බතික් කියන්නේ සිත් ඇදගන්නා කලාවක්. බතික්
ශිල්පය දියුණු රටවල් ලෙස ජාවා දූපත් සැලකෙන අතර අතීතයේදී පර්සියානු සහ මිසර
ජාතිකයන් විසින් කැඳ හා ඉටිබින්දු තැවරීමේ තාක්ෂණය හඳුනා ගෙන ඇත. ජාවා රටේ
බතික් හැඳින්වෙන්නේ ‘තිකි්රික්’ හෝ ‘ටැරිතික්’ වැනි වචන වලින්. එයින්
හැඳින්වුණේ තිත් වලින් සිතුවම් කරන ලද රෙදි විශේෂයක් යන්නයි. ඉන්දුනීසියාව,
ජාවා සහ ඉන්දියාව වැනි රටවල ප්‍රචලිතව පැවැති බතික් ශිල්පය කලෙක ශ්‍රී
ලංකාවේ වඩාත් සුවිශේෂී රෙදි පිළි නිර්මාණයක් බවට පත් වුණා.
අපේ රටට බතික් කලාව ලැබුණේ කොහොමද.....!!!
ලංකාවේ බතික් රෙදි පිළි නිර්මාණය ගැන කතාබහ කරනවා නම් ඇගේ නම සඳහන් නොකරම
බැහැ. ඇය නමින් සෝමා උඩබාගේ නම් වූවාය. දැනට දස සිල් සමාදම්ව සිටින සෝමා
උඩබාගේ ලංකාවට බතික් ශිල්පය හඳුන්වා දුන්නේ මෙහෙමයි.
රත්නපුර ප්‍රදේශයේ දැරණියගල උපන් ඇය රත්නපුර සීවලී විද්‍යාලයෙන්
අධ්‍යාපනය ලැබුවාය. ඇයගේ සිත බාලකාලයේ පටන්ම කලාත්මක දේ දකින සියුම්
සංවේදනයන්ගෙන් යුක්ත වූවාය. මේ වෙනුවෙන් ඇවැසි පරිසරය සූදානම් කරන්නනට ඇය
ජීවත්වුණ රත්නපුර ප්‍රදේශය මනා සේ ගැලපෙන්නට විය. තේ දල්ලක පැහැය... නෙත
ගැටෙන ගහ කොළ මල් පළතුරු හැඩ වැඩ සීතල දිය දහරාවෙන් නැගුන සිසිලස සහ
සුන්දරත්වය ඇගේ සිතේ පැලපැදියම්ව තිබුණ කලාත්මක සිතුවිලි පොහොනි කිරීමේ
අපූර්ව හැකියාවෙන් යුක්ත විය. මේ අතර දෛවෝපගතව ඇය විවාහ ගිවිස ගත්තේ 1950
දශකයේ යුග පුරුෂයෙක් වූ පේ‍්‍රමකුමාර එපිටවල මහතා සමගයි. ස්වයංපෝෂිත
ආර්ථිකය, දේශීයත්වය ගැන හදවතේ බැඳුන බන්ධනය වැනි සුවිශේෂීත්වයකින් යුක්ත
පේ‍්‍රමකුමාර එපිටවල මහතා විවාහ පොරොන්දුව සමග සෝමා උඩබාගේ නම් තරුණියට
තවත් යෝජනාවක් ඉදිරිපත් කළේය.
විවාහ වෙන්න ඉස්සර අවුරුදු දෙකක් ශාන්ති නිකේතනයට ගිහින් කලා කටයුතු ඉගෙන
ගෙන එන්න... ඔහුගේ යෝජනාවයි. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඇය පසුබට
වූයේ නැත. රත්මලාන ගුවන් තොටුපොළේ සිට රුපියල් අසූවක මිලකට ඔවුන් තම ගමන
ආරම්භ කළේ ශ්‍රී ලංකාවට විශිෂ්ට කලාවක් දායාද කිරීමේ සිහිනයක් හිත ඇතුව
නොවේ.
ශාන්ති නිකේතනයට ඇය ගියේ චිත්‍ර සහ මූර්ති ශිල්පය ඉගෙනගැනීමටයි. ඒ අතර
බතික් කලාව පිළිබඳව යාන්තමින් දැනුමක් ලබා දීම විෂය නිර්දේශයට ඇතුළත්ව
තිබුණි. ඒ පුංචි කුෂන් කවරයක් වැනි සරල නිර්මාණයක් පමණි. එවකට ශාන්ති
නිකේතනයේ ආචාර්ය මණ්ඩලය තුළත් බතික් ගැන පුළුල් දැනුමක් තිබුණේ නැහැ.
