ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 24, 2019

ලංකාවේ NO:1 ධනවතා රටටම දැනෙන්න කියන කතාව....!!!

1978 මුලන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගෙන ආවට පසුව මේ ගේන්න හදන්නේ 20 වැනි සංශෝධනය. එවිට මේ හැම සංශෝධනයකින්ම මිනිස්සු බලාපොරොත්තු වුණා ආර්ථික වශයෙන් තමන් ඉහළට යයි කියලා. අද වන විට අවුරුදු 41ක් ගිහින් තිබෙනවා. හැබැයි මේ හැම පාරම මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේ සංශෝධනය ආවට පස්සේ ආර්ථිකය ඉහළ යයි කියලා. හොඳම උදාහරණය තමයි 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරනවා 1987දී තමයි මේ රටේ පළාත් සභා ක්‍රමය ඇති වන්නේ. පළාත් සභාවලට දීලා තිබෙන බලතල 37ක් තිබෙනවා. ඒක 142 උප ලේඛනයේ තිබෙනවා.

පොලිස් බලතල ගත්විට මහජනයාට තේරෙන පොලිස් බලතල කුමක්ද? මහජනයාට තිබෙන පොලිස් බලතලය තමයි කම්ප්ලේන් එකක් දාන්න පොලිසියට ගිය විට තමන්ගේ භාෂවෙන් එය නිවැරදිව ඉටු කරගන්න පුළුවන්ද කියන එක. උතුරු පළාතටම පොලිසි තිබෙන්නේ 56යි. මේ 56ට කාන්තා පොලිස් නිලධාරිනියන් එක ස්ටේෂන් එකකට 10 ගාණේ දුන්නොත් 560යි. මෝටර් බයික් 5 ගාණේ දුන්නොත් 280යි. ඔන්ලයින් ඔන් සයිට් එතැන සිටම ඒ අයව පුහුණු කළොත් මේ මිනිසුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා. ලංකාවේම පොලිස් ස්ටේෂන් තිබෙන්නේ 410යි. කම්පේල්න්ස් එන්නේ 3000යි. ඒ කියන්නේ ඇවරේජ් එක දිනකට ලැබෙන කම්ප්ලේන් ප්‍රමාණය 7ක් 8ක් අතර ප්‍රමාණයක්. ඇයි මිනිස්සු පොලිසියට ඇවිත් කම්ප්ලේන් එක කරන්නේ. ඇයි ගෙදරට ඇවිත් කම්ප්ලේන් එක ලියාගන්න ආකාරයේ වටපිටාවක් හදන්න බැරි. මේ දේවත් නොකරන්නේ ඇයි.

පසුගිය ආණ්ඩුවේ වැඩකරන විට මම දුටුව දේ තමයි දේශපාලනඥයන් බදාදාට ජනතාව හමුවන්න ඕන. ඇතැම් දිනවලට පාර්ලිමේන්තු යන්න ඕන. හරිම පොඩි වෙලාවක් තමයි අමාත්‍යාංශයේ වැඩවලට යොමුවෙන්න තිබෙන්නේ. ඇත්තටම මේක ලේකම් ලෙවල් ඒකේ කරන්න ඕන වැඩක්. ප්ලෑනින් අංශයෙන් තමයි මේක සම්පූර්ණයෙන්ම ඉටු කරන්නේ. ඒ දේවත් සිදු කරන්නේ නැත්නම් මම දන්නේ නැහැ මොනවාද කරන්න පුළුවන් කියලා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ මට වැඩකොටසක් කරන්න පුළුවන් වුණා. ප්‍රභාකරන් උතුරේ තිබුණ දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 310ක් විනාශ කරලා තිබුණේ. නමුත් මගේ අවුරුදු තුනහමාරක කාලය තුළ මම ඒ දුම්රිය මාර්ගය නැවත සකස් කළා. වවුනියාවේ සිට කන්කසන්තුරයටත් මන්නාරමටත් දුම්රිය ස්ථාන 10ම හදලා, එම කිලෝමීටර් 310ම මමත් බොහෝ අවස්ථාවල එම ස්ථානයටම ගියා.

