ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 12, 2019

රජයේ මාධ්‍ය අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ හොරණෑවක් විය යුතුමයි - වජිර අබේවර්ධන...!!!

මාධ්‍ය මර්දනය කිරීමක්, මාධ්‍යට දැඩි බලපෑම් කිරීමක් මේ වෙලාවේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ ඇයි?
එහෙම මාධ්‍ය මර්දනයක් සිදු වෙලා නැහැ. මාධ්‍ය වැඩකටයුතු කරගෙන යනවනේ.
ආසන්නතම සිදුවීම පසුගිය බ්‍රහස්පතින්දා කළු ඇඳුමින් සැරසුණු පිරිස් විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ආයතන ඉදිරියට ඇවිල්ලා විරෝධය පළ කළේ ආණ්ඩුවේ වුවමනාවට නේද?
මාධ්‍ය ආයතන කියලා සුවිශේෂී දෙයක් නැහැනේ. මේ රටේ මන්ත්‍රිවරුන්ට එරෙහිව උද්ඝෝෂණය කරනවා. ජනාධිපතිතුමාට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. අගමැතිට එරෙහිව උද්ඝෝෂණය කරනවා. සමහර වෙලාවට සුප්‍රීම් මහජනතාව සුප්‍රීම්' අධිකරණය ඉදිරිපිටත් උද්ඝෝෂණය කරනවා. මොකද මහජනතාව තමයි සුප්‍රීම් එතකොට සුප්‍රීම් මහජනතාව කලබල වුණාම උද්ඝෝෂණ කරනවා. ඒවා ස්වාභාවික දේවල්.
එතකොට මාධ්‍ය ආයතන ඉදිරිපිට කළු ඇඳුමින් සැරසී සිදු කළ ක්‍රියාවන්ට ආණ්ඩුවේ කිසිම සම්බන්ධයක් නැද්ද?
ආණ්ඩුවට කිසිම බලපෑමක් කරන්න අවශ්‍ය නැහැ. මහජනතාව කලබල වුණාම මොනවා කරනවාද දන්නේ නැහැ.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතනවලට චෝදනා කළා කළු මාධ්‍ය කියලා. පාර්ලිමේන්තුවේ ගැලරියේ සිටි මාධ්‍යවේදීන් දෙස බලමින් චෙක්පත් සූදානම් කරගන්න කියලා මාධ්‍ය ආයතනවලට දැනුම් දෙන ලෙසටත් ප්‍රකාශ කළා...?

අගමැති නොවෙයි, මාත් ඒ දේ එහෙමම කියනවා. දින 52 ඊනියා ආණ්ඩුව පැවති කාලයේදී අපේ රටේ මාධ්‍ය පරාදයි. මාධ්‍යට ඕන දේවල් මේ රටේ කරන්න බැහැ. ජනතාවට ඕන විදියටයි මාධ්‍ය හැසිරිය යුත්තේ.
මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්න බැහැ. නමුත් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ඕන විදියට න්‍යාය පත්‍ර තියාගන්න බැහැ. ඒකනේ මං ඒ දින 52ක කාලය තුළ කිව්වේ වහල් ආයතනවලට ඕන විදියට වැඩ කරන්න එපා කියලා. දින 2ක් මාධ්‍යවේදීන්ට වැඩ නොකර ඉඳලා මාධ්‍ය ආයතන හිමිකරුවන්ව හදාගන්න තිබුණා. දින දෙකක වැඩ වර්ජනයක් කළා නම් මාධ්‍ය ආයතන හිමිකරුවන්ව හදාගන්න තිබුණා.
එතකොට ඔබ කියන්නේ මාධ්‍ය ආයතන ආණ්ඩුවේ හොරණෑවක් විය යුතුයි කියලද?
රජයේ මාධ්‍ය අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ හොරණෑවක් විය යුතුමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතන හැසිරිය යුතු කාරණය සම්බන්ධයෙන්. පෞද්ගලික මාධ්‍යවලට වඩා රාජ්‍ය මාධ්‍ය හැසිරිය යුත්තේ කෙසේද කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම, ඒවා රටේ පොදු මහජනතාව අතරට ගෙන යෑම රාජ්‍ය මාධ්‍යයේ වගකීමක්.
