ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, January 24, 2019
ලංකාවේ NO:1 ධනවතා රටටම දැනෙන්න කියන කතාව....!!!
පොලිස් බලතල ගත්විට මහජනයාට තේරෙන පොලිස් බලතල කුමක්ද? මහජනයාට තිබෙන පොලිස් බලතලය තමයි කම්ප්ලේන් එකක් දාන්න පොලිසියට ගිය විට තමන්ගේ භාෂවෙන් එය නිවැරදිව ඉටු කරගන්න පුළුවන්ද කියන එක. උතුරු පළාතටම පොලිසි තිබෙන්නේ 56යි. මේ 56ට කාන්තා පොලිස් නිලධාරිනියන් එක ස්ටේෂන් එකකට 10 ගාණේ දුන්නොත් 560යි. මෝටර් බයික් 5 ගාණේ දුන්නොත් 280යි. ඔන්ලයින් ඔන් සයිට් එතැන සිටම ඒ අයව පුහුණු කළොත් මේ මිනිසුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා. ලංකාවේම පොලිස් ස්ටේෂන් තිබෙන්නේ 410යි. කම්පේල්න්ස් එන්නේ 3000යි. ඒ කියන්නේ ඇවරේජ් එක දිනකට ලැබෙන කම්ප්ලේන් ප්‍රමාණය 7ක් 8ක් අතර ප්‍රමාණයක්. ඇයි මිනිස්සු පොලිසියට ඇවිත් කම්ප්ලේන් එක කරන්නේ. ඇයි ගෙදරට ඇවිත් කම්ප්ලේන් එක ලියාගන්න ආකාරයේ වටපිටාවක් හදන්න බැරි. මේ දේවත් නොකරන්නේ ඇයි.
Posted by
lankanews
at
January 24, 2019
0
comments
Links to this post
Labels: dammika perera, dhammika perera, sinhala talks, srilanka economy, srilankan economy
Wednesday, January 23, 2019
‘කාසු මාර්සු’ චීස් - පණුවෝ අඟල් 6ක් උඩ පනිනවා...!!! "Worm cheese"
සාර්ඞීනියා දූපතේ ඇති කරන බැටලූ විශේෂයකින් ලබා ගන්නා කිරි වලින් නිපදවන කාසු මාර්සු චීස්වල නිරන්තරයෙන් පණුවන් දඟලමින් සිටින නිසා ඒවා ‘ඇවිදින චීස්’, ‘පණ ඇති චීස්’ යනුවෙන්ද හඳුන්වනු ලබනවා.වීඩියෝ සහිතයි...!!!
Posted by
lankanews
at
January 23, 2019
0
comments
Links to this post
Labels: Casu marzu, cheese, foods, Italy's, maggots, Sardinia
වාහනවලට හුළං පුරවමින් සිටින අයියප්පර් සාමිවරයෙක් ...!!!
ඉන්පසුව මේ පුද්ගලයෝ සමාජයේ සුපුරුදු ලෙස ජීවත් වුවත් ඔවුන් මේ විශේෂිත කාල වර්ණයෙන් දැක ගන්නට ලැබෙන්නේ නැත.
මේ විශේෂිත පුද්ගලයෝ කාලවර්ණ ඇඳුමින් සැරැසී මාලයක් ගෙලේ බැඳගත්දා පටන් සාමිවරුන්ය. නිකම්ම නිකම් සාමිවරු නොව "අයියප්පර් සාමි" වරුන්ය.
"අයියප්පර්" යනු කතරගම දෙවියන්ගේ සහෝදරයකු ලෙස සැලකෙයි. ඒ අනුව අයියප්පර් යනුද දෙවියෙකි. මේ දෙවියන් වෙනුවෙන් මාසයක් තිස්සේ කැපවන පිරිස "අයියප්පර් සාමි"වරු වෙති.
මේ දිනවල මුළු උතුරු ප්‍රදේශය පුරාම කළු පැහැති ඇඳුම් පලඳින "අයියප්පර් සාමි" නමින් හඳුන්වන පිරිසක් සිටිති.
මේ අය සිටින්නේ උතුරේ පමණක් යැයි මා විශ්වාස කළද මේ මෑතකදී කඩවත නගරයේද "අයියප්පර් සාමි" කෙනකු සිටිනු දැක ගන්නට ලැබිණි. ඔහු ඇතැම් විට උතුරේ සිට කිසියම් අවශ්‍යතාවක් සඳහා කඩවතට ගොස් සිටියේදැයි කියන්න දන්නේ නැත.
Tuesday, January 22, 2019
ළැම ඉස්සුණු ළමිස්සියන්ගේ රොබින්හුඩ් කල්ලිය....!!!
Posted by
lankanews
at
January 22, 2019
0
comments
Links to this post
Labels: begers, colombo, colombo beggers, project, youth project, youth seminar, youth work
Sunday, January 20, 2019
මහින්දගේ ගොන් මස්සිනා කෑ එයාර් ලංකා පාහර රනිලා ගේ හෙන්චයියන් ඉතුරු ටිකත් කෑ අයුරු ....!!!
ශ්‍රී ලංකන් වවාගෙන කෑ එයාර් බස් අලවංගුව (අවලංගුව) ; යහපාලන කොස් කටින් න්‍යායෙන් සිදු කළ විනාශය...!!!
මේ අසාර්ථකභාවය පිළිබද ප්‍රශ්නයක් නොවේ. වංචනිකභාවයේ වර්ගඵලය පිළිබඳව සිදුකෙරෙන නිරාවරණයකි. 2012 වසර වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව තිබූ ගුවන් යානා බලඇණිය සැදී තිබුණේ, ඒ - 320 හෙවත් පටු බඳ ගුවන් යානා, ඒ - 330, ඒ - 340, යන පුළුල් ගුවන් යානාවලිනි. මෙයින් අර්ධයක් පමණ සමන්විත වූයේ, ඒ - 320 ගුවන් යානා මගිනි. 1992 වසර වන විට ඒ - 340 යානා හයක්, එවකට තිබූ එයාර් ලංකා ගුවන් සමාගම සතුව තිබුණි. වසර දහසයක් පමණ ගතවන විට, මෙම ගුවන් යානා වැඩ ගත නොහැකි තත්ත්වයකට පත්වීම එහි ස්වභාවය ය. මේ නිසා ජනාධිපති පේ‍්‍රමදාස විසින් එයාර් බස් ආයතනයෙන් නව ගුවන් යානා කිහිපයක් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව එයාර් බස් වර්ගයට අයත් 340 යානා දෙකක් පේ‍්‍රමදාස ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේය. වසර දහසයකින් පමණ ඉවත දැමිය යුතු එම යානා, අවුරුදු 22 ක කාලයක් පුරා පාවිච්චි කිරීම හේතුවෙන් රාජපක්ෂ ආණ්ඩු කාලයේදී හෙවත් 2014 වන විට නව ගුවන් යානා මිලදී ගැනීම සඳහා යායුතු බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය තීරණය කළේය.
Posted by
lankanews
at
January 20, 2019
0
comments
Links to this post
Labels: airlanka, ajith dias, lost of airlanka, ranil agreement, selling airlanka, suren rathwatte, unp corruptions, yahapalana deal
බුහ් - බුහ්
Posted by
lankanews
at
January 20, 2019
0
comments
Links to this post
Labels: consttution, dambara amila, litro gas amila, The new constitution, unp deals
මළ සිරුර සමඟ අවමංගල රථය පෙරළීමෙන් තුවාල ලත් දෙදෙනකු රෝහලේ
Posted by
lankanews
at
January 20, 2019
0
comments
Links to this post
Labels: ghost image, ghost srilanka, Ghost story, ghosts, proof of ghost
WikiLeaks: Muslim Militancy In Sri Lanka – Four Groups Based In Colombo – Former US Intelligence Officer
60,000කට මරු කැඳවු ජවිපෙ පරාජිත දෙවැනි කැරැල්ලේ ඔබ නොදන්න කතා....!!!
ජේ .වී .පි ක්රියාකාරිකයන් මරා දැමීමට මුලිකව කටයුතු කල බටලන්ද වධකාගාරයේ කාලකන්ණි මිනීමරුවා අද ලංකාවේ අගමැතිය .උගේ නම රනිල් ය .ඒ කාලයේම ප්‍රා නමැති මිනීමරු කල්ලිය අටවාගෙන දහස් ගණන් තරුණ තරුණියන් මරා දැමු කාලකන්ණි මිනීමරුවා රාජිත සේනාරත්න අද සෞඛ්‍ය ඇමතිය ...අද ජෙප්පන් උන්ගේ අතවැසියන් වී ඇත ....!!!
ජවිපෙ 1965 මැයි 14 ආරම්භයේ සිට 2018 දක්වා කැරලි 2කට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල වූ 1971 අප්‍රේල් 5 කැරැල්ල මර්දනය කිරීමේදී සමඟි පෙරමුණ ආණ්ඩුව අතින් ඝාතනයට ලක්වූ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්නය. එවකට ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ දත්ත අනුව ඝාතනයට ලක්වූ කැරැලිකරුවන් සංඛ්‍යාව 1,200ක් පමණ වේ. ජවිපෙට අනුව මියගිය සංඛ්‍යාව 10,000ක් පමණ වේ. එසේම 1971 කැරැල්ලේදී අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරු 11ක රඳවා සිටි කැරැලිකරුවන්ගේ සංඛ්‍යාව 17,953කි. ඉන් පොදු දේශපාලන සමාව යටතේ භාර වූ සංඛ්‍යාව 4,200කි.
පරීක්ෂණ සභා කොමිෂන් 4ක් මඟින් 1971 අප්‍රේල් කැරැල්ල මහ නඩුව ඇතුළු පරීක්ෂණ 140ක් පවත්වන ලදී. එහිදී චෝදනා ලැබූ චූදිතයන් සංඛ්‍යාව 3,908කි. පුනරුත්ථාපනය කළ සංඛ්‍යාව 16,853කි. සෙසු අයට අත්හිටුවූ බරපතළ සහ ජීවිතාන්තය තෙක් ආදී සිරදඬුවම් නියම විය. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත 1977 ඔක්තෝබර් 1 අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විජේවීර ඇතුළු සිරදඬුවම් විඳිමින් සිටි සියලු දෙනා 1977 නොවැම්බර් 2 එජාප ආණ්ඩුව මඟින් නිදහස් කරන ලදී.
Posted by
lankanews
at
January 20, 2019
0
comments
Links to this post
Labels: batalanda, jvp, jvp murders, jvp srilanka, rajitha family, rajitha senarathna, ranil agreement, ranil con man, ranil murders, ranil speech
රනිල් වික්‍රමසිංහ ගේ අනවශ්‍ය, අඥාන, දේශපාලන පාරාවළල්ල....!!!
2019 උදාවීමත් සමඟම, අගමැති රනිල් වික්‍රමසිංහ, හදිසියේ දින තුනක දැනුම් දීමකින් ව්‍යවස්ථා මණ්ඩලය කැඳවා යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විශේෂඥ වාර්තාවක් ඉදිරිපත් කළේය. ඒ අතර, දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් මාධ්‍ය ප්‍රකාශයක් කරමින්, යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරබවාරි 4දා නිදහස් දිනට පෙර සම්මත කර ගන්නා බව කියා සිටියේය. මෙම සිද්ධීන් දෙක රට තුළ ක්ෂණිකව මහත් ආන්දෝලනයක් ඇති කළේය. විරෝධතා ප්‍රකාශ සහ විවිධ මතවාදී ප්‍රකාශ නිකුත් වන්නට විය. අගමැති රනිල් වික්‍රමසිංහ එකී විරෝධතා හමුවේ ආරක්ෂක තත්ත්වයට පත් වූයේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක්වත් තවමත් සකස් කර නැති බව පුන පුනා කියන්නට අගමැතිට සිදුවිය. කුමන ප්‍රකාශ කළත්, රටට ගොස් ඇති පණිවුඩය වන්නේ, රට බෙදන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර ඇති බවයි. මහ නායක හිමිවරුන්ටද ප්‍රකාශ සිදු කරන්නට සිදුවිය.
Posted by
lankanews
at
January 20, 2019
0
comments
Links to this post
Labels: fedaral talk, gay ranil, ranil agreement, ranil murders, ranil wickramasinge, unp politicians, unp deals
මව්බිම ට සිලෝන් ටුඩේ ට සුමන්තිරන් බුරයි....!!! මැස්සෙක් ගිය උඩ ....!!!
ඔහු එලෙස චෝදනාවක් කරමින් තර්ජනය කළේ පෙරේදා (16දා) දින 'මව්බිම', 'සිලෝන් ටුඩේ' යන පුවත්පත්වල ප්‍රධාන පුවතින් ඔහුගේ රූපයද සහිතව පළ කළ පුවත ගැන ප්‍රකාශයක් කරමින් එම පුවත්පත් ජනතාවට ප්‍රදර්ශනය කරමින් පෙරේදා (16දා) යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මහජනතාව අමතමිනි.
Posted by
lankanews
at
January 20, 2019
0
comments
Links to this post
Labels: fedaral jafna, ranil agreement, sumanthiran, tna deals, TNA politicians, TNA politics, unp politicians, unp deals
රට බෙදීමට ව්‍යවස්ථා ගෙන ඒමට දඟලන වල් පරයන් දැනගත යුතුය ....!!!
පොංගුතමිල් කල්ලි ඇවිත් ගරුකන්ද රජමහා විහාරය කෝවිලකට ගන්න හදයි....!!! දෙමළ දේශපාලනඥයොත් ඇවිත් පිරිස 200කට වැඩියි !!!...
අත්තිවාරමත් දාන්න පටන් අරගෙන...
විහාරාධිපති හාමුදුරුවන්ටත් තර්ජනය කරලා...
දෙමළ දේශපාලනඥයොත් රොත්තක්ම ඇවිත් සේරම පිරිස දෙසීයකට වැඩියි...
උතුර - නැගෙනහිර අන්තවාදී දේශපාලනඥයන්ට ඉඩම් සහ පොලිස් බලය හිමි වුවොත් සිදුවන විනාශය මේ රටේ මහ ජාතිය තේරුම් ගත යුතුය. එසේ නොවෙන්න අපට උතුරක් නැත. ඉතිරි වන්නේ වෙනම පාලනයක් සහිත කොදෙව්වක් පමණි. අකැමැත්තෙන් වුවද සිංහලූන් විදිහට අප තේරුම්ගත යුතු යථාර්ථය එයයි...
උතුරේ අන්තවාදීන්ගේ සිංහල බෞද්ධ විරෝධය නැවතත් උච්චත්වයටම පැමිණ තිබේ. පසුගිය 14 වැනිදා මුලතිව් නායාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට පැමිණි අන්තවාදීන් පිරිසක් බලහත්කාරයෙන් විහාර භූමිය තුළ තෛපොංගල් උත්සවය සැමරීමට සූදානම් වී ඇත. කඩු, කිණිසි, කැති මන්න රැගෙන ට්රැක්ටර්වල නැඟී පැමිණි දෙසීයකට ආසන්න දෙමළ අන්තවාදී කණ්ඩායමක් විහාර භූමිය තුළ ලිප් බැඳ කිරිබත් පිසීමට සූදානම් වී ඇත. ගුරුකන්ද පිංබිමේ සිට ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ ප්‍රදේශය පුරා සිසාරා රැව්දෙන ලෙස ද්‍රවිඩ ගීත ප්‍රචාරය කර ඇත. ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නායක හාමුදුරුවන්ට බැණවදිමින්, තර්ජනය කර උදලූ, අලවංගු ගෙන විහාර භූමිය තුළ ගෙබිම් කපමින් කෝවිලක් ඉදිකිරීමට පාදම සැකසීමට ද ඔවුන් සූදානම් වී ඇත.
සියලූ දෙනා වෙතටයි,..!!!
අප රටේ ත්‍රස්තවාදය පරාජය කළ
රණවිරුවන් ලෙස අප මේ ලෙස ඔබතුමියට/ඔබතුමාට ලියනුයේ ඔබ මගින් වර්තමාන
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු/ මන්ත්‍රීවරියක වන ඔබගේ ආදරණීය ස්වාමියා/
බිරිඳ/පුතා/දියණිය හට අප මවුබිම වෙනුවෙන් බලපෑමක් කරන ලෙස ඉල්ලා සිටීමටයි.
ත්රස්තවාදයට එරෙහිව කළ යුද්ධයෙන් අපගේ රණවිරුවන් 29,000 ක් ජීවිතක්ෂයට
පත්වූ අතර 14,000 කට අධික සංඛ්‍යාවක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව තිබේ. අප
යුද්ධ කොට තවදුරටත් ජීවත්වීමට වාසනාව ලද අය වෙමු.
ත්රස්තවාදීන්
යුද්ධ කළේ මේ රට බෙදීමටයි. උතුර බෙදා වෙන්කොට පසුව නැෙඟනහිර පළාතද උතුරට
යා කිරීමටය. ඒ සඳහා ඔවුන් අහිංසක වැසියන් දහස් ගණනක් මරා දැමූ සැටි ඔබට
අමතක විය නොහැකිය. ත්රස්තවාදීන් යුද්ධයෙන් පරාජය කිරීම නිසා අප අහිංසක
ජීවිත තවදුරටත් විනාශ වීම වැළැක් වූ අතර රට බෙදීමද වැළැක්වීමට සමත්වීමු.
අප විසින් එසේ අති විශාල කැපවීමක් කොට රැකගත් අපගේ මාතෘ භූමිය දැන්
වර්තමාන යහපාලන රජය විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බෙදා වෙන්කර දීමට
සැරසේ. එම සංශෝධනය ගෙන එන්නේ කොටි ත්රස්තවාදීන්ගේ දේශපාලන හස්තය වන
ද්‍රවිඩ ජාතික සන්ධානයයි.
Posted by
lankanews
at
January 20, 2019
0
comments
Links to this post
Wednesday, January 16, 2019
ලංකාවේ ප්‍රථම වරට අල්ට්රා සොනික් තාක්ෂණයෙන් උගුර අභ්‍යන්තරයේ ශල්‍යකර්මයක්...!!!
නවීන තාක්ෂණය හා ශල්‍ය වෛද්‍ය විද්‍යාව එකට බද්ධ කරමින් ලංකාවේ ප්‍රථම වරට අල්ට්රා සොනික් තාක්ෂණයෙන් උගුර අභ්‍යන්තරයේ ශල්‍යකර්මයක් සිදු කෙරිණි. එය බාහිරින් කිසිදු කැපීමක් සිදු නොකොට උගුර අභ්‍යන්තරයේ ඇති ගෙඩියක් ඉවත් කිරීමට අල්ට්රා සොනික් තාක්ෂණය යොදා ගැනුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙරට වෛද්‍ය ඉතිහාසය තුළ ලියැවී අවසානය.
සැත්කම සිදු කෙරුණේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිස්නි සකාෆ් මහතාගේ අතිනි. ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල මේ ක්‍රමය බහුල ලෙස භාවිත කෙරුණද මේ ශල්‍ය වෛද්‍ය ක්‍රමවේදය මෙරට භාවිත කෙරෙනුයේ පළමු වරටය. මේ පිළිබඳව තතු දැන සිටි කිහිප දෙනකුම මවිතයට පත් කරමින් තමන් බටහිර රටකදී උගත් දේ සාර්ථකව මෙරටදී අත්හදා බැලූ වෛද්‍ය රිස්නි ඒ පිළිබඳ පසුවනුයේ නිහතමානී සතුටකිනි.
Tuesday, January 15, 2019
පුලියන්කුලමේදී ආයුධ දමා පැනගිය මහ කොටියාගේ සුලමුල මෙන්න...!!!
කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ ඊළාම් මත වපුරමින් යන ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා කොටින්ගේ ඊළාම් සේවයේ සෙවණැලි උතුරෙන් මතුවන මොහොතක යළිත් හඬනඟන්නට පටන්ගෙන ඇත.
වරෙක ශ්‍රී ධරන් විසින් තමිල්නාඩුවෙන් ප්රභාකරන් කෙනකු ලංකාවට ගෙන්වූයේය. ඔහු තමිල් ප්රභාකරන් මනී නම් විය. ඉන්දියානු රජය නිකුත් කළ ම් 6149374 දරන ගුවන් ගමන් බලපත්‍රයෙන් ඔහු 2013 දෙසැම්බර් 21දා ලංකාවට එන්නේය. ඒ ශ්‍රී ධරන්ගේ ආරාධනාවක් මතය.
ශ්‍රී ධරන්ගේ යාපනය, නල්ලූර් කෝවිල අසල වෙට්ටිවීදියේ වූ නිවෙසේ ප්රභාකරන්ට නවාතැන්දී ආරක්ෂක අංශවලට වැරැදි ප්‍රතිරූපයක් වන පොත් ලියන්නට තොරතුරු රැස් කර දුන්නේය. කොටි නායක ප්රභාකරන් සිහිවන්නට එම නමම දමාගත් තමිල්නාඩු ප්රභාකරන් මීට පෙරද ලංකාවට පැමිණ පොතක් ලිව්වේය. ඒ "ලේ වැගිරුණු ඊළාම් කොටි පා සටහන් සොයා දින විසි පහක්" මැයෙන් පොතක් ඉන්දියාවේ එම්.ඩී.එම්.කේ. කාර්යාලයේදී පිළිගන්වා යළිත් පැමිණ තිබුණේ එවන් පොතක් ලියන්නටය.
