ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Wednesday, May 9, 2018

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට.!!!

ඔප්පු තිරප්පු පිටින් බඩු මාට්ටු..! ගාමිණී සෙනරත් එක්කත් “Deal” කරලා..?


 මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම රුපියල් කෝටි 35 ක මහ පරිමාණ බදු වංචාවක් සිදු කර ඇති අතර ඊට අදාළව දේශීය අදායම් දෙපාර්තමේන්තුවට තමාට ගෙවීමට සිදු වූ රුපියල් ලක්ෂ ගණනක දඩ මුදලට ද වංචා සිදු කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතියි.
සිය අදායම් වෙනුවෙන් ගෙවීමට නියමිත තිබූ රුපියල් කෝටි 35 ක බදු මුදල ගෙවීම පැහැර හැරීමට අදාළව දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව පැනවූ දඩ මුදල පිය වෙන ආකාරයට අවස්ථා ගණනාවකදී එම දෙපාර්තමේන්තුවට චෙක් පත් විස්සකට අධික ප්‍රමාණයක් මලික් සමරවික්‍රම විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ග්ලයිෆොසෙට්‌ නාඩගම ....!!!

 galiposar135රබර් හා තේ වගාවට වල් නාශකයක්‌ ලෙස ග්ලයිෆොසෙට්‌ භාවිතයට ඉඩදුන් බවක්‌ ප්‍රකාශවෙත්ම මෙම රසායනිකයේ ආදීනව ගෙනහැර පාමින් එය තහනම් කරවීමට ක්‍රියාත්මකවූ සමාජ තලයන් නැවතත් නොසන්සුන් වී තිබේ. තහනම පැනවීමට රජය ක්‍රියාත්මක වෙත්දීත් ග්ලයිෆොසෙට්‌ ඕනෑයයි කියූ පිරිසක්‌ද රටේ විය. ඔවුනට එදා ලැබුණේ පරාජයේ සතුටයි. ග්ලයිෆොසෙට්‌ රට පුරාම තහනම් වුණි. තහනමට හේතුව හෝ තහනම ලිහිල් කිරීමට හේතුවක්‌ හෝ මෙතෙක්‌ විද්‍යාත්මකව ඉදිරිපත්වී නැත. අලියාගේ ඇඟපත අතගාන අන්ධයා මෙන් රජය විටින් විට ග්ලයිෆොසෙට්‌හි හැඩරුව මෙසේයයි පවසයි. යන්තම් හෝ අවදානමක්‌ ඇත්නම්, නැතහොත් අවදානමක්‌ නැතැයි විද්‍යාත්මකව ස්‌ථිරව සනාථ කර නැත්නම් එය භාවිතයට ඉඩදිය නොහැකි යෑයි විටෙක පැවසූ බලවතුන්, ඊට ටික කලකට පසු පවසන්නේ අවදානමක්‌ ඇතැයි ස්‌ථිරව සනාථ කර නැති නිසා ග්ලයිෆොසෙට්‌ භාවිතයට ඉඩදෙන බවකි. මෙවැනි හතරබීරි කතාවලින් හෙම්බත්වෙන ජනතාවට මතක්‌ වෙන්නේ "කලකට වහලු කලකට රහලූ" වැනි ප්‍රස්‌තා පිරුළුය.

නකල්ස් ලෝක උරුමයෙන් අක්කර 21,000ක් විකුණයි..!!! අක්කර 900ක සත්ව ගොවිපලක්..!!!

නක්ල්ස් ලෝක උරුම වනාන්තරයෙන් විශාල ඉඩම් ප‍්‍රමාණයක් හෝටල් හා වෙනත් ඉදිකිරීම් කටයුතු සදහා විකුණා දමමින් සිටින බවට පරිසරවේදීන් චෝදනා කරති.
දැනටමත් අක්කර 900ක ප‍්‍රමාණයක් සත්ව ගොවිපලක් ඉදිකිරීම සදහා පුද්ගලික ආයතනයකට ලබා දී ඇති බවද මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු කියා සිටියහ.
නක්ල්ස් කදු පන්තියට අයත් අක්කර 21,000ක ප‍්‍රමාණයක විවිධ වතු ඉඩම් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරිම සදහා ලබා දී ඇතැයිද ඔවුහු කියති.