එතකොට පෞද්ගලික මාධ්‍ය?
රටේ තිබෙන සාධාරණ යුක්ති සහගත පණිවුඩය ඉදිරිපත් කිරීම පෞද්ගලික මාධ්‍යයේ වගකීමක්. එහෙම නැතිව මාධ්‍ය ආයතන හිමිකකරුවන්ගේ න්‍යාය පත්‍ර ඉටු කරන්න පෞද්ගලික මාධ්‍යට බැහැ.
ආණ්ඩුවේ වැරැදි, අඩුපාඩු පෙන්වා දීමේ වගකීම, විවේචනය කිරීමේ වගකීම පෞද්ගලික මාධ්‍ය ආයතනවලට තිබිය යුතුයි?
හැමදාම වැරැදි පෙන්වලා දෙනවා. අඩුපාඩු පෙන්වලා දෙනවනේ. ඒ වගේම මාධ්‍ය ආයතනවල වැරැදි පෙන්වලා දුන් විට ඒවා නිවැරැදි කර ගැනීමට කටයුතු කළ යුතුයි. නැත්නම් මාධ්‍ය ආයතන සුප්‍රීම් ආයතන නොවෙයි. සුප්‍රීම් මේ රටේ පොදු මහජනතාවයි.
ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ආණ්ඩුවේ වෙළෙඳ දැන්වීම් ලබා දෙන්නේ නැහැ. සමහර මාධ්‍ය ආයතනවලට ආණ්ඩුවේ වෙළෙඳ දැන්වීම් සීමා කරලා. මේ වගේ දෙයක් මීට පෙර තිබුණු කිසිම ආණ්ඩුවකින් කරලා නැහැ නේද?
වෙළෙඳ දැන්වීම් මාධ්‍යට අවශ්‍ය නැහැ. මාධ්‍ය වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට එම ආයතනවලට අවශ්‍යතාවක් නැතිව ඇති. ඒ වගේම රටේ පොදු මහජනතාවට නියම ඇත්ත පෙන්වා දෙනවා නම් එම මාධ්‍ය ජනතාව අතරට යනවා. එම නිසා වෙළෙඳ දැන්වීම්වලින් මාධ්‍ය දුවන්න ඕන නැහැ.
නමුත් ආණ්ඩුවේ වෙළෙඳ දැන්වීම් පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ලබා නොදීම තුළින් කරන්න හදන්නේ පෞද්ගලික මාධ්‍ය ආයතන හීලෑ කර ගැනීමේ ක්‍රියාවලියක් නේද?
රජයේ මතවාදය කියන්නේ යම් රටක ප්‍රජාතන්ත්‍රවාදයේ බහුතර මතවාදයයි. ඒක නිසා බහුතර මතයට එරෙහිව ක්‍රියා කරන්න බැහැ. මාධ්‍ය ආයතනත් අමුතු සුප්‍රීම් ආයතන නොවේ. මාධ්‍ය ආයතනවලත් වැරැදි තියෙනවා නම් ඒවා පෙන්වා දිය යුතුයි.
ඔබ මොනවා කිව්වත් මාධ්‍ය ආයතන යම් හීලෑ කර ගැනීමක් නේද මේ අවස්ථාවේදී ආණ්ඩුව සිදු කරමින් ඉන්නේ?
මාධ්‍ය මොනවා කළත් ජනමතය ඉන්නේ ඊට ඉදිරියෙන්. මාධ්‍ය ඉන්නේ ගොඩක් පස්සේ.
ඔක්තෝබර් 26 වැනිදා ඇති වූ සිද්ධියෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාත් සමඟ එක්සත් ජාතික පක්‍ෂය සිටින්නේ අමනාපයෙන් නේද?
අපේ පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයයි. එහෙමත් නැත්නම් එක්සත් ජාතික පෙරමුණ. අපේ පක්‍ෂය සකස් වෙලා තියෙන්නේ සතර අගතියෙන් තොරවයි. ද්වේෂය, කේ‍රා්ධය, මෝහය, වෛරයෙන් තොරවයි. ඒක නිසා අපේ කිසිම සැඟවුණු න්‍යාය පත්‍රයක් නැහැ.
