ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, December 17, 2018

බැඳුම්කර වංචාව අනුමත කරන්නේ නෑ - රනිල්ට අගමැති ධුරය දුන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නිසයි....!!!

පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල්ට අග‍්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බවට තමා සිදුකළ ප‍්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය වන අතර, එම මතය අදත් එලෙසම වන නමුත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයකු ලෙස රනිල් ට ආරාධනා කර අග‍්‍රාමාත්‍ය ධුරය ලබාදීමට තමා තීරණය කළ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  (16 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්‌සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අමතමිනි.

අගමැතිවරයෙක්‌ නම් කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට බලයක්‌ හිමිව නොමැති අතර, එම බලය ඇත්තේ විධායක ජනාධිපතිවරයාට බව සිහිපත් කළ ජනාධිපතිවරයා නමුත් රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවේ 117 ක්‌ ඡන්දය භාවිත කරමින් බහුතරයකගේ මතය ප්‍රකාශ කිරීම හේතුවෙන් සදාචාරවත් සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන නායකයකු ලෙස තමා එම තීරණයට එකඟ වූ බවත් ප්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකාව වැනි රටක නම් ජාතික ඇඳුම ඇඳගත් ඕනෑම පාදඩයකුට මහජන නියෝජිතයකු විය හැක...!!!

fea8 1අද ලෝකයේ තිබෙන්නේ ඩිජිටල් ආර්ථිකයකි  (Digital economy)'. මෙම ආර්ථීකය තුළ ඇත්තේ සයිබර් යුද්ධ මිස රටවල් අල්ලා ගැනීමේ යුද්ධ නොවේ. නමුත් තවමත් ශ‍්‍රී ලංකාවේ දේශපාලන සටන් පාඨ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණවලින් වියුක්ත වී නොමැත. වෙනසකට ඇත්තේ මේ කුමන්ත‍්‍රණ සී. අයි. ඒ, රෝ, එම්. අයි. ඒ. කුමන්ත‍්‍රණවලට මාරු වීම පමණි. තවදුරටත් මේ ගොබෙල්ස් න්‍යායෙන් රටට අත්වන සෙතක් නැත. රටේ දේශපාලනඥයන් සටන් කළ යුත්තේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලට එරෙහිව නොව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලට මුහුණ දීමට හැකි ආර්ථිකයක් සහිත රටක් ගොඩනැඟීමටය. ඒ සඳහා දැක්මක් ඇති දේශපාලනයක් රටට අවශ්‍යය. ඔවුන් තෝරා ගැනීම පුරවැසියන්ගේ වගකීමකි.

රනිල් වික‍්‍රමසිංහ  ශ‍්‍රී ලංකාවේ 23 වැනි අගමැතිවරයා ලෙස යළි දිවුරුම් දීමත් සමඟ දින 50 ක් පුරා රට මුළුමනින්ම අස්ථාවර කළ දේශපාලන අර්බුදය නිමාවට පත් වී තිබේ. අර්බුදය යහපත් අතට විසඳීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  අඩියක් පිටුපසට ගැනීම සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ගේම සැනසිල්ලට හේතු වී තිබේ. දේශපාලන අර්බුදයට පිටදුන් කාරණා විග‍්‍රහ කරනවාට වඩා දැන් අප කළ යුත්තේ ශ‍්‍රී ලංකාව හමුවේ ඇති දැවෙන අර්බුදය නිමා කර ගැනීම සඳහා යහපත් ප‍්‍රවේශයක් මෙමගින් උදාකර ගැනීමය. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඇතුළු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටි සියලූම දේශපාලන පක්‍ෂ තමන් ලැබූ දේශපාලන ජයග‍්‍රහණය වඩා අර්ථාන්විත කර ගැනීමේ අවස්ථාවක් ඔවුන්ට උදා වී තිබේ. ඒ මෙම ජයග‍්‍රහණය තම පක්‍ෂවල දේශපාලන පැවැත්ම වෙනුවෙන් නොව රටේ සිවිල් පුරවැසියන්ගේ අනාගතය වෙනුවෙන් යොදා ගැනීමෙනි. ඒ සඳහා ඔවුන් දක්වන දායකත්වය මත රට දේශපාලනිකව ස්ථාවර වනු ඇත. එසේ නොවුනහොත් අපට සිදුවන්නේ පකිස්ථානයේ මෙන් රටේ දේශපාලනය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් හැමදාම ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමටය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.