ජාතියේ විජයග්රහණය උඩින් ඩෝසර් යයි…විජිතපුරයත් විනාශයි..!!!
පසුගිය දිනක ඩෝසර් යොදමින් විනාශ කර දමන්නේ ජාතියේ මහා වංශ කතාවේ සඳහන් එම ජයග්රාහී භූමියය.
දුටුගැමුණු රජතුමන් එළාර බළකොටුව සුනු විසුණු කිරීමට පෙර එහි වටා තිබුණ ගල්වැටියේ ඔත්තු බැලූ ස්ථාන අද ද දක්නට ලැබේ. එම ස්ථාන උස්ගල සහ බැලුම්ගල නමින් හැඳින්වේ. විජිතපුර බළකොටුව වටා තිබෙන පාහිවල දිගන්වල දඹුලු ඔය, නබඩවල දිය අගල් ලෙස යොදාගෙන ඇත. ධාතුසේන රජතුමා විසින් කලාවැව පසුව ඉදිකිරීමේදී විජිතපුර බළකොටුවේ විශාල භූමි ප්රමාණයක් කලාවැවේ දියට යටවී ඇත.
එළාර දුටුගැමුණු යුගයෙන් අනතුරුව මහනාම ධාතුසේන රජතුමන් මහසෙන් යටතේ විවිධ වකවානුවල විජිතපුර කඳු වැටියේ සිට මානෑව කන්ද දක්වා ඉදිකළ වෙහෙර විහාරවල නටබුන් අද ද අභිමානනීයව පවතී.
කලාවැව, විජිතපුර, උස්ගල, පූගොල්ලාගම, ගල්ළිඳයාය, නඛාවෙහෙර, සිට මානෑව කන්ද අසල ඇති අතිවිශාල පොකුණ දක්වා අනුරාධපුර යුගයට නෑකම් කියන මෙම ප්රදේශයේ තැනින් තැන මුරගල්, මල්ආසන, කොරවක්ගල්, ගල්දොරටු, ශ්රී පතුල් බහිරව රූප සඳකඩපහණ, විශාල ගල්කණු, කැසිකිළි ගල් ප්රදේශය පුරාවට පැතිර තිබේ.