තමිල්නාඩු ප්රභාකරන් කිලිනොච්චියේ කිරන්චිවලදී ශ්‍රී ධරන් මන්ත්‍රිවරයා සමඟ කොටුවන්නේ ආරක්ෂක අංශවලට එරෙහිව තොරතුරු රැස්කර තිබියදීය.
වැඩ බැරි ටාසන්ලාට තවදුරටත් රැවටෙමුද...?
සැබෑ යහපාලනය යනු කුමක්ද? එහි සාමාන්‍යයෙන් පිළිගන්නා ලක්ෂණ කිහිපයක් ඇත.
ජනතා සහභාගිත්වය, සැමට සාධාරණ නීතිය, විනිවිද භාවය, වගවීම, කාර්යක්ෂම ජනතා සේවය, සමාජ සාධාරණත්වය, සමානාත්මතාව, පොදු එකඟතාවන්ට ගරු කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, දූෂණ පිටුදැකීම.
ඉහත ලක්ෂණ සමාජයක් තුළ දක්නට ලැබේ නම් එම රටට හෝ සමාජයට යහපාලනයක් උදා වී ඇතැයි යමකුට කිව හැකිය. නමුත් වත්මන් පාලකයන් පිරිස බලයට පත් වී වසර 4කටත් වඩා ගත වී තිබෙන අද ඉහත කී කරුණුවලින් අප 2014ට වඩා ඉදිරියෙන් සිටිනවාද යන්න අවංකවම හදවතට තට්ටු කොට විමසිය යුතු නොවේද?
Posted by
lankanews
at
January 15, 2019
0
comments
Links to this post
Labels: Good Governance, ranil wickramasinge, unp corruptions, unp deals, unp fake votes, yahapalanaya
Monday, January 14, 2019
අවුල් නැති දිවුල් ...!!!
අඟුණකොළපැලැස්සේ අක්කර 25 ක
ඉන්දියාව ඉස්සර කිව්වේ දුප්පතාගේ පලතුර කියලයි
ලොව විශාලම දිවුල් ප්‍රභේද එකතුව
නඩත්තුව, කප්පාදුව පහසු, ගහේ කටු නැති වර්ගයකුත් මේ අතර...!!!
දිවුල් ගෙඩියක් ගිලින අලියාගේ ආමාශයික යුෂ දිවුල් කට්ටේ ඇති සිදුරු හරහා ඇතුළට කාන්දුවී, එහි ඇති දෑ ජීර්ණය කරනු ලබයි. ඉන්පසු ඒවා එම සිදුරු හරහාම පිටතට පැමිණෙන්නේය. කටුව ජීර්ණය කිරීමට මේ ජීර්ණ යුෂය සමත් නොවන නිසා, එය හානියක් නොමැතිව ඉතිරිවී මල සමග පිටතට පැමිණේ. ගෙඩියක් සේ පිටතට පෙනුණත් ඇතුළේ තිබූ දෑ සිරුරට උරාගෙන අවසන්ය.
Posted by
lankanews
at
January 14, 2019
0
comments
Links to this post
Labels: fruits, Srilankan fruit sellers, traditional medicines srilanka, wood apple
Saturday, January 12, 2019
උන් සැප විඳින ගමන් ජනතාව නැතිවෙන්න බදු ගහන වලත්තු දේශපාලුවෝ ....!!!
රජයේ මාධ්‍ය අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ හොරණෑවක් විය යුතුමයි - වජිර අබේවර්ධන...!!!
එහෙම මාධ්‍ය මර්දනයක් සිදු වෙලා නැහැ. මාධ්‍ය වැඩකටයුතු කරගෙන යනවනේ.
ආසන්නතම සිදුවීම පසුගිය බ්‍රහස්පතින්දා කළු ඇඳුමින් සැරසුණු පිරිස් විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ආයතන ඉදිරියට ඇවිල්ලා විරෝධය පළ කළේ ආණ්ඩුවේ වුවමනාවට නේද?
මාධ්‍ය ආයතන කියලා සුවිශේෂී දෙයක් නැහැනේ. මේ රටේ මන්ත්‍රිවරුන්ට එරෙහිව උද්ඝෝෂණය කරනවා. ජනාධිපතිතුමාට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. අගමැතිට එරෙහිව උද්ඝෝෂණය කරනවා. සමහර වෙලාවට සුප්‍රීම් මහජනතාව සුප්‍රීම්' අධිකරණය ඉදිරිපිටත් උද්ඝෝෂණය කරනවා. මොකද මහජනතාව තමයි සුප්‍රීම් එතකොට සුප්‍රීම් මහජනතාව කලබල වුණාම උද්ඝෝෂණ කරනවා. ඒවා ස්වාභාවික දේවල්.
