රජයේ හමුදාවන් රසායනික අවි භාවිත කරමින් වන්නි මානුෂීය මෙහෙයුමේදී යුද
අපරාධ සිදුකළ බවට ඒත්තු ගන්වන්නට දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.
ශ්‍රී ධරන් යළි පාර්ලිමේන්තුවේ හඬක් නැඟුවේ මේ සමයේදීය.
කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ ඊළාම් මත වපුරමින් යන ශ්‍රී ධරන්
මන්ත්‍රිවරයා කොටින්ගේ ඊළාම් සේවයේ සෙවණැලි උතුරෙන් මතුවන මොහොතක යළිත්
හඬනඟන්නට පටන්ගෙන ඇත.
වරෙක ශ්‍රී ධරන් විසින් තමිල්නාඩුවෙන් ප්රභාකරන් කෙනකු ලංකාවට
ගෙන්වූයේය. ඔහු තමිල් ප්රභාකරන් මනී නම් විය. ඉන්දියානු රජය නිකුත් කළ ම්
6149374 දරන ගුවන් ගමන් බලපත්‍රයෙන් ඔහු 2013 දෙසැම්බර් 21දා ලංකාවට
එන්නේය. ඒ ශ්‍රී ධරන්ගේ ආරාධනාවක් මතය.
ශ්‍රී ධරන්ගේ යාපනය, නල්ලූර් කෝවිල අසල වෙට්ටිවීදියේ වූ නිවෙසේ
ප්රභාකරන්ට නවාතැන්දී ආරක්ෂක අංශවලට වැරැදි ප්‍රතිරූපයක් වන පොත් ලියන්නට
තොරතුරු රැස් කර දුන්නේය. කොටි නායක ප්රභාකරන් සිහිවන්නට එම නමම දමාගත්
තමිල්නාඩු ප්රභාකරන් මීට පෙරද ලංකාවට පැමිණ පොතක් ලිව්වේය. ඒ "ලේ වැගිරුණු
ඊළාම් කොටි පා සටහන් සොයා දින විසි පහක්" මැයෙන් පොතක් ඉන්දියාවේ
එම්.ඩී.එම්.කේ. කාර්යාලයේදී පිළිගන්වා යළිත් පැමිණ තිබුණේ එවන් පොතක්
ලියන්නටය.
තමිල්නාඩු ප්රභාකරන් කිලිනොච්චියේ කිරන්චිවලදී ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා
සමඟ කොටුවන්නේ ආරක්ෂක අංශවලට එරෙහිව තොරතුරු රැස්කර තිබියදීය.
තමිල්නාඩු කොටින්ට ලංකාව ගැන වැරැදි මත ලියන්නට උදවු දුන් ශ්‍රී ධරන්
මන්ත්‍රිවරයාගේ කිලිනොච්චි කාර්යාලයේ තිබී පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම්
පන්සියයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට වරෙක හමුවිය. ඒ ශ්‍රී ධරන්ගේ
සම්බන්ධීකරණ ලේකම්වරයාද සමඟය. 2013 ජනවාරි 12දා එම පුපුරන ද්‍රව්‍ය
කොටුවන්නේ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් නවක තරුණයන් බඳවා ගන්නා කොටි මෙහෙයුමක්
යාපනයේ ක්‍රියාත්මක වෙද්දීය.
මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ එවකට උතුරු ආඥාපති විය. ආරක්ෂක
ලේකම්වරයා වූයේ ගෝඨාභය රාජපක්ෂය. සිවුවැනි ඊළාම් යුද්ධය අවසන් වූ පසුව කොටි
ත්රස්තයන් ඊළාම් කොඩියක් මුලින්ම ඔසවන්නේ වැල්වැටිතුරෙයිහිදීය.
