ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, June 1, 2018

හෝමාගම රෝහලේ බලධාරීහු පණපිටින් සිටි කත මෝචරියට යවති

හෝමාගම රෝහල තුළදී මියගිය බව කියන කාන්තාවක්‌ මෝචරියට (මිනී කාමරයට) රැගෙන යැමේදී නැවත පණ ආ අපූරු පුවතක්‌ පිළිබඳව වාර්තා වේ.
පසුගිය සතියේ 24 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මත්තෙගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු මවක්‌ උදරයේ ආබාධයක්‌ හේතුකොට ගෙන හෝමාගම රෝහලට ඇතුළත් කර තිබිණි.
එහිදී වෛද්‍යවරු විසින් එම රෝගී කාන්තාව පරීක්‍ෂා කර බලා අනතුරුව හෙදියක්‌ විසින් රෝගියාට එන්නතක්‌ ලබාදී තිබිණි. ඉන් පසු රෝගී කාන්තාව සිහිසුන්වී ඇති අතර නිමේෂයකින් වෛද්‍යවරු පවසා තිබුණේ එම රෝගී කාන්තාව මියගොස්‌ ඇති බවයි.

රජයට කෝටි ගණන් පාඩු කරන මහා කේබල් ටී.වී වංචාව… ජාතික ආරක්ෂාව අනතුරේ …. අයිතිකරු කොටියෙක්‌… !!!

TRC ලොක්කන් අල්ලස් වලින් නලවන දුෂ්ෂ්‍යන්දන්ගේ වැඩ මෙන්න ....!!!
එම පිරිස අතර TRCවෙනුවෙන් විමර්ශන කටයුතු කරන රහස් පොලිසියේ නිලධාරින්ද සිටින බව අපි විශ්වාසයෙන් සදහන් කල හැකි අතර එම විමර්ශන කටයුතු කරන කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6 දෙනෙකු සිටින අතර ඔවුන් ඉතාම අන්ත දූෂිත නිලධාරින් බවයි අපට වාර්තා වන්නේ.
 හිටපු එල්ටීටීඊ නායකයෙකු වූ පොට්ටු අම්මාන්ගේ ඥාති සහෝදරයෙක් වන දුෂ්ෂ්‍යන්දන් විසින් යාපනයේ US හෝටලය නමින් හෝටලයක් පවත්වා ගෙන යන අතරම නීතිවිරෝධී කටයුතු රැසක ඔහු යෙදෙන බව අප අවස්ථා ගණනාවකදිම අනාවරනය කළා.
ඒ සියලුම නීතිවිරෝධී කටයුතු වෙනුවෙන් SIS රහස් ඔත්තු සේවයේ ලොක්කා, පොලිස්පති ඇතුළු පොලිස් ලොක්කන් සදහා මසකට ලක්ෂ ගණනින් අල්ලස් මුදලක් ඔහු විසින් ලබා දෙන බවත් අපි අනාවරණය කළා.
මේ අතර රටෙ ජාතික ආරක්ෂාවට මරු පහරක් එල්ල කරමින් විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව හෙවත් TRC ලොක්කන් සදහා කප්පම් ලබාදෙමින් ක්‍රියාත්මක කරමින් සිටින නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් කිහිපයක්ම දුෂ්ෂ්‍යන්දන් විසින් යාපනයේ පවත්වාගෙන යන බවට අප පසුගියදා අනාවරනය කළා.
එසේම මෙම නිතිවිරෝධි ආකාරයෙ කේබල් රූපවාහිනි ව්‍යාපාරයක් යාපනය දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන බවත් එය නමින් US කේබල් නම් වන බවත් අපට වාර්තා වුණා. ඔහු මේ වෙනුවෙන් අදාළ බලපත්‍ර TRC යෙන් හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගෙන නොමැති බවත් වාර්තා වෙනවා.

යුද්ද කාලේ හැංගිලා හිටපු මිනිස්‌සු අද රජවෙලා - ඒකනේ ප්‍රභාකරන්ව මහත්තයා වෙලා තියෙන්නේ මහවිලච්චියේ විමල නාහිමි

සමහර දේශපාලකයන්ට රාජ උෂ්ණය වැදුනම තමන් කවුද කියලවත් මතක නෑ. ත්‍රස්‌ත යුද සමයේදී කැබිතිගොල්ලෑවේ බස්‌ බෝම්බයෙන් 66 ක්‌ අමු අමුවේ මරා දැමීම.