එතකොට මාධ්‍ය ආයතන ඉදිරිපිට කළු ඇඳුමින් සැරසී සිදු කළ ක්‍රියාවන්ට ආණ්ඩුවේ කිසිම සම්බන්ධයක් නැද්ද?
ආණ්ඩුවට කිසිම බලපෑමක් කරන්න අවශ්‍ය නැහැ. මහජනතාව කලබල වුණාම මොනවා කරනවාද දන්නේ නැහැ.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතනවලට චෝදනා කළා කළු මාධ්‍ය කියලා. පාර්ලිමේන්තුවේ ගැලරියේ සිටි මාධ්‍යවේදීන් දෙස බලමින් චෙක්පත් සූදානම් කරගන්න කියලා මාධ්‍ය ආයතනවලට දැනුම් දෙන ලෙසටත් ප්‍රකාශ කළා...?
සරත් ෆොන්සේකා ගේ පැටිකිරිය ....!!!
අලියෙක් ගහලා මැරුණම දෙන්නේ ලක්ෂ පහයි; ෆොන්සේකා ඇවිත් එක සැරයක් රවුම ගහලා යනකොට එයාගේ හෝටල් බිලත් ලක්ෂ පහයි..! සමහරු කැමතියි ෆොන්සේකට කවුරු හරි ගහනවා නම්. තවත් කට්ටියක් කැමතියි තෙවරප්පෙරුමට ගහනවට. දෙපැත්ත ගහගෙන එකෙක් වැටෙනකම් තමයි කවුරුත් බලාගෙන ඉන්නේ. හැබැයි ඉතින් මම කියන්න ඕනේ ෆොන්සේකාට මම නම් තවම ගැහුවේ නෑ.මට එයත් එක්ක ප්‍රශ්නයකුත් නෑ. එයා තමයි තැන තැන ගිහින් මේ ගැටුම ඇති කළේ. ෆොන්සේකා මට තැන තැන ගිහින් බනිනකොට මම ඒවට සුළු අවි ප්‍රහාරයක් විතරයි එල්ල කළේ. මම තවම ෆොන්සේකට ගැහුවේ නෑ. ෆොන්සේකට ගහන්න බර අවිත් මම ළඟ තියෙනවා. ඒවට දමන උණ්ඩත් කන්ටේනර් ගණන් තියෙනවා. මම බරඅවි ප්‍රහාර එල්ල කරන්න කලින් එතුමා අගමැතිතුමා හමුවෙලා වරද පිළිගෙන පරාජය බාරගත්තා යැයි සමාජ සවිබල ගැන්විම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පැවසිය.
එන්ජීඕ වාසනාවෙන් කෝටිපතියන් වූ 1465ක් ලංකාවේ...!!!
මොවුන්ට බටහිර රටවල් 17 ක් විසින් පසුගිය වසර කීපය තුළ ලබාදී ඇති මුදල රුපියල් කෝටි 2000 කට අධිකය.
මේ කෝටිපති පිරිසට සහාය දක්වන විදේශ කෝටිපතියෝ 381 ක් මෙරට සිටිති. ඔවුහු විදේශ එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු වෙති.
පසුගිය ඔක්තෝබර් 27 දා සිට මේ වනවිට අලුතින් එන්. ජී. ඕ. 17 ක්ද බිහි වී ඇත.
Posted by
lankanews
at
January 12, 2019
0
comments
Links to this post
Labels: fake ngo, gamini viyangoda, media ngo, MUSLIM NGO, NGO dollars, sinhala ngo, tamil NGO
සුමන්තිරන් පොලිස් බලතල ඉල්ලන්නේ කේරළ ගංජා ජාවාරම ජයටම කරන්නද....?
ගම්මන්පිල මන්තී‍්‍රවරයා ඒ බව සඳහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මෙසේ ද පැවසීය.
