලයෙකු වීම සම්බන්ධයෙන් එම පක්ෂයට විවිධ පාර්ශව විසින් චෝදනා එල්ලකර තිබේ. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක්ම මොහුගේ පුතුන් වන අතර මෙම පවුල අතිශය ධනවත් ව්‍යාපාරිකයන්ය.

 කෙසේ වෙතත් මොවුන් ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ බව ජනතා විමුක්ති පෙරමුණ දැනුවත්ව නොසිටි බව අපගේද විශ්වාසයයි. විවිධ වෘත්තීන්ට හා විවිධ ජාතිකත්වයන්ට අයත් පුද්ගලයන්ට අවස්ථාවදීමේ පදනමින් ඔහු ජාතික ලයිස්තුවට එක් කළ බව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රකාශ කර තිබේ. එයද පිළිගත හැකි කරුණකි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ වැනි වගකිවයුතු දේශපාලන පක්ෂයක් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබේ. අනෙක් අතට මෙය වෙනත් පක්ෂයක් තුළ සිදුවුයේ නම් එවිට ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය කෙබඳු වේදැයි කිව නොහැක.

 අනෙක් අතට මේ තැනැත්තා ඉන්පසුවද විවිධ මුස්ලිම් පක්ෂ හා ප‍්‍රබල මුස්ලිම් ඇමතිවරුන් සමග සමීප සබඳතා පවත්වා තිබේ.

 රනිල්ට - රුවන්ට ආරක්ෂක මණ්ඩලයට කැඳවීම් නැතිලූ

 මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව ආණ්ඩුවේ විවිධ පාර්ශව අතර තිබූ ගැටුම් එළියට පැමිණ තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ආරක්ෂක මණ්ඩලයට සහභාගී කරගෙන නොමැත. ඒ වෙනුවට ජනාධිපතිවරයාට සමීප විපක්ෂ මන්ත‍්‍රීවරුන් කීපදෙනකු ඊට සහභාගී කරවා ගෙන තිබේ. මෙය බරපතල සිදුවීමකි. මේ නිසා වහාම ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය, විපක්ෂය මෙන්ම අනෙකුත් පක්ෂවලද සියලූ ජාතීන්වලද නියෝජනය අත්‍යවශ්‍යවේ. එසේම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද ඊට සහභාගී කර ගත යුතුය. විශේෂයෙන් මෙය ජාතික ආපදාවක් ලෙස සලකා එවැන්නක් වහාම ක‍්‍රියාත්මක කල යුතුව තිබේ. එසේම මෙතෙක් අගමැතිවරයා තමන්ව ආරක්ෂක මණ්ඩලයට සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හෝ එක්සත් ජාතික පක්ෂය දැනුවත් කර නොතිබීමද බරපතල කාරණයකි.

 හරින්ගේ ප‍්‍රකාශය

 අනිත් අතට මේ බෝම්බ ප‍්‍රහාරය ගැන රජයේ කැබිනට් ඇමතිවරයකු වන හරින් ප‍්‍රනාන්දු කළ ප‍්‍රකාශය බරපතලය. ඒ තම පියාට මේ ප‍්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබුණු නිසා තමන් පල්ලි නොගිය බවය. සැබවින්ම මෙය හරින් විසින් දැනගෙන සිටියේ නම් එය පොලිසියට දන්වා ආරක්ෂාව තර කළ යුතුව තිබිණි. එසේ කළා නම් මිය ගිය විශාල පිරිසක් බේරාගන්නට ඉඩ තිබිණි. අනෙක් අතට තමන් මේ ගැන නොදන්නවා කියා හෝ තමන්ට කිසිවකු මේ ගැන නොකී බව කියා කිසිවකුට මේ සිද්ධියේ වගකීමෙන් පලායා නොහැක. රටක ආරක්ෂාව වෙනුවෙන් පැය 24 පුරා ක‍්‍රියාත්මක විය යුතුය. එහෙත් පසුගිය කාලය තුළ සිදුවුයේ රණවිරුවන් සිරගත කිරීම හා රටේ බුද්ධි අංශ අඩපන කිරීමය. අවසානයේ ඒ වෙනුවෙන් රටම වන්දි ගෙවා තිබේ.

 සරත් ෆොන්සේකා

 මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හිටපු හමුදාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා කළ ප‍්‍රකාශය ජනතාවගේ ගෞරවයට ලක්වී තිබේ. සරත් ෆොන්සේකා ආණ්ඩුවේ කටයුතු දැඩි ලෙස විවේචනය කරමින් පැවසුවේ රට අද පත්ව ඇති සැබෑ තත්ත්වයයි. සැබෑ යුද විරුවකු වන සරත් ෆොන්සේකා පසුගිය කාලයේ සිදු කළ දේශපාලන කතා සමාජය අනුමත නොකළ අතර මෙවර යළිත් වරක් ඔහුගේ අවශ්‍යතාවය රටට දැනී තිබේ. සැබවින්ම මේ ත‍්‍රස්තවාදීන් මර්දනය සඳහා කිසියම් හෝ කාර්ය භාරයක් ඔහුට පවරන්නේ නම් ඔහු එය නිවැරදිව සිදුකරනු ඇතැයි විශ්වාසයක් රටේ ජනතාව තුළ තිබේ.

 අනෙක් අතට රටවල් තිස් අටක පුරවැසියන්ට වීසා නොමැතිව මෙරටට පැමිණීමට අවසර දීමට රජය තීරණය කර තිබේ. මෙවන් ආරක්ෂක ප‍්‍රශ්නයක් තිබෙන අවස්ථාවක එවැන්නක් සිදු කිරීම අතිශය භයානකය. එම නිසා වහාම යළිත් වරක් එම තීරණය සලකා බැලිය යුතුව ඇත්තේ මෙවන් මොහොතක විදෙස් ත‍්‍රස්තවාදීන් ඒ හරහා මෙරටට පැමිණීමට ඉඩ ඇති නිසාය.

 මේ අතර පවතින තත්ත්වය මත සියලූ ප‍්‍රධාන පක්ෂ මැයි රැුලි අවලංගු කර තිබේ. එය ජනතාව වෙනුවෙන් ගත් කාලෝචිත පියවරකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.