ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 20, 2019

මහින්දගේ ගොන් මස්සිනා කෑ එයාර් ලංකා පාහර රනිලා ගේ හෙන්චයියන් ඉතුරු ටිකත් කෑ අයුරු ....!!!

ශ‍්‍රී ලංකන් වවාගෙන කෑ එයාර් බස් අලවංගුව (අවලංගුව) ; යහපාලන කොස් කටින් න්‍යායෙන් සිදු කළ විනාශය...!!!


 මේ අසාර්ථකභාවය පිළිබද ප‍්‍රශ්නයක් නොවේ. වංචනිකභාවයේ වර්ගඵලය පිළිබඳව සිදුකෙරෙන නිරාවරණයකි. 2012 වසර වන විට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සතුව තිබූ ගුවන් යානා බලඇණිය සැදී තිබුණේ, ඒ - 320 හෙවත් පටු බඳ ගුවන් යානා, ඒ - 330, ඒ - 340, යන පුළුල් ගුවන් යානාවලිනි. මෙයින් අර්ධයක් පමණ සමන්විත වූයේ, ඒ - 320 ගුවන් යානා මගිනි. 1992 වසර වන විට ඒ - 340 යානා හයක්, එවකට තිබූ එයාර් ලංකා ගුවන් සමාගම සතුව තිබුණි. වසර දහසයක් පමණ ගතවන විට, මෙම ගුවන් යානා වැඩ ගත නොහැකි තත්ත්වයකට පත්වීම එහි ස්වභාවය ය. මේ නිසා ජනාධිපති පේ‍්‍රමදාස විසින් එයාර් බස් ආයතනයෙන් නව ගුවන් යානා කිහිපයක් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව එයාර් බස් වර්ගයට අයත් 340 යානා දෙකක් පේ‍්‍රමදාස ආණ්ඩුව විසින් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගත්තේය. වසර දහසයකින් පමණ ඉවත දැමිය යුතු එම යානා, අවුරුදු 22 ක කාලයක් පුරා පාවිච්චි කිරීම හේතුවෙන් රාජපක්ෂ ආණ්ඩු කාලයේදී හෙවත් 2014 වන විට නව ගුවන් යානා මිලදී ගැනීම සඳහා යායුතු බව ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය තීරණය කළේය.


 අලූත් ගුවන් යානා ගැනීමට තීරණයක්


 මෙම තීරණය ඊට වසර තුන හතරකට පෙර ගත යුතු වුවත්, එකල සිටි ශ‍්‍රී ලංකන් පරිපාලනය ඒ සඳහා වගකීමෙන් කටයුතු කර තිබුණේ නැත. 2014 වන විට සිටි, ශ‍්‍රී ලංකන්හි ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන විසින් එතෙක් සිදුව තිබූ පමාව වෙනුවට තම පරිපාලනය යටතේ නව ගුවන් සේවා ඇණවුම් කිරීම පිණිස තීරණය කළේය. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා මිලදී ගතයුතු බවට තීරණය කරන ලද මොහොතේ සිට ඒ සඳහා නොයෙක් වාද විවාද මතු විය. එය කොතෙක් දුර දිග ගියේ ද කිවහොත් රාජ්‍යතාන්ත‍්‍රික ගැටලූවක් තරමට එය ප‍්‍රබල වී තිබුණි. යුරෝපයේ නිෂ්පාදනය කරන එයාර් බස් වර්ගයේ ගුවන් යානා වෙනුවට තම රටේ නිෂ්පාදනය කරන බෝයිං ගුවන් යානා මිලදී ගන්නා ලෙස, ඇමරිකානු රජය විසින් රාජපක්ෂ ආණ්ඩුවට බලපෑම් කරන තරමට ප‍්‍රශ්නය තීව‍්‍ර විය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් ගුණවර්ධන සේවය කරමින් සිටියේ ද එක්සත් ජනපදයේ බෝයිං සමාගමේය. මෙය හේතුවක් කර ගනිමින් සමහර පිරිසක් ආරක්ෂක ලේකම්වරයාට යෝජනා කර සිටියේ බෝයිං ගුවන් යානා මිලදී ගැනීම පිණිස ආණ්ඩුව දිරිමත් කරන ලෙසය. සිය පුතණුවන් සේවය කරන ස්ථානය මෙවැනි මිලදී ගැනීමකදී වැදගත් නොවන බවත්, වැදගත් වන්නේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා අවශ්‍ය වන යානා වර්ගය කුමක්ද බවත් සඳහන් කරමින් මෙම ගනුදෙනුව සඳහා මැදිහත් නොවීමට ඔහු තීරණය කළේය.
 
