සේවක අර්ථසාධකයට වින කැටූ රාජපක්ෂ ගෝලයෝ … රාජපක්ෂ සෙවණේ හැදී වැඩුණු කිසිවෙකුට හොරකම අලුතෙන් කියා දෙන්නට අවැසි නැත… හුදී ජනයාට මිලියන, බිලියන පැටලී ‘සුද්දට පිරිත්’වු රාජපක්ෂලා හොරා කෑම ….!!!
එදා ලංකාවේ රුපියල් ලක්ෂ හතරක් මංකොල්ලකෑම මුළු මහත් සමාජයම හෙල්ලුම් කෑ සිද්ධියක් විය. ‘හාරලක්ෂය’ නමින් චිත්රපටියක්ද නිර්මාණය වන්නේ ඒ නිසාය. එහෙත්, දැන් ඒ යුගය අවසන්ය. දැන් සිදු කරන කොල්ලකෑම්වල මිල ගණන්ද, කොල්ලකෑමේ ආකෘතියද වෙනස් වී තිබේ. ඒ නිසා වර්තමාන සුදු කරපටි කොල්ලකරුවන් හාරලක්ෂයේ මංකොල්ලයේ ජේමිස් සෙනෙවිරත්නලා මෙන් වැඬේ අනා ගන්නේ නැත. මොවුන් කොල්ලකන්නේ ජේමිස්ලා කොල්ලකෑ මුදල වැනි සොච්චම් මුදලක්ද නොවේ. අද සිදු වන කොල්ලයන්ගේ ගණන් කියවෙන්නේ බිලියනවලිනි. එක පේළියට ඉලක්කමෙන් ලියූ විට ඒ ගණන කීයක් දැයි කියවා ගැනීමට බොහෝ දෙනෙකුට නොහැකිය. ලංකාවේ බිලියන, මිලියනවලින් කියැවෙන්නේ වංචා සහ ණය ගැනය. හුදී ජනයාට මේ මිලියන, බිලියන පැටලී ‘සුද්දට පිරිත්’ මෙන් වී ඇත. කොතරම් පැටලී තිබුණත්, මේ වංචා කර ඇත්තේ මේ රටේ සල්ලිය. ඒ නිසා ඒ වංචා ගැන නොකියා බැරිය.
ලංකාවේ මේ වන විට සිදු වී ඇති එවැනි මහා පරිමාණ වංචා අතර රාජපක්ෂ පාලන
සමයේ සේවක අර්ථකසාධක අරමුදල සතු රුපියල් බිලියන 5ක මුදලක් ‘හයට්’ හෝටල්
සමූහයේ ඉදි කිරීම් වෙනුවෙන් විනාශ කර ඇති බව විගණනයේදී අනාවරණය වන්නේ
රාජපක්ෂලා නැවතත් බලයට ගෙන ඒමට එක්තරා පිරිසක් යටිගිරියෙන් බෙරිහන් දෙන
අතරතුරය. ලැබී ඇති තොරතුරුවලට අනුව අන්ත දූෂිත ආකාරයට ‘ග්රෑන්ඞ් හයට්
රිජන්සි’ හෝටල් සමාගම වෙනුවෙන් සේවක අර්ථකසාධක අරමුදල සතු රුපියල් බිලියන
5ක මුදල ආයෝජනය කිරීම ආරම්භ වන්නේ අර්ථසාධක අරමුදලේ මුදල් හයට් හෝටල්
ව්‍යාපෘතිය සඳහා ‘කැන්විල් හෝල්ඩිංග්ස්’ නම් රාජ්‍ය සමාගමකට ලබා දීමට එවකට
සිටි මහ බැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කිරීමත් සමගය.