ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 23, 2019

වාහනවලට හුළං පුරවමින් සිටින අයියප්පර් සාමිවරයෙක් ...!!!

මේ අරුම පුදුම පිරිස, මේ විශේෂිත ඇඳුමත් සමඟ දක්නට ලැබෙන්නේ වර්ෂයකට එක් වතාවක් පමණි. එසේ දකින්නට ලැබෙන්නේද දෙසැම්බර් මාසයේ මුල් සතියේ සිට ජනවාරි මාසයේ මැද දක්වා පමණකි.
ඉන්පසුව මේ පුද්ගලයෝ සමාජයේ සුපුරුදු ලෙස ජීවත් වුවත් ඔවුන් මේ විශේෂිත කාල වර්ණයෙන් දැක ගන්නට ලැබෙන්නේ නැත.
මේ විශේෂිත පුද්ගලයෝ කාලවර්ණ ඇඳුමින් සැරැසී මාලයක් ගෙලේ බැඳගත්දා පටන් සාමිවරුන්ය. නිකම්ම නිකම් සාමිවරු නොව "අයියප්පර් සාමි" වරුන්ය.
"අයියප්පර්" යනු කතරගම දෙවියන්ගේ සහෝදරයකු ලෙස සැලකෙයි. ඒ අනුව අයියප්පර් යනුද දෙවියෙකි. මේ දෙවියන් වෙනුවෙන් මාසයක් තිස්සේ කැපවන පිරිස "අයියප්පර් සාමි"වරු වෙති.
මේ දිනවල මුළු උතුරු ප්‍රදේශය පුරාම කළු පැහැති ඇඳුම් පලඳින "අයියප්පර් සාමි" නමින් හඳුන්වන පිරිසක් සිටිති.
මේ අය සිටින්නේ උතුරේ පමණක් යැයි මා විශ්වාස කළද මේ මෑතකදී කඩවත නගරයේද "අයියප්පර් සාමි" කෙනකු සිටිනු දැක ගන්නට ලැබිණි. ඔහු ඇතැම් විට උතුරේ සිට කිසියම් අවශ්‍යතාවක් සඳහා කඩවතට ගොස් සිටියේදැයි කියන්න දන්නේ නැත.

කෙසේ වෙතත් ඔවුන් හින්දු පූජකවරුන් නොවූවත් ඔවුන්ගේ ආගමෙහි එක් කොටසක් වෙනුවෙන් දින ගණනාවක් ජීවිතය හා ආත්මය "අයියප්පරු" දෙවියන් උදෙසා කැප කළ පිරිසකි.
මේ "අයියප්පර් සාමි" වරුන් සොයා ගිය අවස්ථාවේදී වවුනියාවේ ගණේෂපුරම් ප්‍රදේශයේ ගුණසීලන් ඥානප්‍රකාශ් මුලින්ම විස්තර කළේ මෙලෙසය.
අයියප්පර් දෙවියන් කියන්නේ කතරගම දෙවියන්ගේ සහෝදරයෙක් කියලා විශ්වාසයක් තියෙනවා. මේ දෙවියන්ගේ විශාලතම කෝවිල පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ. දෙවියන්ගෙන් හින්දු බැතිමතුන්ට විශාල පිහිටක් ආධාරයක් තියෙන නිසාවෙන් පුළුවන් අය ඒ දෙවියන්ට බාර වෙලා කේරළයේ තියෙන මහ දේවාලයට අවුරුද්දකට සැරයක් යනවා.

මේ අවුරුද්දේ ජනවාරි මාසේ 12දා තමයි ඒ අයියප්පර් කෝවිලේ වාර්ෂික මංගල්‍ය තියෙන්නේ. අපි ඊට දවස් දෙක තුනකට කලින් එහෙ යන්න ඕනෑ.

මේ වාර්ෂික මංගල්‍යයට යන්න කැමැති උදවිය කෝවිලේ උත්සවයට මාස 1 1/2කට කලින් දෙවියන්ට බාර වෙන්න ඕනෑ. එහෙම බාර වුණාම ඒ අයට මස්, මාළු කන්න බැහැ. මළ ගෙවල්වල සහ වෙනත් කිල්ලට අහුවෙන තැන්වලට යන්න බැහැ. අරක්කු, සිගරැට් වගේ දේවල් පාවිච්චි කරන්නත් තහනම්.

