ජාතික තව්හීත් ජමාත්(National Thowheeth Jama'ath - NTJ) සංවිධානයේ නායක
මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට
රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී ඇති හෙයින් ඒ
පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නැයි විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති
කාර්යාලය ආරක්ෂක අංශ වෙත ඉකුත් 11 වැනිදා දැනුම් දී ඇත.
මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයද පොලිස්පතිවරයා වෙත දැනුවත් කිරීමෙන්
අනතුරුව පොලිස්පතිවරයා ද ඉකුත් 9 වැනිදා මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇති
බවත් ඒ අනුව මේ පිළිබඳව දැඩි සැලකිල්ල යොමු කළ යුතු බවත් විශේෂ ආරක්ෂක
දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්ෂක අංශ වෙත දන්වා තිබේ.
විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක විසින්
ඇමැති ආරක්ෂක කොට්ඨාසය, අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, විශ්‍රාමික ජනාධිපති
ආරක්ෂක කොට්ඨාසය සහ තානාපති ආරක්ෂක කොට්ඨාසය යන ආරක්ෂක කොට්ඨාසවල
අධ්යක්ෂවරුන් වෙත මේ පිළිබඳව ලිපි මගින් දැනුවත් කර ඇත.
විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්ෂක කොට්ඨාසවල අධ්යක්ෂවරුන් වෙත යවා ඇති ලිපියේ මෙසේද සඳහන් වේ.
ජාතික තව්හීත් ජමාත් (National Thowheeth Jama'ath - NTJ) සංවිධානයේ නායක
මොහොමඩ් සහරාන් ඔහුගේ අනුගාමිකයින් හා එක්ව මෙරට තුළ මරාගෙන මැරෙන ප්‍රහාර
එල්ල කිරීමේ සූදානමක් පවතින බවට විදේශ බුද්ධි අංශයක් විසින් තොරතුරු
වාර්තා කර ඇත. මෙම ප්‍රහාර සඳහා මෙරට ප්‍රසිද්ධ කතෝලික පල්ලි සහ
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරන බවට වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉහත තොරතුරු සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික සොයාබැලීම්වලදී ප්‍රහාර සැලසුම්
කිරීම සඳහා දායක වන බවට තොරතුරු සඳහන් පුද්ගලයින් අතුරින් කිහිපදෙනකු මෙම
සේවාවේ බුද්ධි මෙහෙයුම්වලදී හඳුනාගෙන ඇත.
සහරාන් හාෂිමි (Zahran Hashmi) සහ ශාහීඞ් (Shahid) යන අයවලූන්
2018.12.26 වැනිදා මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ප්රතිමාවලට පහරදීමේ
සිදුවීම්වලින් පසු ප්‍රදේශයෙන් පලාගොස් දැනට අක්කරෙයිපත්තු ඔලූවිල්
ප්‍රදේශයේ රහසිගතව සැඟවී සිටින බවට තොරතුරු වාර්තා වේ.
රිල්වාන් (Rilwan) යන අය සහරාන්ගේ බාල සොහොයුරා හා ඔහුගේ මතවාදය වටා පිරිස්
රැස්කිරීමේ නියමුවා ලෙස කටයුතු කළ කාත්තන්කුඩි පොලිස් වසමේ කුඬේයිකාරන්
වීදිය මොහිදීන් පල්ලිය පාර නව කාත්තන්කුඩි 06 ලිපිනයේ පදිංචි මොහොමඞ්
කාසීම් මොහොමඩ් රිල්වාන් (ජා.හැ.ප. 903432624 වී) බවට හඳුනාගෙන ඇත. මෙම
පුද්ගලයා 2017.03.10 දින කාත්තන්කුඩි ප්‍රදේශයේ දී NTJ සංවිධානය හා තවත්
ආගමික සංවිධානයක් අතර ඇති වූ ගැටුමකින් පසු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී
සිටින බවට තොරතුරු තිබේ. මෙලෙස රහසිගතව සැඟව සිටියදී සිය සහෝදරයාගේ මතවාදය
වටා පිරිස් රැස්කිරීමට කටයුතු කරමින් ඔහු සමග අක්කරපත්තුව, කුලියාපිටිය,
පුත්තලම, මාවනැල්ල සහ තිහාරිය යන ප්‍රදේශවල සංචාරය කර ඇති බවත් දැනට
ඔලූවිල් ප්‍රදේශයේ සිය සමීපතමයෙකුගේ නිවසේ රැඳී සිටින බවටත් තොරතුරු ලැබී
ඇත.
