සුමන්තිරන් මන්තී‍්‍රවරයා නිරන්තරයෙන්
උතුරට පොලිස් බලතල ඉල්ලන්නේ පොලිසියේ බාධාවකින් තොරව කේරළ ගංජා ජාවාරම
කරන්න ද යන ප්රශ්නය එම මන්ත්‍රීවරයාගෙන් විමසීමට සිදුවන බව පාර්ලිමේන්තු
මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසීය.
ගම්මන්පිල මන්තී‍්‍රවරයා ඒ බව සඳහන් කර සිටියේ පිවිතුරු හෙළ
උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මෙසේ ද පැවසීය.
කිලිනොච්චි පොලිසිය විසින් පලෙයි
ප්‍රදේශයේ දී ලංකාවට රහසිගතව ගෙනා කේරළ ගංජා නමැති මත්ද්‍රව්‍ය විශාල
තොගයක් අත්අඩංගුවට ගන්න වැටලීමක් කරනවා. ඒ අවස්ථාවේ මේ ජාවාරම්කරුවන්
පොලිසියට පහර දෙනවා. නමුත් මේ අය අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වෙනවා.
පොලිසියට පහර දෙන්න තරම් හයියක් ජාවාරම්කරුවන්ට ලැබුණේ කොහොමද කියන එක
හෙළිවෙන්නේ මේ අපරාධකරුවන් පොලිසියට ගෙනාවට පස්සේ.
නොනිල
අගමැති ලෙස රටම දන්නා දෙමළ ජාතික සංධානයේ යාපනයේ දිස්ත්‍රික්කයේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පොලිසියට කතා කරලා මේ පිරිස තමන්ගේ ආධාරකරුවන්
නිසා වහාම නිදහස් කරන්න කියා නියෝග කරනවා. මේ අය අත්අඩංගුවට ගැනීම පිළිබඳ
පොලිසියට තදින් බැණ වදිනවා. මේ පිළිබඳ පොලිස්පති විසින් විශේෂ විමර්ශනයක්
ආරම්භ කර තිබෙන නිසා මේ පිළිබඳ මීට වඩා මම විස්තර කියන්නේ නෑ.
ලංකාවට කේරළ ගංජා එන්නේ යාපනය හරහා බව නොරහසක්. පොලිස් බලතල උතුරට ලබා
නොදී දෙමළ සංධානයේ හැසිරීම මෙහෙම නම් ෆෙඩරල් ව්‍යවස්ථාව හරහා පොලිස් බලතල
ලබා දුන්නොත් කෙසේ වේවිද? සුමන්තිරන් මන්ත්‍රීතුමා නිරන්තරයෙන් පොලිස්
බලතල ඉල්ලන්නේ පොලිසියේ බාධාවකින් තොරව ගංජා ජාවාරම කරන්න ද කියා අපි
ඔහුගෙන් ප්‍රශ්න කරනවා.
පැති මාරුවලින් පස්සේ දැන් එජාපයට
ඉන්නේ මන්ත්‍රීවරු 101යි. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හයදෙනාත් එක්ක 107යි.
දෙමළ සංධාන 14යි. ජවිපෙට 6යි. ඒ කියන්නේ විපක්ෂයේ වාඩිවී සිටින ආණ්ඩුවේ එම
මන්ත්‍රීවරුන් 20 දෙනාද ගත්තහම ආණ්ඩුවේ පුළුල්ම සංධානයට ඉන්නේ
මන්ත්‍රීවරු 127යි. කථානායකට ඡුන්දය ප්‍රකාශ කරන්න බැරි නිසා ඇත්තටම රට
බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට සහය දෙන්න ඉන්නේ මන්ත්‍රීවරු 126යි. ෆෙඩරල්
ව්‍යවස්ථාව සම්මත වෙන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය හෙවත්
මන්ත්‍රීවරු 150ක සහයෝගය ලැබෙන්න ඕනෑ. ඒ කියන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත
කර ගන්න මන්ත්‍රීවරුන් 24ක් මදි. එහෙම නම් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 21
සහය ලබා ගෙන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්නවා කියා සුමන්තිරන්
මන්ත්‍රීතුමා කියන්නේ කොහොමද? සුමන්තිරන් ට ගණන් වැරදිලා.
21ක් නොවේ 24ක් නැතුව ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්න බෑ.