හොඳම උදාහරණය තමයි මගේ මේසය උඩ ෆයිල් 470ක් තිබුණා. මේ 470ම දුම්රිය මාර්ගයට උඩින් අනවසරයෙන් පදිංචිවෙලා ඉන්න අයට විරුද්ධව නඩු දාපුවා. ඒ කියන්නේ මේ දුම්රිය මාර්ගයේ අනවරසයෙන් පවුල් 470ක් පදිංචිවෙලා හිටියා. මම දැනගත්තා මේ නඩු ටික දැම්මොත් තවත් අවුරුදු 25කට විතර මේ දුම්රිය මාර්ගය නැවත හදන්න පුළුවන් වෙන්නේ නැහැ. මම මේ එකකටවත් අස්සන කරන්නේ නැහැ කියලා කන්ට්‍රැක්ටර්ව ගෙනැල්ල ඔයාලට තියෙන වගකීම මේක පරක්කු කරන එක නෙවෙයි කියලා එතැනම මීටර් 500ක් පමණ දුරින් තිබෙන ඉඩමක් ඩෝසර් කරලා හදලා දුන්නා අර පැල්පත් ටික ගහන්න කියලා රුපියල් 30,000කුත් එක්ක. සුමාන 2ක් ඇතුළත පවුල් 470ම එතැනින් ගියා. එහෙම තමයි මේ දුම්රිය මාර්ගය හැදුවේ. හැබැයි අද වෙනකම් කවුරුවත් දන්නේ නැහැ මෙහෙම කිලෝමීටර් 310ක් හැදුවා කියලා. මම ඒක ප්‍රසිද්ධ කළේ නැත්තේ එහෙම ප්‍රසිද්ධ කළා නම් ඒකත් සිදු නොකරන්න වැඩකටයුතු සිද්ධ කරනවා.

උතුරු පළාත ගත්තොත් ළමයි 17,000ක් ඉපදෙනවා අවුරුද්දකට. 6000ක් මැරෙනවා. 11,000ක් ජනගහනයට එකතු වෙනවා. මේ අතරේ පාසල් යන ළමයින් සිටිනවා 240,000ක්. සමහරක් වෙලාවට ඉංග්‍රීසි, ගණන්, විද්‍යාව, ගුරුවරුන් මේ පාසල්වල නැහැ. නමුත් ගොඩක් වෙලාවට මේ ගුරුවරු විශ්‍රාම යනවා. ඇයි මේ විශ්‍රාම යන ගුරුවරු අවුරුදු 70 වනතෙක් ගෙන්වලා මේ දරුවන්ට උගන්වන්න බැරි. පසුගිය අවුරුදු 3ම ඉංග්‍රීසි, ගණන්, විද්‍යාව ගුරුවරුන් ගෙන්වූවා නම් ඒ අය සතුටින් උගන්වනවා. 249,000කට පඩි ගෙවන අධ්‍යාපන අමාත්‍යාංශයේ බජට් එකෙන් මම මේ කතා කරන්නේ. 10,000ක් ගැන. 10,000ක් කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් වුණාට එය ආණ්ඩුවට අමතර බරක් නොවෙයි. ලී ක්වාන් යූ වගේ අය රටවල් හැදුවේ රටේ ජනතාවට අධ්‍යාපනය ලබා දීලා මිස වෙන දේ්වල් දීලා නෙවෙයි. රටක මිනිස්සු පොහොත් කරන්න බැහැ අධ්‍යාපනය ලබානොදී. ඉගෙන ගත්ත දරුවෙක්ව කවදාවත් දුප්පත් කරන්න බැහැ. හොඳට ඉගෙන ගෙන තිබෙනවා නම් ඒ ළමයාට ලංකාවේ රස්සාවක් නැත්නම් ඉංග්‍රීසි භාෂාව පුළුවන් නම් ඒ ළමයා ලෝක වෙළෙඳපොළට හරි යන ආකාරයට නම් හැඩගැහිලා ඉන්නේ ඒ ළමයාට විදේශගත වෙලා රැකියාවක් කරන්න පුළුවන්.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ කිසිම තැනක වැරැද්දක් තියෙනවා මම දැකලා නැහැ. හැබැයි පොඩි පොඩි තැන්වල වැරදි තිබෙනවා. තුන්වැනි ශේ‍ර්ණියේ ඉඳලා ගණිතය ඉංග්‍රීසියෙන් උගන්වන්න පුළුවන් නම් 6 පන්තියේ ඉඳලා විද්‍යාව ඉංග්‍රීසියෙන් උගන්වන්න පුළුවන් නම් හරි.

රැකියා වෙළෙඳපොළට හරියන්න විෂය පථය තමයි වෙනස් කළ යුතු වන්නේ. නමුත් ගොඩක් ළමයි උසස් පෙළ සඳහා කලා විෂය තෝරාගන්නේ ගණිතය අසමත් වන නිසයි. නමුත් ලංකාවේ අනෙක් හැම විෂයක්ම උසස් පෙළට උගන්වන පාසල් තිබෙන්නේ 1087 යි. 1860ක්ම තිබෙන්නේ වාණිජ සහ කලා විෂය උගන්වන පාසල්. අන්න ඒ පාසල්වලට හඳුන්වා දෙන්න ඕන. හැම දියුණු වුණ රටකම උපාධිධාරීන් 50%ක් ඉන්නවා. අපේ 7% සියටට දාහතරක් දක්වා වර්ධනය කරන්න පුළුවන් අපිට. අපේ රටේ විශ්විද්‍යාලයට යන්න තේරෙන්නෙ ළමයින් 60%න් විශ්වවිද්‍යාලවලට ගන්නේ 30%යි. මේ කැම්පස් යන්න බැරි වෙන 30% මිලියනයක් වටිනා ශිෂ්‍යත්වයක් දීලා කිව්වොත් උපාධියක් ගන්න කියලා ඒ අය උපාධියක් ගන්න කටයුතු කරනවා.

පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න සිසුන් සහ රජයේ විශ්වවිද්‍යාලවලට යන සිසුන් අතරින් ඝට්ඨනයක් තියෙන්නේ වෛද්‍යවරුන් අත විතරයි. ඒ හැරෙන්න කිසිම විෂයක කිසිම ප්‍රශ්නයක් නැහැ. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය 2% ගැටලුවක්, ඒ 2% පැත්තකින් තියලා අපි පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා අනෙක් 98%ගැන කතා කළ යුතුයි.
මගේ දරුවන් ගත්තොත් සාමාන්‍ය පෙළ ගණිතය විෂයෙන් ලෝකයෙන්ම දෙවැනියා වුණේ මගේ දරුවා. එඩෙක්සෙල් උසස් පෙළ ගණිතය විෂයෙන් ලංකාවෙන්ම පළමුවැනියා. මම ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ සහ ඒ අය දන්නේ ගණිතය පමණයි. ගණිතයයි විද්‍යාවයි නැතිව ඉදිරියේදී ජීවත් වෙන්න හරිම අමාරුයි. 10 සහ 11 ශේ‍ර්ණිවල දරුවන්ට මම කියන කාරණයක් තමයි වාණිජ විෂය ඉගෙන ගන්නා කියල. මොකද ඒකෙන් පුළුවන් තමන්ව පෞද්ගලිකවම කළමනාකරණය කරගන්න. එහෙම නොකරපු ඉන්ජිනේරුවන්, වෛද්‍යවරුන් මගේ ළඟ ඉන්නවා. මේ අයට පොඩි මුදල් ප්‍රශ්නයක් ආවාම බබාලා වගේ හැසිරෙන්නේ.

මේ කරන්නේ ගණන් ෆේල් වෙන නිසා කරන කලාවක් මිසක් කලාවට වැඩක් කරන්න නෙවෙයි. කීයෙන් කී දෙනාද සංගීතය, නැටුම් වගේ විෂයයන් තෝරාගන්නේ. විශ්වවිද්‍යාලයට බල්ක් එකක් තෝරගන්න නිසා විශ්විද්‍යාලයට කොහොම හරි යන්න ඕන කියන පරමාර්ථයෙන් තමයි මේ අය කලා විෂය ධාරාව කරන්නේ. මගේ දරුවන්ට මෙම නැටුම් උගන්වලා තිබෙනවා. සංගීත භාණ්ඩ වාදනය උගන්වලා තිබෙනවා. මේවා කරන්න ඕන දරුවන්ගේ තිබෙන ආතතිය නැති කරන්න.

