මෙම සිද්ධියට සම්බන්ධ කොළඹ නගර සභාවේ මුස්ලිම් ජාතික නාගරික මන්ත්රීවරයකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෝදර මුතුවැල්ල ප්රදේශයේදී බෝම්බ 21 ක් සමග පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගත් තවුහිද් ජමාත් ත්රස්ත සංවිධානයේ සාමාජිකයකු මෙම කඩු තොගය ගෙනවිත් භාරදුන් බව කොම්පඤ්ඤ වීදිය මුස්ලිම් දේවස්ථානයේ මව්ලවිවරයා පොලිස් ප්රශ්න කිරීම් හමුවේ ප්රකාශ කර ඇත.
මෝදරදී බෝම්බ සමග අත්අඩංගුවට ගත් ත්රස්තවාදියා ශැංගි්රලා හෝටලයේදී බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානි කරගත් ත්රස්තවාදීයාගේ සමීපතම මිතුරකු බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙම ත්රස්තවාදීන් කිසියම් දැවැන්ත ප්රහාරයක් සඳහා මෙම අවි ආයුධ රැස් කරන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.
අත්අඩංගුවට ගත් මුස්ලිම් මව්ලවිවරයා සහ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රීවරයා ප්රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.
මෙම අවි ආයුධ මිලදී ගැනීමට මුදල් ලබාදී ඇත්තේ නාගරික මන්ත්රීවරයා විසින් බවට තොරතුරු ලැබී තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි....