ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, July 22, 2018

වැට් වැඩිකිරීමෙන් කෝටි 180යි.. බල්ලන්ට සැප කාර් ගෙන්න කෝටි 117යි.. අගමැතිගේ කාර් එකට කෝටි 30යි..

වැට් බදු ඉහල නැංවීම තුලින් උපයා ගැනීමට බලාපොරොත්තුවන රුපියල් කෝටි 180ක මුදල උපයා ගත හැකි පහසුම මගක් ජවිපෙ නායක අනුර දිසානායක  පාර්ලිමේන්තුවේ වැට් පනත විවාදයට එක්වෙමින් හෙලි කලේය.
ඔහු යෝජනා කලේ ඇමතිවරුන්ට වාහන ගෙන්වීම සදහා පරිපූරක ඇස්තමේන්තුවකින් වෙන් කරගන්නා ලද රුපියල් කෝටි 180 හා අගමැතිවරයාට වාහනයක් ගෙන්වීමට වෙන් කර ඇති රුපියල් කෝටි 30ක මුදල නවතා දැමුවහොත් වැට් බද්ද වැඩිකිරීම අතහැර දැමීමට හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
වීඩියෝ සහිතයි...

අප සසරේ තවත් ඵක් ආත්ම භාවයකදී අපට හමුවී නැතිවී ගිය ගාන්ධර්වයා...!!!

භව ගමනයි උපතයි විපතයි...මින් වසර අසූ අටකට පෙර ඔහුද කුඩා ළදරුවෙකී.දිනෙන් දින රූපකාය වෙනස් වෙමින් ගොස් අවසන මෙලොව උපන් අප කාටත් උරුම මරණය කරා ගියේය.නැවත ඔහු අපට මේ සසරේ හමුවනු නියතය .නමුත් ඒ මේ හැර දමා ගිය රූප කායෙන් නොවේ. අප ඔහුත් ඔහු අපත් ඵවිට නොහඳුනන බව විශ්වාසය.මේ ජීවිතය ඵසේය අස්ථීරය.ඔබට නිවන් සුව  ලංකානිව්ස්

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දහම තේරුම් ගැනීමට මා දෙසූ දහමේ අවශ්‍යතාවක් තිබේදැයි වරක් විමසා ඇත. මෙවැනි උතුම් සදාතනික සුවයට පත්විය හැකි උපත හා මරණය ජයගත හැකි බව එය මේ මිනිස් ජීවිතයේදීම ලබාගත හැකි උත්තරීතර ඵලය බව දේශනා කොට ඇත්තේ මහා කරුණාවෙනි. මහා ප්‍රඥාවෙනි. උපත, මරණය නැති සංසාර චක්‍රයට හසුවි හේතුඵල ධර්මතාවයක් බව වටහා නොගෙන අවිද්‍යා අන්ධකාරයේ ගමන් කරන බව පටිට්ච සමුප්පාදයෙන් වටහා ගත හැකිය.
බුද්ධකාලීන භාරතීය සමාජය තුළ මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ගැඹුරු විමර්ශනයකට ලක් කළ අවධියකි. විවිධ ශාස්තෘවරුන් මිනිසාගේ ඉපදීම, දිවි පැවැත්ම, මරණය පිළිබඳ ගැඹුරින් පර්යේෂණයට ලක්කොට එහි සත්‍ය අනාවරණය කර ගැනීම සඳහා විවිධ යෝග ක්‍රම භාවනා ක්‍රම අනුගමනය කරමින් සත්‍ය ගවේෂණාත්මක අවධියක් ලෙස ක්‍රියා කළහ.

අන්තවාදයෙන් වනසන අක්‌කර සිය ගණනක බොදු උරුමය... සෙම්බුමලේ දාගැබේ ගඩොල් ගලවා දේවාලයක්‌ හදයි...!!!

* බුදු පිළිම පෙරළා ඇදගෙන ගොස්‌ විනාශ කරලා...
* බොදු බිමේ ගල් කැටයම් කළ ගල් වැඩපළ අදටත් දැකිය හැකිය...
* ඒත් එම පුරාවිද්‍යා බිමේ ආරක්‍ෂාවට පුරාවිද්‍යා නිලධාරියෙක්‌ නෑ...

මහා ගල් පර්වතය ගිනිගෙනය. වියරු වැටුණු හිරුගේ ආකරුණික රැස්‌ දහරා අවට දවාලන්නේය. ගිනියම් සුළං රැලි ගත විනිවිද ඇටමිදුළු ද රත් කරමින් හමා යන්නේය. පර්වතය බෑවුමේ වීර ගසක්‌ යට ගල් පඩියක්‌ මත හිඳගෙන මම මෑත බලා සිටියෙමි.
 