අදටත් මම මගේ මොළයෙන් 5%ක් වගේ ප්‍රමාණයක් තමයි භාවිත කරල තිබෙන්නේ. මිලියන 21ක් වගේ ඉන්න රටක ඉන්දුනීසියාවේ මගේ ප්ලාන්ට්ස් 2ක් තිබෙනවා. මම ගන්න කලින් ඇහුවේ මුහුදු මට්ටමේ ඉඳලා කොපමණ උසින්ද තිබෙන්නේ කියලා විතරයි. මීටර් 16ක් උසින් තිබුණේ. මම කර්මාන්ත ශාලාව හැදුවා. සුනාමි අවාම මම එක කෝල් එකක්වත් ගත්තේ නැහැ. මොකද මම දන්නවා මීටර් 16ක් උසට සුනාමි එන්නේ නැහැ කියලා. මම තායිලන්තයේ ගහල තිබෙනවා කර්මාන්තශාලා 3ක්. මම මේ එකක්වත් ගිහින් බලලා ගත්ත ඒවා නෙවෙයි. හැම දෙයක්ම ඩේ‍රායින්ස් බලලා වීඩියෝස් බලලා කාර්යාලයේ ඉඳන් ඇපෘවල් දුන්නේ. ලෝකයේ හොඳම වාහන ටික ගත්තොත් ඒ වාහනවල ෆිල්ටර් එකේ තියෙන්නේ අපේ රටේ කාබන්. වෝටර් ෆිල්ටර්වල තියෙන්නේ 3 එම් කම් ඒ වගේ කාබන්.

ලංකාවේ මගේ සමාගමේ රැකියා අවස්ථා හම්බවෙලා ඉන්නවා 58,000ක පමණ පිරිසක්. විදේශවල ඉන්නවා 2000ක් විතර. මට සමාගම් 200ක් විතර තිබෙනවා. ටැක්ස්වලින් 5%ක්ම එන්නේ අපේ සමාගම්වලින්. අවුරුදු 5ක් කියන කාලසීමාව ගත්තොත් දිනකට පැය 8යි. සුමානයට දවස් 5යි, පැය 40යි. අවුරුද්දට තියෙන්නේ සුමාන 52යි. ඒ කියන්නේ 52, 40න් වැඩි කළාම තියෙන්නේ 2080යි. ඒක අවුරුදු 5කින් වැඩි කළ විට පැය 10,400ක් තමයි තිබෙන්නේ. මේ කාලසීමාවේ එක පැයකට එක තීරණය ගාණේ ගත්තොත් තීරණ 10,400ක් ගන්න විට ආණ්ඩුවේ කාලය ඉවර වෙනවා. එවිට නිවුස්වල දිනකට තීරණ 8ක් විතර එන්න ඕන. හැබැයි එහෙම එන්නේ නැත්නම් අපි දන්නවා තීරණ ගන්නේ නැහැ කියලා. අපි ව්‍යාපාරිකයන් හැටියට කවදාවත් රටක් හොඳයිද නරකයිද කියලා බලලා නොවෙයි ආයෝජනය කරන්නේ. රට වෙනුවෙන් හිතලා. රට හොඳ වුණත් නරක වුණත් අපි ආයෝජනය කරනවා.

ආයෝජකයන් එන්නේ සල්ලි හම්බ කරන්නයි අනෙක් රටවලට වැඩිය අපේ රටෙන් ප්‍රතිලාභ තියෙනවාද කියලා බලලයි. මම මාසෙකට කලින් ලොජිස්ටික් සිටි එකක් හැදුවා. ඒකේ ඒ 3 එයාර් ක්‍රාෆ්ට් 4ක් දාන්න පුළුවන්. ආසියාවේ ඒ තරම් ලොකු එයාර් හවුස් එකක් නැහැ. මම දැන් වසරක පමණ කාලයක් ඉන්නේ ආර්ටිෆිෂල් සයන්ටිස්ලත් එක්ක. එහෙම ඉඳලා මට මේ රටවල් පේන්නේ හරි පොඩි දේවල් හැටියට. හොඳම උදාහරණය පොලිස් ස්ටේෂන් තියෙන්නේ 410යි. කම්පේලේ්න්ස් 3000යි. මගේ සිංගර් ආයතනය ගත්තොත් ශාඛා තියෙනවා 435ක් පමණ. ඒවාට පාරිභෝගිකයන් එනවා 30,000ක් පමණ. මම දන්නවා හෙට කොයිතරම් ෆ්‍රිජ්, ටීවී, වායු සමීකරණ විකිණෙනවද කියලා ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ස් එකත් එක්ක. මේක පොලිස් ස්ටේෂන්වලට දැම්මොත් දැනගන්න පුළුවන් හෙට මේ වෙලාවට මේ ගමෙන් කේස් එකක් එනවා කියලා. අවුරුද්දක් විතර කරන විට මේක 90%ක් සාර්ථක වෙනවා. නමුත් දෙවැනි අවුරුද්දේ ඉඳන් මේක නොවෙන විට එයා බලන්න ගන්නවා මේක වෙන්නේ නැත්තේ ගමේ අපරාධකාරයෝ ඔක්කෝම හිරේද කියලා.