අරංතලාවේදී 26 ක්‌ සංඝරත්නය ඝාතනය කිරීම, දළදා මාලිගාවට බෝම්බ ගැසීම, සිරිමා බෝ සමිඳු ඉදිරියේ පෙහෙවස්‌ සමාදන්ව සිටි 124 ක්‌ දෙනා මරාදැමීම, දියතිත්තවැවට වස දැමීම මෙවැනි අනත්ත අපරාධ කළ ප්‍රභාකරන් වර්තමාන දේශපාලකයන්ට මහත්මයා වෙලා ජනාධිපති යුද්ද කරල රට බේරල දුන්නායින් පස්‌සේ එදා හැංගිලා හිටපු මිනිස්‌සු අද රජවෙලා. ඒකනෙ මේ අයට ප්‍රභාකරන් මහත්තයා වෙලා තියෙන්නේ. කතාවක්‌ තියෙනවා නරියා රජවුණත් උගේ නරි හඬින් මිදෙන්න බෑ කියල. දැන් සමහර අයට වෙලා තියෙන්නෙත් ඒකයි. අනුරාධපුර සාම විහාරාධිපති උතුරු මැද ප්‍රධාන අධිකරණ සංඝනායක මහවිලච්චියේ විමල හිමියෝ සාමවිහාරයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසූහ.

පට්ට හොරු දෙන්නාගේ අත්සන් යෙදු නෝට්ටු....!!!

ඔබ අත ඇති මුදල් කොලය දෙස බලන්න. එහි සාමාන්‍යයෙන් අත්සන් දෙකක්‌ තිබේ. එක අත්සනක්‌ මුදල් ඇමැතිවරයාගේය. අනිත් අත්සන මහ බැංකු අධිපතිවරයාගේය. මේ දිනවල ව්‍යවහාරයේ තිබෙන මුදල් නෝට්‌ටු වැඩි ප්‍රමාණයක දක්‌නට ලැබෙන්නේ රවි කරුණානායකගේ සහ අර්ජුන මහේන්ද්‍රන් යන දෙදෙනාගේ අත්සන්ය. ඔබට මොන වගේ ආඩම්බරයක්‌ දැනෙනවා ඇතිද ? අගමැති රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරු මහේන්ද්‍රන් අද රටේත් නැත. ඔහු දැන් අධිකරණයේ වරෙන්තුකරුවෙකි. මාධ්‍ය වාර්තා කර තිබු පරිදි ඔහුට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තුද නිකුත් කර ඇත. මෙසේ වරෙන්තු නිකුත් කර ඇත්තේ ඔහු අධිකරණය මග හැර සිටින නිසාය. අද රටින් බැහැරව ගොස්‌ අධිකරණ පවා මගහැර සිටින මේ අර්ජුන මහේන්ද්‍රන් රටේ මහ බැංකුවේ අධිපති ලෙස පත් කලේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. ඒ අගමැති රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට බව රටම දනී. බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශ පවා සිදු කරමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද පවා භාවිත කරමින් අද අධිකරණය මගහැර සිටින මහේන්ද්‍රන් රැක්‌කේ කව්ද? ඔහු කළ බැඳුම්කර නිකුතුවේ වරදක්‌ සිදුව නැති බවත් ඒ සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා බව රටටම කීවේ කවුද කියා ජනතාවට මතකය. එසේ අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් ඇප වූ අය අද ඒ ගැන කතාවක්‌ නැතිව සිටී. ඔබ භාවිතා කරන මුදල් කොලයේ ඇති එක්‌ අත්සනක්‌ මේ කියන අර්ජුන මහේන්ද්‍රන්ගෙය. අනිත් අත්සන බැඳුම්කර කොමිසමට කැඳවූ ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු මුදල් ඇමැති රවී කරුණානායකගේය. ඔහුට ඇමති කමින් අස්‌ වන්නට සිදුවූයේද මේ චෝදනා නිසාය. මේ නිසා මෙරට ජනයාට අපේ මුදල් නෝට්‌ටුවේ ඇති මේ අත්සන් දකින දකින වාරයක්‌ පාසා ඇති වන හැගීම ගැන අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. එසේම බැඳුම්කර මගඩියෙන් ප්‍රතිලාභ ලැබූ තවමත් නම් හෙළි දරව් වී නැති සීතලයින් පිරිසක්‌ද සිටී. දයාසිරි කියන සෙසු මන්ත්‍රීවරුන් අයත් වන්නේ ද මේ සීතලයින්ගේ ගොඩටම බව අපේ හැගීමය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.