ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 20, 2019

60,000කට මරු කැඳවු ජවිපෙ පරාජිත දෙවැනි කැරැල්ලේ ඔබ නොදන්න කතා....!!!

ජේ .වී .පි  ක්‍රියාකාරිකයන් මරා දැමීමට මුලිකව කටයුතු කල බටලන්ද වධකාගාරයේ කාලකන්ණි  මිනීමරුවා අද ලංකාවේ අගමැතිය .උගේ නම රනිල් ය .ඒ කාලයේම ප්‍රා නමැති මිනීමරු කල්ලිය අටවාගෙන දහස් ගණන් තරුණ තරුණියන් මරා දැමු කාලකන්ණි මිනීමරුවා රාජිත සේනාරත්න අද සෞඛ්‍ය  ඇමතිය ...අද ජෙප්පන් උන්ගේ අතවැසියන් වී ඇත ....!!!


ජවිපෙ 1965 මැයි 14 ආරම්භයේ සිට 2018 දක්වා කැරලි 2කට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල වූ 1971 අප්‍රේල් 5 කැරැල්ල මර්දනය කිරීමේදී සමඟි පෙරමුණ ආණ්ඩුව අතින් ඝාතනයට ලක්වූ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්නය. එවකට ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ දත්ත අනුව ඝාතනයට ලක්වූ කැරැලිකරුවන් සංඛ්‍යාව 1,200ක් පමණ වේ. ජවිපෙට අනුව මියගිය සංඛ්‍යාව 10,000ක් පමණ වේ. එසේම 1971 කැරැල්ලේදී අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරු 11ක රඳවා සිටි කැරැලිකරුවන්ගේ සංඛ්‍යාව 17,953කි. ඉන් පොදු දේශපාලන සමාව යටතේ භාර වූ සංඛ්‍යාව 4,200කි.

පරීක්ෂණ සභා කොමිෂන් 4ක් මඟින් 1971 අප්‍රේල් කැරැල්ල මහ නඩුව ඇතුළු පරීක්ෂණ 140ක් පවත්වන ලදී. එහිදී චෝදනා ලැබූ චූදිතයන් සංඛ්‍යාව 3,908කි. පුනරුත්ථාපනය කළ සංඛ්‍යාව 16,853කි. සෙසු අයට අත්හිටුවූ බරපතළ සහ ජීවිතාන්තය තෙක් ආදී සිරදඬුවම් නියම විය. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත 1977 ඔක්තෝබර් 1 අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විජේවීර ඇතුළු සිරදඬුවම් විඳිමින් සිටි සියලු දෙනා 1977 නොවැම්බර් 2 එජාප ආණ්ඩුව මඟින් නිදහස් කරන ලදී.

ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපාය මාර්ගික ගමන්මඟ අනුව රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ජවිපෙ විසින් 1986 සිට 1990 දක්වා වසර 4ක කාලයක් තුළ ක්‍රියාවට නැඟූ ජවිපෙ 2 වැනි කැරැල්ලද 60,000ක් ඝාතනයට පත්වෙමින් අවසානයේදී නිමාවට පත්විය.
ජවිපෙ 2 වැනි කැරැල්ල 1986 ඇරැඹී 1990 අවසන් වූ අතර එහිදී ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ අතුරු හමුදා කණ්ඩායම්ද ප්‍රා සංවිධානය සහ කැරැලිකරුවන් මඟින්ද ඝාතනයට ලක්වූ හෝ අතුරුදන් වූ පිරිස මානව හිමිකම් සංවිධානයන්ගේ වාර්තාවන්ට අනුව 67,652කි. රජයේ නිල නොවන වාර්තාවන්ට අනුව ඝාතනයට හෝ අතුරුදන් වූ සංඛ්‍යාව 41,813 කි. මින් 6,661ක් ජවිපෙ කැරැලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර ජවිපෙ විරෝධී සහ එජාප ආණ්ඩුවේ සහායක කණ්ඩායමක් ලෙසින් චෝදනා ලත් ප්‍රා සංවිධානය මඟින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222කි.
සෙසු අය ඝාතනයට පත්වූයේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් තිබූ අතුර හමුදා කණ්ඩායම් 13ක් වන කළු බළල්ලු, ප්‍රා, උකුස්සෝ, රාජාලියෝ, කහ බළල්ලු, කොළ කොටි, රතු මකරු, මාපිලා, ගෝනුස්සා, නී, කේෂර සිංහයෝ, ලේ මාපිල්ලු සහ කළු කොටි වැනි සංවිධානයන් ගෙනි.

ජවිපෙ 2 වැනි කැරැල්ලේදී ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මඟින් 1986 සිට 1990 දක්වා ඝාතනය කරන ලද සංඛ්‍යාව 6,661කි. ඒ අතර එජාප ක්‍රියාකාරීන් 1783, රාජ්‍ය නිලධාරීන් සහ සේවකයන් 485, පොලිස් නිලධාරීන් 357, ආරක්ෂක හමුදා නිලධාරීන් 15ක් ඇතුළු සෙබළුන් 202, සරසවි සහ පාසල් සිසුන් 187, පොලිස් පවුල් සාමාජිකයන් 92, හමුදා පවුල් සාමාජිකයන් 70, විදුහල්පතිවරුන් 52, භික්ෂුන් 41, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 27, වතු පාලකයන් 18, මාධ්‍යවේදීන්/කලාකරුවන් 9, නීතිඥයන් 7, ප්‍රධාන ව්‍යාපාරිකයන් 6, මහාචාර්යවරුන් 2, කතෝලික පූජකවරුන් 2, ශ්‍රී ලනිප 200ක් පමණ, මහජන පක්ෂයේ 141, කොමියුනිස්ට් පක්ෂයේ 43, නව සම සමාජ 24, ලංකා සම සමාජ 22, ජනතා සංගමයේ 19, වසර 1971 අප්‍රේල් කැරැලිකරුවන් 7, විකොස කම්කරු මාවතේ 3, ජනතා සමාජවාදියෝ 5, සමාජවාදී ජනතා ව්‍යාපාරයේ 1, අවිස්සාවේල්ල කණ්ඩායමේ 1, වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, ගුරුවරුන් ඇතුළත් පුරවැසියන් 2,888ක් අයත් විය. ජවිපෙ 2 වැනි කැරැල්ලේ කැරැලිකරුවන්ගේ ප්‍රථම ඝාතනය වූයේ 1986 දෙසැම්බර් 5 හම්බන්තොට මිද්දෙණිය ගෝනදෙණිය විදුහලේ විදුහල්පති 39 හැවිරිදි එච්. ජයවික්‍රමය. ජවිපෙ පත්‍රිකා ඇලවූ සිසුන් පිරිසකගේ පන්ති තහනම් කිරීම එයට හේතු විය.

ආරක්ෂක අංශ සහ අතුරු හමුදා කණ්ඩායම් විසින් ජවිපෙ 2 වැනි කැරැල්ලට එරෙහිව අවසාන භාගයේදී අනුකම්පා විරහිත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර අත්අඩංගුවට ගත් කැරැලිකරුවන් අති බහුතරයක් වධබන්ධනවලට ලක්කර තිරස්චීන ලෙස ඝාතනය කරන ලදී. එසේ ඝාතනයට ලක්වූ 33,930ක පිරිස අතර ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් 13න් 12ක්ද මධ්‍යම කාරක සභිකයන් 35න් 27ක්ද, දිස්ත්‍රික් 19කට අයත් වරින් වර සිටි සන්නද්ධ ලේකම්වරුන් 97න් 79ක්ද විය. එමෙන්ම බෞද්ධ භික්ෂුන් 681, මාධ්‍යවේදීන්/කලාකරුවන් 7, නීතිඥයන් 8ක්ද විය. එම පිරිස අතර සරසවි සිසුන් 623ක් වූ අතර ඉන් සරසවි සිසුන් 396ක් හඳුනාගත් අතර තවත් 227ක් අතුරුදන් විය. ඝාතනයට ලක්වූ පාසල් සිසුන් සංඛ්‍යාව 2,327 කි.

මානව හිමිකම් සංවිධාන වාර්තා අනුව ජවිපෙ 2 වැනි කැරැලි සමයේ ඝාතනයට හෝ අතුරුදන් වූ සංඛ්‍යාව 67,652කි. ඔවුහු දිස්ත්‍රික්ක වශයෙන් පහත ආකාරයට වර්ග කළ හැකිය. ඒ අනුව හම්බන්තොට 7068, ගාල්ල 5981, කෑගල්ල 4912, මාතර 4823, බදුල්ල 4792, මොනරාගල 4568, අනුරාධපුර 4451, කුරුණෑගල 4210, මාතලේ 4110, කොළඹ 3827, ගම්පහ 3663, රත්නපුර 3402, නුවර 3001, කළුතර 2957, පොළොන්නරුව 2870, අම්පාර 1670, නුවරඑළිය 1416 සහ පුත්තලම 931ක් වේ.

ජවිපෙ 2 වැනි කැරැල්ලේදී ඝාතනයට ලක්වූ සංඛ්‍යා ලේඛනවලින් මුල් ස්ථාන 4න් තුනක්ම දකුණු පළාතට අයත් විය. රජයේ සංඛ්‍යා ලේඛන අනුව 1988 සැසි වාර්තාවට අනුව දකුණු පළාතේ විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ජාතික මට්ටමේ සංඛ්‍යා ලේඛන හා සසඳන විට ඉතා ඉහළ
මට්ටමක පැවතිණි.

ශ්‍රී ලංකාවේ ජාතික රැකියා වියුක්තිය 1988 අගෝස්තු වන විට මුළු ජනගහනයෙන් 17.9%කි. ගාල්ල දිස්ත්‍රික්කයේ රැකියා වියුක්තිය ගණන 26%කි. මාතර දිස්ත්‍රික්යේ එය 27%කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකියා වියුක්තිය 18.6%කි. රජයේ එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන පරිදි දකුණු පළාතේ ප්‍රධාන වශයෙන් රැකියා වියුක්තියෙන් පෙළෙන්නේ වයස 18ත් 30ත් අතර උගත් තරුණ තරුණියන්ය.

රජයේ එම වාර්තාවට අනුව අධ්‍යාපනය ලැබූ තරුණ පිරිස අතර විරැකියාව 1988දී දිස්ත්‍රික්ක වශයෙන් කළුතර 28%කි. ගම්පහ 27%කි. කෑගල්ල 23%කි. කොළඹ 21%කි. මහනුවර 19%කි. කුරුණෑගල 15%කි.

එහි වැඩිදුරටත් සඳහන් වූ පරිදි 1988 රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංඛ්‍යාව 5,500ක් වූ අතර අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සමත් ගැමි උගතුන් අතර විරැකියාව උග්‍රය.
ජවිපෙ 2 වැනි කැරැල්ලට සම්බන්ධව සිට කැරැල්ල අවසානයේ රජය මඟින් පුනරුත්ථාපන කොමසාරිස්වරයා යටතට පුහුණු කිරීම සඳහා අනුයුක්ත කළ සංඛ්‍යාව 11,658කි. ඉන් 7218ක් රජයේ නිවේදන අනුව නම් කරන ලද ස්ථානවලට හෝ පොලිසියට භාරවූ අය වේ. සෙසු 4,440 විවිධ හේතු මත සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසි සහ හමුදා කඳවුරුවලද රැඳවුම් කඳවුරුවල රඳවාගෙන සිට ජීවිතය බේරාගැනීමට "වාසනාවන්ත" වූ අය වෙති. පුනරුත්ථාපනයට යොමුකළ කාන්තාවන් සිටියේ 102කි. ඔවුහු කැලණිය රන්මුතුගල බන්ධනාගාර නිවාසයේ සහ තවත් ස්ථාන කිහිපයක නේවාසිකව සිටියහ. කැරැල්ලේදී සැකපිට අත්අඩංගුවට ගත් සහ පැහැරගෙන යන ලද කාන්තාවන් 2000කට පමණ අත්වූයේ මරණයයි.

ජවිපෙ 2 වැනි කැරැල්ලේදී අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනයට යොමුකළ කැරැලිකරුවන් සංඛ්‍යාව 11,658 අතරින් වයස අවුරුදු 15ට අඩු ළමා කැරැලිකරුවන් සංඛ්‍යාව 171කි. වයස අවුරුදු 15 සිට 25ත් අතර තරුණයන් සංඛ්‍යාව 5,508කි. එය පුනරුත්ථාපනය වූ කැරැලිකරුවන්ගෙන් 47%ක ප්‍රතිශතයකි. වයස අවුරුදු 25 සිට 30ත් අතර සංඛ්‍යාව 26%කි. වයස අවුරුදු 30 සිට 35ත් අතර සංඛ්‍යාව 14%කි. ඉතිරි 12%ක පමණ පිරිස වයස අවුරුදු 35ට වැඩිය. පුනරුත්ථාපනයට ලක්වූ අධ්‍යාපනය නොලැබූ කැරලිකරුවන් සංඛ්‍යාව 7.6%කි. වසර 8ක් දක්වා අධ්‍යාපනය ලත් සංඛ්‍යාව 28%කි. වසර 10 දක්වා අධ්‍යාපනය ලත් සංඛ්‍යාව 29%කි. සාමාන්‍ය පෙළ සමත්වූ සංඛ්‍යාවද 29%කි. උසස් පෙළ සමත්වූ සංඛ්‍යාව 5%කි. සරසවි හෝ උසස් අධ්‍යාපනය ලැබූ සංඛ්‍යාව 1%ක් පමණි. (උපාධිධාරීන් සහ සරසවි සිසුන් අති බහුතරයම වාගේ අත්අඩංගුවට පත්වීමෙන් ඝාතනයට ලක්වීම නිසා මෙම පුනරුත්ථාපනයට ලක්වූ අය අඩුවීම හේතුවන්නට ඇත)

කැරැල්ලට සම්බන්ධව රජයේ පුනරුත්ථාපනයට ලක්වූ 11,658 අතරින් 96%ක් එනම් 11,192ක් බෞද්ධයන්ය. 2%ක් එනම් 247ක් ක්‍රිස්තියානිය. ඉස්ලාම් ආගමට 51 දෙනකු අයත් වූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් 0.43%කි. 0.025% එනම් තිදෙනෙක් වෙනත් ආගම්වලට අයත් විය.
(ජවිපෙ 2 වැනි කැරැලි සමය වූ
1986 සිට 1990 දක්වා පළවන මෙම
ලිපි මාලාව පිළිබඳ විස්තර දුරකථන
අංක 011-5234384 ලබාගත හැකිය.)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.