කිලිනොච්චි පොලිසිය විසින් පලෙයි ප්‍රදේශයේ දී ලංකාවට රහසිගතව ගෙනා කේරළ ගංජා නමැති මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගන්න වැටලීමක් කරනවා. ඒ අවස්ථාවේ මේ ජාවාරම්කරුවන් පොලිසියට පහර දෙනවා. නමුත් මේ අය අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වෙනවා. පොලිසියට පහර දෙන්න තරම් හයියක් ජාවාරම්කරුවන්ට ලැබුණේ කොහොමද කියන එක හෙළිවෙන්නේ මේ අපරාධකරුවන් පොලිසියට ගෙනාවට පස්සේ.
නොනිල අගමැති ලෙස රටම දන්නා දෙමළ ජාතික සංධානයේ යාපනයේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පොලිසියට කතා කරලා මේ පිරිස තමන්ගේ ආධාරකරුවන් නිසා වහාම නිදහස් කරන්න කියා නියෝග කරනවා. මේ අය අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිසියට තදින් බැණ වදිනවා. මේ පිළිබඳ පොලිස්පති විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන නිසා මේ පිළිබඳ මීට වඩා මම විස්තර කියන්නේ නෑ.
Posted by
lankanews
at
January 12, 2019
0
comments
Links to this post
Labels: sumanthiran, The new constitution, tna deals, TNA politicians, udaya gamman pila, unp corruptions, unp deals
පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ සහාය ගන්න දෙමළ ඩයස්පෝරාව හිටපු ජනාධිපති චන්ද්‍රිකා ට විශාල මුදලක් ලබාදී තිබෙනවා ....
සුමන්තිරන්ගේ ඊළාම් සිහිනය කෙසේ හෝ පැරදවිය යුතුයි....!!!
රණවිරුවන් දස දහස් ගණනක් දිවිපුදා නතර කළ ඊළාම් සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ දරන සුමන්තිරන්ලාගේ ප්රයත්නය කෙසේ හෝ පරාජය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේය.
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සදහා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ
08 වැනිදා සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී විමල් වීරවංශ වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
මේ දිනවල රනිල් වික්‍රමසිංහ පන්සල් වෙත යනවා, බෝමළුව මත හිස තබා වන්දනා කරනවා. මහනායක හිමිවරුන් බැහැදකිනවා, දේවාල වෙත යනවා අපට දැකගත හැකියි. තමන් සිංහල බෞද්ධ නායකයකු බව පෙන්වීමට ඔහු කටයුතු කරනවා. මේ සියල්ල ඔහු සිදු කරන්නේ සුමන්තිරන්ලා වැනි බෙදුම්වාදීන්ගේ මනදොල සැපිරීම පිණිස ගෙන එනු ලබන නව ෆෙඩරල් ව්‍යවස්ථාවට සිංහල බෞද්ධ ජනතාවගෙන් නිසැකවම එල්ල වන විරෝධය සමනය කර ගැනීමටයි. මේ ව්‍යවස්ථා ක්‍රියාදාමය පිළිබඳ සිංහල බෞද්ධ සමාජය තුළ බලවත් සැකයක් ඇති වී තිබෙනවා. ඉන් ගැලවීමටයි මේ නාටකය රඟ දක්වන්නේ.
සිංහල ජනතාවට කොලේ වසා රනිල් ඇතුළු අපතයන් ගෙන ඒමට යන ව්‍යවස්ථාව ...!!!
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා නිර්දේශ ලබා දීමට පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී රැස් වූ ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
මෙම යෝජනාවලිය අනුව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් සහ ඔරුමිත්ත නාඩු ලෙස හඳුන්වා දීමට යෝජනා කර ඇත.
නව ව්‍යවස්ථාවේ යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් තෝරාපත් කර ගැනෙන අතර ඔහු පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති පුද්ගලයකු විය යුතු බවයි. එමෙන්ම ජනාධිපතිවරයා දේශපාලන පක්ෂයක සාමාජිකයකු හෝ නිලය දැරීම තහනම් කර ඇත.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රී හිතවතිය සමග යාල කැලේ මහ රාත්‍රියේ විශේෂ දේව යාගයක්…!!!
මේ සදහා අදාල මන්ත්‍රීවරිය ගේ ලගම හිතවත් කාන්තාවන් කිහිප දෙනෙක් හා ඇමතිවරයා ගේ පුද්ගලික ආරක්ෂකයින් පමණක් සහබාගි වි තිබේ.
Posted by
lankanews
at
January 12, 2019
0
comments
Links to this post
Labels: assest of politikko, gay sajith, sajith premadasa, sajith unp, unp corruptions, unp politician, yaala forest
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