රිල්වාන් රාත්‍රි කාලයේදී (පැය 2300 පැය 0400ත්) අංක 309/ බී ෆරිනාස් පාර
දෙවන හරස් වීදිය, ආරියම්පති නැගෙනහිර, ආරිසම්පති යන ලිපිනය වෙත පැමිණෙන
බවත් එම ලිපිනයේ මොහුගේ බිරිඳ හා දරුවා රැඳී සිටින බවටත් දැනගැනීමට ඇත.
මිල්හාන් (Milhan) ලෙස සඳහන් පුද්ගලයා "Mohamed Milhan" නමින් සමාජ ජාල
ගිණුමක් පවත්වාගෙන යමින් සහරාන්ගේ සමාජ ජාල ගිණුම් සමග සබඳතා පවත්වන බවත්
2019.03.15 දින නවසීලන්තයේ කතෝලික ලබ්ධිකයෙකු විසින් මුස්ලිම් පල්ලියක් වෙත
එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු සිය සමාජ ජාල ගිණුම් තිරන්තරයෙන් යාවත්කාලීන
කරමින් අන්‍යාගමිකයින් පිළිබඳව ද්වේශසහගත ලෙස අදහස් දක්වා ඇති බවටත්
වාර්තා වේ.
කල්මුණේ සහිරා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති මොහොමඩ් මිල්හාන් නමැත්තා
0767788353 දරන දුරකතන අංකය භාවිත කරන බවත් සහරාන්ගේ මතවාදය ඔස්සේ යමින්
අන්‍යාගමිකයින් කෙරෙහි වෛරී හැඟීමකින් කටයුතු කරන්නකු බවටත් වාර්තා වී ඇත.
එසේම යුද හමුදාවේ හිටපු සෙබළකු වන අන්වර් පල්ලිය අසල, කාත්තන්කුඩි 03,
පදිංචි බදුර්දීන් මොහොමඩ් මොහිදින් හෙවත් Army Mohideen (ජා.හැ.ප.
750683126 වී) නමැත්තෙකුද සහරාන් සමග සමීප සබඳතා පවත්වන බවත් ඉහත
2017.03.10 දින කාත්තන්කුඩි ප්‍රදේශයේ ගැටුමින් පසු ප්‍රදේශයෙන් පලාගොස්
කුඹුරුමුල පාර, පාසිකුඩා, වාලච්චේන ප්‍රදේශයේ ස්ථානයක රහසිගතව රැඳී සිටින
බවටත් දැනගැනීමට ඇත. මෙම පුද්ගලයා සිකුරාදා දිනවල රාත්‍රී කාලයේ බිරිඳ සහ
දරුවන් බැලීම සඳහා කාත්තන්කුඩි 03, ඉහත සඳහන් කළ ලිපිනය වෙත පැමිණෙන බව
සොයාගෙන ඇත.
සහරාන් යන අය සමාජ ජාල ගිණුම් ඔස්සේ සිය අනුගාමිකයින් අභිපේ‍්‍රරණය
කිරීමේදී මෙරට කතෝලික පල්ලි සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල ඉලක්ක
කරගන්නා ලෙස නිශ්චිතව සඳහන් කළ බවට මේ වන තෙක් නිරීක්ෂණය වී නොමැති නමුත්
සියලු අන්‍යාගමිකයන් ඝාතනය කිරීම උතුම් ආගමික කරුණක් බවත් අන්‍යාගමිකයින්
විනාශ කරමින් ඉස්ලාමය ප්‍රවර්ධනය කළ යුතු බවටත් සඳහන් කරමින් 2016 වර්ෂයේ
සිට සිය සමාජ ජාල සහ ආගමික දේශන හරහා අනුගාමිකයන් අභිපේ‍්‍රරණය කරන බව
නිරීක්ෂණය වී ඇත.
ඉහත සඳහන් තොරතුරු පිළිබඳව රහසිගත පරීක්ෂණ සිදුකරමින් පවතී.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, April 22, 2019
ප්‍රහාර සැලැස්මේ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයට ලැබිලා...!!!
Posted by
lankanews
at
April 22, 2019
Labels: muslim agenda, Muslim extremist, National Thowheeth Jama'ath, pasku attack, rishad badurdeen, Rishad-Badurdeen, srilanka attack
ප්‍රහාර සැලැස්මේ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයට ලැබිලා...!!!
2019-04-22T09:02:00+02:00
lankanews
muslim agenda|Muslim extremist|National Thowheeth Jama'ath|pasku attack|rishad badurdeen|Rishad-Badurdeen|srilanka attack|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
