දේශීය ටෙලිනාට්‍ය වෙනුවෙන් මංගල - ලසන්ත පෙරළිකාර වැඩක !
ITN වෙතින් ටෙලිනාට්‍ය ශිල්පීන්ට ලක්ෂ 340 ක් !!
කලාකරුවන් වෙනුවෙන් මනෝ තුති පුදයි !!!
ITN තුළින් විකාශය කෙරුණු ටෙලි නාට්‍ය වෙනුවෙන් වූ කඩිනම් ගෙවීම් වැඩපිළිවෙලෙහි පළමු අදියර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ක්‍රියාත්මක වුණා. රුපියල් ලක්ෂ තුන්සිය හතලිහක් පළමු පියවර යටතේ ලබාදෙන්නට ITN පියවර ගත්තා. මේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුණේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ උපදෙස් අනුවයි. දේශීය කලා ශිල්පීන් රැසක්ම ඔවුන්ට හිමි ගෙවීම් ලබා ගත්තා.