කොටි නායක ප්රභාකරන් උපන් ගමේ දුරකථන සංඥා කුලුනක මේ කියන ඊළාම් කොඩිය
ඔසවන්නේය. ඒ 2011 නොවැම්බර් 26දාය. ප්රභාකරන්ගේ උපන් දිනය හා මහාවීර සතිය
සමරන්නට උතුරේ නවක තරුණයන් පෙලඹවීම මෙහි අරමුණ බිය මෙම සිද්ධිය ඔස්සේ
විමර්ශන අරඹන යාපනයේ ඇති යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීහු
කොටින්ගේ යළි හිස එසවීමක් මුල් වරට හෙළි කරගත්තේය.
ඒ මැලේසියාවේ සිට මුහුණු පොත ඔස්සේ නවක තරුණයන් බඳවා ගන්නට මුදල් එවමින්
කළ කොටි මෙහෙයුමකි. එම කොටි මෙහෙයුමට අනුව මෙරටින් තරුණයන් ඉන්දියාවට ගෙන
ගොස් පුපුරන ද්‍රව්‍ය පිළිබඳ පුහුණුවීම් ලබාදී මතු ප්‍රයෝජනය සඳහා උතුරට
එවන්නේය.
එම තොරතුරු හමුදා බුද්ධි අංශය මඟින් තහවුරු කර ගත් පසුව දකුණු ඉන්දියාවට
ගොස් කොටි ත්රස්තයන් පුහුණුකරන තැන වැටලීමට ශ්‍රී ලංකා යුද හමුදාව අවසර
ලබාගන්නට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය රජයේ සහාය ගත්තේය.
මේ අයුරින් කොටි හිස එසවීමට ගිය මුල් අවස්ථාවේම එය බිඳලන්නට හැකිවුවත්
කාලයාගේ ඇවෑමෙන් අළු යට ගිනි මෙන් වූ ඊළාම් මතවාදීන් යළි ඊළම වෙනුවෙන්
පෙළගැසෙන බව යළිත් ජනවාරි 01දා අවුරුද්ද ලබද්දීම හෙළිවිය.
පුලියන්කුලම් පුත්තුර් නාගතම්බිරාන් කෝවිල ආසන්නයේදී පොලිසියට ලද
තොරතුරක් මත අත්අඩංගුවට ගන්නට ගිය කොටි සැකකරුවකු අතටම අසුවී පැනගත්තේය.
යළි නැඟිටින්නට වෙර දරන කොටින්ගේ ඊළාම් ත්‍රස්තවාදී සෙවණැලි යළි සක්‍රිය වන
බව ආරක්ෂක බුද්ධි අංශ විටින් විට අනතුරු අඟවා තිබියදී මෙම සිදුවීම වාර්තා
විය. කොටි ත්රස්තයන් වළදැමූ අවි ආයුධ ගොඩගනිමින් යළි ප්‍රතිසංවිධානය වීමට
සූදානම් කරවන බව හෙළිවන්නේ කාලයක සිටය. එහෙත් යහපාලන රජය යටතේ එවැනි
අවදානමක් ගැන අනතුරු හැඟවීම් පසුගිය කාලයේ ගියේ හමස් පෙට්ටියටය.
එයින් වාසිය ගත් රටින් පිටත ඊළාම් රාජ්‍යයක් තනන්නට වෙර දරන කොටි
ඩයස්පෝරාව තම ඉදිරි සැලසුම් සඳහා පිඹුරුපත් සැකසුවේය. පුලියන්කුලමෙන්
අහම්බයෙන් මෙන් කොටි ත්රස්තයකු කොටුවන්නේත් එහි ප්‍රතිඵලයක් ලෙසය.
අවි ආයුධ බෑගයක් සමඟ ආ කොටි ත්‍රස්තයා පොලිස් ග්රහණයෙන් පැන ගිය පසු
බෑගය පරීක්ෂා කිරීමේදී හමුවූ මයිකේරා් පිස්තෝලය, අත් බෝම්බ හතර ඇතුළු අවි
ආයුධවලට අමතරව කැලෑවේ සැඟවෙන්නට ගෙන ආ විවිධ දෑ විය. කේරළ ගංජා පාර්සලයක්
රැගෙන දුම්රියට ගොඩ වෙන්නට යන අයකු යැයි සිතා අල්ලන්නට ගිය සැකකරු දමාගිය
පාර්සලයෙන් කරළියට එන්නේ තවත් කොටි නැඟිටීමක් ගැනය.