එතකොට ඉදිරි අවුරුද්දක පමණ කාලයක් තුළ ජනාධිපතිතුමා සමඟ වැඩ කිරීම එක්සත් ජාතික පක්‍ෂයට ගැටලුවක් නොවේද?
අපි ඉදිරියට යන්නේ යම් ක්‍රියාදාමයක් සමඟ. ඒක නිසා ගැටලු ඇතිවෙන්නේ නැහැ.
මේ වන විට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුම ඉදිරියේදී ස්වාධීන වන බව ප්‍රකාශ කරලා තියෙනවා.
යළිත් පාර්ලිමේන්තුව තුළදී මහින්ද රාජපක්ෂ විපක්‍ෂ නායකවරයා අගමැති බවට පත් කිරීමේ සිදුවීමක් සිදු වෙන්න පුළුවන් නේද?
එතකොට අපේ රටේ මිනිස්සු ඇවිල්ලා පාර්ලිමේන්තුව වටලයි' ගෝල්ෆේස් පිටිය වටලන්න බැහැ කිව්වනේ. අපි මුළු ගෝල්ෆේස් පිටියම වැටලුවා. ඒ වගේ අවශ්‍ය වුවහොත් මුළු කොළඹම වටලන්න අපිට පුළුවන්.

මීළඟ ප්‍රධාන මැතිවරණ දක්වා වර්තමාන ආණ්ඩුවට කිසිදු ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ කියන එකද ඔබ කියන්නේ?
පැහැදිලිවම ඔව්.
මුලින්ම තියන්නේ ජනාධිපතිවරණයද? පාර්ලිමේන්තු මහ මැතිවරණයද? නැත්නම් පළාත් සභා මැතිවරණයද?
ඕන මැතිවරණයකට එක්සත් ජාතික පක්‍ෂය සූදානම්. පහසුවෙන් දැන් ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන්.
නමුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයකට එක්සත් ජාතික පක්‍ෂය බයයි නේද?
අපි කිසිම මැතිවරණයකට බය නැහැ.
එහෙම නම් ඉස්සර වෙලාම
ජනාධිපතිවරණයක් ඉල්ලා සිටින්නේ ඇයි?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පසුගිය ජනවාරි 08න් පසුව ජනාධිපතිතුමාට ඕනෑම වෙලාවක ජනාධිපතිවරණයක් කැඳවන්න පුළුවන්.
ජනාධිපතිවරණයක් කැඳෙව්වොත් එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදය උග්‍ර වෙයි නේද?
අපේ පක්‍ෂයේ කිසිම අර්බුදයක් නැහැ. ජනාධිපතිවරණය කැඳෙව්වට පසුව අපේ අපේක්‍ෂකයා අපි වෙලාවට නම් කරනවා. ජයග්‍රහණය කරන්නේ එම අපේක්‍ෂකයායි.
ඔබ කියන අපේක්‍ෂකයා කවුද?
වෙලාව ආවම කියන්නම්.
දැන් කියන්න බැරි ඇත්තටම එක්සත් ජාතික පක්‍ෂය තුළ අර්බුදයක් තියෙන නිසාද?
ඔයාට ඕන වෙලාවට නොවෙයි අවශ්‍ය වෙලාවට අපේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කරනවා.
මීළඟ ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද? සජිත් ප්‍රේමදාස මහතාද? කරු ජයසූරිය මහතාද? නවීන් දිසානායක මහතාද? පාඨලී චම්පික රණවක මහතාද? රාජිත සේනාරත්න මහතාද?
මං කිව්වනේ ඒක වෙලාවට කියන්නම් කියලා.
පොඩි ඉඟියක්වත් ලබා දෙන්න බැරිද?
අවශ්‍ය වෙලාවට නම ම කියන්නම්කෝ.
ඒ කියන්නේ මේ වන විට ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්ද කියලා එක්ස්ත ජාතික පක්‍ෂයේ අභ්‍යන්තරය තුළ තීරණයක් අරගෙන තිබෙනවාද?