 ආණ්ඩුව පෙරළුෑ බෝයිං - එයාර් බස් ගනුදෙනුව


 බෝයිං ගුවන් යානා ශ‍්‍රී ලංකන් වෙත මිලදී ගත්තේ නම්, ඒ වන විට එයාර් බස් ගුවන් යානා අලූත්වැඩියාව සහ සේවා සැපයීම පිණිස සියලූ සම්පත් තිබූ ශ‍්‍රී ලංකන් ආයතනය වෙත නව සේවා මධ්‍යස්ථානයක් බෝයිං වෙනුවෙන් වෙන්කිරීමට සිදුවෙනවා ඇත. එසේම ඒ වන විටත් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන්ගේ සිට කාර්මිකයා දක්වා සියලූදෙනා විශේෂඥභාවයක් ප‍්‍රකට කර සිටියේ බෝයිං පිළිබඳව නොව එයාර් බස් ගුවන් යානා පිළිබඳවය. මේ සියල්ල සලකා බලා එයාර් බස් වර්ගයට අයත් ඒ-350 යානා සිය ආයතනයට මිලදී ගැනීමට ශ‍්‍රී ලංකන් පරිපාලනය තීරණය කළේය. මානව හිමිකම් ඉදිරියට දමා, රාජපක්ෂ ආණ්ඩුව සමග ඇමරිකා එක්සත් ජනපදය හැප්පීමට එක් හේතුවක් වූයේ, සිය රටේ නිෂ්පාදනය කරන බෝයිං ගුවන් යානා වෙනුවට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීම බව පසුව ආරංචි විය.

 එයාර් බස් ගුවන් යානා, ශ‍්‍රී ලංකන් වෙත මිලදී ගැනීමට සැරසෙන විට එයට විරුද්ධව චෝදනා කිහිපයක් සමහර පාර්ශ්ව එල්ල කළේය. ”දුර දුවන ගුවන් යානා අපිට ගැලපෙන්නේ නැහැ. අපි යන්නේ ළඟ ළඟ රටවලට...” යැයි කියමින් සමහරු ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වීය. ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන විසින් එයාර් බස් මිලදී ගනු ලැබුවේ, සිය පස් අවුරුදු සැලැස්මට අනුකූලවය. එම සැලැස්ම අනුව යුරෝපයට සහ චීනයට ගමන් කිරීම සඳහා ශ‍්‍රී ලංකන් අපේක්ෂා කර තිබුණි. ඒ වන විටත් ඒ - 330 යානා මගින් සිය යුරෝපීය ගමනාන්ත වෙත ශ‍්‍රී ලංකන් පියාඹමින් සිටියේය. මේ නිසා වැඬේට කදිමට ගැලපී තිබුණේ එයාර් බස් ගුවන් යානාය. ඒ වන විටත් ලෝකය පුරා ප‍්‍රධාන පෙළේ ගුවන් සේවා ආයතන 33 ක් විසින් ඒ - 350 යානා 613 ක් පරිහරණය කරමින් සිටියේය.

