සයින්දමර්දුවලදී එස්.ටී.එෆ්. හා යුද හමුදාව සමඟ ගැටුණු තව්හිද් ත්රස්තයෝ තුනක් බෝම්බ පුපුරවා ගනිති...!!!
තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ සාමාජිකයින් තිදෙනකු බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකරගත් අතර තවත් ත්රස්තවාදීන් පිරිසක් ආරක්ෂක අංශ වෙත පැයකට ආසන්න කාලයක් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සටන් කළහ.
සයින්දමර්දු ප්‍රදේශය එස්.ටී.එµa. සහ යුද හමුදාව විසින් වට කරගෙන එම ත්‍රස්ත කල්ලියට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ඊයේ රාත්‍රි වනතුරුම එම සටන සිදුවිය.
රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ලබාදුන් තොරතුරකට අනුව යුද හමුදාව සහ එස්.ටී.එµa. ඊයේ සවස අම්පාර සමන්තුරේ සෙන්දිල්ගාමම් ප්‍රදේශයේ නිවසක් වැටලූහ.
එම නිවසේ කොටසක තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ ප්‍රධාන පෙළේ අවි ගබඩාවක් පවත්වාගෙන ගොස් තිබේ. එම අවි ගබඩාවේ තිබී දැවැන්ත ප්‍රහාර ගණනාවක් සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, ජෙලග්නයිට්, නයිට්රජන් ගැලුම් විශාල ප්‍රමාණයක්, ලක්ෂයකට ආසන්න යකඩ බෝල තොගයක්, ෙඩ්‍රාaන කැමරා, ඩෙටනේටර්, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටල ඇතුළු අවි ආයුධ විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවිය.
තව්හිද් ජමාත් කල්ලිය පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කිරීමට පෙර සමූහ ඡායාරූපයකට පෙනී සිට ප්‍රතිඥවක් දුන් වීඩියෝ පටයක් සමාජ ජාලා වෙබ් අඩවිවල ප්‍රචාරය කෙරිණි.
ත්රස්තවාදීන් එම ප්රතිඥව දෙන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම්, හිස්වැසුම් සහ ඔවුන් ප්රතිඥව දෙන ස්ථානයේ තිබූ බැනරයද මෙම අවි ගබඩාවේ තිබී එස්.ටී.එµa. භටයන් විසින් සොයාගන්නා ලදී.
එම අවි ගබඩාව පවත්වාගෙන ගිය ස්ථානයේ තිබී තව්හිද් ජමාත් කල්ලියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිවසේ කොටසක් කුලී පදනම මත ලබාගෙන සිටි ත්‍රස්ත කල්ලියේ සාමාජික පිරිසක් අවි ගබඩාව පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම නිවසේ කොටස කුලියට ලබාගෙන සිටි පිරිස අතුරුදන් වී ඇති බවට විමර්ශන වලින් හෙළිවිය. අවි ගබඩාව වැටලීමෙන් පසු එස්.ටී.එµa. සහ යුද හමුදාව අම්පාර, සයින්දමර්දු ප්‍රදේශය වෙත ගොස් ඇත්තේ තවත් අවි ගබඩාවක් වැටලීම සඳහාය. ආරක්ෂක අංශ වෙත තව්හිද්a ජමාත් කල්ලියේ සාමාජිකයින් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඒ අවස්ථාවේදීය.