ලංකා ඉතිහාසයේ ලොකුම පැති මාරුව තමයි කරු ජයසූරිය සමග 17 දෙනකු
සන්ධාන ආණ්ඩුවට 2007 පෙබරවාරි මස එකතු වීම. ඒ 17 එකතු වුණේ ජනතාවගේ
ආශිර්වාදය මැද ත්‍රස්තවාදය පරාජය කරන ආණ්ඩුවකට. ඒ වගේම ඒ සියලූම දෙනාට
ඇමැති ධුර හිමි වුණා. මෙදා පාර 24 දෙනකු එකතු වෙන්න ඕනෑ රටේ දැවැන්ත
විරෝධයක් තිබෙන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්න. ඒ වගේම ඒ කිසිවකුට ඇමැති
ධුර හිමි වෙන්නෙත් නෑ. ඒ නිසා ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න ආණ්ඩුවට
සහය දෙන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24ක් ආණ්ඩුවට එකතු වේවි කියා මම නම්
හිතන්නේ නෑ. 21ක් එනෝ කියලා කෑ ගහන්නේ යම් දෝ නොයම් දෝ කියලා සිතමින් ඉන්න
අයට අවශ්‍ය විශ්වාසය ලබා දෙන්නයි.
පසුගිය නොවැම්බර් මාසයේ එජාප
මන්ත්‍රීවරු තුන්දෙනෙක් අපේ ආණ්ඩුවේ ඇමැතිවරුන් විධියට දිවුරුම් දුන්නා
විතරයි ප්රජාතන්ත්රවාදයේ ඊනියා ආරක්ෂකයන් විරෝධතා පුවරු ඔසවා ගෙන සටන්
පාඨ කියමින් පාරට බැස්සා. ”අපේ ඡුන්දය වෙන්දේසි කරන්න එපා.. කියලා කෑ
ගැහුව්වා. දැන් ඔන්න ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හයක් එජාපයට එකතු වෙලා.
තවත් 21ක් එනවා කියලා සුමන්තිරන් මන්ත්‍රී කියනවා.
ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂකයෝ දැන් කෝ?
ජනතාව දුන්නු ඡුන්දය
විකුණන එක නරක වැඩක් නම් ඒක කොයි පැත්තට පැන්නත් නරක වැඩක් වෙන්න ඕනෑ.
මන්ත්‍රීවරුන් එජාපයෙන් සන්ධානයට යන විට ඒක නීති විරෝධී ප්රජාතන්ත්ර
විරෝධී වැඩක්. හැබැයි සන්ධානයෙන් එජාපයට යන විට ඒක නීතිගරුක
ප්රජාතන්ත්රවාදි ෂෝක් වැඩක්. එහෙම වෙන්න පුළුවන් ද? එක පැත්තකට යන විට
හරි වෙන්නත් අනිත් පැත්තට යන විට වැරදි වෙන්නත් ප්රජාතන්ත්රවාදය
කියන්නේ වන් වේ පාරක් ද? එහෙමත් නැති නම් මේ අය කට අරින්නේ ඩොලර් මල්ලක්
විසි කළොත් විතරක් ද?
ඔය නන්නාඳුනන ප්රජාතන්ත්රවාදයේ
ආරක්ෂකයන් අමතක කරමු. මන්ත්‍රීවරුන් සන්ධානයට එකතු වන විට ඒක
ප්රජාතන්ත්ර විරෝධියි කියා ප්‍රකාශ නිකුත් කරපු තානාපතිලා නිහඬ ඇයි?
මාධ්‍ය නිහඬ ඇයි? රාජ්‍ය නොවන සංවිධාන නිහඬ ඇයි? සුමන්තිරන්ගේ ප්‍රකාශය
හෙළා දැකලා ප්‍රකාශයක් නිකුත් නොකරන්නේ ඇයි? මේ කලබගෑනි මැද ඊනියා
ප්රජාතන්ත්රවාදීන් නිරුවත් වෙලා බවයි අපට නම් පේන්නේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, January 12, 2019
සුමන්තිරන් පොලිස් බලතල ඉල්ලන්නේ කේරළ ගංජා ජාවාරම ජයටම කරන්නද....?
Posted by
lankanews
at
January 12, 2019
Labels: sumanthiran, The new constitution, tna deals, TNA politicians, udaya gamman pila, unp corruptions, unp deals
සුමන්තිරන් පොලිස් බලතල ඉල්ලන්නේ කේරළ ගංජා ජාවාරම ජයටම කරන්නද....?
2019-01-12T20:03:00+01:00
lankanews
sumanthiran|The new constitution|tna deals|TNA politicians|udaya gamman pila|unp corruptions|unp deals|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...