මොහුගේ බෑගයේ තිබූ ජංගම දුරකථන දෙක ඔස්සේ විමර්ශන කළ නිලධාරීන්
සුදාකරන්ව අත්අඩංගුවට ගත්තේය. පැනගිය කොටි ත්‍රස්තයා අවසන් ඇමතුම අරන්
තිබුණේ සුදාකරන්ටය. සුදාකරන්ට අනුව ඔහුට ඇමතුම දුන්නේ සින්තම්බිය.
සින්තම්බි යනු බෑගය රැගෙන ආ පුද්ගලයා බව බුද්ධි අංශ සැක පහළ කළහ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අලුතින් පත්වූ අධ්යක්ෂවරයා වූයේ ජේයෂ්ඨ
පොලිස් අධිකාරි වරුණ ජයසුන්දරය. රටටම පිළිලයක් වූ පාතාල මර්දනයට පොලිස්
විශේෂ කාර්ය බළකායේ හිටපු සහකාර පොලිස් අධිකාරි සිසිර කුමාර
මුරුත්තෙට්ටුවේගම සමඟ එම ඒකකයට නායකත්වය දුන්නේ වරුණ ජයසුන්දරය.
බුද්ධි ක්‍රියාන්විත කෙරෙහි හසළ දැනුමක් ඇති මෙකී නිලධාරීන්ගේ පත්වීමෙන්
පසුව මෙතෙක් නොවූ වෙනසක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සිදුවිණි. මෙතෙක්
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යටතේ ක්‍රියාත්මක
වූයේ කොටින්ට යළි නැඟිටින්නට හැකි වටපිටාවක් මතය. කොටි ත්‍රස්තවාදය යළි
පණගන්වන්නට දරන උත්සාහයන් සියල්ල යටපත් කර පවතින රජයෙන් ලකුණු දමාගන්නට එම
ඒකකයේ අමුතුම මෙහෙයුමක් ක්‍රියාත්මක විය.
බුද්ධි අංශ නිලධාරීන්ගේ බුද්ධි මෙහෙයුම් කඩාකප්පල් කරමින් කළ විනාශය
දැකගන්නට වූයේ ඔඩ්ඩුසුඩාන්වලින් අවි ආයුධ සොයාගත් මොහොතේදීය. යළි හිස ඔසවන
කොටි ත්රස්තවාදීන්ගේ ජාලය ගැන හමුදා බුද්ධි අංශ දිගින් දිගටම හෙළිකර
තොරතුරු සියල්ල කණපිට හරවා බුද්ධි මෙහෙයුම් උඩු යටිකුරු කරන්නට ත්‍රස්ත
විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කරන්නේ මහා විනාශයකට පාර
කපමිනි.
කෙසේ හෝ ප්‍රභූ ඝාතන චෝදනාවකින් ඔහු සිරගත වීමෙන් පසු රටේ වාසනාවට මෙන්
දැන් පත්වී සිටින ත්‍රස්ත විමර්ශන ලොක්කා සියලු ආරක්ෂක අංශ සමඟ ඒකාබද්ධ වී
විමර්ශනයක් කරන්නට තම කණ්ඩායම් පුලියන්කුලම් බලා පිටත් කරන්නේය.
සියලු බුද්ධි ඒකකවල සහායෙන් ඇරඹි මෙහෙයුමෙන් මේ වනවිට පුලියන්කුලමෙන්
හමුවූ කොටි පුල්ලි ගැන තොරතුරු ජාලයක් රැස්කර ගන්නට බුද්ධි අංශවලට හැකිවී
ඇත්තේය.
