අපේ ඇසූ පිරූ දැනුමට අනුව මිනිසාගේ පරම
ආයුෂ 120 ක් වුවත් වසර 150 කටත් වඩා කාලයක් කිසිදු අතුරු ආපදාවක් නැතුව
පවත්වා ගෙන යන්න පුළුවන් වුණොත් එය මොනතරම් වාසනාවක්දැයි ඔබට සිතෙනු ඇත. ඒ
සමගම මෙය සිදු විය නොහැකි දෙයක් යැයි සිතෙන වාර අනන්තවත් ඇති. එසේ නම්
දීර්ඝ කාලයක් ජීවත්වීමේ රහස ගැන ඔවුන් කියන අදහස් මෙසේය.
ඊසාන දිග පකිස්ථානයේ ‘හුන්සා’ නිම්නයේ
ජීවත්වෙන මෙම වැසියන් තවමත් හුදෙකලා ගෝති‍්‍රක විශේෂයක් ලෙසින් දිවි ගෙවති.
එහෙත් ඔවුන්ට අකුරු ලිවීමේ කියැවීමේ හැකියාව ඇති අතර හැම හුන්සා
වැසියෙක්ම උසස් අධ්‍යාපන ඩිප්ලෝමාවක් හෝ හෝ ලබා සිටිති. ආගම් දෙකකින් සහ
ජනවර්ග හතරකින් සමන්විතය. ඉතා මිත්‍රශීලී ජීවිතයක් ගෙවන මෙම වැසියන් ගැන
ලෝකයා දැන් වඩාත් විමසිලිමත්ව සිටිති. ඊට හේතුව වී ඇත්තේ ඔවුන් ඉතා
නීරෝගීමත් ලෙසින් වසර 150 ක ආයු කාලයක් වුවත් ගෙවීමට හැකි වන සේ තමන්ගේ
ජීවන රටාව ගොඩ නගා ගෙන සිටීමයි. පකිස්ථානයේ ආයු අපේක්ෂව අවුරුදු 67 ක්් පමණ
වෙද්දී මෙම හුන්සා වැසියන් පිළිකා රෝගයට ගොදුරු නොවීමේ ආශ්චර්ය ගැනත්
ලෝකයාගේම විමසිල්ල දැන් යොමු වී තිබේ. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා විසින්
ගී‍්‍රසිය ආක්‍රමණය කරන යුගයේදී ආරක්ෂාව නිසා ඇතැම් පුද්ගලයින් මෙම නිම්න
කලාපයේ රඳවා තබා ඇති අතර අද වෙන විට ජීවත්වන පිරිස ඔවුන්ගෙන් පැවැතෙන්නන්
යැයි විශ්වාසයක් තිබේ.
‘ෂාමන්වරුන්’ (shamanic)ගේ ඉතිහාසයට මෙම
හුන්සා ගෝති‍්‍රකයින් සම්බන්ධ කරමින් ගෙතී තිබෙන ප්‍රබන්ධය අනුව
සුරංගනාවකට සමාන හැඩරුව ඇති Pari විසින් මෙම ගෝති‍්‍රකයින් අවට ජනාවාස
වැසියන් වෙතින් හුදෙකලා කර ගෙන ආරක්ෂා කර ගෙන ඇති බවට විශ්වාස පවතී. Pari
මෙම සමාජයට සම්බන්ධ කරනු ලැබුවේ ‘බිට්මන්’ නැමැති අදෘශ්‍යමාන බලවේගය බවටත්
විශ්වාසයක් තිබෙනවා. ‘බිට්මන්’ නැමැති බලවේගය විසින් දැල්වෙන පඳුරකින් දුම
ආශ්වාස කොට බෙර හඬට අනුව රංගනයක යෙදී ඇත. එයින් පසුව හොඳින් වැඩුන
එළුවෙකුගේ හිසෙන් රුධිරය බී සතුටට පත්ව ඇති බවත් කියැවේ. එයින් පසුව මේ
අදෘශ්‍යමාන චරිතය විසින් හුන්සා ගෝත්‍රිකයින්ට අවවාද මෙන්ම අනාගතය ගැනත්
අනාවැකි සඳහන් කර තිබේ. අදටත් කඳුකර කලාපයේ සංචාරයේ යෙදෙන එෙඬ්රුන්
ප්‍රකාශ කරන්නේ Pari ගේ හඬ සහ සංගීත රාවයන් ඔවුන්ට ඇසෙන බවයි.
