රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සමන්තුරේ ප්‍රදේශයේ
නිවසක් පරීක්ෂා කිරීමේදී හමුවූ පුපුරණ ද්‍රව්‍ය සහ භාණ්ඩ පිළිබඳ සවිස්තර
වාර්තාවක් පොලීසිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. බෝම්බකරුවන් මරාගෙන
මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පෙර ප්‍රතිඥාවක් ලබා දුන් ස්ථානය ලෙස මෙම නිවස
හඳුනාගෙන තිබෙනවා.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ මෙම අන්තවාදී කල්ලි සාමාජිකයින් ත්‍රස්ත කටයුතුවලට යොදා ගත් නිවාස 04ක් මේවනවිට හඳුනාගෙන ඇති බවයි.පාස්කු ඉරිදා එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගතවු පැය 24 තුළදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ද මෙහිදී විස්තර කෙරුණා.