ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, September 23, 2018

කාලකන්ණි දේශපාලුවන්ගේ ඊළඟ විකිණිල්ල සුදානම් ...!!!

චීන සමාගම් ගණනාවක් විසින් හම්බන්තොට ප‍්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වලට ප‍්‍රධාන අභියෝගය වී ඇත්තේ ජල පහසුකම් ප‍්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම ය. ඒ සඳහා පිළියමක් ලෙස උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ද ඉන් බලාපොරොත්තු වූ ජල ධාරිතාව ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වෙනත් ජල ව්‍යාපෘති මගින් වැඩි ජල ප‍්‍රමාණයක් හම්බන්තොට සංවර්ධන කලාපයට ලබා ගැනීමට රජය විසින් තීරණය කර ඇත. ඒ සඳහා ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කර හම්බන්තොට ට ජලය ලබා ගැනීමට යෝජනා වී ඇත. හම්බන්තොට සංවර්ධන කලාපයේ ජල අවශ්‍යතාවය සපුරාලීම ප‍්‍රධාන ඉලක්කය කර ගෙන සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ගිං හා නිල්වලා ගංඟා ද්‍රෝණිවල ජීවත්වන ජනතාවගේ ජල අයිතීන් උල්ලංඝනය වීම හා ඔවුන් ජල අර්බුද වලට ගොදුරු වීම පිළිබඳ ව කිසිඳු සලකා බැලීමකින් තොර ව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබීම නිසා ගැටලූ ගණනාවක් මතුවෙමින් තිබේ.
හම්බන්තොට ප‍්‍රදේශයේ ඇති ස්වාභාවික සම්පත්වලට දරාගත නොහැකි අයුරින් ප‍්‍රදේශයේ ජීවත්වන සුළු පරිමාණ නිෂ්පාදකයින්ට කිසිඳු ප‍්‍රතිලාභයක් හිමි නොවන ලෙස ඔවුන් බලපෑමට ලක් කරමින් ජනතාවගෙන් ව්‍යුක්ත වූ සංවර්ධන ව්‍යාපෘති පමණක් ක‍්‍රියාත්මක කිරීමට මේ වන විට රජය සැලසුම් කර ඇත. ඊට අමතර ව පසුගිය රජය විසින් ක‍්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ක‍්‍රමවේදය යටතේ චීන සමාගම් වලට දීර්ඝකාලීන බදු පදනම යටතේ වත්මන් රජය ලබා දෙමින් තිබේ. එසේ ලබා දෙන සියලූ ව්‍යාපෘතිවලට ජලය ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට රජය බැඳී සිටී. ඒ සඳහා සැලසුම් සකස් කිරීමේ දී ජනතාව අනාථයින් බවට පත් වීම පිළිබඳ ව සිතා බැලීමට රජය අපොහොසත් වී ඇත.

රිෆ්කි බදුයුදින් නීළකාස හොරා අමෙරිකානු මිලියන 245 ක ව්‍යාපෘතියෙන් සියයට 15ක කප්පමක් ඉල්ලයි…

ISIS ඥාති පුත්‍රයාගේ මාමණ්ඩිය වන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ අංක එකේ දුෂිත ගොලයෙකු වන රිෆ්කි බදුයුදින් දැවැන්ත හොරෙකුගේ මුල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප අවස්ථා ගණනාවකදි අනවරණය කල අතර මේ වනවිට ජල ව්‍යාපෘතියක් හරහා විශාල කප්පමක් ගැනිම සදහා රිෆ්කි බදුයුදින් කුමන්ත්‍රණය කරමින් සිටින බව මේ වනවිට අනාවරණය තිබේ.
මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත හා දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර කුණ්ඩසාලේ, හාරගම ජල ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 27495 ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කොට තිබේ. චිනයේ එක්සිම් බැංකුව සමඟ ඊට අවශ්‍ය ගිවිසුම් ද අත්සන් කොට වැඩ ආරම්භ කර ඇත.
රිෆ්කි බදුයුඩීන් ඉන්දියානු විරෝධීයෙක් ලෙස පෙනී සිටින අතර larsen&toubro සමාගමේ ඉන්දියාව සඳහා වන දේශීය නියෝජිතයා ද වන අතර අදාළ ව්‍යාපෘතියේ ඉතිරි මුදල් කොටස නිකුත් කිරිම සදහා අමෙරිකානු මිලියන 245 ක් ලෙස ආසන්න වශයෙන් ඇස්තමේන්තු කොට ඇති කුණ්ඩසාලේ හරගම ජල ව්‍යාපෘතිය වෙනුවෙන් 15%ක් රිෆ්කි කප්පම් මුදල් ලෙස ඉල්ලා තිබේ. අදාළ කප්පම් මුදල ලබාදිමට කටයුතු නොකරන්නෙ නම් ජල ව්‍යාපෘතියට අදාළව ලබාදිමට නියමිත මුදලේ ඉතුරු කොටස ලබාදිමට කටයුතු නොකරන බවයි රිෆ්කි බදුයුදින් පවසා ඇත්තේ.

නීතිය පිළිබද දැනුවත් වෙමු...!!!

දේශපාලන මඩගොහොරුවෙන් මිදී නීතිය පිළිබද දැනුවත් වෙමු.
ඔබත් කැමතිනම් නොමිලේ පවත්වන නීති අධ්‍යයන වැඩසටහන සංවිධානය කළ හැකිය. දේශන සියල්ල නොමිලේ..
පැය 30 නීති අධ්‍යයන වැඩසටහනේ පළමු අධ්‍යයන වැඩසටහන 2018.10.02 දින බොරැල්ල - කොළඹ 08, ශ්‍රී සුමංගලාරාමයේ දී ආරම්භ වේ.
 ජනතාව තෝරා ගන්නා ජනාධිපතිවරයකු ඉන්නා විට රටක ඒකීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය තහවුරු  වීම සහ බලය බෙදා හැරියද ස්වාධීන රටවල් බවට පත් වීමට යම් කොටසකට නොහැකි වීම. >ලොව බලවත්ම රටවල් ලෙස සැළකෙන ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, රුසියාව වැනි රටවල් ජනතාව විසින් තෝරාපත් කර ගන්නා විධායක ජනාධිපති ක්‍රමය පිළිගෙන තිබීම.
>ආසියාවේ ඇති වියට්නාමය, දකුණු කොරියාව, පිලිපීනය විධායක ජනාධිපති ක්‍රමයෙන් රට පාලනය කිරීම….
>විධායක ක්‍රමය නැති වෙස්ට්මිනිස්ටර් මොඩලය අනුගමනය කළ ඉංදියාව රටවල් 3කට කැඩී යාම සහ වර්තමානයේ පවා ඉංදියාවේ පවතින බෙදුම්වාදී යුද්ධ‍
>ජනතාව විසින් සිය ප්‍රජාතන්ත්‍රවාදී බලය අනුව සෘජු ඡන්දයෙන් ජනාධිපති පත්කර ගැනීමට වෙස්ට්මිනිස්ටර් ආකෘතිය සහ ඒ මත සිය ජීවනෝපාය පවත්වාගෙන යන අය දක්වන විරෝධය.
>පාර්ලිමේන්තුවට මැතිවරණයෙන් පරාජිතයන් පවා නීතියේ පිහිටෙන් පත්වී ජනතාවගේ විධායක බලය පාලනය කිරීමට හැකි වීම.

දේශපාලනය උඩු යටිකුරු කල සුබ්‍රමානියම් ස්වාමිගේ ගෝනි සෙල්ලම් සහ රාජපක්ෂ හෙට දවස

මහින්දගේ ඉන්දියානු සංචාරය ඔහුගේ අනුගාමිකයන්ට ගෙන ආවේ ආනන්දයකි. නමුත් මහින්දට එසේ නොවිනි. අඩ සියවසක් භූදේශපාලනයේ තෙම්පරාදු වූ මහින්ද සංචාරයට අත ගැසුවේ  එය අත්හල නොහැකි වගකීමක් නිසාවෙනි. ඉන්දියානු සංචාරයේ මුල මැද අග ගලපා ගැනීමට පලමුව සුබ්‍රමානියන් ස්වාමි පිලිබද විමසා  බැලිය යුතුය. සුබ්‍රමානියන් ස්වාමි උපන්නේ දකුනු ඉන්දියාවේය. ඔහු දෙමළ ජාතිකයෙකි. 1985 වසරේ පිහිටවූ Tamil Eelam Supporters Organization (TESO) කැදවුම්කරු වූයේ සුබ්රමානියන් ස්වාමීය. එහි ප්‍රධාන ක්‍රියාධරයන් අතර නැදුමාරන්, කරුනානිදි , වීරමානි වැනි අයවලුන් විය. 1985 සිට 1991 දක්වා TESO සංවිධානයේ කැදවුම්කරු ලෙස  සුබ්‍රමානියන් ස්වාමී කටයුතු කලේය. එම කාලය තුල සුබ්‍රමානියන් ස්වාමී එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ගනුදෙනු කලේය .1991 රජීව් ඝාතනයත් සමගම සුබ්‍රමානියන් ස්වාමි TESO සංවිධානයෙන් ඉවත් විය . ඉන් පසු ඔහු එල්.ටී.ටී.ඊ  විරෝධියෙකු විය, ප්‍රභාකරන් ගසා දැමිය යුතු යයි ස්ථාවරයේ සිටියේය . එපමනක් නොව දෙමල විරෝධියෙකුද විය.

නිදහස් කළ කොටින්ගෙන් සමාව ගෙන වන්දි දෙන්න.... එජා විශේෂඥයන්ගෙන් රජයට නිර්දේශයක්‌..!!!

බිහිසුණු අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිට නිදහස් වූ හිටපු කොටි ක‍්‍රියාකාරීන්ගෙන් රජය සමාව ඉල්ලා ඔවුන් රැුඳවුම්භාරයේ සිටි කාලය වෙනුවෙන් වන්දි ගෙවන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් තිදෙනෙක් ශ‍්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.

 මෙම තිදෙනාගේ වාර්තාව 39 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර තිබේ.

 විවිධ යුද අපරාධ සිදුකිරීම ගැන දැනට හිටපු කොටි ක‍්‍රියාකාරීන් 86 ක් අත්අඩංගුවේ පසුවේ.

කිරිබත්ගොඩ .. කතෝලික අන්ධ අධමයෙක්.. මහමෙව්නාව සමූහ ව්‍යාපාරයක්- පිටිදුවේ හිමිගෙන් පහරදීමක්..

ලෝකය තුළ අධර්මය පැතිරෙන්නේ අධර්මයේ බලයක් නිසාවෙන් නොව සද්ධර්මය දන්නා මුනිවරුන්ගේ නිහඬතාව නිසාවෙනි. මුනිවරුන්ගේ නිහඬතාව බිඳ මෙසේ ලියමි. පසුගිය ඉරු දින (18.09.16) දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියේ, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ ලිපියේ මාතෘකාව මෙසේ ලියා තිබුණි. ”මාගේ මේ ව්‍යායාමය හොර රහතුන්ගේ සළුපිළි ගැළවීමටයි. මේ දිනවල බොහෝ මහමෙවුනා භාවනා අසපු තුළ ඇති නිරුවත් බිතු සිතුවම් අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් පවතී. එබැවින් ඤාණානන්ද හිමි පළමුව කළ යුතු වන්නේ රහතුන්ගෙන් ගලවා ගත් සළුපිළි එම නිරුවත් චිත‍්‍ර වලට ඇන්දවීම නොවේද?
කාලය බොහෝ ගැටලූ වලට පිළිතුරු සපයා ඇත. මහමෙවුනා භාවනා අසපුවල ආරම්භයත් සමඟ කාලයක් මෙදෙස බලා සිටි මධ්‍යස්ථ, බුද්ධිමත් මිනිසුන්ට වැටහෙන කරුණ වන්නේ, ඤාණානන්ද ඔබ ලොකු බොරුවක් සිදු කරනා බවය. පන්සල විවේචනය කොට අසපුව නිර්මාණය කොට, වන්දනා පුද පූජා යම්තාක් දුරකට ප‍්‍රතික්ෂේප කළ ඔබ, අද පන්සලත් අසපුවත් එකක් යනුවෙන් පවසයි. වන්දනා ක‍්‍රමයන් පවා යාතිකා, ගීතිකා හා භජන් දක්වා සංවර්ධනය කොට ඇත. චතුරාර්ය සත්‍යම අවබෝධ කොට ගත යුතුයි යන මතයේ සිට වරු ගණන් කයිවාරු ගැසූ, ”ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ” සහ ”කවුද ඔයාලට මේ තරම් බොරු කිව්වේ” යනුවෙන් මේ භවයේම නිවන් දකින්නට පොත් ලියූ ඔබ අද දිව්‍ය ලෝක වලට ටිකට් කඩන මන්ද මානසික කොන්දොත්තර කෙනෙක්ය. කලකදී සෝතාපන්න වන ඔබට, කලකදී එය වැරදීමකි. කාලයෙන් කාලයට සිය මතය වෙනස් කරන්නා, කොන්දක් නැති ඍජු ප‍්‍රතිපත්තියක් නොමැති අධමයෙකි. එවැනි මිනිසෙකු පසු පස යන අන්ධ භක්තිකයන් ගැන කවර උපමාද ?

වෙස් මුහුණු කර්මාන්තය නැත්තටම නැතිව යයි..!!!

කදුරුගස් සොයා ගැනීමේ අපහසුතාවය නිසා අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තය තව අවුරුදු කිහිපයකින් නැත්තටම නැති වී යෑමේ තර්ජනයකට මුහුණ පා තිබෙන බව වෙස් මුහුණු කර්මාන්තයේ නිරත වූවන් ප්‍රකාශ කරති.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ හා ඒ අවට කදුරුගස් සොයා ගැනීමට දැඩි අපහසුතාවයක් තිබෙන බවද ඔවුහු ප්‍රකාශ කරති. වෙස් මුහුණු කර්මාන්තය විනාශ වී ගියහොත් ශ්‍රී ලංකාවේ පවුල් පන්දහසකට ආසන්න පිරිසකට සිය ජීවන වෘත්තිය අහිමි වන බවත් එයින් සංචාරක ව්‍යාපාරයටද මරු පහරක් වදිනු ඇති බවත් අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තයේ නිරත වූවන්ගේ මතය වී තිබේ.
දිවයිනේ වෙස් මුහුණු කර්මාන්තය පවත්වාගෙන යන්නේ අම්බලන්ගොඩ නගරයේය. රූකඩ කර්මාන්තයටද ප්‍රසිද්ධියක් උසුලන්නේ අම්බලන්ගොඩය. රූකඩ හා වෙස් මුහුණු කර්මාන්තයන් දෙකම කරන්නේ අම්බලන්ගොඩ කේන්ද්‍රකරගෙනය. මෙම කර්මාන්තයන් දෙකේම බොහෝ නිර්මාණ කරුවන්ගේ මුල් පුරුක් වල නිජබිම, බළපිටියේ වතුගෙදර හා පරගහතොට ප්‍රදේශයන්ය. ඔවුන් ක්‍රම ක්‍රමයෙන් ආසන්තම නගරය වන අම්බලන්ගොඩට කේන්ද්‍ර වෙමින් සිය ව්‍යාපාරවල නිරත වීම මත රූකඩ හා වෙස් මුහුණු කළාව අම්බලන්ගොඩ හා එකට බැදී දිවයින පුරා ජනප්‍රිය විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.