මේ සියලූ කරුණු තුළ හොඳ සහ නරක යන දෙකම තිබේ. ඒ නිසා මේ සියල්ල උපේක්ෂාවෙන් ඉවසීමටත් රටට ජාතියට සහ ආගමට හානියක් වන තැනදී එයට එරෙහිව මහ පාරට බැසීමටත් ජනතාවට අයිතිවාසිකමක් තිබේ. එසේ පාරට බසින අයට බැටන් පොලූවලින් තලා කඳුළු ගෑස් ගැසීම පොලිසිය සතු රාජකාරිය ය. වැඬේ තවදුරටත් වණ වන්නේනම් විරෝධතාකරුවන්ට රතුපස්වලදී මෙන් වෙඩි තැබීම යුද හමුදාවේ රාජකාරිය ය. ගුටි කෑ මිනිසුන්, පැලූණු ඔලූ යනාදිය රවුම් කර පෙන්වීම ටී. වී. චැනල්වල යුතුකම ය. ප්රජාතන්ත්රවාදී රටක් තුළ සිදු කරන විරෝධතා ව්‍යාපාර නීච ලෙස මර්දනය කිරීමට විරුද්ධව කතුවැකි ලිවීම පත්තරවල වගකීමය. මේ සියලූ කාරණා ඉතා ස්වල්ප දිනක් තුළ සාමාන්‍ය දේවල් බවට පත්වේ. ජනපති හෝ අගමැතිගෙන් බැණුම් ඇසීම අද මේ රටේ මාධ්‍යවලට ඉතාම හුරු පුරුදුය. ලොකුම වාසනාව වන්නේ එසේ බැණුම් ඇසීමෙන් ඔබ්බට ගොස් ගිය ආණ්ඩු කාලයේ මෙන් හදිසියේ වළපල්ලට යාමට, පැහැරගෙන ගොස් කකුල් කඩනු ලක්වීමට මෙකල සිටින මාධ්‍යකරුවන්ට අවස්ථාවක් නොලැබීමය. බැන්ණාට මොකද? ඇෙඟ් ඇලෙනවායැ. එහෙත් වෙඩි තැබු කල උණ්ඩය ඉන්තේරුවෙන්ම පපුව පලාගෙන යන්නේය.

මේ අතර යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධ කතා බහේදී ලිට්රෝ ගෑස් සමාගමේ ධර්ම ප්රචාරක නිලධාරි පූජ්‍ය දඹර අමිල සාදු කී දෙයක් නිසා අප තුළ මහත් විකට හැඟීමක් හටගෙන තිබේ. උන්වහන්සේ මෙසේ කියති.
1. මහින්ද රාජපක්ෂට හිතවත් අය යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කියන දේවල් මල්වතු - අස්ගිරි නාහිමිවරුන් විසින් නොපිළිගත ලැබිය යුතුය.
2. මහනායක හිමිවරුන්ගේ පදවි තනතුරු කිසිවක් අමිල සාදුට අදාළ නැත.
3. නාහිමිවරුන් පුනරුත්ථාපනය වී හරි දේශනා පැවැත්විය යුතුය.
4. නොඑසේනම් නාහිමිවරුන්ගේ නායකත්වය අමිල සාදු විසින් පිළිගනු ලබන්නේ නැත.
අමිල සාදුගේ ප්‍රකාශය මේ වන විට පුවත්පත්වල පළවී, රූපවාහිනිවල පෙන්නා අවසන්ය. මේ අනුව, අමිල සාදු මෙතෙක් කර ඇත්තේ ගෑස් සිලින්ඩරවලට බණ කීම හැර අන් කිසිවක් නොවන බව අප වටහා ගත යුතුය. මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශ අදාළ නැති එකා භික්ෂුවක නොව ගිහියෙකි. ඒ අනුව අමිල සාදු තවමත් සිවුරේද යන ප්රශ්නය මතුවේ. මොන ප්රශ්නය තිබුණත් මොන දේශපාලන කුණු වැළඳුවත් අමිල සාදු උගතෙකි. විශ්වවිද්‍යාල ඇදුරෙකි. මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගේ නායකත්වය නොපිළිගන්නා බව එහෙම උගත් ඇදුරෙක් කියන විට අපට එම ඇදුරාගේ උගත්කම ගැන සැකයක් ඇතිවේ. ඔහුගේ උපාධි සහතික පරීක්ෂා කිරීමට සිතේ. එම සහතික නිවැරැදි නම් අපගේ ඊළඟ ඉල්ලීම වන්නේ ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතු බවය. ඔහුට පිස්සු නම් හිත හදා ගත හැකි අතර පිස්සු නැතිනම් සංඝාධිකරණයකට යොමු කළ හැකිය. කිසිදු ආකාරයේ බලවේගයක් නොවන අමිල සාදු ආණ්ඩුව කෙළගෙන යන පිස්සුවට සපෝට් කිරීමෙන් ඉතාම කනගාටුදායක තැනකට ඇද වැටේ. එය බුදුන්ගේ ලේ සෙලවූ දෙව්දතුන් පොළොව පැලී ඇඳත් සමග නිරයට ගියා හා සමාන තැනකි. ලිට්රෝ ගෑස් අමිල සාදුට සියලූ දෙනා අනුකම්පා කළ යුතුය. උන්වහන්සේ ෆෙඩරල් යෝජනාවලියටත් වඩා දරුණු ලෙඩකි.