සුදාකරන්ගෙන් හෙළිවන තොරතුරු මත කාර්තික් නමැති කොටියකුගේ නැඟණිය
කොටුකරගන්නේ මිලිමීටර් අසූ එකේ මෝට්ර් බෝම්බ හා පැති බෝම්බද සමඟය.
කනගරායකුලම්, ආලන්කුලමේ පදිංචි දර්ශනී අල්ලාගත් පසුව ඥානම් නිවාස
සංකීර්ණයේදී තාර්ක්ගේ අනියම් බිරිය ශෂිකලා කොටු වන්නේය.
මේ සියලු තොරතුරු පසුපස යන බුද්ධි අංශ තම්බිරාජ්යා සොයා යන්නට වූයේ
සියලු තොරතුරු ඔහු සතුවන නිසාය. තම්බිරාසා ඉන්දියාවට පැනගත් අතර තවමත් ඔහු
කොටුකරන මෙහෙයුම අවසන්ව නොමැත. මෙවර පුලියන්කුලමෙන් හෙළිවූ තොරතුරුවලින්
කියැවුණේ ඉන්දියාව කේන්ද්‍ර කරගෙන මෙම කණ්ඩායම් හිස ඔසවන බවය. ඉන්දියාවේ
සිට විවිධ අවස්ථාවල පුහුණුව ලද කොටි ත්රස්තයන් මන්නාරම් මුහුදු සීමාව
ඔස්සේ පැමිණෙන වග මීට පෙරද තහවුරු විය. කොටි ත්රස්තයන්ගේ ඉන්දියාව
කේන්ද්‍ර කරගත් සියලු ක්‍රියාකාර ම්වලට යොදාගෙන තිබුණේ මන්නාරම් මුහුදු
තීරය ය.
මන්නාරම ඔස්සේ සී.ෆෝ. වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ ගණනින් රැගෙන ආ බව ඔඩ්ඩුසුඩාන්වලදී කොටුවූ කොටි ත්රස්තයන්ගෙන්ද අනාවරණය වූයේය.
කොටි ත්‍රස්තවාදය පරාජය කළ පසුව කොටි ත්රස්තයන් යළි හිස ඔසවන්නට උත්සාහ
ගත් සෑම අවස්ථාවකදීම ඉන්දියාවත්, මන්නාරමත් අතර සබඳතාව කරළියට ආවේය.
පුලියන්කුලම සිද්ධියත් සමඟ කොටි ත්රස්තයන් යළි හිස ඔසවන්නට ගිය සිද්ධීන්
පස් වතාවක් ආරක්ෂා අංශවලට කොටුවී ඇත්තේය.
එයින් අවස්ථාවන් ගණනකදී ඒවා යටපත් කර තිබුණේ හරිහැටි විමර්ශන සිදුනොකරය.
එහි ප්‍රතිඵලයක් ලෙස හොර රහසේ නිද්‍රාශීලී කොටි කණ්ඩායම් එකිනෙකාට
හසුනොවන පරිදි ක්‍රියාත්මක කරවන්නට කොටින්ට හැකිවී ඇත. දෙමළ ඩයස්පෝරාවට
යුරෝපයේ රැඳී ඉන්නට නම් අරමුදල් රැස් කරන්නට නම් මෙවැනි කොටි ක්‍රියාකාරකම්
ශ්‍රී ලංකාව තුළ සිදුකළ යුතුය.
රටින් පිටත සිට ඊළමක් තනන්නට වෙර දරන වී. රුද්රකුමාරන් පාර්ශ්වය,
නෙදියවන් පාර්ශ්වය, විනයාගම් පාර්ශ්වය ඇතුළු විවිධ ඊළාම් මත දරන කොටි
නායකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ කොටි ක්‍රියාකාරකම් ව්‍යාප්ත
කරවීමය. එය දීර්ඝකාලීන සැලසුමකට අනුව ක්‍රියාත්මක වන්නකි.