එහෙත් මෙම Pari සුරංගනාවිය බටහිර
යුරෝපයේ ඇති සුරංගනා සංකල්පයට වෙනස්ය. තමන්ගේ පැවැත්ම Pari සමග සම්බන්ධ කරන
හුන්සා ගෝත්‍රිකයින් සඳහන් කරන්නේ ”අපි මිනිස්සු...ඒක් අපි ටිකක්
වෙනස්...අපේ සම සුදුයි. මිනිසුන්ට වඩා උසයි...රන්වන් කෙස්...රතු කම්මුල්...
අපේ කට මිනිසුන්ගේ කටට සාපේක්ෂව පළලයි. නාසය නළල තෙක් විහිදී තිබෙනවා. පාය
පසුපසට නැමී තිබෙනවා...
හුන්සා නිම්නයේ කාන්තාවන්ට දරුවන් ගැබ්
ගැනීමට වයසක් පවා නොමැති බැව් ඔවුන් සඳහන් කරයි. ඒ තරමටම දරුවන් ගැබ්
ගැනීමේ හැකියාවෙන් මෙම කාන්තාවන් වාසනාවන්ත වී ඇත. වයස අවුරුදු 65 ක් වුණත්
ඔවුන්ට දරුවන් ලබන හැකියාව තිබේ. ඔවුන්ගේ දීර්ඝායු ලැබීමේ රහස පිටුපසින්
ඇති හේතු සාධකයන් ගැන බොහෝ දෙනාට දැන් පූර්වාදර්ශ සපයනු ඇත. ඔවුන්ට සමීප
නාගරික ජනාවාස තිබුණත් ඔවුන් නළ ජලය වැනි පහසුකම් වෙනුවෙන් මෙම නාගරික
ජනාවාස වෙත යොමු වන්නේ නැත. ස්නානය, පානීය ජලය සපයා ගන්නේ ස්වභාවික ජල
මූලාශ්රයන්ගේ ආධාරයෙන්ය. සකස් කළ ආහාර කිසිසේත්ම පරිභෝජනය නොකරන හුන්සා
වැසියන්ගේ ප්‍රධාන ආහාරය ‘ඇපි්රකොට්’ සහ වෙනත් අමු පළතුරුය. ඇපි්රකොට්
පළතුරු ආහාරයට ගැනීමෙන් උපයන ඊ 17 හෙවත් amygdalin, හුන්සා වැසියන්ගේ
ජීවත්වීමේ රහස් සහ පිළිකාවෙන් ආරක්ෂාව ලැබීමේ වාසනාව අතරට එක්ව ඇති එක්
කරුණක් ලෙසින් උපකල්පනය කෙරේ.
යෝග ව්‍යායාම, ශ්වසන ක්‍රමවේද සහ භාවනා
මගින් හිත සැහැල්ලූ කර ගැනීමේ හැකියාව ලබා ගන්නා හුන්සා වැසියන්ට ඒ නිසාම
ආවේග පාලනය කර ගැනීමේ ශක්තිය ලැබී තිබේ. ඒ වගේම ගහ, කොළ සහ පිරිසිදු
දියතලාවන්ගෙන් සපිරි පාරිසරික පසුබිමක් තුළ හුන්සා වැසියන්ට ශ්වසනය
වෙනුවෙන් ලැබෙන්නේ පිරිසිදු වාතාශ්‍රය වීමත් තවත් එක් වාසනාවකි.
මෙන්න ඔවුන් අපිට දෙන උපදෙස් යාවජීව අධ්‍යාපනය
* ඉගෙනුමට වයසක් නැහැ. ඔබ බාලකාලයේදී කියවන සහ සිතන දෙයින් තරුණ කාලයේදී ජීවිතයට ඇවැසි පන්නරය ලබනු ඇත.
* අපේ මානසික නීරෝගීතාවයේ රහස ගැන
කිව්වොත් ඒ වෙන කිසිම දෙයක් නොවෙයි, අපේ මොළයේ නීරෝගී කි‍්‍රයාකාරිත්වය
නිසාම අපේ ශාරීරික පැවැත්මත් නීරෝගී වුණා.
