පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් ප්‍රකාශ කර සිටියේ වෑන් රථය තුල සකස් කර තිබු බෝම්බය සිලින්ඩර් 04ක් සමග ටයිමරයක් යොදා සකස් කර තිබු බවයි. ඊට අමතරව එම බෝම්බයට නුලක් ද සවිකර තිබු බවත් ඒ මත රුපියල් 1000 මුදල් නෝට්ටු කිහිපයක්ද අතුරා තිබු අයුරු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙනවා.
යම් කිසි පුද්ගලයෙකු එම මුදල් නෝට්ටු දැක ඒවා ගැනීමට ගොස් යම් හෙයකින් බෝම්බයට සවිකර තිබු නුල ඇද්දා නම් එම බෝම්බය පුපුරා යන ආකාරයට සකස් කර තිබු බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බෝම්බය නිෂ්ක්‍රිය කිරීමේදී ඇතිවූ කම්පනයෙන් කොළඹ වාරයේ තාප්පය කඩා වැටී ඇති බවත් ඊට අමතරව අවට නිවෙස් කිහිපයක වහලවල් සහ ජනේල වලට හානි සිදුව තිබෙනවා.
මෙම සැකකටයුතු වෑන් රථයේ සිට පළා ගිය බවට කියන පුද්ගලයෙක් ප්‍රදේශවාසීන් ගේ සහය ඇතිව අල්ලා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.