ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, December 29, 2018

සුහුරු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ජනවාරි 01 දා සිට රට පුරා ක්‍රියාත්මකයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2019 ජනවාරි 01 දා සිට මුළු දිවයිනටම සුහුරු ජාතික හැඳුනුම්පත් (Smart National Identity Card) නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසයි.
මෙම සුහුරු හැඳුනුම්පත් අත්හදා බැලීමේ පදනම මත දෙසැම්බර් 17 දා සිට බස්නාහිර සහ සබරගමුව පළාත් වල පමණක් නිකුත් කිරීම අරඹනු ලැබීය. එය සාර්ථක වූ බැවින් ජනවාරි 1 දා සිට මුළු දිවයිනේම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ගුණතිලක  රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.

බංගලි සුන්දරී සමග කුඩු කිලෝ තිස් දෙකක් මාට්ටු... !!!

තරුණිය එසේ මෙසේ කුඩු ජාවාරම්කාරිනියක් නොව, ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම්කාරිනියකි. ඇය බංගලාදේශ තරුණියකි. නම සුරෝජා මෝනිය. වයස අවුරුදු විසි තුනකි. වයසටත් වඩා ඇය ජාවාරම්වලට පරිණතය. වසර කිහිපයක සිට මෙරටට විටින් විට පැමිණ මත් කුඩු ජාවාරමේ නිරතව සිටින මේ තරුණිය අවසාන වරට පැමිණ සිටියේ පසුගිය නොවැම්බර් මාසයේදීය. ඇය මෙරට ස්ථිර පදිංචිකාරිනියක් නොවූවද රත්මලාන දෙල්ගහවත්ත 29/2 ලිපිනයේ සහ ගල්කිස්ස, ගාලූ පාර, 375/5, 2/1 යන ලිපිනයේ සුපිරි නිවාස දෙකක හිමිකාරිනියකි. සිංහල කතා කිරීමට නොහැකි ඇය ඉංග‍්‍රීසි භාෂාව චතුර ලෙස කතා කරන්නීය. වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී ඇත්තේ ඇය පදිංචිව සිට ඇත්තේ ගල්කිස්ස නිවසේ බවත්, මත් කුඩු තොග සඟවා තබා ඇත්තේ රත්මලාන නිවසේ බවය. පසුව පොලිස් නිලධාරීහු විසින් ඇයව කැටුව රත්මලාන නිවසට ගියහ.  සුපිරි පන්නයේ නිවස යකඩ ගේට්ටු සහිත ශක්තිමත් ඉබි යතුරුවලින් ආරක්‍ෂිතව තිබිණි.
 දොරගුළු විවර කරගත් පොලිස් නිලධාරීහු ඇය කැටුව නිවස තුළට ගියහ. පසුව ඇය නිදන කාමරය තුළ ඇඳ යට සඟවා තිබූ තරමක් විශාල ගමන් මලූ දෙකක් පොලිස් භාරයට ගැනිණිි. එම ගමන් මලූ දෙකේ කේක් පෙට්ටි දහඅටක් තිබිණි. එම සෑම කේක් පෙට්ටියකම මත් කුඩු කිලෝවක් සහ ග‍්‍රෑම් ගණනක් අඩංගු වන පරිදි අති සූක්‍ෂම ලෙස අසුරා තිබිණි. ඊට අමතරව මත්කුඩු කිලෝව බැගින් අසුරන ලද සුදු පැහැති ඉටි බෑග් දොළහක් ද පොලිසිය විසින් සොයාගනු ලැබිණි. එම නිවසේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් මත්කුඩු ප‍්‍රමාණය පමණක් කිලෝ තිස් එකකට වැඩිය. ඇය භාරයේ තිබී පොලිස් අත්අඩංගුවට පත් සම්පූර්ණ මත් කුඩු ප‍්‍රමාණය කිලෝ තිස්දෙකයි, ග‍්‍රෑම් තුන්සිය විසි නවයකි. වටිනාකම රුපියල් කෝටි තිහකට වැඩිය. අප මේ සටහන තබන මොහොත වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් බංගලි මත් කුඩු ජාවාරම්කාරිනියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයේ 30/86 2018 යටතේ නඩු පවරමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යන බවද දැනගැනීමට ලැබිණි. එමෙන්ම මේ කාන්තාව සමඟ මෙරට මත් කුඩු ජාවාරමේ නිරත තවත් පුද්ගලයන් කිහිපදෙනකු සිටින අතර, ඔවුන්ව ද අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් පරීක්‍ෂණ පවත්වාගෙන යන බව දැනගැනීමට ලැබිණි. දෙහිවල, රත්මලාන ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මකව පැවති මහා පරිමාණ මත් කුඩු ජාවාරමක සුල මුල එසේ අනාවරණය වන විට උඩුනුවර වෙලම්බඩ පොලිසිය විසින් පසුගිය දිනක මත් කුඩු ග‍්‍රෑම් 100 ක් සහ ප‍්‍රවාහනය කරමින් තිබූ සුපිරි මෝටර් රථයක් සමඟ තරුණයන් දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබිණි. කුඩු විකුණා ලබාගත් රුපියල් ලක්‍ෂයක මුදලක් ද ඔවුන් සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.