ජේ‍යාතිෂ්‍ය කියන දේ නම් මම පිළිගන්නේ නැහැ. මම බලන්නේ රාහු කාලය විතරයි. එක එක අය එක එක දේවල් කරනවා. සමහරු බෙල්ලෝ අරන් තියාගන්නවා. සමහරු වල්ලාපට්ටා, අකුණු සන්නායක හොයනවා. මේ කිසිම දෙයක් ඇත්ත නෙවෙයි. පුරාවිද්‍යා වස්තු ගත්තොත් බුදුහාමුදුරුවන්ගේ පිළිම කඩන එක විතරයි වෙන්නේ. මේවායේ කිසිම නිධානයක් නැහැ. අලුතෙන් හදපුවා පරණ කරලා විකුණන එක විතරයි වෙන්නේ. රාහු කාලය කියන්නේ විද්‍යාවෙන් පිළිගත් දෙයක්. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් මම පිළිගන්නේ නැහැ. අවුරුදු 23 ඉඳලා තමයි මම මේ වැඩේ කරගෙන යන්නේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දක්ෂයන්ව හඳුනගෙන ඒ අයව හරි තැනට ගිහින් ඉන්දුවා. මේ රජය ආවට පස්සෙත් මම කිව්වා අපෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා. ඒ අනුව අපිත් සංචාරක ව්‍යාපෘතීන් සඳහා සහභාගි වුණා. මම හිතනවා මේ අවුරුද්දේ ඒක ක්‍රියාත්මක වෙයි කියලා. එෆ්.සී.අයි.ඩී. එකට මටත් කැඳවීම් ආවා. ඒ කැඳවීම්වලින් ඔවුන්ටත් තේරුණා මේ කැඳවීම්වලින් වැඩක් නැහැ කියලා. මට කිසිම බලපෑමක් වුණේ නැහැ. කොටස් වෙළෙඳපොළ කඩා වැටීමේදී මොකද මම මගේ ෂෙයාර්ස් කාටවත් දීලා නැහැ. ඒ නිසාම ෂෙයාර් මාර්කට් එකේ මොකද වෙන්නේ කියලා හොයලා බලන්නේ නැහැ. අද වන විට බැංකුවල දාල තියෙන කැපිටල් එකට ට්‍රෙෂරි බිල් රේට් එකේ ඉන්ට්‍රස්ට් එකවත් ලැබෙන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ හැම බැංකුවකම කැපිටල් එක බිලියන 100, 200, 300 යි. දැන් 8%ක් ටැක්ස්. බැංකුවල එහෙම වෙද්දි දාලා තියෙන සල්ලි ටිකවත් ලැබෙන්නේ නැහැ.

මම ආණ්ඩුව හොඳද නරකද කියන එක බලන කෙනෙක් නෙවෙයි. ආණ්ඩුව, ආර්ථිකය බල බල අපි යන ගමනේ වැඩ කළොත් අපිට ගමන යන්න බැහැ. හැබැයි මට දුර පේනවා. රටේ ආර්ථිකයට කලින් අපි අපේ ආර්ථිකය බලාගෙන ඉන්න ඕන. නැත්නම් අපේ ළඟ ඉන්න ළමයි අනාථ වෙනවා. මට තීරණය කරන්න බැහැ රජය තීරණය කළොත් දේශීය නිෂ්පාදන එපා කියලා මට කරන්න දෙයක් නැහැ. ඒකෙන් මම කොහොමද එන්නේ බලනවා මිසක් මට බැහැ ඒකට විරුද්ධව වැඩ කරන්න. එන ආණ්ඩුවට සලකගෙන හොඳින් ඉන්නවා මිසක් මම කොහොමද ජනතාව පත්කරපු ආණ්ඩුව නරකයි කියන්නේ.

