රථවාහන සඳහා නිකුත් කරනු ලබන දුම්
සහතිකය වෙනුවට ජනවාරි 1 වැනිදා සිට කාබන් බද්දක් පැනවීමට මෝටර් රථ
ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම බද්ද මෝටර් රථවල
එන්ජින් ධාරිතාව අනුව වර්ගීකරණ තුනක් යටතේ අය කරන බව මුදල් අමාත්‍යාංශය
පවසයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 125 යතුරුපැදියක් සඳහා රුපියල් 62.50 ක්
ද, එන්ජින් ධාරිතාව 1000 ක මෝටර් රථයක් සඳහා රුපියල් 500 ක්ද, එන්ජි¨න්
ධාරිතාව 2600 ක් වන ජීප් රථයක් සඳහා රුපියල් 1300 ක්ද, වසර 5 කට වඩා අඩු
මඟී බස් රථයක් සඳහා රුපියල් 1000 ක් ද, වසර 5 ත් 10 ත් අතර මඟී බස්
රථයක් සඳහා රුපියල් 2000 ක්ද, වසර 10 ට වැඩි බස් රථයක් සඳහා රුපියල්
3000 ක් ද වාර්ෂිකව අය කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි.මෙම බද්දේ අවසන් අරමුණ වන්නේ පෘථිවි
ගෝලයට මුදාහරින කාබන් ප්‍රමාණය ක්‍රමයෙන් අවම කර ගෝලීය උණුසුම පාලනය කිරීමට
හැකි අයුරින් දායක වීමය. ඒ සඳහා වඩාත් අවංක අරමුණු ඇතිව ඉදිරියට පැමිණ
ඇත්තේ යුරෝපා රටවල් ය. ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් වසර 2025 වන විට තම
රටෙන් ගල් අඟුරු බලාගාර ඉවත් කිරීමට මේ වන විටත් සැලසුම් සකස් කර ඇත්තේ ඒ
අනුවය. නමුත් ශ්‍රී ලංකාවට ඇත්තේ එවන් උතුම් අරමුණු නොව වාහනවල දුම් ටිකෙන්
හරි බදු ආදායම උපයා ගැනීම වැනි සිල්ලර බදු ප්රතිපත්තියකි. ආණ්ඩුවට
වායුගෝලයට එකතුවන කාබන් ප්‍රමාණය පාලනය කිරීමට අවංක වුවමනාවක් තිබේ නම්
පළමුව කළ යුත්තේ බදු පැනවීම නොව ශ්‍රී ලංකාවේ කාබන් චක්‍රය පුනර්ජනනීය
බලශක්ති චක්‍රය වෙත මාරුකිරීමේ යාන්ත්‍රණය සැකසීමය. මහජනතාවගේ බදු
මුදල්වලින් නඩත්තු වන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයක්
පිහිටුවා තිබෙන්නේ ඒ සඳහා ය.
ෙµdසිල ඉන්ධන දහනයේදී වායුගෝලයට
කාබන් ඩයොක්සයිඩ් ඇතුළු වෙනත් අහිතකර විෂ දුම් එකතුවීම අනිවාර්ය ය. මෙම
විෂ දුම්වලින් පරිසරයට පමණක් නොව එහි ජීවත්වන සියලුම ජීවීන්ට සිදුවන්නේ
බරපතළ විනාශයකි. එපමණක් නොව වායුගෝලය මත කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ
යැමෙන් ගෝලීය උණුසුම ඉහළ ගොස් තිබෙන අතර, එමගින් ඉදිරියේදී ව්‍යසනකාරී
දේශගුණික විපත් ඇතිවන බවට දැනටත් කාලගුණික විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා
තිබේ. එම නිසා ලෝකයේ බොහෝ රටවල් වායුගෝලයට එකතුවන කාබන් පාලනය කිරීම සඳහා
කාබන් බද්දක් හඳුන්වා දී තිබේ. යුරෝපයේ ඩෙන්මාර්කය, µsන්ලන්තය, ජර්මනිය,
එංගලන්තය, අයර්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්විස්ටර්ලන්තය, ඇතුළු
රටවල් පමණක් නොව ආසියාවේ ඉන්දියාව, තායිලන්තය, චිනය ඇතුළු බොහෝ රටවල මෙම
බද්ද ක්‍රියාත්මක වන්නේ මීට වසර 6 - 7 කාලයක පමණ සිටය.
මෙම බද්දේ අවසන් අරමුණ වන්නේ පෘථිවි
ගෝලයට මුදාහරින කාබන් ප්‍රමාණය ක්‍රමයෙන් අවම කර ගෝලීය උණුසුම පාලනය කිරීමට
හැකි අයුරින් දායක වීමය. ඒ සඳහා වඩාත් අවංක අරමුණු ඇතිව ඉදිරියට පැමිණ
ඇත්තේ යුරෝපා රටවල් ය. ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් වසර 2025 වන විට තම
රටෙන් ගල් අඟුරු බලාගාර ඉවත් කිරීමට මේ වන විටත් සැලසුම් සකස් කර ඇත්තේ ඒ
අනුවය. නමුත් ශ්‍රී ලංකාවට ඇත්තේ එවන් උතුම් අරමුණු නොව වාහනවල දුම් ටිකෙන්
හරි බදු ආදායම උපයා ගැනීම වැනි සිල්ලර බදු ප්රතිපත්තියකි. ආණ්ඩුවට
වායුගෝලයට එකතුවන කාබන් ප්‍රමාණය පාලනය කිරීමට අවංක වුවමනාවක් තිබේ නම්
පළමුව කළ යුත්තේ බදු පැනවීම නොව ශ්‍රී ලංකාවේ කාබන් චක්‍රය පුනර්ජනනීය
බලශක්ති චක්‍රය වෙත මාරුකිරීමේ යාන්ත්‍රණය සැකසීමය. මහජනතාවගේ බදු
මුදල්වලින් නඩත්තු වන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයක්
පිහිටුවා තිබෙන්නේ ඒ සඳහා ය.