ඇයි මෙච්චර හදිසි. අපි නියම වෙලාවට අපේ දිනන ජනාධිපති අපේක්‍ෂකයා කියන්නම්.
වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් තිබෙනවාද?
බහුතරයක් තියෙන නිසානේ ආණ්ඩුවක් පිහිටුවලා තියෙන්නේ.
නමුත් දෙමළ ජාතික සන්ධානයේ සහාය සමඟ 117ක බහුතරයක් තිබෙන බව ශේ‍ර්ෂ්ඨාධිකරණයට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් දැනුම් දුන්නද පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය සමඟ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන්නේ 102ක් පමණයි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නොමැති වුණා නම් එදා එක්සත් ජාතික පෙරමුණෙන් හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 88 දෙනකු පමණයි?
ඔබ ඔය අහන ප්‍රශ්නය කිසිම අදාළත්වයක් නැහැ. 1994දී බලයට පත් වුණු පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව රට පාලනය කළෙත් එක් පාර්ලිමේන්තු මන්ත්‍රි ආසනයක බහුතරයක් තියාගෙන. ඒක නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදායට ඔබගේ ප්‍රශ්නය අදාළ වෙන්නේ නැහැ.
නමුත් දෙමළ ජාතික සන්ධානයේ සහායෙන් ආණ්ඩුවේ බහුතරය පවත්වාගෙන යන නිසා එම සන්ධානයේ ප්‍රාණ ඇපකරුවකු බවට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්ව තිබෙනවා නේද?
ඔය කතාව කියන්නේ විරුද්ධ පක්‍ෂයයි. විරුද්ධ පක්‍ෂය පවත්වාගෙන යන්න සටන් පාඨකයක් අවශ්‍යයිනේ. මේ රටට නිදහස ලබලා අවුරුදු 71යි. වසර 30කට අධික යුද්ධයක් උතුර - නැඟෙනහිර පළාත්වල ක්‍රියාත්මක වුණා.
යුද්ධය අවසන් වෙලා වසර 9ක් ගත වෙනවා. නමුත් දේශපාලන විසඳුමක් හරියට ලබා දෙන්න තවම බැරි වෙලා තියෙනවා. උතුරේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දකුණේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ සමඟ වැඩ කරනවා නම් ඒක ඉතාම හොඳ දෙයක්. මෙවැනි අවස්ථාවලදී ෆෙඩරල් කතා වෙනත් දේශපාලන කතා කිය කියා හිටියොත් මේ ප්‍රශ්නය කවදාවත් විසඳන්න බැරි වෙනවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව පාර්ලිමේන්තුවට ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළා. එතකොට ආණ්ඩුවේ බහුතරය පවත්වාගෙන යන්න නම් එක්සත් ජාතික පක්‍ෂයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය ලබා දෙන්න සිදුවෙනවා නේද?
ඔබ අහන ප්‍රශ්නය කිසිම අදාළත්වයක් නැහැ. ඔබ හදන්නේ ඔබේ පුවත්පත හරහා රටේ ව්‍යාකූලත්වයක් ඇති කරන ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කිරීමට. ඔබත් මේ රටේ පුරවැසියෙක් වශයෙන් අවුරුදු 71ක් තිස්සේ විස¼දා ගැනීමට නොහැකි වී තිබෙන ප්‍රශ්නයක් කොහොමද විස¼දා ගන්නේ කියලා ඔබටත් වගකීමක් තියෙනවා. කිසිම දෙයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව සිදු කරන්න බැහැ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කරුණු උඩ පමණයි මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයනු ලබන්නේ. ඕකට ඔච්චර සටන් පාඨ කියන්න ඕන නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාර්ලිමේන්තුවේදී මේ ගැන කතාබහ කරන්න පුළුවන්. අපිට පාර්ලිමේන්තුවේදී 2/3ක බහුතර බලයක් නැහැ. 2/3ක ලබා නොදී හිටියොත් මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම මෙම ක්‍රියාවලියට පාර්ලිමේන්තුවේ 2/3ක ලබා නොදෙන කට්ටිය අපේ රටේ දේශපාලනය කරන්නත් ඕන කියලා මතක තියා ගත්තට කමක් නැහැ.