 එයාර් බස් වෙනුවට එයාර් කැප් එයි

 
මේ සියල්ල බලා ඒ-350 යානා මිලදී ගැනීම සඳහා ඇණවුම භාරදීමට එයාර් බස් ආයතනය වෙත ශ‍්‍රී ලංකන් සමාගමේ පරිපාලන නිලධාරීහු ගියෝය. ඇණවුම වූයේ, ගුවන් යානා අටකි. 2017 වසර වන විට අවම තරමින් එයින් හතරක් හෝ තමනට අවශ්‍ය බව ශ‍්‍රී ලංකන් ආයතනය පවසා සිටියේය. එසේ වුවත් ඒ වන විට එයාර් බස් ආයතනය ලබාගෙන සිටි ඇනවුම් අනුව එවැනි ඇණවුමක් තමන්ට එම කාලය වන විට ලබාදිය නොහැකි බව එයාර් බස් ආයතනය පවසා සිටියේය. තව දින කිහිපයක් යන විට තමන් සතු ගුවන් යානා අහසේ කෙසේ වෙතත් පොළොව දිගේවත් ධාවනය කළ නොහැකි බව දන්නා ශ‍්‍රී ලංකන් බලධාරීහු මේ සඳහා එයාර් බස් ආයතනයෙන් විකල්පයක් ඉල්ලා සිටියෝය. 2020 වන තෙක් තමනට ශ‍්‍රී ලංකන් ආයතනය වෙත එයාර් බස් 350 වර්ගය සැපයිය නොහැකි හෙයින් තමන්ගෙන් මීට කලින් ගුවන් යානා ඇණවුම් කර තබාගෙන සිටින එයාර් කැප් ආයතනය සමග සාකච්ඡා කර ගුවන් යානා කිහිපයක් මිලදී ගන්නා ලෙස ශ‍්‍රී ලංකන් ආයතනයට එයාර් බස් ආයතනය විසින් දන්වා සිටියේය. එයාර් කැප් යනු ගුවන් යානා ලීසිං කරනා ආයතනයකි. මෙවැනි තදබදකාරයන් සඳහා ගුවන් යානා සැපයීමට එයාර් කැප් ආයතනය, කලින්ම එයාර් බස් ගුවන් යානා සඳහා ඇණවුම් බාර දී තිබේ. ඒ අනුව එයාර් කැප් ආයතනය සමග ගුවන් යානා හතරක් සඳහා ශ‍්‍රී ලංකන් සමාගම ගිවිසුම් අත්සන් කළේය.

 ජනවාරි අට පෙරළියෙන් එයාර් බස් අලූත් පාරකට

 ගුවන් යානා ශ‍්‍රී ලංකන් වෙත ලැබීමට පෙර 2015 ආණ්ඩු පෙරළිය සිදුවිය. ඒ අනුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ පාසල් සගයෙකු වන අජිත් ඩයස් ශ‍්‍රී ලංකන් සමාගමේ සභාපති ලෙසත්, අග‍්‍රාමාත්‍යවරයාගේ පාසල් සගයකු සහ උපදේශකයකු වන චරිත රත්වත්තේගේ සොහොයුරා වන සුරේන් රත්වත්තේ එහි ප‍්‍රධාන විධායක ලෙසත් පත් විය. නව පරිපාලනය විසින් ශ‍්‍රී ලංකන් භාර ගන්නා විට, එහි පාඩුව වූයේ රුපියල් බිලියන 16.5 ක් හෙවත් කෝටි 1650 කි. එය වැඩිම පාඩුව ලබන ලද්දේ, 2014 වසරේදීය. එම පාඩුව රුපියල් බිලියන 32 ක් හෙවත් කෝටි 3200 ක් විය. කපිල චන්ද්‍රසේන විසින් ඉදිරිපත් කරන ලද පස් අවුරුදු සැලැස්ම අනුව 2014 පාඩුව ඊළඟ වසර වන විට භාගයකින් අඩු කර ගැනීමටත්, 2016 වන විට ලබන පාඩුව තවත් භාගයකින් අඩුකර ගැනීමටත්, 2018, 2019 වසර වන විට, ලාභ - පාඩු සම මට්ටම හෙවත් පාඩු නොලබන තත්ත්වයක් දක්වා පත් කර ගැනීමත් අරමුණ වී තිබුණි. 2015 අපේ‍්‍රල් 31 වෙනිදායින් අවසන් වන මුදල් වර්ෂයේදී කපිල චන්ද්‍රසේනගේ සැලසුම තිතට හරි ගොස් තිබුණි. එම වසරේ මුල්‍ය වාර්තාව නිකුත් වන විට කපිල එහි සේවයේ නියුතුව නොසිටියත්, ආණ්ඩු පෙරළියෙන් පත්වූ නව පරිපාලනය යටතේම කපිල විසින් ශ‍්‍රී ලංකන් වෙත ලබාදුන් ජයග‍්‍රහණය එළි දැක්වී තිබුණි. නව පරිපාලනය ඒ සියලූ සැලසුම් පසෙක දමා, වියදම් අඩු කිරීමේ නව ක‍්‍රමවේදයක් ශ‍්‍රී ලංකන් වෙත හඳුන්වා දෙන්නට පටන් ගත්තේය. පැරිස්, ෆ‍්‍රෑන්ක්ෆට්, මිලානෝ, රෝමය යනාදී ගමනාන්ත කපා හරිමින් ‘යහපාලන කොස් කටිං’ ක‍්‍රමවේදය දියත් වන්නට පටන් ගත්තේය. එහි අග‍්‍ර ඵලය වූයේ, කිසිදු විද්‍යාත්මක ක‍්‍රමවේදයක් නොමැතිව එයාර් කැප් ආයතනය මගින් ශ‍්‍රී ලංකන් වෙත කල්බදු ක‍්‍රමය යටතේ ලබාගෙන තිබූ ඒ - 350 ගුවන් යානා තුන ගැනීම අවලංගු කිරීමය.