නමුත් විදුලිබල කෙසේ වෙතත් පුනර්ජනනීය
බලශක්ති අමාත්‍යාංශයක් රටේ තිබෙන බව ජනතාවවත් දන්නේ නැත. රටේ
පුරවැසියකුට එම අමාත්‍යාංශයට යැමට අවශ්‍ය නම් 1919 අංකයට දුරකථන ඇමතුමක්
දී ලිපිනය සොයාගත යුතුය. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය
ඉදිරිපත් කර ඇති ඉදිරි තෙවසර සඳහා ජනතා සැලැස්මේ ඇත්තේ රට පුරා ගල් අඟුරු
බලාගාර ඉදිකිරීමේ සැලසුම් ය. මෙම ගල් අඟුරු බලාගාර ඉදි නොකළොත් රටේ විශාල
බලශක්ති අර්බුදයක් ඇතිවන බව විදුලි ඉංජිනේරු සංගමය උදේ හවා මාධ්‍ය
සාකච්ඡා පවත්වමින් පුන පුනා කියා සිටිති. රටපුරා ගල් අඟුරු බලාගාර හැදිය
යුතු නම් රටේ ජනතාවගේ මුදල්වලින් පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තවදුරටත්
නඩත්තු කිරීමේ තේරුමක් නැත.
කාබන් බද්ද හඳුන්වා දුන් රටවල් එම
බද්ද හඳුන්වා දීමෙන් බලාපොරොත්තු වූ තවත් උතුම් අරමුණක් තිබේ. එය නම්
කාබන් බද්දෙන් උපයන ආදායම රටේ වායු දූෂණය අවම කිරීමට යොදා ගෙන රටේ
පුරවැසියන් ආරක්ෂා කර ගැනීමය. යුරෝපයේ බොහෝ නගරවල කාබන් දුම උරා ගන්නා
යන්ත්‍ර සවිකර එම දුම දිනපතා ගණනය කරනු ලැබේ. ලෝකයේ වැඩිම වායු දූෂණයක්
සිදුවන නගරය වන ඉන්දියාවේ දිල්ලි නගරයේ ද දිනපතා වායු දූෂණය ගණනය කෙරෙන අතර
දූෂණය ඉහළ නම් නගරයට පැමිණෙන රථවාහන පාලනය කරනු ලබයි. වායු දූෂණයේ
ප්‍රමාණය නගරවාසීන්ට තමන්ගේ ජංගම දුරකථනයෙන් පරීක්ෂා කිරීමේ තරමට එම
ක්‍රියාවලිය තාක්ෂණයෙන් බල ගැන්වී තිබේ. 1994 වසරේද කොළඹ නගරයේ වායු දූෂණය
මැණීමේ යන්ත්‍රයක් සවිකර තිබිණි. නමුත් එම යන්ත්‍රය වසර 24 ක් තිස්සේ
අක්‍රීයවී තිබේ.
අද වන විට රටේ වාහන ගහණය ලක්ෂ 70 කට
ආසන්න වී තිබුණ ද, රටේ ප්‍රධාන නගරවල වායු දූෂණය මැනීමේ කිසිදු
යාන්ත්‍රණයක් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලෝකයේ වසරකට වායු
දූෂණයෙන් මියයන ප්‍රමාණය ලක්ෂ 70 කි. ඉන් ලක්ෂ 42 ක් මිය යන්නේ නාගරික
වායු දූෂණයෙනි. ශ්‍රී ලංකාවේ කාබන් බද්දෙන් උපයන ආදායම රටේ වායු දූෂණය අවම
කිරීමට යොදා ගත යුත්තේ මේ නිසාය. කාබන් බද්ද දූෂණය නොකර පුරවැසියන් වායු
දූෂණයෙන් බේරා ගැනීම ආණ්ඩුවේ වගකීමය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, January 12, 2019
උන් සැප විඳින ගමන් ජනතාව නැතිවෙන්න බදු ගහන වලත්තු දේශපාලුවෝ ....!!!
Posted by
lankanews
at
January 12, 2019
Labels: ranil agreement, ranil con man, ravi karunanayagam, srilanka political corruptions, unp taxes, yahapalana taxes
උන් සැප විඳින ගමන් ජනතාව නැතිවෙන්න බදු ගහන වලත්තු දේශපාලුවෝ ....!!!
2019-01-12T21:43:00+01:00
lankanews
ranil agreement|ranil con man|ravi karunanayagam|srilanka political corruptions|unp taxes|yahapalana taxes|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