* තනිකඩ ජීවිතයත් ගැටලූවක් නොවේ
අද බොහෝ මනෝවිද්‍යාඥයින් සඳහන් කරන
අන්දමට තනිකඩයන්ට වඩා විවාහකයින්ගේ ආයු කාලය වැඩි බවයි. ඒත් හුන්සාවරුන්ගේ
අදහස නම් විවාහක හෝ අවිවාහක බව නොව ජීවිතයේ දීර්ඝායුෂ වෙනුවෙන් බලපාන්නේ
හැඟීම් බවයි. සඟවා ගත් හැඟීම්වලට වඩා මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම
නීරෝගී වීමට වඩාත් හිතකර සාධකයක්. ස්වයං ඉගෙනුම සහ භාවනාවෙන් ඔබට
අවශ්‍යතාවයන් සහ ආශීර්වාදයන් සඵල කර ගැනීමට හැකි වේවි. මේ වෙනුවෙන් තවත්
අතුරු කතාවක් එක් කළොත් ඒ මෙසේය. ඉතාලියේ ‘එමා මොන්රෝ’ අවුරුදු 116 ක් ආයු
ලැබ මිය ගියා. ඇය වයස අවුරුදු 38 දී දික්කසාද වුණේ තමාගේ ස්වාධීන ජීවිතය
වඩාත් වැදගත් නිසයි. ඒත් ඇය ශාරිරිකව හෝ මානසිකව රෝගී වුණේ නැහැ. ඇයට
යාන්තමින් හෝ රෝගයක් ඇතිවුණා නම් ඒ රක්තහීනතාවයයි. දිනකට අමු බිත්තර දෙකක්
ආහාරයට ගැනීමෙන් ඇය ඒ රෝගී තත්වයත් වළක්වා ගත්තා.
* හැඟීම් යටපත් කර ගන්න එපා. එවිට වතුරට
දමන රබර් බෝලයක් වගේ මේවා නැවත පිටතට පැමිණීමට උත්සාහ ගන්නවා. ඒ පීඩනය
නිසා ඔබ අකලට මහලූ විය හැකියි.
* ආතතියෙන් මිදෙන්න. අද ලෝකයේ බොහෝ සේ
කථා කරන මෙම මාතෘකාව ගැන හුන්සා වැසියන් ප්‍රායෝගිකව අත්දැකීම් ලබා තිබේ. ඒ
නිසා ඔවුන්ගේ එකම අවවාදය නම් දිගු කාලයක් ජීවත්වීමට නම් ආතතියෙන් මිදීම
අවශ්‍ය බවයි.
* කාබනික ආහාර ගන්න.
ආහාර නිසා ශරීරගත වෙන වස විස පිළිකාවට
හේතුවක් බැව් අපි දැන සිටියත් එයින් මිදෙන්නට කිසිදු උත්සාහයක් නොගන්නා
අපිට හුන්සා වැසියන් ලබා දෙන එකරම අවවාදය වන්නේ කාබනික ආහාර මත යැපීම
දීර්ඝායුෂ ලැබීමට හේතු වෙන බවයි.
* ශාරිරික ව්‍යායාම
එදිනෙදා ආහාර තමන් විසින්ම නිෂ්පාදනය කර
ගැනීම නිසා ඔවුන් දවසේම සිරුර වෙහෙසෙන අන්දමින් කටයුතු කිරිමත් නීරෝගී
ජීවිතයේ රහස බැව් සඳහන් කර සිටී.
පුන්‍යා චාන්දනී ද සිල්වා
yogaesoteric ඇසුරිනි
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, February 19, 2019
අපේ හත්මුතු පරම්පරාවටම පිළිකා නැහැ... වසර 150ක ආයු කාලයක් වුවත් ගෙවීමට හැකියි...!!!
Posted by
lankanews
at
February 19, 2019
Labels: cancer, cancer mission, Cancer Research, lankanews
අපේ හත්මුතු පරම්පරාවටම පිළිකා නැහැ... වසර 150ක ආයු කාලයක් වුවත් ගෙවීමට හැකියි...!!!
2019-02-19T22:47:00+01:00
lankanews
cancer|cancer mission|Cancer Research|lankanews|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