 මෙම අවලංගු සිදුවන්නේ හිතුමතේටය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හෝ ජනාධිපතිවරයා වෙත කරන ලද දැනුම්දීමක් ආදී කිසිවක් සිදු නොකරන තරම් ඉහළක ශ‍්‍රී ලංකන් යහපාලන බලධාරීහු රැඳී සිටියෝය. ගිවිසුම අවලංගු කිරීමෙන් පසුව 2016 ඔක්තෝබර් 26 දින කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව හෙවත් පසුකාලීනව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අවලංගු කර දමන ලද ‘එජාපයේ ආර්ථික මණ්ඩලය’ විසින් මෙම අවලංගු කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය වෙත දන්වා තිබුණි. ඒ පිළිබඳව නිරීක්ෂණ දක්වමින් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් පවසා ඇත්තේ, මෙම අවලංගු කිරීම සම්බන්ධව වෙනම අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් කරුණු දක්වන ලෙසය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලැබීම ද මෙහි ඇති විශේෂත්වය ය. ජනාධිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා ‘කොළේ වසා ගැසීමකට’ පිරිස සැරසෙන්නේ ඒ අනුවය. ඒ වන විට සියල්ල ඉවර කර දමා තිබුණත්, එය නොදන්නා සේ මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දන්වා ‘වැඬේ කරන බව’ පැවසීමට එජාප බල ඇණිය කටයුතු කළේය. සියල්ල තම හිතුමතයට ඉදිරිපත් කිරීමෙන් පසු, මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි කර ගැනීම සඳහා වෙනම කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක විසින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ විෂය ක්ෂේත‍්‍රය හිමි රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය වෙත දන්වා යවන්නේ නොවැම්බර් 17 දිනය. මෙය පෙරහැර ගියාට පසු කස ගසනවා වැනි තත්ත්වයකි.
 