 දෑස්‌ මානයට ඉහළින් ගල්තලාව මත කටු කොහොළින් වැසී ගිය ගොඩැල්ලක්‌ ඇස ගැටිණි. ඉහළට එසවුණු ගල් කණු කිහිපයක්‌ සහ මුදුනේ සිට කඳු පහළට වැටුණු ගල් පඩි පෙළක්‌ හොඳින් දර්ශනය විය. අව් කූටයේ ගිනි ගත් මහා පර්වතය මැදින් මම ගොඩැල්ල පිහිටි ඉහළ බිම් තැන්නට ගියෙමි. ගඩොලු ශේෂ හා කැඩුණු පස්‌ කන්දක ස්‌වරූපයක්‌ ගත් එය විශාල ස්‌තූපයක ගරා වැටුණු කොටස්‌ බව හඳුනාගැනීමට අසීරු නොවිණි. නිධන් හොරු විසින් ස්‌තූපය මැද වළක්‌ හාරා දාගැබ සම්පූර්ණයෙන් විනාශ කර ඇති අයුරු දකින විට හදවත පත්තු විය. මහා සෑයට මඳක්‌ පහළින් අලුතින් ඉදිකරන ලද, එහෙත් දැන් ගරා වැටී ගිය ගොඩනැඟිල්ලක ගැලවී ගිය බිත්ති අතරින් සෑයේ ගඩොල් දකින විට සිත් පත්ලෙන් තියුණු අඳෝනාවක්‌ මතු විය. සිත දවන වේදනාව යටපත් කරගෙන ගොඩනැඟිල්ල දෙසට යන විට බදාම ඇනූ මල් ආසනය දකින විට සිත වැළපිණි. කූරගල, මුහුදු මහා විහාරය, දෙවනගල බොදු බිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වී ඇති සැටි චිත්‍රපටයක්‌ සේ මනසේ ඇඳෙන්නට විය. මේ ඊට දෙවැනි කොට සැලකිය යුතු ආක්‍රමණයක්‌ නොවේ. මේ ඓතිහාසික පුදබිම නැගෙනහිර පළාතේ පිහිටි විශාලතම බෞද්ධ සිද්ධස්‌ථානයකි. ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පන්කුලම් රක්‍ෂිතය මැද සෙම්බුමලේ කන්ද මත පිහිටි ඉපැරැණි බෞද්ධ කේන්ද්‍රස්‌ථානයකි.

කරාපිටියේ හෘද රෝග ඒකකයට ඒ. සී. ත් නෑ... එහෙව් රටේ මන්ත්‍රීවරුන්ගේ වාහන බිල මෙන්න... !!!

යහපාලන රජයේ පාර්ශ්වකරුවන් අතර බොහෝ වැදගත් කරුණු කාරණා ගැන එකඟතාවක්‌ නැත. ඇත්ත වශයෙන්ම නව ව්‍යවස්‌ථාව, ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය ඇතුළු මූලික විෂයයන් සම්බන්ධයෙන් පරස්‌පර අදහස්‌ නිරතුරුවම ඉදිරිපත් වේ. එලෙසම යහපාලන රජයේ ප්‍රධාන කොටස්‌කරුවා වන එජාපය තුළ ද ප්‍රතිවිරුද්ධ අදහස්‌ ඇත. එජාපය හරහා 2015 මහ මැතිවරණයට තරග කළ අනෙකුත් පක්‍ෂවල තත්ත්වය ද එසේමය. ශ්‍රීලනිපයේ තත්ත්වය ද කනගාටුදායකය. රජයේ සිටින ශ්‍රීලනිපයේ 39 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු කණ්‌ඩායම නැවත දෙකඩ වී ඇත. 39 දෙනාගෙන් වෙන් වූ කුඩා කණ්‌ඩායම තම දේශපාලන අනාගතය හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්‍ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාරකර ඇත. 2015 ජනවාරි මස බලයට පත් වූ එජාප ශ්‍රීලනිප හවුල 2015 පෙබරවාරි මස සිදු වූ මහ බැංකු මංකොල්ලය හේතුවෙන් විරසක වූ බව රහසක්‌ නොවේ. එතැන් පටන් ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක්‌ මෙම පාර්ශ්ව දෙක අතර නැත. එම තත්ත්වය පිළිබඳව පුදුම විය යුතු නැත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසන පරිදි ඔහුගේ ශ්‍රීලනිපය රජයේ නොසිටියේ නම් එජාපය රාජ්‍ය බැංකු පද්ධතිය මේ වන විට විනාශකර හමාරය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.