බොරැල්ලේ තරුණ බෞද්ධ සංගම් ශාලාව ඉදිරිපිට රාත්‍රි සමාජ ශාලා දෙකක්‌ අරඹයි ...!!!

සියලු නෛතික තත්ත්වයන් නොසලකා හරිමින් බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාව හා සුසමයවර්ධන විදුහල ඉදිරිපිට මෙන්ම කොටා පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක්‌ ආසන්නයේ අනවසර රාත්‍රි සමාජ ශාලා දෙකක්‌ ආරම්භ කර තිබේ.
ඓතිහාසික වටිනාකමක්‌ ඇති බොරැල්ල ශාන්ත අන්තෝනි දේවස්‌ථානයද මේ ආසන්නයේම පිහිටා ඇත.
මේ අනවසර රාත්‍රි සමාජ ශාලා දෙකම පිහිටා තිබෙන්නේ බොරැල්ල පොලිසියට අතේ දුරින් වුවද මේ දක්‌වා බොරැල්ල පොලිසිය හෝ සුරාබදු අංශ ඒවාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බව ඒ අවට පිරිස්‌ සඳහන් කරති.

මන්ත‍්‍රීවරුන්ට හිමි වරප‍්‍රසාද මෙසේය....!!!

වෛද්‍ය රක්ෂණයත් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරයි.
මන්ත‍්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54,285 කි.
පාර්ලිමේන්තු සභා වාරය පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500.
කොළඹින් බැහැර අයට නිල නිවාසයක්
රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම.
තීරු බදු රහිත වාහනයක් (වසර 5 කට වරක් ගත හැකිය) බොහෝ විට මෙම වාහන බලපත‍්‍රය ලක්ෂ 30 ක 40 ක ලාභයක් ඇතිව විකිණීම සිදු වේ.
ඉන්ධන දීමනාව (බස්නාහිර පළාතෙන් පිටත) පෙට‍්‍රල් වාහනයක් සඳහා – රුපියල් 50,000 (ඞීසල් වාහනයක් සඳහා – රුපියල් 20,000)
කාර්යාල, නිවාස හා ජංගම දුරකතන බිල් ගෙවීම.
දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලයේ.
නිරෝගී ශරීර සෞඛ්‍ය සඳහා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පහසුකම්.
විශේෂඥ වෛද්‍යවරයෙකු නියම කරන බෙහෙත් ඖෂධ වර්ග පවා නොමිලයේ ලබා ගැනීමේ පහසුකම්ි.
වසර 5 ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ‍්‍රාම වැටුප් හිමිකම.

එජාපයේ තවත් 06කට රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිකම්.. යෝජිත නම් මෙන්න..

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර හයක් සදහා එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉදිරි දින කිහිපයේදී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වෙයි.
මේ සදහා මන්ත‍්‍රීවරුන් හය දෙනෙකු නිර්දේශ කර එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත් බ‍්‍රහස්පතින්දා දිනයේ යෝජනා යවා තිබේ.
මෙම හය දෙනා පත් කරනු ලබන්නේ දැනට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කර නැති අමාත්‍යාංශ සඳහායි.

දකුණු පළාතේ පළාත් ආයතන සභික ධුර දෙගුණයක්‌ වීමෙන් කෝටි දෙකක අමතර වියදමක්‌!

දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 584 සිට 1046 දක්‌වා වැඩිවීම හේතුවෙන් මසකට රු. ලක්‍ෂ 200 කට අධික අමතර වියදමක්‌ දැරීමට සිදුව ඇත.
  දකුණු පළාත් පාලන ආරංචි මාර්ග පවසන අන්දමට දකුණු පළාතේ පළාත් පාලන ආයතන 48 ක සභික දීමනා ඉන්ධන හා දුරකථන දීමනා ගෙවීම සඳහා පමණක්‌ මසකට රු. ලක්‍ෂ 200 කට අධික අමතර වියදමක්‌ දැරීමට සිදුව ඇත.
  මාසික දීමනා පහත සඳහන් පරිදි වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.