ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, April 22, 2019

පුද්ගලයන් පරීක්ෂා කරන්න - අත්අඩංගුවට ගන්න හමුදාවට බලය දෙන්න....!!!

රටේ උද්ගත වී ඇති තත්ත්වයන් වළක්වා ගැනීමට පවතින නීති රාමුව තුළ හමුදාවට තනිව කි‍්‍රයාකිරීමට බලයක් නොමැති බවත් පොලිසිය නොමැතිව  පුද්ගලයන් පරීක්ෂා කිරීමට, අත්අඩංගුවට ගැනීමේ කටයුතු සඳහා දින කිහිපයකට හෝ හමුදාවට බලය ලබා දිය යුතු බවද හමුදාපතිවරයා අද  (22) කියා සිටියේය.
මෙම සිද්ධියේදී  බුද්ධි තොරතුරුවලද පැහැදිලි අඩුවක් දක්නට තිබූ බවත් මේ සම්බන්ධයෙන් හමුදාව දැනුවත් කර නොමැති බවද හමුදාපතිවරයා කියා සිටියේය.
හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මේ  බව පැවසුවේ අද (22) කොළඹ අගරදගුරු නිල නිවසේදී  මැල්කම් කාදිනල්  රංජිත් අගරදගුරුතුමන් හමුවීමට ගොස් සිටි අවස්ථාවේදීය.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා ආරක්ෂක කවුන්සලයේ පැවැත්වූ සාකච්ඡා  ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පවත්වා තිබුණි.
එම සාකච්ඡාව නිමවී එහි සිටි මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හමුදපතිවරයා  මේ බව සඳහන් කළේය.

හමුදාවට බුද්ධි තොරතුරු ලැබෙනවා  නමුත් එම තොරතුරු අනුව කි‍්‍රයාත්මක කිරීමේ දී හමුදාවට බලය නොමැති බවත් එම තොරතුරු තවත්  පාර්ශ්වයකට ලබා දීම ගැටළුවක්  බවත් කියා සිටියේය.
මෙම සිද්ධියේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කිසිවකුටත් දොස් පවරන්නේ නැති බවත්  ඉදිරියේ දී  තමන් ඉල්ලා සිටින්නේ තනි තනිව බුද්ධි අංශ  මෙහෙය වනවාට වඩා සියලු දෙනා ඒකාබද්ධව එම කටයුතු සිදුකළයුතු බවයි.
මෙවැනි සිද්ධියක් මුල්කර ගෙන 83  කාලයෙ සහ දිනග ප‍්‍රදේශයේ සිදුවූ සිද්ධීන් නැවත ඇති වන්නට කිසිසේත්  ඉඩලබා නොදෙන බවත් හමුදාව රටේම ආරක්ෂාව තහවුරුකර ඇති බවත් හමුදාපතිවරයා කියා සිටියේය.
රටේ ජනතාව හමුදා කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.





 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.