 අවලංගුව අලවංගුවක් වෙයි

 සුරේන් රත්වත්තේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා සහ එයාර් කැප් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සීන් සොලවන් විසින් එයාර් බස් යානා තුන ලබා ගැනීම අවලංගු කර ඇත්තේ මේ සියල්ලට පෙර 2016 ඔක්තෝබර් හතර වෙනිදාය. ඒ පිළිබඳව සභාපති අජිත් ඩයස් විසින් කරනු ලබන්නේ ඊ මේල් දැනුවත් කිරීමක් පමණය. එම දැනුම් දීම කර ඇත්තේ, පුද්ගලික ඊ මේල් පණිවිඩ කිහිපයකට පමණි. ඒ අතර [email protected], [email protected], [email protected] යනාදී පුද්ගලයන්ට දන්වා තිබුණි. එම ඊ මේල් පණිවිඩය, ආචාර්ය රාජන් සාරා සහ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ යන අයට ද යවා තිබුණි. ඒ සඳහා ප‍්‍රතිචාර දක්වමින්, ශ‍්‍රී ලංකන් සභාපති අජිත් ඩයස් වෙත අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන චරිත රත්වත්තේ විසින් දන්වා ඇත්තේ, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා විසින් තමාට දන්වා ඇති පරිදි ඉදිරියට යායුතු බවත්, ගරු අග‍්‍රාමාත්‍යවරයා විසින් ඔහුට ඒ සඳහා උපදෙස් ලබා දී ඇති බවත්ය. එසේ නම් මේ මරාලයේ අවසානයේ පැටවෙන්නේ කා පිටද යන්න දැන් පැහැදිලිය.

 ජනාධිපතිටත් වඩා බලවත් රාජන් සාරා...

 මෙම පණිවිඩය අනුව ආචාර්ය රාජන් සාරා නමැති චරිතය මෙම කල්බදු ගිවිසුම අහෝසි කිරීම ඉදිරියට ගෙන ගිය බව සඳහන් වේ. ජනාධිපතිවරයාට නොදන්වා, කැබිනට් මණ්ඩලයට නොදන්වා එවැන්නක් සඳහා සාකච්ඡා සිදු කළ මේ රාජන් සාරා කවුද...? එය ශ‍්‍රී ලංකන් කොමිසම ඉදිරියේදී හෙළිවිය යුතු කරුණකි. එවැන්නෙක් වෙත ජාතියේ ගුවන් සේවය සම්බන්ධ මෙවැනි තීන්දු තීරණ, සියල්ලන්ටම ඉහළින් සිට ගත හැකිද...?

 තමන්ගේ නිවසේ බලූ කුඩුවක් ඉවත් කරනවා සේ මෙම ගිවිසුම අහෝසි කිරීමට ශ‍්‍රී ලංකන් ප‍්‍රධාන විධායක නිලධාරි සුරේන් රත්වත්තේ ගත් තීන්දුව සඳහා රුපියල් බිලියන 17.8 ක මුදලක් හෙවත් කෝටි 1780 ක වියදම් කරනට ශ‍්‍රී ලංකන් වෙත සිදුවිය. ඒ කල්බදු ගිවිසුම අවලංගු කිරීම ගාස්තුව ලෙසය. මෙම අහෝසි කිරීමේ අතිරේක කොන්දේසි කිහිපයක් විය. ඒ අනුව ඒ - 330 වර්ගයේ පෘතුගාලයේ ගාල් කරන ලද ‘පට්ට ගසන ලද’ ගුවන් යානයක් ශ‍්‍රී ලංකන් වෙත භාර ගැනීමට සිදුවිය. මෙම යානය නිරීක්ෂණය කරන ලද ශ‍්‍රී ලංකන්හි ඉංජිනේරුවන් එය ලබා නොගන්නා ලෙස නිර්දේශ කරන ලද මුත්, මේ දරහැව පැදගෙන පැමිණි පෘතුගීසි ජාතික නියමුවන් දෙදෙනෙක් එය අපේ ගුවන් තොටුපළේ නවතා දමා යන්නට ගියහ. ඊට හේතුව වූයේ වෙනදා නව ගුවන් යානයක් පැදගෙන සිය රටට ගෙන ඒමට ශ‍්‍රී ලංකන් නියමුවන් යතත් මෙම ගුවන් යානය පැදගෙන ඒම ඔවුන් විසින් ප‍්‍රතික්ෂේප කිරීමය. 2009 වසරේ මාර්තු මාසයේ නිෂ්පාදනය කරන ලද මෙම යානය වසර දහයකට වඩා පැරණිය. ශ‍්‍රී ලංකන් වෙත සිය ගුවන් මෙහෙයුම් සඳහා මෙය ලබාදී ඇතත්, එය ගුවන් යානා කටුගෙයකට මිස සක‍්‍රීය ගුවන් සේවයක ධාවනයකට යොදා ගත නොහැක්කකි. මසකට ලක්ෂ 999 ක කල්බදු වාරිකයක් ගෙවමින් එය දැන් පැත්තකට කර දමා තිබේ. මේ ශ‍්‍රී ලංකන් උදෙසා දියත් කරන ලද ‘යහපාලන කොස් කටින්’ ප‍්‍රතිපලයක්ය.