අපි වෙනදා අදින ඇඳුම් කේරළයේ කෝවිලට ගිහින් ආපහු ඇවිත් මේ ගමේ තියෙන කෝවිලට ගිහින් බාර ඔප්පු කරන කල්ම අඳින්න බැහැ. ගමේ කෝවිලට බාර වුණු දවසේ ඉඳලා අපිට කළු ඇඳුම් අඳින්න, කකුල්වලට සෙරෙප්පු සපත්තු දාන්න තහනම්. වෙන වෙන විච්චූර්ණ කරන්නත් බැහැ. අපි අයිප්පර් දෙවියන්ට බාර වෙලා ඉන්දියාවේ කේරළයේ මහ කෝවිලට ගිහින් පූජා තියලා ආවහම මෙහෙ බාරේ ඔප්පු කරනවා. අපිට මේකෙන් විශාල පිහිටක්, ආශීර්වාදයක් තියෙනවා"
අයියප්පර් සාමිවරුන්ට මස්, මාළු අනුභව කිරීම තහනම් වුවත් ඔවුන්ට මස්, මාළු අලෙවි කිරීමට හැකියාව හා නිදහස තිබේ. මේ කළු ඇඳුම් ඇඳගත් පිරිස තමන්ට හුරුපුරුදු වූ රැකියාව ඒ අන්දමින්ම කරගෙන යති. අප සමඟ වවුනියාවේ සේවය කරන ගෝකුලන් නමැති සහෝදර මාධ්‍යවේදියකුද "අයියප්පර් සාමි" කෙනකු බවට පත්ව සිටියි. මේ නිසා අපි ඔහුද අමතන්නේ නම සඳහන් නොකරමින් "සාමි" කියලාය.
ඔහු පවසන අන්දමට කළු ඇඳුම් ඇඳගෙන, ඔවුන්ගේ සියලු දෛනික ජීවනෝපාය මාර්ගයන් ඒ අන්දමටම සිදුකරමින්, "අයියප්පර් සාමිලා" උතුරු ප්‍රදේශය පුරා ඇවිදී. මේ දිනවල ඔවුන් වැඩි වශයෙන් වීසා පහසුකම් සලසා ගැනීමට ඇවිදින්නේ ඉන්දියාවට යෑමට අවශ්‍ය නිසාය.
එක් අයියප්පර් සාමිවරයෙක් එළවළු වෙළෙදාම්  කරද්දී තවත් සාමිවරයෙක් වාහනවලට හුළං පුරවමින් සිටිනු දක්නට ලැබිණි. මේ ආදී වශයෙන් ඔවුන් දෛනිකව එදා සිට කරනුු ලබන රැකියාවල නිරතව සිටිති.

ඔවුන්ගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ ඉන්දියාවට යෑමට විශාල මුදලක් අවශ්‍ය නිසා වසර පුරාම තමන් කරන රැකියාවෙන් ඒ සඳහා කීයක් හෝ ඉතුරු කර ගන්නා බවයි.
ඉන්දියාවේ කෝවිලට යෑමට නොහැකි අය බාර හාර වී ඉන්දියාවට යන පිරිසට පඬුරු ලබාදීමත්, උදවු උපකාර කිරීමත් සිදු කරන බවත් මේ සාමිවරුන් කියා සිටී. මඟදී හමුවන පිරිස් ඔවුන්ට "සාමි" යනුවෙන් ආමන්ත්‍රණය කරන අතර එසේ ආමන්ත්‍රණය කරනු ලබන අයට ඔවුන් සිය දකුණු අත අදාළ අයගේ හදවත මත තබා පෙරළා ආශීර්වාද කරයි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි "අයියප්පර්" කෝවිලට ගොස් ආපසු පැමිණීමෙන් පසුව මේ තැනැත්තන්ගේ "සාමි" තත්ත්වය ඉවත්ව යන්නේ ඉබේය. ඉන් පසුව ඔවුන්ට කිසිවකුත් "සාමි" යන නමින් ආමන්ත්‍රණය නොකරති. හරියටම මෙය බුදු දහමේ තාවකාලික පැවිද්ද මෙනි.

මීට පෙර කාලයේදී කාන්තාවන්ට කුමන හෝ හේතුවක් මතවත් "අයියප්පර්" කෝවිලකට යෑමට නොහැකිව තිබිණි. ඒ නිසා කාන්තාවන්ට මාල දමා කළු ඇඳුම් ඇඳලා සාමි කෙනෙක් වෙන්න දුන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ කෝවිලට යන්න දුන්නෙත් නැහැ.

කාන්තාවෝ මේ සම්බන්ධයෙන් ලොකු ඉල්ලීමක් කළා. ලංකාවේ කාන්තාවන්ට වඩා මේ ඉල්ලීම කළේ ඉන්දියාවේ කේරළයේ කාන්තාවනුයි. ඒ ඉල්ලපු සෑම වාරයකදීම අයියප්පර් කෝවිලේ භාරකාර මණ්ඩලය එක එක හේතුන් කියලා කාන්තාවන්ට ඒ අවස්ථාව දුන්නේ නෑ. මෙහෙම ගිහින් අවසානයේ ඉන්දීය රජය හරහා පවා මේ ප්‍රශ්නයට බලපෑම් කෙරුණා.

