ලංකාව තුළ අයිසිස් බෝම්බකරුවන් නවදෙනකු සිදුකළ බිහිසුණු ත්‍රස්ත
ප්‍රහාරය හිටි හැටියේ සැලසුම් කළ විනාශකාරී මෙහෙයුමක් නොවේ. කොටි පරාජය කර
වසර 10 කට පසු සිදුවූ මේ ප්‍රහාරයට ජාත්‍යන්තර සබඳකම් ඇති බව පැහැදිලිය.
මෙරට අන්තවාදී ඉස්ලාමීය කල්ලියට දොර විවෘත වූයේ වසර 16 කට පෙරය. ඇමෙරිකානු
තානාපති කාර්යාලය රහසිගතයි යන ශීර්ෂය යටතේ 2003 ඔක්තෝබර් 17 වැනිදා
ඇමෙරිකානු තානාපති කාර්යාලය එරට රජයට වාර්තාවක් යවමින් ශ්‍රී ලංකාවේ
නැඟෙනහිර පළාතේ ඉස්ලාමීය අන්තවාදය ක්‍රියාත්මක වන බව දන්වා තිබිණි. එහෙත්
ශ්‍රී ලංකා රජය ඒ ගැන සෙවීමක් කළේ නැත. අනතුරුව 2016 දී යුරෝපයේ යූරෝපොල්
පොලිසිය අනතුරු ඇගවීමක් කරමින් අයිසීස් ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාව,
ඉන්දියාව යන රටවල බඳවා ගැනීම් සිදුකර ඇති බව සඳහන් කර තිබිණි.
එසේ
වුවත් මුස්ලිම් ඡන්ද කෙරේ බලාපොරොත්තුව තැබූ මෙරට දේශපාලන පාර්ශ්ව නිහඬ
විය. එහෙත් එතෙක් කල් එළිපත්තේ සිටි සතුරා අප්‍රේල් 21 වැනිදා ගෙතුළටම
පැමිණියේය. එහි ප්‍රතිඵලය භයානක විය. අහිංසක ජීවිත 359 ක් රුදුරු
ඉස්ලාමීය අන්තවාදීන්ට ගොදුරුවිය.මේ නිසා මෙම අන්තවාදය වර්ධනය වීමට ඉඩදීම ගැන රජය වගකිව යුතුයි. මේ ඉස්ලාමීය අන්තවාදය වර්ධනය වූයේ මෙලෙසය.
1. හලාල් සහතිකය නිෂ්පාදනවලට ඇතුළත් වීම
2.පාකිස්තානයේ සහ ඇµaගනිස්තානයේ මෙන් මැඩ්රාසා නමින් ආගමික පාසල් බිහිවීම.
3. මුස්ලිම් මන්ත්‍රීවරයකු ශරියා නීතිය ගෙන ආ යුතු බවට පාර්ලිමේන්තුව වෙත පුද්ගලික යෝජනාවක් ගෙන ඒම.
4.වසර ගණනකට පෙර කොළඹ නගරයේ සහ ප්‍රදේශවල තිබූ මුස්ලිම් පල්ලි විශාල ලෙස ඉදිකිරීම
5. ආගමික අන්තවාදීන්ට මෙරටට පැමිණීමට දොර විවෘත වීම.
6. බුර්කා ආවරණය ප්‍රදේශ රැසක ව්‍යාප්ත වීම.
මේ සියලු දේ සිදුවන අවස්ථාවේ රජය ඇස් වසාගෙන සිටියේය. එසේම මෙරට
දේශපාලනය තුළ බලවත් මුස්ලිම් දේශපාලනඥයක් පිරිසක් ක්‍රියාත්මක වීම.
මෙයට වසර කිහිපයකට පෙර ඇමෙරිකාව විසින් අල්කයිඩා නායක බින්ලාඩන් මරාදැමූ
අවස්ථාවේ මාලිගාවත්තේ සිටි මුස්ලිම් අන්තවාදී කල්ලියක් ඊට එරෙහි විය.
ඔවුහු බින්ලාඩන්ගේ ඡායාරූපය මුද්‍රණය කර ටීෂර්ට් පැළඳ මරදානේදී විරෝධතා
පවත්වද්දී රජය ඊට එරෙහි වූයේ නැත.