ඔඩ්ඩුසුඩාන්වලදී පසුගිය වසරේ ජුනි 22දා ක්ලේමෝ බෝම්බ සමඟ අසුවූ දිනේෂ්,
කරන්, එනාමිබරන් වැනි කොටි ප්‍රබලයන් සිරගත කළද තවමත් රහසිගතව එම කණ්ඩායම්
මෙහෙයවන බව හෙළිවෙමින් ඇත්තේය.
ඉදිරියේදීත් මෙවැනි යුද්ධය නොදුටු
ප්රභාකරන් හා දකුණු ඉන්දියානු ද්‍රවිඩ චිත්‍රපට අනුකරණය කරන නවක තරුණයන්
කොටි සංවිධානයට බිලිබාගන්නා ඩයස්පෝරා මෙහෙයුමක් තවමත් ක්‍රියාත්මකය. ඔවුන්ව
සංවිධානය කිරීමට අමතරව පුනරුත්ථාපනය වූ කොටි ත්රස්තයන් යළි කරළියට ගෙන එන
මෙහෙයුම් ක්‍රියාත්මකය.
මේ සියලු දෙනා දැන් සිටින්නේ නිද්‍රාශීලී කොටි ත්රස්තයන් ලෙසය.
පුනරුත්ථාපනය කළද ඔවුන්ගෙන් බහුතරය සමාජගතවී නැත. ඔවුන්ට හරිහමන් රැකියා
අවස්ථා උදාවී නොමැති නිසා විදෙස් රටවලින් එවන මුදල්වලට ගිජු වී යළි ත්‍රස්ත
ක්‍රියාවලට පෙලඹීමේ අවදානම වැඩිය.
ඊළාම් වෙනුවෙන් රට කරන ඩයස්පෝරා සාමාජිකයන් ඇතුළු ජාත්‍යන්තර කොටි
නායකයන් කිසි දිනෙක උතුරේ රැකියා උත්පාදනය කරන වැඩපිළිවෙළක් සැලසුම් කරන්නේ
නැත. ඒ එවැනි පසුබිමක් තිබුණොත් ගරිල්ලා ත්‍රස්තවාදී වැඩවලට තරුණයකුවත්
සොයාගන්නට නොහැකි වන නිසාය.
එසේ වුවහොත් දෙමළ ඩයස්පෝරාවට යුරෝපයේ පැවැත්මක්ද නැත. ඒ ඊළාම් වෙනුවෙන් හඬක් නඟන්නට මීළඟ පරම්පරාවක් නොමැති නිසාය.
රැකියා ප්‍රශ්න හා දේශපාලනික හේතූන් මුල්කරගෙන උතුරේ හා වන්නියේ තරුණ
ප්‍රජාව යළි බඳවාගෙන කුඩා කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක කරවීම විදෙස්ගත
කොටින්ගේ සැලසුමය. යුද සමයේ සැඟවූ අවි ආයුධ ගොඩ ගෙන තැනින් තැනට රැස්කරමින්
සැලසුම් සදන්නේද ඉදිරි සැලසුම් සඳහාය.
රජය මීට වඩා මෙම හිස එසැවීම ගැන අවධානය යොමුකර උතුරේ තරුණ තරුණියන්ට
රැකී රක්ෂා අවස්ථා උදාකරන්නට කටයුතු කළොත් මෙවැනි ඊළාම් බලවේග මුලදීම යටපත්
කළ හැකිය.
පුබුදු වික්‍රමතිලක
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, January 15, 2019
පුලියන්කුලමේදී ආයුධ දමා පැනගිය මහ කොටියාගේ සුලමුල මෙන්න...!!!
Posted by
lankanews
at
January 15, 2019
Labels: Former LTTE arms procurer, LTTE agenda, sumanthiran, Tamil Diaspora, The new constitution, TNA politicians, unp deals
පුලියන්කුලමේදී ආයුධ දමා පැනගිය මහ කොටියාගේ සුලමුල මෙන්න...!!!
2019-01-15T20:46:00+01:00
lankanews
Former LTTE arms procurer|LTTE agenda|sumanthiran|Tamil Diaspora|The new constitution|TNA politicians|unp deals|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