දැන් අවුරුද්දකට කලින් කාන්තාවන්ට මේ සඳහා අවසර ලැබුණා. උතුරේ කාන්තාවන් කේරළයේ අයියප්පර් කෝවිලට යන්න බාරවෙලා මාල දාලා කළු ඇඳුම් ඇන්දේ මේ සැරේ තමයි.

මේ කෝවිලට යන්නත් ඒ විදියට සාමි කෙනෙක් වෙන්නත් කාන්තාවන්ට අවසර දීමේදී පිරිමින්ට වඩා විශේෂ නීතිරීති ගොඩාක් පනවලා තියෙනවා. මුල්ම නීතිය තමයි වයස අවුරුදු 55ට වඩා වැඩි වෙන්න ඕනේ. වයස එහෙම වැඩි වුණත් මාස් ශුද්ධිය තවමත් පවතින අයට යන්න බැහැ. ඒක නතර වෙලාම තියෙන්න ඕනේ.

මේ මාල දැම්ම දවසේ ඉඳලා ඉන්දියාවට ගිහින් බාරය ඔප්පු කරලා එනකල් ගෙදර ස්වාමියත් එක්ක අඹුසැමියන් විදියට ජීවත් වෙන්නත් තහනම්. මේ වගේ නීති ගොඩක් එක්ක තමයි කාන්තාවන්ට අයියප්පර් කෝවිල්වලට යන්න අවසරය, ඉන්දියාවේ මහ කෝවිලට යන්න අවසරය ලබා දී තියෙන්නේ.

ඉස්සර මේ අයියප්පර් කෝවිල් උතුරු පළාතේ තිබුණේ ඉතාම අඩුවෙන්. දැන් විශාල පිරිසක් "අයියප්පර් සාමි" ලා වෙලා ඉන්දියාවට යන නිසා වවුනියාවෙත් ලොකු කෝවිලක් තියෙනවා. මේ කෝවිලේ පූජාව තියෙනවා මේ දවස්වල. ඒ පූජාවට දැන් කාන්තාවන්ටත් යන්න පුළුවන්කම තියෙනවා.

මගේ ජීවිතේ පළමුවැනි වතාවට තමයි මම මෙහෙම මාල දාලා, ඇඳුම් ඇඳලා සාමිවරියක් වුණේ. ඒත් මට දැන් තේරෙනවා දැනෙනවා මේකේ විශාල බලයක් හාස්කමක් තියෙනවා කියලා. මොකද මේ කාලයේදී අපි හොර බොරු කරන්නේ නෑ. මස්, මාළු කන්නේ නෑ. අයියප්පර් දෙවියන් වෙනුවෙන්ම ජීවිතේ කැප කරලයි තියෙන්නේ.

කොටින්ම අපි මේ කාලයේ ඒ වෙනුවෙන් පේ වෙලා ඉන්නේ. නිකන් අවශ්‍ය නැති කතා මොනවත් මේ කාලයේදී ගෙදර අය එක්කවත් කරන්නේ නෑ. ඕනේම අවශ්‍යම දේ විතරයි කතා කරන්නේ. වැඩියෙන්ම දවස ගෙවන්නේ ඉන්දියාවේ කේරළයේ මහ කෝවිලට ගිහින්. ඒ ඉන්න දවස්වලට එහෙ කෙරෙන පුද පූජා විධි සහ ඒ ඒ අවස්ථාවලදී කියන්න ඕනේ ස්තෝත්‍ර, ශ්ලෝක වගේ දේවල් කියවලා කට පාඩම් කරගන්නා එකයි.

ඉතින් මානසිකව විශාල සහනයක් දැනෙනවා. හිතට ලොකු සතුටක් තියෙනවා. බලාපොරොත්තු ගොඩක්
ඉෂ්ට වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් භක්තියෙන් යුතුව තමයි මේ දවස්වල කාලය ගත කරන්නේ.