 ඒ සමග තවත් කරුමයකට කර ගැසීමට ශ‍්‍රී ලංකන් වෙත සිදුවිය. තවත් කොන්දේසියක් සැපිරීම සඳහා එයාර් බස් ඒ 330 තවත් යානයක කල් බදු කාලය නිකරුනේ දීර්ඝ කර ගැනීමට ශ‍්‍රී ලංකන් වෙත සිදුවිය. 2004 වසරේ නිෂ්පාදනය කර ඇති එම යානය, සඳහා වන කල් බදු කාලය තවත් වසර දහයකින් දීර්ඝ කර ගැනීම, මළ මිනියකට වසර දහයක් පමණ කන්න අඳින්න දෙනවා වැනි වැඩකි. සාමාන්‍යයෙන් මෙවැනි ගුවන් යානයක ආයු කාලය වසර හා අටක් පමණ වේ. නව කොන්දේසි හේතුවෙන් ඒ සඳහා වසර 24 ක පමණ කාලයක් කල්බදු ශ‍්‍රී ලංකන් විසින් ගෙවිය යුතුය. ඒ සඳහා මාසිකව ගෙවිය යුතු කල්බදු වාරිකය රුපියල් ලක්ෂ 650 ක් පමණය. මේ යහපාලනය විසින් ශ‍්‍රී ලංකන් වෙත ලබා දෙන ලද අපමණ අගයය. අවාසිදායක කොන්දේසි ගණනාවක් සඳහා යටත් වී මෙසේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව හේතුවෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය, මේ වනවිට පිම්මේ යන්නේ පාඩුවෙන් පාඩුවටය.

 මෙවැනි අර්බුද මධ්‍යයේ වුවද ආරක්ෂාව අතින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සිටිනුයේ, තරු හතේ ශ්‍රේණි ගත කිරීමේය. කටාර් එයාර් වේස් ආයතනය පවා සිටින්නේ තරු හයේ ශේණි ගත කිරීමේය. භූමියේදී එල්ල වූ එල්ටීටීඊ ප‍්‍රහාර හැරුණු කොට ශ‍්‍රී ලංකන් වෙත ගුවනේදී කිසිදු අනාරක්ෂිත සිද්ධියක් සඳහා මුහුණ පාන්නට සිදුවී නැත. එදා ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට පටබැඳී තිබුණේ, එහි ශ්‍රේණි ගත ඉංග‍්‍රීසි අකුරු වන යු.එල්. යන්න සඳහා යූෂුවලි ලේට් හෙවත් ‘සුපුරුදු පමාව’ යන්නය. ඒ සියල්ල බිඳ දමා, මේ වන විට ශ‍්‍රී ලංකන් හිමිකර ගෙන ඇත්තේ, ලෝකයේ නියම මොහොතට ගොඩබාන ගුවන් සේවා අතර පස්වෙනි ස්ථානය ය. ඒ ශ‍්‍රී ලංකන් සේවක කැපවීමය. අර, යහපාලනය ශ‍්‍රී ලංකන් වෙත ලබා දුන් අපමණ අගයය. මේ සියල්ලේ ශේෂය විඳිය යුත්තේ, බස් එකේ එල්ලී, කෝච්චිය පත්තේ එල්ලී යන ජනතාවය.

  ඔසිත අත්තනායක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.