වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැල්ලවාය අඩවියේ වන්දම-දෙමළිය යෝජිත
රක්ෂිතයෙන් ප්රදේශයේ ජනතාවට කුඹුරු ඉඩම් බෙදාදීම සඳහා ඉඩම් හෙක්ටයාර 102ක
ප්රමාණයක් නිදහස් කරන ලෙස වන සංරක්ෂණ නිලධාරීන්ට දේශපාලනික බලපෑම්
එල්ලවෙමින් තිබෙන පුවතක තතු මෙසේය. එහි සැබෑ තතු විමසීම මෙහි අරමුණය.
හෙක්ටයාර 2,200ක් පමණ වන මෙම වන්දම දෙමළිය කැලයෙන් ඉඩම් හෙක්ටයාර 1,127.52ක් පමණ හම්බන්තොට වරාය සංවර්ධන වැඩසටහන යටතේ කර්මාන්තපුරයක් සඳහා වෙන්කර තිබියදී හා තවත් ඉඩම් හෙක්ටයාර 400ක් විදේශීය කෙසෙල් සමාගමකට හා දේශීය සමාගමකට අඹ වගා කිරීමට වෙන්කර තිබුණේය. එයින් ඉතිරිව පවත්නා කැලෑ ඉඩම්වලින් තවත් හෙක්ටයාර 102ක් නැවත මෙකී දේශපාලන බලවතුන්ගේ පිරිසකට 'කුඹුරු ඉඩම්' ලෙස නිදහස් කරන්නැයි වන සංරක්ෂණ නිලධාරීන්ට දිගින් දිගටම සිදු කරන බලපෑම බරපතළ බව පරිසර සංවිධාන රැසක් චෝදනා කරන්නේය.