එහෙම නම් බතික් වෙනුවෙන් හිත යොමු වුණේ...
”මම
කාමරයේ ඉටි ලිපක් තියාගෙන විවේක වේලාවට විවිධ නිර්මාණ අත්හදා බැලූවා. ඔය
අතරේ මගේ අවුරුදු දෙක අවසාන වුණා. මම නැවත ලංකාවට ආවා. ඇවිත් මම ඉගෙනගත්
කලාව ලංකාවේ උදවිය සමග බෙදාගන්න පටන් ගත්තා.”
මේ කාලය වෙන විට ලංකාවේ රැුකියා විරහිත තරුණ කණ්ඩායම් වෙත ඇය විසින්ම
ආරාධනා කරමින් බතික් ශිිල්පය නොමිලයේම කියා දුන්නාය. මේ නිසා ලංකාව තුළ
බතික් කලාවේ මූලාරම්භය ගොඩ නැගෙන්නට විය.
”නොමිලයේ පංති කරන අතර මුදල්වලටත් පංති පවත්වන්න ආරාධනා ලැබුණා. ලැබුන
අවස්ථාව මම මග හැරියේ නැහැ. මට අවශ්‍ය වුණේ මේ ශිල්පය ලංකාවේ ව්‍යාප්ත
කරන්න. පාඩම් දහයක් ඒ කාලයේ රුපියල් දෙසිය පණහකට ලබා දුන්නා.”
බතික් වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳවත් බොහෝ දෙනාට ගැටලූ තිබෙනවා.
බතික් වෙනුවෙන් යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අධිකයි. ඒ වගේම සුලබ නැහැ.
නිසි ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය භාවිතා නොකළොත් නිමාව දුර්වලයි. මේ
නිසා විශේෂයෙන් ඒ
ගැන අවධානයක් යොමු වීම ඉතා වැදගත්. බතික් ආරම්භක කාලයේදී පවා ඒ වෙනුවෙන් අවශ්‍ය මී ඉටි ලබා ගැනීම දුෂ්කර කාර්යක් වුණා.
බතික් නිර්මානය වෙනුවෙන් පවතින ගැටලූ
බතික් බොහොම සියුම් කලාවක් නිසා එය ඉතාම ඉවසීමෙන් කිරීම වැදගත්. අතින්ම
කරන්නේ..ඒ නිසා ඉල්ලූම වැඩි වුණත් සැපයුම වේගවත් කිරීම අසීරුයි. අත්උදව්වට
කවුරු ගත්තත් කලාවේ තිබෙන සියුම් දේ හරි විදියට නිමා නොවුණොත් ඒ නිෂ්පාදනයේ
අලංකාරයක් නැහැ.
ඇඳුම්වලට බතික් නිර්මාණ යොදන විට එහි අලංකාරය ඉස්මතු කරන්නේ......
වෙන ඇඳුම් වගේ නොවෙයි, අපි බතික් කරද්දී මුලින් ඇඳුම මහලා එයින් අනතුරුව
අලංකාර කිරීමක් කරන්නේ. මේ නිසා ඇඳුම මැසීමේ තිබෙන අඩුපාඩු බතික් කිරීමෙන්
පිරිමහන්න බැහැ. ඒ නිසා බතික් කිරීමට ඇඳුම් මහන ශිල්පීන් තුළත් විශාල
වගකීමක් තිබෙනවා. සමහර බතික් ශිල්පීන් නම් ඇඳුමත් ඒ අයම මහනවා. මේ තත්ත්වය
නම් ඉතාම වටිනවා.එතකොට ඇඳුමට ගැලපෙන විදිහට නිර්මාණය කරන්න පුළුවන්.
කාලගුණ තත්ත්වය
ඔව්...බතික් වෙනුවෙන් කාලගුණය ඉතාම තදින් බලපානවා. හරි විදිහට වියලා
ගැනීම අපහසු වුණොත් පුස් ගතියක් ඇති වෙන්න පුළුවන්. වර්ණවල දිප්තිමත් බවට
බාධාවක්. ඉල්ලූම් ලබා ගත්තත් කාලගුණය හරස් වුණොත් අදාල දවසට ලබා දීම
අපහසුයි.