28%ක විතර ඇඩිෂනල් ටැක්ස් එකක් වැදිලා තිබෙනවා. අයි.ටී. අගේ කන්සල්ටනට් කරන කම්පැනි එකක් මෙහෙට සල්ලි ගේන්න ඕන නැහැ. එකම ගහක කොටස් වගේ තමයි මේක යන්නේ. සංචාරක වගේ ක්ෂේත්‍රයක් ගත්තොත් මිලියන 6ක් මේ රටට ගෙන්වන්න පුළුවන්. අනෙක් රටවල ගත්තොත් 50%ක් සංචාරකයන් එන්නේ බජට් එයාර් ලයින්ස්වල. ලංකාවටත් බජට් එයාලයින්ස් ආවා. අපි ගණන් අඩු කළේ නැති නිසා ඒ අය ලංකාවට ආවේ නැහැ. පැය 6-7 වගේ දුරින් තියෙන පළාත් සංවර්ධනය කරන්න ලෙහෙසි නැහැ. මාර්ග පද්ධතිවල කිසිම ප්‍රශ්නයක් නැහැ. තියෙන එකම ප්‍රශ්නය අභ්‍යන්තර ගුවන් ගමන් නැති නිසා සංචාරකයන් පැය 7කට එහා ගමන්වලට එන්නේ නැහැ. අනුරාධපුරයෙන් එහාට වැඩිය සංචාරකයන් යන්නේ නැහැ. ඒ වගේ පැතිවලට යන්නේ නැති එකම හේතුව තමයි මේ කනෙක්ටිවිටි එක නැති එක.

පාඩු ලබන ආයතන නැහැ. ලාභ අඩුවෙන ආයතන තිබෙනවා. ඇමෙරිකාව වගේ එපා කියපු ආයතනයක් ගත්තේ මගේ පොඩි කාලයේ ඉඳලා තිබුණ ආශාවක් තමයි ඉලෙක්ට්‍රොනික්. ඒ නිසා මම මේක අරගෙන ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ස් දාලා දැන් මගේ ටෝයි එකක් වගේ තමයි තියෙන්නේ. මගේ ක්‍රමයට සකස් කරගත්තා. තව අවුරුදු 5ක් විතර යන විට ඔන්ලයින් ඔර්ඩර්ස් කියන දේට සමාජය හුරු වෙනවා. ඉබේම තාක්ෂණය භාවිත කරනවා. ශ්‍රීලන්කන් එයාර් ලයින් එක ගොඩගන්න එක්කෙනයි ඉන්නේ. ඒ තමයි හැරී ජයවර්ධන. එයා ඉන්න කාලයේ ශ්‍රීලන්කන් එයාර් ලයින් එක පාඩු ලැබුවේ නැහැ. හැබැයි එයාට සභාපතිකම නොදී වෙන වෙන අයට දෙනවා. එහෙම දීලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ප්ලේන් එකක් ප්යිලට් කෙනෙක්ට දෙන්නේ නැතිව බස් ඩ්‍රයිවර් කෙනෙක්ට දුන්න නිසා තමයි මේ දේවල් වෙලා තිබෙන්නේ.