එසේම පාස්කු ඉරිදා සිදුවූයේ
වසර ගණනක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවති ඉස්ලාමීය අන්තවාදයේ උච්චතම
අවස්ථාවයි. එහිදී අපි අතීතය සිහිපත් කළ යුතුය. නැඟෙනහිරට මුස්ලිම්
කලාපයක් ඉල්ලීම සහ මුස්ලිම් රූපවාහිනි සහ ගුවන්විදුලි සේවයක් ඉල්ලා
සිටීම, වරාය සහ ඛනිජ තෙල් සංස්ථාව වැනි වැදගත් ආයතන ලබාගැනීමට
ක්‍රියාකිරීම ඊට නිදුසන්ය. මේ පසුබිමේ සිටියේ කවුද..?
මෙවන්
පසුබිමක් මැද පුත්තලමේ වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල් වත්තක ත්‍රස්ත පුහුණු
කඳවුරක් ද ඩෙටනේටර් 99 ක් හා පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100 කට අධික තොගයක් ද
සොයාගැනුණි. එහෙත් වනාතවිල්ලුව විමර්ශනවලට සිදුවූ දේ මෙතෙක් හෙළිවී නැත.
ඊට සම්බන්ධ ත්රස්තයන් දෙදෙනා බස්නාහිර පළාතේ දේශපාලනඥයකුගේ මැදිහත්වීම
මත නිදහස් විය.
මෙහිදී වනාතවිල්ලුවේ තිබී පුපුරණ ද්‍රව්‍ය සහ
ඩෙටනේටර් හමු වූයේ ඉදිරි ප්‍රහාරයක් සඳහා බවත් එම ප්‍රහාරක සැලසුම් සොයා
ගැනීමට පොලිසිය ක්‍රියාකළ යුතුව තිබුණත් විමර්ශන යටපත් විය.
ප්‍රහාරක සැලසුම් පාස්කු ඉරිදා ක්‍රියාත්මක කරන තුරු පොලිසියට ඒ ගැන ද
සොයා ගැනීමට නොහැකිවිය. යම් විටෙක වනාතවිල්ලුව පරීක්ෂණ නතර වූයේ එකී බලගතු
ඉස්ලාමීය දේශපාලනඥයා නිසා බව කිව හැකිය. මේ අතර පාස්කු ඉරිදා බෝම්බ
පිපිරීමෙන් නැඟෙන ප්‍රශ්න කිහිපයක් නම්,
1. මේ බෝම්බ එකලස් කිරීමේ බෝම්බ විශේෂඥයකු හෝ ඊට වැඩි පිරිසක් මෙරට සිටින බව පැහැදිලිය. ඔවුන් මෙතෙක් අසුවී නැත.
2. පුපුරුවා ඇත්තේ හැරිසයිට් හෙවත් සී 4 අධිබලැති පුපුරණ ද්‍රව්‍යවලට වඩා බලගතු පුපුරණ ද්‍රව්‍ය විශේෂයක්.
3. මෙම පුපුරණ ද්‍රව්‍ය මෙරටට ගෙන ආවේ කන්ටේනර් වලින්ද? කන්ටේනර් වලින්
කොකේන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන එන විට පුපුරණ ද්‍රව්‍ය ගෙන ඒම සුළු කරුණකි.
එසේම සතොස ආයතනයට ආනයන ද්‍රව්‍ය සපයන මුස්ලිම් ව්‍යාපාරිකයා එම ආනයන
ද්‍රව්‍යවලට මුවාවී මේ අධිබල පුපුරණ ද්‍රව්‍ය ගෙන ආවාද? ඔහුට වරායෙන් තම
කන්ටේනර් මුදාගැනීමේ බලගතු දේශපාලන ජාලයක් ද ඇත.
මේ හැර
බෝම්බකරුවන් භාවිත කර ඇත්තේ බෝම්බ කබායන් නොව ගමන් මලුය. මේ ගමන් මලු බෝම්බ
අයිසීස් ත්රස්තවාදීන්ගේ මෙහෙයුමකි. මෙයට අමතරව කොච්චිකඩේ පල්ලිය සහ
කටුවපිටිය පල්ලිය තුළදී විනාශකාරී මෙහෙයුම් දියත් කිරීමට ටී.ඒ.ටී.සී.
පුපුරණ ද්‍රව්‍ය භාවිත වී ඇති බව පැහැදිලිය.
සිදුවූ විනාශයෙන් එම පුපුරණ ද්‍රව්‍ය විශේෂය භාවිත කර ඇති බව තහවුරු වේ.
බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ප්‍රහාරයට සහ පැරිසියේ බැපක්ලැන් ප්‍රහාරයට භාවිත කර ඇත්තේ එවන් බලගතු පුපුරණ ද්‍රව්‍යය බව හෙළිවී ඇත.
මෙවන් වාතාවරණයක් මැද පොලිසිය සහ දේශපාලනඥයන්ගේ දුර්වලතා නිසා සතුරන්
ප්රබලව තම මෙහෙයුම සැලසුම් කර ඇති බව සනාතවේ. මේ සැලසුම සතියක් තුළ
සකස්වී නැත. එය කලක් තිස්සේ මනාව සැලසුම් කළ මෙහෙයුමකි.
ඊට ජාත්‍යන්තර ඉස්ලාමීය අන්තවාදීන්ගේ සහය ලැබී ඇත.
එසේම මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙහෙයවූ පිරිසක් ද සිටී. සෑම අයිසීස්
ත්‍රස්ත ප්‍රහාරයක් පසුපස එම ප්‍රහාර සැලසුම් කළ පිරිස් සිටින බවට
ජාත්‍යන්තර පොලිසිය හෙළිකර තිබිණි.
මේ අතර අයිසීස්
ත්රස්තවාදීන්ගේ අනතුර පහව ගොස් නැත. බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ වී ඇත්තේ
ඉස්ලාමීය කෝටිපතියෙකි. ඔහුගේ පුත්‍රයන් දෙදෙනාට අධිබලැති පුපුරණ ද්‍රව්‍ය
සැපයුවේ කවුද යන්න මෙතෙක් හෙළිවී නැත. එසේම මොවුන්ට බෝම්බ මලු සාදා දුන්
බෝම්බ විශේෂඥ ත්රස්තයන් මෙතෙක් අසුනොවීම බරපතළ ප්රශ්නයකි.
මේ අතර 2016 වසරේදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අයිසීස්
ත්රස්තවාදීන් පිළිබඳව අනාවරණය කර තිබිණි. රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවේ
ශ්‍රී ලංකාවේ මුස්ලිම් පවුල් හතරකට සම්බන්ධ මුස්ලිම් ජාතිකයන් 32 ක්
සිරියාවේ අයිසීස් සංවිධානයට බැඳී ඇති බවයි. එහෙත් ශ්‍රී ලංකා මුස්ලිම්
කවුන්සිලයේ සභාපති එම ප්‍රකාශයට විරෝධය දක්වනු ලැබීය. මේ බව 2016
නොවැම්බර් 21 වැනිදා zදිවයිනZ විසින් හෙළිකරනු ලැබීය.
මේ පසුබිම
මැද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අයිසීස් ත්රස්තයකු ඉගෙනුම
ලබන බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජුලියන් වෙයින්වර්න් පැවසුවේ යම්
දිනෙක එහි ඉගෙනුම ලබන සිසුවකු මහත් විනාශයක් සිදුකරන බවයි. එහෙත් මේ
අනතුරු ඇගවීම කෙරේ තැකීමක් කර නැත. මේ පසුබිම මැද මෙරට විදේශ කටයුතු
අමාත්‍යංශය ජාත්‍යන්තර ත්‍රස්ත මර්දන පනතට පවා අත්සන් කර නැත.
මේ අතර ඉන්දීය ජාතික ආරක්ෂක ඒජන්සිය මෙරට අන්තවාදී අයිසීස්
ක්‍රියාකාරීන් ගැන තොරතුරු රැසක් සොයාගෙන ඇත. 2016 දී නවාස් හසිsස්
නමැති ඉස්ලාමීය ආගමික දේශකයෙක් ශ්‍රී ලංකාවේ හදිස් අධ්‍යාපන ආයතනය නමින්
මධ්‍යස්ථානයක් පිහිටුවාගෙන තිබූ බවත් ඔහු පසුව ඇµaගනිස්තානයට ගොස්
අයිසීස් ක්‍රියාකාරීන්ට එක්වූ බවත් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සොයාගෙන
තිබිණි.
මේ පසුබිම මැද පාස්කු ඉරිදා පිපිරීම සඳහා භාවිත කර
ඇත්තේ ටී.ඒ.ටී.සී. නමැති පුපුරණ ද්‍රව්‍ය විශේෂයක් බව හෙළිවී ඇත. ටීටී
නමින් හඳුන්වන මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්
ප්‍රහාරයට සහ පැරිසියේ බැට්කාලන් ප්‍රහාරයට යොදාගෙන තිබූ බවද හෙළිවිය.
මේ අතර මියගිය අහිංසකයන්ගේ ජීවිතවලට වගකීම ගන්නේ කවුද? යුක්තිය ගැන හඬ
නඟන පාර්ශ්ව පාස්කු ඉරිදා සිදුවූ විනාශයට යුක්තිය ඉටුවේ යෑයි කිව හැකිද?
මේ අතර ජමිල් නමැති බෝම්බකරුගේ සොහොයුරිය ඕස්ටේ්රලියානු මාධ්‍යවලට පවසා
ඇත්තේ ඕස්ටේ්රලියාවේ ඉගෙනුමට ගිය තම සොහොයුරු ශ්‍රී ලංකාවට පැමිණියේ
වෙනස් පුද්ගලයකු ලෙස බවයි. මේ තත්ත්වය මත ඊබ්‍රාහිම් නමැති ව්‍යාපාරිකයා
බලවත් දේශපාලනඥ සබඳකම් නිසා පොලිසිය හෝ බුද්ධි සේවා ඔහුගේ පුතුන් ගැන
විමර්ශනය කර නැත.
ඊබ්රාහිම්ගේ එක් පුත්‍රයකු වැල්ලම්පිටියේ
පවත්වාගෙන ගිය තඹ කම්හල ද නිරීක්ෂණය වී නොමැත. මේ හැර ඊබ්රාහිම්ගේ ඥතියකු
වන අමාත්‍ය බදියුදීන්ගෙන් ද බලධාරීන් ප්‍රකාශයක් සටහන් කරගෙන නැත. මෙය
ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මාර්ග බාධක බුද්ධි නිරීක්ෂණ සෝදිසි කිරීම්
සියල්ල නතර විය. ත්රස්තවාදයක් තැන තැන සෝදිසි කිරීම් කුමකට දැයි ද්‍රවිඩ
සංධානයද ප්‍රශ්න කළේය.
එහෙත් සතුරා අවස්ථාව එනතුරු බලා සිටින
බව අපි වසර ගණනාක් තිස්සේ පැවසු නමුත් කොටින්ගේ සී. 4 පුපුරණ ද්‍රව්‍ය
වෙනුවට මෙවර පැමිණියේ ටීටී නමැති අධිබල පුපුරණ ද්‍රව්‍යයි.
මේ
තත්ත්වය මත බලගතු මුස්ලිම් දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීමට ද බලධාරීන් බිය
විය. එහි ප්‍රතිඵලය දැන් පැහැදිලිය. කොටි ත්‍රස්තවාදය පරාජය වෙද්දී
අයිසීස් ත්රස්තවාදයට දොර විවෘත විය. ඉන් රටේ මුළු ජන ජීJsතයම අඩාල විය.
පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමෙන් පසු අදට දින 6 කි
එහෙත් ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනතාවට තොරතුරු වසන් කළ කිසිදු ආරක්ෂක
නිලධාරියකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන නැත.
කීර්ති වර්ණකුලසූරිය
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, April 27, 2019
එළිපත්තේ සිටි සතුරා අප්‍රේල් 21 වැනිදා ගෙතුළටම පැමිණියේය....!!!
Posted by
lankanews
at
April 27, 2019
Labels: muslim agenda, muslim colony, ranil murders, ranil wickramasinghe, Rishad-Badurdeen, rishard badurdeen, srilanka isis, Thawheed Jamaath, unp muders
එළිපත්තේ සිටි සතුරා අප්‍රේල් 21 වැනිදා ගෙතුළටම පැමිණියේය....!!!
2019-04-27T14:28:00+02:00
lankanews
muslim agenda|muslim colony|ranil murders|ranil wickramasinghe|Rishad-Badurdeen|rishard badurdeen|srilanka isis|Thawheed Jamaath|unp muders|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...