ආදේශක රෙදි පිළි නිසා ඇති වුණ බලපෑම
අද වෙන විට ප්‍රවණතාවය තිබෙන්නේ වෙනත් ඇඳුම්වලට. ඩෙනිම් වගේ කලිසම්
විශේෂ වෙත තරුණ පිරිස් යොමු වෙලා. බතික් කාලයක් මැදි වයසේ කාන්තාවන් අතර
ජනපි‍්‍රය වෙලා තිබුණා. ලූන්ගි, කෆ්ටාන් වැනි ඇඳුම්වලට තවම ඉල්ලූම තිබෙනවා.
ඒ වුණත් මේ කලාව වෙනුවෙන් පිරිවැය ඉහළ නිසා මිල පිළිබඳ තීරණය කිරීමේදී
බොහෝ දෙනෙක් පසුබහිනවා. තමන්ගේ ආර්ථිකයට අපහසුයි. ඒ වුණත් මේ ශිල්පය
වෙනුවෙන් යොදන අමුද්‍රව්‍ය මිළ ඉහළ නිසා අපිට වෙනත් මසා නිම කළ ඇඳුම්වලට
සාපේක්ෂව මිල අඩු කිරීම අපහසුයි. ඒ නිසා බොහෝ දෙනෙක් බතික් වෙනුවෙන්
කැමැත්තක් දැක්වුවත් මිලට ගැනීමේදී දෙවරක් හිතන්න වෙනවා.
සංචාරකයන් අතර
ඒ අය බතික්වලට බොහොම කැමැතියි. ඔවුන්ට අවශ්‍ය බොහොම සිනිදු රෙදි. ඒ නිසා
සංචාරකයන් වෙනුවෙන් කියල බතික් ඇඳුම් නිමාවක් ගබඩා කිරීමත් අපහසුයි. ඔවුන්
ඇවිත් තෝරා ගන්නා රෙදි පිළි වර්ගය අනුව බතික් මෝස්තර යොදා දීම තමයි වඩාත්ම
සාර්ථක. ඔවුන් ගේ ජීවත්වෙන දේශගුණ කලාපයට ගැලපෙන විදිහට රෙදි තෝරා ගැනීම
අවශ්‍යයි. ඒත්...ඒ විදිහට පැයෙන් දෙකෙන් අපිට ඉල්ලීම් ඉෂ්ට කිරීම අපහසුයි.
ඇනවුම් ලැබුණත් මේ ශිල්පය අතින්ම කරන්න වෙන නිසා අපිට සැපයුම් ලබා දීමටත්
යම් කාලයක් අවශ්‍යයි. ඒ වගේම සංචාරකයන් ආපසු තමන්ගේ රට බලා යන විටත් තෑගි
බෝග විදිහට බතික් ඇඳුම් අරගෙන යනවා. මේ වෙනුවෙන් ආකර්ශණය ඇති වුණාම නැවත
ලංකාවට එන අයටත් බතික් මිලට ගැනීමට අවශ්‍ය පාර ඔවුන් කියා දෙනවා.
බතික් කර්මාන්තය ඉදිරියට යෑමට නම්
බතික් කියන්නේ ඉතාම සියුම් කලාවක්. මේ කලාවෙන් එක අවස්ථාවක බිහිවෙන්නේ එක
නිර්මාණයක් පමණයි. බතික් කලාවේ අද දකින්න ලැබෙන්නේ කලාවට වඩා ව්‍යාපාරයක්.
ඉක්මනට මුදල් උපයන උදවිය නිසා අද කලාව වෙනුවට ව්‍යාපාර පැත්තට යොමු වෙලා.
බතික් කලාවට ආදරය කරන අය වෙනුවෙන් ඔබේ පණිිවිඩය
කිසිම දවසක බතික් කලාව මුදල් උපයන තරගයට ගොදුරු
වුණොත් ඇත්තටම කලාවට ඉඩක් නැහැ. ඒ නිසා බතික්වලට ආදරය කරන හැම දෙනාගෙන්ම
මම ඉල්ලා සිටින්නේ මේ ශිල්පය කලාවක්...ඒ නිසා ඉක්මනින් පොහොසත් වෙන්න කලාව
යොදා ගන්න එපා.