නමුත් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් රැසක්ම පෙන්වා දෙනවා මේ අවස්ථාව්දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි කියලා. මෙවැනි කතාබහක් තියෙද්දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කිරීම සුදුසුද?
මෙවැනි කතාබස් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයක්නේ. ඒක නිසා ඒ ගැන කලබල විය යුතු නැහැ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට අහිතකර නම් 2/3ක පාර්ලිමේන්තු බහුතරයක් ලබා නොදී ඉන්න පුළුවන්. හැබැයි අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවා. ඒ මතයේද ඔබ කියන විදියට ආණ්ඩුව ඉන්නේ?
සාකච්ඡා කරන්න පුළුවන්. අදහස් කියන්න පුළුවන්. අවසානයේදී එකඟතාවකට එන්න පුළුවන්. මේ දේ සිදු වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි.
පාර්ලිමේන්තුවේ 2/3ක ලබා නොදෙන පිරිසට මේ රටේ දේශපාලනය කිරීමට හැකි වේද කියා ඔබ අනතුරු ඇඟවීමක් සිදු කළා. උතුරේ දෙමළ ජාතිකයන්ගේ ඡන්ද බලාගෙන එක්සත් ජාතික පක්‍ෂය මෙහෙම වැඩ කළොත් සිංහල බෞද්ධ ඡන්ද පදනමට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද?
උතුරු පළාත වෙනම රටක්ද? උතුරේ ජනතාව ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාව තුළයි. 1977 කේ.ඩබ්ලිව්. දේවනායගම් මහතා කැබිනට් මණ්ඩලයේ ඉඳ ගත්තට පසුව කැබිනට් මණ්ඩලයට නියෝජනයක් නැති වුණු උතුර - නැඟෙනහිරට කැබිනට් මණ්ඩල නියෝජනයක් ඒම නරකද? ඔබට ඕන කරන්නේ උතුර - නැඟෙනහිර ත්‍රස්තවාදයද? ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදය තුළ සියලු දේශපාලන පක්‍ෂ වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතුව තිබෙනවා.
රටේ ඒකීයභාවය රකිනවා කියලා ඔබත් පාර්ලිමේන්තුව තුළදී දිවුරුම් දී තිබෙනවා. නමුත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් බොහෝ අවස්ථාවලදී රටේ ඒකීයභාවයට අභියෝග වන ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා නේද? දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙමළ බෙදුම්වාදයට පක්‍ෂව අදහස් ප්‍රකාශ කිරීම නිසා ඔවුන් සමඟ ආණ්ඩු කිරීම ඔබගේ පක්‍ෂයට අභියෝගයක් නොවේද?
ඔය ප්‍රශ්නය කිසිම අදාළත්වයක් නැහැ. කොහොම හරි හදන්නේ අවුළවලම දාන්නයි. ඔබ නියෝජනය කරන ජාතික පුවත්පත මෙවැනි ජාතික කටයුත්තකදී වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. පසුගිය දින 52 බැලුවොත් ඔබගේ මාධ්‍ය ඇතුළු මාධ්‍ය ආයතන කියපුවා නොවේ සිදුවුණේ. දින 52 තුළ අවසාන පිළිතුර ශ්‍රී ලංකාවේ මාධ්‍ය අසමත්.
නමුත් ඔබ ඔය කියන කාරණය සම්බන්ධයෙන් ලැබුණු නඩු තීන්දුව පිළිගන්නේ නැති බව අදාළ පාර්ශ්ව ප්‍රකාශ කරනවා. නව අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පත් කිරීම පිළිබඳ නඩු විභාගය තවම අවසන් වෙලා නැහැ. තීන්දුව ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී කියා පමණයි?
සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නයක් ගැනනේ ඔබ අහන්නේ. එම ප්‍රශ්නයට අදාළ පිළිතුර බැලුවම ඔය ප්‍රශ්නය විසඳෙනවා. ඒක නිසා ඔය ප්‍රශ්නයට මට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.