ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 20, 2019

මළ සිරුර සමඟ අවමංගල රථය පෙරළීමෙන් තුවාල ලත් දෙදෙනකු රෝහලේ

මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සකස් කිරීම සඳහා මල් ශාලාවට රැගෙන යමින් සිටි අවමංගල්‍ය රථයක් පෙරළී එහි සිටි අවමංගල්‍ය ශාලා හිමිකරු සහ තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.  (17දා) අලුයම් කාලයේදී මැදකන්ද මැකිලියතැන්න ප්‍රදේශයේ නිවෙසක මියගිය කාන්තාවකගේ මළ සිරුර සකස් කිරීම සඳහා මල් ශාලාවකට රැගෙන යන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත.

එම අවමංගල්‍ය රථය මැකිලියතැන්න මාර්ගයේ පැමිණ කටුවන උෟරුබොක්ක මාර්ගය ආසන්නයට පැමිණි අවස්ථාවේ තැඹිලි ගසක්ද පෙරළාගෙන ප්‍රධාන මාර්ගයට පෙරළී ඇත. එම අවස්ථාවේ රථයේ සිටි මල් ශාලා හිමිකරු සහ මළ සිරුර භාරව ගමන් කළ අයද තුවාල ලබා කටුවන රෝහලට ඇතුළත් කර ඇත. අවට සිටි අය රථයේ සිටි දෙදෙනා එළියට ගෙන රෝහලට යවා ඇති අතර මළ සිරුරද අසීරුවෙන් පිටතට ගෙන තිබිණි.
මෙම අනතුරෙන් අවමංගල්‍ය රථයටද බරපතළ හානි සිදුව ඇත. කටුවන පොලිසියේ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.