අත්අඩංගුවට ගත් සිම්පත් විදේශ රටවලට නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව සහිත ඒවා බවද හෙලිවී ඇතැයි පොලිසිය කියයි.
මෙම සන්නිවේදන උපකරණ මෙරට නිෂ්පාදිත ඒවා බවට පොලිසිය සැක කරයි. එම නිවැසියාද පොලිස් බාරයට ගනු ලැබ ඇත.
වේයන්ගොඩ පොලිසිය ත්රිරෝද රියක් සෝදසියට
ලක් කළ අවස්ථාවේදී වෙනත් අයෙකුගේ බවට සැක කරන විදේශ ගමන් බලපත්රයක් ළඟ
තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙනෙකු හා තරුණයෙකුගෙන්
කළ ප්රශ්න කිරීම්වලින් අනතුරුව මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාගෙන් අයකු
කොළඹ ප්රදේශයේ පල්ලිවලට කඩු බෙදා හැරිය බව කියන සැකකරුගේ බිරිය බවටද
තොරතුරු අනාවරණය වී තිබේ.
පල්ලිවලට කඩු බෙදාහැරිය බව කියන සැකකරු
දින දෙකකට පෙරදී බිරිය සමඟ කල්එළියේ නැගණියගේ නිවසට පැමිණ ඇති බවද
අනාවරණයවූ බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් හා නඩු භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිතය.