ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, April 29, 2019

වසර 2060 දී බෞද්ධයාගේ ඉරණම කෙසේ වෙයිද...?

2015 දී ලෝක ජනගහනයෙන් 7% ප‍්‍රමාණයක් බෞද්ධයින් වුවත් ඒ තත්ත්වය ක‍්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. වර්තමානයේ ලෝක ජනගහනයෙන් මිලියන 500කට අසන්න පිරිසක් බෞද්ධයෝ වෙති. නමුත් 2060 දී ලෝක බෞද්ධ ප‍්‍රතිශතය 5% වන විට මුස්ලිම් ප‍්‍රතිශතය 31% දක්වා ඉහළ නඟී. එවිට ලෝකයේ ක‍්‍රිස්තියානි ප‍්‍රතිශතය 32%කි. 2015 දී ලොව වෙසෙන ක‍්‍රිස්තියානි ප‍්‍රතිශතය 31% වන අතර 2060 දී ඔවුනගේ ප‍්‍රතිශතය වැඩිවන්නේ 1%කින් පමණි. නමුත් 2015 දී 24% වන මුස්ලිම් ජනගහනය 2060 දී 7% කින් වර්ධනය වෙයිි. 2015 දී ලෝක ජනගහනයෙන් 15% ක් වූ හින්දු ප‍්‍රතිශතය 2060 දී 14% දක්වා පහළ බසී. 2015 දී ලොව වෙසෙන අනාගමිකයින්ගේ ප‍්‍රමාණය 16% වූ අතර එය 2060 දී 13% දක්වාද පහළ බසී.

  කරුණාපුණ්ඩරීක, මහා සන්නිපාත, මහාමායා වැනි මහා යාන සූත‍්‍රයන්හි වර්ෂ එක්දහස් පන්සියයකින් පසු ශාසනය අතුරුදන් වන බව සඳහන් වෙයි. චන්ද්‍ර ගර්භ සූත‍්‍රයේ වර්ෂ දෙදහසකින් ද මහා සන්නිපාත සූත‍්‍රයේ වර්ෂ දෙදහස් පන්සියයකින් ද ශාසනය විනාශ වන බව අන්තර්ගත වෙයි. සමන්තපාසාදිකාව, සුමංගල විලාසිනී, අත්ථ සාලිනී මනෝරථ පූරණි ආදී අටුවාවල මෙන්ම මහාවංශය වැනි පාලි වංශකතාවලත් රසවාහිනි, රථවහස්සුවත්ථුප්පකරණ සද්ධර්මාලංකාර ආදී කෘතිවලත් ශාසනායුෂ වසර පන්දහසක් කල් පවතී යන මතය ඉදිරිපත් කොට ඇත. පාලි සමන්තපාසාදිකාවේ මෙය වසර පන්දහස වුවත් චීන සමන්තපාසාදිකාවේ එම වර්ෂ ගණන දස දහස දක්වා දීර්ඝ වෙයි. මෙසේ ඉතිහාස වංස කතාවන් එකිනෙක පවසන ශාසන ආයු කාලය විවිධ වෙයි.
 
  එක අවස්ථාවක බුදුන් මෙසේ වදාරා ඇත. ආනන්දයනි, මාගම (කාන්තාව) ගිහිගෙයින් නික්ම තථාගත ශාසනයේ පැවිදි නොවූ යේ නම් මෙම සසුන් බඹසර දීර්ඝ කාලයක් පවතින්නේ ය. මේ ශාසන
සද්ධර්මය අවුරුදු දහසක් පවතින්නේ ය. ආනන්දයනි, යම් හෙයකින් මාගම ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදි වූයේ ද එහෙයින් දැන් මෙම සසුන් බඹසර දීර්ඝ කාලයක් නො පවතින්නේය. දැන් කාන්තාව පැවිදි වූ දා පටන් පන්සියයක් වසරක් ශාසන සද්ධර්මය පවතින්නේ ය. කෙසේ නමුත් රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියන් ප‍්‍රකාශ කරන්නේ ශාසනයේ ආයුෂ අවුරුදු 5000 ක් යැයි කියන දේශනාවක් ත‍්‍රිපිටකයේ කිසිදු තැනක සඳහන් නොවන බවයි.

 ඉහත කරුණු උපුටා දක්වන්නට සිතුණේ සමාජ මාධ්‍ය ජාලාවක තිබු එක් විශේෂ දත්ත සටහනක් දැකීමෙන් අනතුරුව ශාසනය මෙන්ම ලෝක බෞද්ධයින්ගේ ඉරණම ගැන සාකච්ඡුා කිරීමට සිතුණු නිසාය. තව වසර හතළිහක් ගතවන ලෝකය කෙසේ වන්නේද ඒ කාලය වන විට අප ජීවත්වේද නැද්ද යන්න වෙනම කතාවකි. නමුත් අප මේ කියන්න යන්නේ 2060 දී ලෝක ජනගනය ගැන ඇමෙරිකානු ඡුැඅ ඍැිැ්රජය ක්‍ැබඑැර හි අනාවැකි දත්ත සටහනකි. ඒ ඒ අනුව 2015 දී ලෝක ජනගහනයෙන් 7% වූ බෞද්ධ ප‍්‍රතිශතය 2060 දී 5% දක්වා පහල බැසීමට නියමිතය. මෙය බරපතල තත්ත්වයක් නොවන්නේ ද? බෞද්ධයින් මුස්ලිම් ව්‍යාප්තිවාදයට බිලිවී විනාශ වී යන්නේද? මෙය ථෙරවාදීන් පමණක් නොව මහායානිකයින් මෙන්ම වජ‍්‍රයානිකයින්ද මුහුණ දෙන ප‍්‍රශ්නයකි. ත‍්‍රිපිටකයේ සඳහන්ව තිබුණද නොතිබුණද මේ ශාසනය පවතින්නේ වසර පන්දහසක් පමණකැයි බෞද්ධයින් අතර මතයක් පවතී. කණගාටුවට කරුණ වසර පන්දහසක් ගතවන්නටත් පෙරම බෞද්ධයින් අතුගෑවී යන තත්වයක් උදාවී නොතිබෙන්නේ යැයි තර්ක කළ හැක්කේ කවරකුට ද? ඇත්තෙන්ම බෞද්ධයින් අතුගෑවී ගිය කලකසද්ධර්මය කෙසේ වෙතත් පන්සලකට මලක් පුදන්න හෝ කිසිවකු ඉතුරුවන්නේද? වෙහෙර විහාර විනාශ කර දමා ඒ මත අන්‍යාගමිකයින් සිය බලය පතුරවනු ඇත. අපේ කණගාටුවට හේතුවන්නේ එයයි.
 
  2015 දී ලෝක ජනගහනයෙන් 7% ප‍්‍රමාණයක් බෞද්ධයින් වුවත් ඒ තත්ත්වය ක‍්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. වර්තමානයේ ලෝක ජනගහනයෙන් මිලියන 500කට අසන්න පිරිසක් බෞද්ධයෝ වෙති. නමුත් 2060 දී ලෝක බෞද්ධ ප‍්‍රතිශතය 5% වන විට මුස්ලිම් ප‍්‍රතිශතය 31% දක්වා ඉහළ නඟී. එවිට ලෝකයේ ක‍්‍රිස්තියානි ප‍්‍රතිශතය 32%කි. 2015 දී ලොව වෙසෙන ක‍්‍රිස්තියානි ප‍්‍රතිශතය 31% වන අතර 2060 දී ඔවුනගේ ප‍්‍රතිශතය වැඩිවන්නේ 1%කින් පමණි. නමුත් 2015 දී 24% වන මුස්ලිම් ජනගහනය 2060 දී 7% කින් වර්ධනය වෙයිි. 2015 දී ලෝක ජනගහනයෙන් 15% ක් වූ හින්දු ප‍්‍රතිශතය 2060 දී 14% දක්වා පහළ බසී. 2015 දී ලොව වෙසෙන අනාගමිකයින්ගේ ප‍්‍රමාණය 16% වූ අතර එය 2060 දී 13% දක්වාද පහළ බසී.
 
  මේ අනුව මුස්ලිම් ව්‍යාප්තිය වේගවත් වන බව නම් සක්සුදක් සේ පැහැදිලිය. 2035 න් පසුව ලොව වැඩියෙන්ම උපදින්නේ මුස්ලිම් දරුවන්ය. මන්ද ඒ කාලය වන විට ලොව ක‍්‍රිස්තියානි ජනගහන වර්ධන වේගය අඩුවීම නිසා මුස්ලිම් දරු උපත් වර්ධනය වීම නොවැළැක්විය හැකි තත්ත්වයක් වේ. වර්තමානය වන විට ලෝක ජනගහනය බිලියන 73කි. 2050 දී මෙම ප‍්‍රමාණය බිලියන 9.8 ක් වන අතර 2100 එම ප‍්‍රමාණය බිලියන 11.2 කි. සෑම වසරකම ජනගහනය වැඩිවන්නේ
මිලියන 7.3 කිනි.

  බුරුමය, තායිලන්තය හා ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ප‍්‍රජාව අතර මුස්ලිම් ජනගන බෝම්බයේ අනතුර මෙන් ම ව්‍යප්තිවාදයේ කියා පෑම සඳහා විවිධ සංවිධාන බිහිවූයේ වසර ගණනාවකට ප‍්‍රථමය. මන්ද යම් අනාරක්ෂිත භාවයක් මේ බෞද්ධ සමාජයන්ට හොඳින්ම දැනුණු නිසා එවන් සංවිධාන බිහි විය. බුරුමයේ 969 ව්‍යාපාරය හා බොදු බල සේනාව අත්වැල් බැඳ ගත් විට බටහිර ලෝකය කලබල වූයේ අයිසිස් ත‍්‍රස්තයින්ටත් වඩා දරුණු සංවිධානයක් ලෙස බලන ආකාරයෙනි. මෙය සැබැවින්ම කුහකකමකි. දැන් හොඳින් හෝ නරකින් මුස්ලිම්
 
 ජනගහනය වේගවත්ව පැතිර යෑම ගැන ඇමරිකානු සංවිධානයක් ම පැහැදිළි දත්ත සටහන් ඉදිරිපත් කරයි. අපේ බෞද්ධ ශිෂ්ටාචාරය රැුක ගන්නේ කෙසේද යන්න පිළිබඳව වඩා හොඳින් සිතා බැලිය යුතුය. වේගයෙන් පැතිර යන මුස්ලිම් අන්තවාදය හමුවේ බෞද්ධයන් තුළ භීතියක්ද ඇතිවීම වැළැක්විය නොහැකිය. ඒ අනුව ථෙරවාදි ලෝකය තුළ යම් පොදු එකඟතාවක් ඇතිව තිබේ. දකුණු තායිලන්තයේ යාල නතරිවාත්, පත්තානි යන ප‍්‍රාන්තවල බෞද්ධ භික්ෂුන් පිඬු සිඟා වඩින්නේ හමුදා ආරක්ෂාව ඇතිවයි. එයින්ම ථෙරවාදීන්ට එරෙහි කැරැල්ලක් පවතින බව අවබෝධ නොවන්නේද? එදා නාලන්දාවට පහර දුන්නෝ අද තායි භික්ෂූන්ට වෙඩි තබති. නමුත් නාලන්දාවේ භික්ෂුන් මෙන් අද මරණානුස්සතිය වැඩිය නොහැක. අපේ බෞද්ධ ශිෂ්ටාචාරය අප විසින්ම රැකගත යුතුය.
 
 චතුර පමුණුව

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.