දේශපාලනඥයන්ට වඩා පහත් දේශපාලනය කරන්නේ මාධ්‍ය බවට චෝදනා කරමින් බොරු
ප්‍රචාර කරන කට්ටිය අඳුනාගෙන ඒගොල්ලන් මාධ්‍ය වුණොත් මාධ්‍ය
ක්ෂේත්රයෙනුත් දේශපාලනඥයකු වුණොත් දේශපාලනයෙනුත් ඉවත් කරන්න අවශ්‍යතාවක්
තිබෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් තර්ජනය කළේය.
ඔහු එලෙස චෝදනාවක් කරමින් තර්ජනය කළේ පෙරේදා (16දා) දින 'මව්බිම',
'සිලෝන් ටුඩේ' යන පුවත්පත්වල ප්‍රධාන පුවතින් ඔහුගේ රූපයද සහිතව පළ කළ පුවත
ගැන ප්‍රකාශයක් කරමින් එම පුවත්පත් ජනතාවට ප්‍රදර්ශනය කරමින් පෙරේදා
(16දා) යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මහජනතාව අමතමිනි.
මාධ්‍යයෙන් කෙරෙන කරදර දරාගන්න බැරි බවටත්, එම හේතුව මත 'කළු මාධ්‍ය'
කියා එම්.ටී.වී. ආයතනයට එරෙහිව සමහර පියවර ගත යුතුව තිබෙන බවටත් සුමන්තිරන් එම උත්සවයේදී ප්‍රකාශ කළේය.
එලෙස පියවර ගන්නා බවටත්, මේ රටේ විසඳුමක් ඇති නොවිය යුතුයි කියා කැහැපට
ගහගෙන ඔවුන් කරන (එම්.ටී.වී) බොරු ප්‍රචාර අවසන් කරන බවටත්, ඒ සඳහා පියවර
අනිවාර්යයෙන්ම ගන්නා බවටත්, සුමන්තිරන් එහිදී ප්‍රකාශ කර සිටියේය.
සුමන්තිරන් 'මව්බිම' හා 'සිලෝන් ටුඩේ' පුවත්පත්වලට චෝදනා කළද ඔහු
යාපනයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පළ කළ පුවත සත්‍ය බව අපි ස්ථීරවම ප්‍රකාශ
කරන අතර එලෙස කළ ප්‍රකාශයට අදාළ හඬපටයද අප සතුවන බවට පාඨක භවතුන්ට අපි
මෙසේ දැනුම් දෙමු.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Sunday, January 20, 2019
මව්බිම ට සිලෝන් ටුඩේ ට සුමන්තිරන් බුරයි....!!! මැස්සෙක් ගිය උඩ ....!!!
Posted by
lankanews
at
January 20, 2019
Labels: fedaral jafna, ranil agreement, sumanthiran, tna deals, TNA politicians, TNA politics, unp politicians, unp deals
මව්බිම ට සිලෝන් ටුඩේ ට සුමන්තිරන් බුරයි....!!! මැස්සෙක් ගිය උඩ ....!!!
2019-01-20T11:28:00+01:00
lankanews
fedaral jafna|ranil agreement|sumanthiran|tna deals|TNA politicians|TNA politics|unp politicians|unp deals|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