මේ විශේෂිත ඇඳුම දමාගෙන යතුරුපැදිවලින් ගමන් කරන "අයියප්පර් සාමි"ලා නිතරම දැඩි
දුෂ්කරතාවකට පත් වෙති. මහමඟ සිටින පොලිසිය ඔවුන්ව නවත්තන්නේ ඔවුන්ගේ ඇඳුම සහ ලොකු මාලය දකින විට විශාල සැකයක් ඇතිවන බැවිනි. නමුත් මාසයක පමණ කාලයක් සාමිවරුන් බවට පත්ව සිටින මේ පිරිසට යම් සහනයක් මේ කාලයේදී ලැබිය යුතු බව හැඟී යයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ මේ ඇඳුම හා මාලය දමාගෙන සිටින කාලයේදී ඔවුන් හොර බොරු වංචාවන් සිදු නොකරන නිසාවෙනි.

ඉතා සූක්ෂ්මව විමසා බලන විට බොහෝ පූජකවරුන්ට වඩා ගුණ ධර්මයන් රැසක් ඔවුන් මේ මාසයක කාලය තුළ මේ ජීවිතය තුළ වගා කර ගනියි. නියමාකාරයෙන් සත්‍ය ජීවිතයක් ඔවුන් මේ කාලය තුළ ගෙවන නිසා පොලිසියේ උසස් නිලධාරීන්ගේ අවධානයද මේ "අයියප්පර් සාමි" වරු වෙත යොමුවීම ඉතා සාධාරණය. ඔවුන්ව මහමඟ රස්තියාදු නොකොට මේ ඉතා සුළු කාලය තුළ අපහසුතාවට පත් නොකොට යන්නට හරින්නේ නම් ඔවුන්ට සෘජුවම ගරු නොකළත් ඔවුන්ට කරන විශේෂ ගෞරවයකි.

මීට වසර දෙකකට ඉහත සිට මේ අයියප්පර් සාමිවරු තවත් හේතුවක් නිසා පීඩා විඳිති. යාපනයේ ක්‍රියාත්මක "ආවා කල්ලියේ" සාමාජිකයන් ලෙස මේ සාමිවරු දෙස බලන ආරක්ෂක අංශ ඔවුන්ව නතර කොට පරීක්ෂා කොට යවනු ලබයි. එසේ කළ පසුව ඒ සාමිවරු ආපසු යන්නේ සාමිගේ දකුණු අත ඔහුගේ පපුව මත තබා හිස නමා ආශීර්වාද කිරීමෙන් පසුවය.

වරෙක යාපනය මහාධිකරණයේ වූ නඩුවකට සාක්කි දීම සඳහා නියමිත දිනය එළඹෙන විට ඒ පුද්ගලයා "අයියප්පර් සාමි" කෙනකු බවට පත්ව සිටියේය. ඔහු සාක්කි දීම සඳහා තඩි මාලයක් දමාගෙන කළු ඇඳුම් ඇදගෙන යාපනයේ මහාධිකරණයට යන විට පොලිස් නිලධාරීන් මුලින් ඔහුට ඒ සඳහා අවසර ලබා නොදුන්නේය. පසුව රෙජිස්ට්‍රාර්වරයා මැදිහත් වී ඔහුට අධිකරණ ශාලාවට යෑමට අවසර ලබා දුන්නද අමුතු ඇඳුම් ඇඳගත් මේ සාමිවරයා දුටු එවකට යාපනය මහාධිකරණයේ විනිසුරු වූ මානික්කවාසගම් ඉලංචේලියන් මහතා අදාළ නඩුව කැඳවීමටත් පෙර සාමිවරයා කැඳවීය.

මහාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ ඔබ නියම පූජකවරයකුද යන්නයි. ඔහු තමන් සාමිවරයෙක් බව කියා සිටියද විනිසුරුවරයා කියා සිටියේ අධිකරණයට ගැළපෙන ඇඳුමක් පැලඳගෙන අධිකරණයට පැමිණෙන ලෙසයි.

ඉලංචේලියන් මහතාද හින්දු භක්තිකයකු නිසාත් මේ සාමිවරු ගැන දන්නා නිසාත් ඔහුගේ සාක්කි සටහන් කරගැනීම අදාළ සාක්කිකරුගේ සාමි ජිවිතය අවසන් වන දිනයකට කල්දමා ඔහුට අධිකරණයෙන් ඉවත්ව යෑමට අවස්ථාව සලසා දුන්නේය.

අවුරුද්දකට වරක් ජන සමාජයට පැමිණෙන මේ "අයියප්පර් සාමි"වරු පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් මුලින්ම සංස්කෘතික අමාත්‍යාංශයෙන් සිදුවිය යුතුය. ඊළඟට
සිදුවිය යුත්තේ ඔවුන්ගේ ශීලයට හා ගරුත්වයට හානි නොවන අන්දමට සමාජයෙන් සැලකිලි ලැබෙන ක්‍රමයක් සකස් වීමයි.
වවුනියාව -
රසාදි චතුරංගි ගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.