ලංකාවට බතික් හඳුන්වා දුන් සෝමා උඩබාගේ නම් ඒ ඉතිහාසගත කාන්තාව දැන්
දසසිල් සමාදන්ව අනගාරික ජීවිතයක් ගත් කරනවා. සියල්ල අනිත්‍ය බව ඇය නුවණින්
පසක් කර ගෙන මේ තීරණය ගත්තේ 1985 වසරේ. ශ්‍රී ලංකාවට දන්ත ධාතුන් වහන්සේ
වැඩම කළේ කාන්තාවක්.. ශ්‍රී මහ බෝධි ශාඛාව වැඩම කරනු ලැබුවේද භික්ෂුණියක්
හෙවත් කාන්තාවක්. මේ සියලූ සිදුවීම් ඉතිහාසගතයි. ඒ අතර ශාන්ති නිකේතනයෙන්
තමා ලබා ගත් දැනුම මුල් කර ගෙන බතික් කලාව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට උර
දුන් ඇයත් කාන්තාවක්. සෝමා උඩබාගේ නම් වූ ඇය මෙරට බතික් කලාවේ මුල්ම
පුරුකයි.
”කිසිම දවසක කලාව මුදල් උපයන මාර්ගයක් කර ගෙන ඒ පසුපස හඹා යන්න එපා. මේක
කලාවක් විදිහට හිතන්න. ව්‍යාපාරයක් වුණොත් එතැන කලාව බිඳ වැටෙනවා.”
එදා ඇය නොමිලයේ මේ කලාව ලංකාවේ උදවියට බෙදා දුන්නේ කලාව ව්‍යාප්ත කරන
අදහසින්. ඒ සමග සංචාරක ව්‍යාපාරය දියුණු වුණාම ස්වයංරැකියා වෙනුවෙන්
අවස්ථාව ලැබුණා. ඒ අතර වුණත් ස්ථාවරත්වය තබා ගෙන ඉදිරියට යෑමේ හැකියාව
ලැබෙන්නේ කලාවේ සියුම් තැන් හඳුනාගත්තොත් විතරයි. එහෙම නැතුව ඉක්මනින්
පොහොසත් වෙන්න කියලා බතික් කරන්න බැහැ. එහෙම වුණොත් එතැනින් නියම කලාත්මක
බතික් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ සෝමා උඩබාගේ නම් දසසිල් මාතාවගේ අදහසයි.
ශ්‍රී ලංකාවට බතික් හඳුන්වා දුන් ඇය මුල් කර ගෙන පැවැති මහනුවර අරුප්පල
පැවැති උපහාර උත්සවයකදී නිෂ්පාදන කරුවන් කියා සිටියේ, ”බතික් වෙනත්
නිෂ්පාදන වගේ හදිස්සියට කරන්න බැහැ. අතින් කරන නිසා ඉල්ලුම මොන තරම්
ලැබුණත් ඒ වෙනුවෙන් සැපයුම වෙනස් කරන්න බැහැ. එක විදිහට නිර්මාණය වෙන්නේ
එක් නිෂ්පාදනයක් විතරයි. අපි සංචාරකයන් වෙනුවෙන් බතික් නිෂ්පාදනය කරනවා.
මෙහිදී ඒ රටට ගැලපෙන විදිහට රෙදි තෝරා ගන්න වෙනවා. ඔවුන්ගේ ඇඳුම් විලාසිතාව
ගැන හිතන්න ඕන.
බතික් ඇඳුමක් අවසාන කරන්න අපි මුදල් වැය කරන්න වෙනවා. ඉල්ලූමක් ලැබෙන
තෙක් මේ මුදල අපිට ලැබෙන්නේ නැහැ. කාලගුණ තත්වයත් බතික් කර්මාන්තයට
බලපානවා. වැස්ස සහිත කාලයකදී ඇනවුමක් ලැබුණත් කර ගැනීම අපහසුයි. සමහර
අවස්ථාවලදි ඩයි නිසා ආසාත්මිකතාවයන් ඇති වෙන අයත් ඉන්නවා. වෙනත් රෙදි පිළි
කර්මාන්තවලට නැති ප්‍රශ්න බතික් කර්මාන්තය මුල් කර ගෙන තිබුණත් විදේශ
විනිමය උපයා ගත හැකි බතික් කලාව දිරි ගැන්වීම ගැන අවධානය යොමු විය යුතු
කාලය දැන් එළැඹ තිබෙන බව ඔවුන්ගේ අදහසයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, February 19, 2019
ලංකාවට බතික් හඳුන්වා දුන් සෝමා... - ඇය දැන් දස සිල් මාතාවක්...!!!
Posted by
lankanews
at
February 19, 2019
Labels: batik, lanka batik, lankanews, soma udabage
ලංකාවට බතික් හඳුන්වා දුන් සෝමා... - ඇය දැන් දස සිල් මාතාවක්...!!!
2019-02-19T22:55:00+01:00
lankanews
batik|lanka batik|lankanews|soma udabage|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...