මගේ ආයතන තුළ සිස්ටම් දාලා තියෙන විදියත් එක්ක දූෂණ වංචා සිදු කිරීමට අමාරුයි. මම කළමනාකරුවන් ගනිද්දි ඉන්ටර්වීව් එකේදීම කියන්නේ අවුරුද්දක් තුළ ටේක් ඕෆ් කරන්න බැරි නම් ඉන්ටර්වීව් එක ෆේල් කියලා. මගේ කම්පැනි 230ක 60,000ක් ඉන්නවා. මගේ කම්පැනි එකේ කරන්නේ රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් විතරයි.
බලපෑම් කියන ඒවා පෙට්ටි කඩ මානසිකත්වයේ තියෙන ඒවා. ඒවායේ වයිෆ් මැරුණොත් කඩේ වහන්න වෙනවා. හැබැයි හම්බන්තොට වරායේ කන්ටේනර් ඇදන් යන්න කේ‍ර්න් ගේන්න කියලා තියෙනවා. නමුත් තවම ගෙනත් නැහැ. දැන් අවුරුද්දක් විතර වෙනවා. තව අවුරුදු 10ක් විතර ගියොත් මේක කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ.
අනිවාර්යයෙන්ම රටක් දියුණු කරන්න ආයෝජකයන් අවශ්‍යයි. අපේ පැකේජස් දැක්කට පස්සේ ආයෝජකයන් එදා රෑම ලංකාවෙන් ගියා. ඕනෑම ආයෝජකයෙක් ලංකාවට එනවා නම් ලංකාව එළියේ මාර්කට් කරනවා නම් නේ ඒ අය එන්නේ. වෙන රටකට යන්නේ නැහැ. ලංකාවට එනවා කියන්නේ ආර්ථිකය දියුණු වෙනවා. කණ්ඩලම හෝටලය හදන විටත් සංස්කෘතිය ගැන උරුමයන් ගැන ප්‍රශ්නයක් ගෙනාවා. අද මොනවාද ඉල්ලන්නේ. හෝටල් අධ්‍යාපනයත් එක්ක තියෙන ප්‍රශ්නයක් මේක. වාලම්පුරි එල්ල ගන්නවා නම් ඒ වගේ අයත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ.

මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ බලයට එන්න. දේශපාලනඥයෙක්ට කිසිම බලයක් නැහැ. අමාත්‍යාංශ ඇතුළේ ලේකම්ට තමයි බලය තිබෙන්නේ. එය මං පසුගිය අවුරුදු 5 තුළ දැක්කා. යනවා නම් එකම දෙයකටයි යන්න ඕන. මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුරට යන්න කිව්වොත් මම එතැනට එන්න සූදානම්.

රටේ නායකයාගේ තීරණ අනුව තමයි හැමදෙයක්ම තීරණය වන්නේ, ඊළඟට එන අය මේ වගේ තීරණ අරගෙන එනවා නම් අපිත් කැමැතියි. උගතෙක් වුණාට පස්සේ දුප්පතෙක් කරන්න බැහැ. කොහේවත් දැකලා තියෙනවද උගත් මිනිහෙක් දුප්පත් වෙලා ඉන්නවා. වැඩ කරන අය උගත් බුද්ධිමත් නම් ඒ අයට එතැනින් උඩට ඇවිත් ව්‍යාපාරයක් කරන්න පුළුවන්.

මෝඩි වගේ අගමැතිවරයෙක් ඇවිත් ඉන්දියාවේ කළ විපර්යාසයත් සමඟ ඒ රටේ ගොවීන් කාලගුණය අස්වැන්න බලන්නේ ඇප් එකකින්. බෝගවලට හැදෙන ලෙඩ ගැනත් ඔවුන් අධ්‍යයනය කරන්නේ මේ ඇප් එක හරහා. ඉන්දියාව හඳුන්වා දුන්නා පස සඳහාත් තත්ත්ව පරීක්ෂාවක්. ඒ තුළින් පස්වල තියෙන රසායන තත්ත්වය නැති කරගන්න හැකි වුණා. 25%කින් ෆර්ටිලයිසර් ඉන්පුට් එක නතර කරන්න පුළුවන්. මේ කන්ටේනර් 35,000ක්. මේ වගේ තත්ත්ව පරීක්ෂාවකින් කන්ටේනර් 7,000ක් නවත්වන්න පුළුවන්. ඉන් ඩොලර් මිලියන 50ක් රට තුළ ඉතුරු වෙනවා. කරන්න තියෙන්නේ පස් සඳහා හෙල්ත් කාඩ් එකක් හඳුන්වා දීම පමණයි.

ධීවර කර්මාන්තයේ ඉන්න අයට පුළුවන් සමෘද්ධි එහෙම ලැබෙන අයට බෝට්ටු 2,000ක් විතර දීලා ඉන්දියාවෙන් අල්ලගෙන යන මාළු ටික අල්ලගන්න. රටේ ධීවර කර්මාන්තය සංවර්ධනය කරන්න. යාපනයේ ඉස්සර වගේ අඹ පැළ හිටුවන්න බැරිද අපනයනය කිරීම සඳහා. අපේ ළමයින්ව ග්ලෝබල් මාකට් එකට දාන්න ඉගැන්නුවොත් ගෘහ සේවයට යවන්න ඕන වෙන්නේ නැහැ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.